Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවෙන් තවමත් දරුණු ලෙස පීඩා විඳින රටවල්

2019 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය මේ වන විට ලෝකයේ රටවල් රැසක් බිලිගෙන අවසන්. පසුගිය අගෝස්තු 4 වැනිදා වන විට 18,650,240 දෙනෙකු කොරෝනා වසංගතයට ගොදුරු වෙද්දී 702,117 දෙනෙකුට සිය ජීවිතය අහිමි වීම කණගාටුදායක සිදුවීමක් වුණා. ගෙවුණු මාස 8ක කාලය තුළ සමස්ත ලෝකයටම පිළිලයක් වුණු කොරෝනා වසංගතය තවමත් රටවල් රැසක් පීඩාවට පත්කරමින් තිබෙනවා. මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ තවමත් කොරෝනා වසංගතයෙන් බැට කන රටවල් කිහිපයක් පිළිබඳව යි.

ඇමරිකා එක්සත් ජනපදය 

කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම පීඩාවට ලක්වුණු රාජ්‍යය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. පසුගිය අගෝස්තු 4 වැනිදා වන විට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 4,908,554ක් වාර්තා වුණා. එය ලොව පුරාම වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණනෙන් 1/4කටත් වඩා වැඩි ප්‍රමාණයක්. එලෙස වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් අතුරින් 160,000කට සිය ජීවිතය අහිමි වුණා. අධික ජනගහනයක් වෙසෙන රටක් වන ඇමරිකාව ප්‍රාන්ත විශාල ප්‍රමාණයක් තිබෙන රටක්. දැනට වාර්තා වී ඇති දත්ත අනුව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්. පහත දැක්වෙන්නේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු ඇමරිකානු ප්‍රාන්ත 5 යි. 

1) කැලිෆෝනියාව- 524,643

2) ෆ්ලොරිඩා- 497,330

3) ටෙක්සාස්- 468,736

4) නිව්යෝක්- 446,467

5) ජෝර්ජියා- 197,948

එලෙස කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වන විට වැඩිම මරණ ප්‍රමාණය නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. එහි දී නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති මරණ ප්‍රමාණය සෙසු ප්‍රාන්තවලට සාපේක්ෂව විශාල ලෙස වැඩිවීම සුවිශේෂී සිදුවීමක්. පහත දැක්වෙන්නේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුණු ඇමරිකානු ප්‍රාන්ත 5 යි.

1) නිව්යෝක්- 32,798

2) නිව් ජර්සි- 15,921

3) කැලිෆෝනියා- 9,544

4) මැසචුසෙට්ස්- 8,657

5) ඉලිනොඒ- 7,742

තවමත් ඇමරිකාව තුළ කොරෝනා රෝගීන්  2,273,882ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන්. මේ දැනට වැඩිම රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රාන්ත 5යි.

1) ෆ්ලොරීඩා- 442,028

2) කැලිෆෝනියා- 322,818

3) ජෝර්ජියා- 159,916

4) ටෙක්සස්- 154,886

5) ඇරිසෝනා- 153,596

ඉහත දත්ත අනුව පෙනීයන්නේ තවමත් ඇමරිකානුවන් කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටින බව යි. ගෙවුණු මාසය තුළ ඇමරිකාවෙන් වාර්තා වුණු මිලියන 2කට ආසන්න කොරෝනා රෝගීන් ප්‍රමාණයත් 25,000කට අධික කොරෝනා මරණ ප්‍රමාණයත් ඊට සාක්ෂ්‍ය සපයනවා. 

ඇමරිකාවේ කොරෝනා තත්ත්වය (gettyimages)

බ්‍රසීලය 

ඇමරිකාවට පසුව කොරෝනා වසංගත තත්ත්වය දරුණුම ආකාරයෙන් පැතිර යන රට වන්නේ බ්‍රසීලය යි. පසුගිය අගෝස්තු 4 වැනිදා වන විට බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයන් 2,801,921ක් වාර්තා වන විට ඉන් මරණයට පත් වුණු රෝගීන් ප්‍රමාණය 95.819 ලෙසින් සටහන් වුණා. පහත දැක්වෙන්නේ මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් හමු වුණු බ්‍රසීලයේ ජනපද හතර යි.

1) සාඕ පාවුලෝ- 558,685

2) සිආරා- 176,580

3) බාහිආ- 170,476

4) රියෝ ද ජැනයිරෝ- 167,225

එලෙස වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු සාඕ පාවුලෝ ජනපදයෙන් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයත් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වුණු බ්‍රසීල ජනපද තුන යි.

