Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු ආසියාවේ කොරෝනා වෛරසයේ හැසිරීම

නව කොරෝනාවෛරසය හෙවත් කොවිඩ් 19 මේ වන විට රටවල් 200කට අධික ප්‍රමාණයකට පැතිරගොස් අවසන්. ලෝකය පුරා අද වන විට (ජුනි 9) වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 6,931,000ක්. වාර්තා වූ රෝගීන් අතින් මේ වන විට 400,857ක් මරණයට පත් වී තිබෙනවා. එම රෝගීන් අතරින් 3,552,369ක් සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. 

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ දී එහි කේන්ද්‍රස්ථානය බවට පත්වන්නේ හුබේ පළාතේ වූහාන් ප්‍රදේශය ප්‍රමුඛ කරගත් චීනය යි. පසුව වෛරසයේ කේන්ද්‍රය බවට ක්‍රමක්‍රමයෙන් ඉතාලිය, එක්සත් රාජධානිය හා ප්‍රංශය ප්‍රමුඛකරගත් යුරෝපය පත්වෙනවා. මේ වන විට කොවිඩ් 19 වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත් වී තිබෙන්නේ උතුරු ඇමෙරිකානු රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදය යි. ඊට අමතරව දකුණු ඇමෙරිකානු රටක් වන බ්‍රසීලය ද වෛරසයේ කේන්ද්‍රයක් බවට පත්වෙමින් පවතිනවා.

දකුණු ආසියාව තුළ වෛරසයේ පැතිරීම පිළිබඳව විමසා බැලීමේ දී එහි ප්‍රමුඛ ස්ථානයක් ලබා ගන්නේ ඉන්දියාව යි. මේ වන විට මුළු ලෝකයෙන් ම ආසාදිතයන් අතින් 5 වන ස්ථානයේ පසු වන්නේ ද ඉන්දියාව යි. ආසියානු කලාපයේ රටවල් අතර කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව යි මේ ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ.

දකුණු ආසියාව තුළ වෛරසයේ පැතිරීම 

දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් (outlookindia)

ලෝකයේ කොරෝනා ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන රටවල් අතරින් 5 වන ස්ථානය මෙන්ම දකුණු ආසියානු කලාපයෙන් ප්‍රථම තැන ලබාගෙන සිටින්නේ ඉන්දියාව යි. දකුණු ආසියානු කලාපයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අතරින් පාකිස්ථානය දෙවන වන්නේ ඉන්දියාවට පමණ යි. ලෝකයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අතින් පාකිස්තානය 15 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ලෝකයෙන් 20 වන ස්ථානය ලබා සිටින බංගලාදේශය ආසාදිතයන් වාර්තා වීම අතින් දකුණු ආසියානු කලාපයේ තුන්වන ස්ථානය ලබා සිටිනවා. ආසාදිතයන් වාර්තා වීම අතින් ලෝකයෙන්ම 40 වන ස්ථානයත්, දකුණු ආසියානු කලාපයෙන් සිව්වන ස්ථානයත් ලබා සිටින්නේ ඇෆ්ගනිස්ථානය යි. ලෝකයෙන්ම 80 වන ස්ථානයට පත් වී සිටින නේපාලය දකුණු ආසියානු කලාපයෙන් පස්වන ස්ථානයට වාර්තා වෙනවා. ආසාදිතයන් වාර්තා වීම අතින් ලෝකයෙන්ම 98 වන ස්ථානය ලබා සිටින මාලදිවයින් දකුණු ආසියානු කලාපයෙන් හයවන තැනට පත් වී තිබෙනවා. 99 වන ස්ථානයට පත් වී සිටින ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ හත්වන ස්ථානය ද ලෝකයෙන් 182 වන ස්ථානය ලබාගෙන සිටින භූතානය දකුණු ආසියානු කලාපයෙන් 8 වන ස්ථානය හෙවත් අවසන් ස්ථානය ද මේ වන විට ලබාගෙන තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනාවෛරස ව්‍යාප්තිය 

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

2020 වසරේ ජනවාරි 30 වන දින ඉන්දියාවෙන් ප්‍රථමවරට කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් වාර්තා වෙනවා. ඉන්පසුව වේගයෙන් වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා එරට අගමැතිවරයා විසින් දින 21කට රට වසා දැමීමට තීරණය කරනවා. ඒ පසුගිය මාර්තු 24 වන දා යි. දෛනිකව වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය මේ වන තුරුත් සාධනීය ලෙස අඩුවීමක් පෙන්නුම් කරන්නේ නෑ. අද වන විට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 266,598ක් වාර්තා වෙන අතර ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය ලෙස සටහන් වන්නේ 7466ක්.

කොවිඩ් 19, ඉරානයෙන් පාකිස්ථානයට 

පාකිස්ථානයෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

කොවිඩ් 19 රෝගියෙක් පාකිස්ථානයෙන් මුල්වරට වාර්තා වෙන්නේ පෙබරවාරි 26 වන දා යි. ඒ ඉරානයේ සිට කරච්චි වෙත පැමිණි පාකිස්ථාන ජාතික ශිෂ්‍යයෙක්. පසුගිය දින කිහිපයේම පාකිස්තානයේ දිනකට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය 1000 ඉක්මවා තිබෙනවා. ඔවුන් අප්‍රේල් මාසයේ සිට චීන ඖෂධ සමාගමක් හා එකතුව වෛරසය සඳහා එන්නතක් නිපදවීමේ පර්යේෂණ කිහිපයක ද යෙදෙනවා. එරටේ අද වන විට රෝගීන් 108,317ක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් සිදු වී ඇති මරණ ප්‍රමාණය 2172ක් ලෙස සටහන් වෙනවා.

දකුණු ආසියාවෙන් තුන්වන තැනට පත්ව ඇති බංගලාදේශය 

බංගලාදේශයෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

බංගලාදේශයේ ප්‍රථමවරට කොවිඩ් 19 රෝගියෙක් වාර්තා වන්නේ පසුගිය මාර්තු 7 වන දින යි. පාලනය කළ නොහැකි තරම් රෝගීන් වාර්තා වීම හේතුවෙන්  මාර්තු 26 වන දා රට සම්පූර්ණයෙන්ම  වසා දමන අතර නැවත රට විවෘත වන්නේ මැයි 5 වන දින යි. මේ වන තුරු රෝගීන් වාර්තා වීම සාධනීය ලෙස අඩුවීමක් තවමත් බංගලාදේශයේ දකින්න ලැබෙන්නේ නෑ. එරට වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය 68,504ක් ලෙසත් මරණ ප්‍රමාණය 930ක් ලෙසත් අද වන විට සටහන්ව තිබෙනවා.

කොවිඩ් 19 හේතුවෙන් දරිද්‍රතාවයෙන් උග්‍ර දරිද්‍රතාවයට ගමන් කරන ඇෆ්ගනිස්තානය 

ඇෆ්ගනිස්ථානයෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

ඇෆ්ගනිස්ථානයේ කොවිඩ් 19 රෝගියෙක් මුල්වරට වාර්තා වන්නේ පෙබරවාරි 24 වන දින යි. එරට සෑම පළාතකින්ම මේ වන විට ආසාදිතයන් වාර්තා වන අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කාබුල්වලින්. අද වන විට ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 20,917ක් වන අතර මරණ ප්‍රමාණය ලෙස සටහන් වන්නේ 369ක්.

දකුණු ආසියාවේ පළමු කොවිඩ් ආසාදිතයා නේපාලයෙන් 

නේපාලයෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

දකුණු ආසියාවේ පළමුවරට කොවිඩ් 19 රෝගියෙක් වාර්තා වන්නේ ජනවාරි 23 වන දා නේපාලයෙන්. ඒ චීනයේ වුහාන්වල සිට එරටට පැමිණි නේපාල ජාතික ශිෂ්‍යයෙක්. මේ වන විට නේපාලයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 3762ක්. වාර්තා වෙන මරණ ප්‍රමාණය 14ක් වෙනවා.

ඉතාලියෙන් මාලදිවයිනට 

මාලදිවයිනෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

දකුණු ආසියාවේ පස්වන ස්ථානයට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මාලදිවයිනෙන්. මාර්තු 7 වන දා ඉතාලි සංචාරකයෙක් පළමු රෝගියා ලෙස එරටින් වාර්තා වන අතර, මේ වන විට නව රෝගීන් වාර්තා වීමේ සීග්‍රතාවයේ අඩු වීමක් පෙන්නුම් කරනවා. අද වන විට එරටින් කොවිඩ් 19 ආසාදිතයන් 1,916ක් වාර්තා වෙන අතර මරණ ප්‍රමාණය 8ක් ලෙස සටහන් වෙනවා.

ලෝකයෙන් 99 වන ස්ථානය ශ්‍රී ලංකාවට 

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

2020 වසරේ ජනවාරි 27 වන දා ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිත රෝගියා වාර්තා වෙනවා. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යන අතර නව ආසාදිතයන් වාර්තා වීම මේ වන විට පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. අද වන විට ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 1,857ක් හා සිදු වූ මරණ ප්‍රමාණය 11ක් ලෙස දැක්වෙනවා.

මරණ වාර්තා නොවන භූතානය 

භූතානයෙන් දෛනිකව වාර්තා වෙන නව රෝගීන් (worldometers)

භූතානයේ පළමුවරට කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් වාර්තා වන්නේ මාර්තු 6 වන දින යි. භූතානය ආසාදිතයන් වාර්තා වීම අතින් දකුණු ආසියානු කලාපයේ අවසන් ස්ථානය හිමිකරගෙන් සිටින අතර අද වන විට එරටින් ආසාදිතයන් 59ක් පමණක් වාර්තා වෙනවා. මරණ කිසිවක් මේ වන තුරු වාර්තා වී නෑ.

කවරයේ පින්තූරය - cdn

මූලාශ්‍රයයන් - ‘ 

Worldometers

Who.int

Related Articles