1) සාඕ පාවුලෝ- 23,317

2) රියෝ ද ජැනයිරෝ- 13,572

3) සිආරා- 7,709

කොරෝනා රෝගයට ගොදුරු වුණු 793,783ක බ්‍රසීල වැසියන් ප්‍රමාණයක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ගෙවුණු මාසය තුළ මිලියනයකට අධික බ්‍රසීල වැසියන් ප්‍රමාණයක් කොරෝනා වසංගතයට ගොදුරු වන විට රෝගීන් 30,000කට අධික ප්‍රමාණයක් මරණයට පත් වුණා. ඉහත දත්ත අනුව පැහැදිලි වන්නේ තව දිගු කාලයක් බ්‍රසීල වැසියන්ට කොරෝනා වසංගතය සමග සටන් කිරීමට සිදුවනු ඇති බව යි.

බ්‍රසීලයේ කොරෝනා තත්ත්වය (gettyimages)

ඉන්දියාව 

දකුණු ආසියානු කලාපයට අයත් වන ඉන්දියාව විශාල ජනගහනයක් සිටින රටක්. එම නිසාම ලෝකය තුළ යම් වසංගත තත්ත්වයක් පැතිරී යන විට එහි බලපෑම ඉන්දියාවට තදින්ම දැනීම සාමාන්‍ය තත්ත්වයක්. 

පසුගිය අගෝස්තු 4 වැනිදා වන විට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,906,613ක් වාර්තා වන විට සිදුව ඇති කොරෝනා මරණ ප්‍රමාණය 39,820ක්. පහත දැක්වෙන්නේ දැනට වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන ඉන්දියානු ප්‍රාන්ත 5යි.

1) මහාරාෂ්ට- 457,956

2) තමිල්නාඩු- 268,285

3) ආන්ද්‍රා ප්‍රදේශ්- 176,333

4) කර්ණාටක- 145,830

5) දිල්ලිය- 139,156

වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වුණු මහාරාෂ්ට ප්‍රාන්තයෙන්ම වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයත් වාර්තා වනවා. පහත දැක්වෙන්නේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියානු ප්‍රාන්ත 5යි.

1) මහාරාෂ්ට- 16,142

2) තමිල්නාඩු- 4,349

3) දිල්ලිය- 4,033

4) කර්ණාටක- 2,704

5) ගුජරාත්- 2,534

කොරෝනා ආසාදිත ඉන්දියානුවන් 585,133ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ගෙවුණු මාසයක කාලය තුළ ඉන්දියාවෙන් ලක්ෂ 12කට අධික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන විට සිදු වුණු මරණ ප්‍රමාණය 20,000කට අධික යි. ඉන් නිගමනය කළ හැක්කේ ඉදිරි මාසය තුළ ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය තවත් දරුණු අතට හැරීමට වැඩි ඉඩක් තිබෙන බවයි.

ඉන්දියාවේ කොරෝනා තත්ත්වය (gettyimages)

මෙක්සිකෝව 

කොරෝනා වසංගතය දරුණු ආකාරයට පැතිර යන රටවල් අතුරින් එකක් වන මෙක්සිකෝව කොරෝනා මරණ අතින් ලොව තෙවන ස්ථානයට පත්ව සිටිනවා. පසුගිය අගෝස්තු 4 වැනිදා වන විට මෙක්සිකෝවෙන් කොරෝනා ආසාදිතයන් 443,813ක් වාර්තා වන විට සිදුව තිබුණු මරණ ප්‍රමාණය 48,012. පහත දක්වා ඇත්තේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු මෙක්සිකෝවේ ප්‍රාන්ත තුන යි.

1) මෙක්සිකෝ සිටි- 75,383

2) මෙක්සිකෝ ජනපදය- 54,096

3) ටැබාස්කෝ- 22,523 

එලෙස මෙක්සිකෝ සිටි ප්‍රාන්තයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වන විට වැඩිම මරණ ප්‍රමාණය මෙක්සිකෝ ජනපදයෙන් වාර්තා වනවා. පහත දැක්වෙන්නේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුණු මෙක්සිකෝ ප්‍රාන්ත 3 යි.

1) මෙක්සිකෝ ජනපදය- 8,272

2) මෙක්සිකෝ සිටි – 7,295

3) ටවෙරාකෲස්- 2,875

තවමත් සුව නොවුණු කොරෝනා රෝගීන් 100,124ක් මෙක්සිකෝව තුළ සිටිනවා. ගෙවුණු මාසය ඇතුළත ලක්ෂ 2කට ආසන්න කොරෝනා රෝගීන් ප්‍රමාණයක් මෙක්සිකෝවෙන් හමුවන විට මියගිය කොරෝනා රෝගීන් ප්‍රමාණය 20,000කට ආසන්න වුණා. එම නිසාම මෙක්සිකෝ වැසියන්ට ඉදිරි මාස කිහිපය තුළත් කොරෝනා වසංගතය සමග සටන් කිරීමට සිදුවනු ඇති. 

මෙක්සිකෝවේ කොරෝනා තත්ත්වය (gettyimages)

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයයන්- worldometer

Related Articles