Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ කොරෝනා තත්ත්වය දරුණු අතට හැරෙයි

පසුගිය වසරේ අග භාගයේ දී චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය තවමත් මර්දනය කර අවසන් නැහැ. තවමත් සමහර රටවල් තුළ දරුණු ආකාරයට පැතිරී යන කොරෝනා වසංගතයට අද වන විට මිලියන 30කට ආසන්න පිරිසක් ගොදුරු වී තිබෙනවා. ඒ අතුරින් මිලියනයකට ආසන්න ප්‍රමාණයකට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. වර්තමානය වන විට කොරෝනා වසංගතය වඩාත් දරුණු ලෙසින් පැතිර යන රටවල් කිහිපයක අතරට අප අසල්වැසි ඉන්දියාවත් අයත් වනවා. පසුගිය දිනෙක ඉන්දියාව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වුණු ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණියා. පසුගිය දින 14ක පමණ කාලය තුළ එරටින් දෛනිකව කොරෝනා රෝගීන් 75000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණු ආකාරය අසන්නට ලැබුණා. ඉන් නිගමනය කළ හැක්කේ ඉදිරි සති කිහිපය තුළ ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමට ඉඩ තිබෙන බවයි. 

ඉන්දියාව තුළ කොරෝනා වසංගතය දරුණු ලෙසින් පැතිර යාමට හේතු 

ඉන්දියාව තුළ අධික ජනගහනයක් ජීවත් වනවා. ඒ අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් දිළිඳු ජනතාව යි. එසේම ඔවුන්ගේ සාක්ෂරතාවය ද ඉහළ මට්ටමක නැහැ. තව ද, ඉන්දියානුවන් වැඩි පිරිසකට සෞඛ්‍යාරක්ෂිත ජීවන ක්‍රම ගැන නිසි අවබෝධයක් නැහැ. පසුගිය කාලයේ ඔවුන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීම සඳහා ගව මුත්‍රා පවා පානය කළ ආකාරය අසන්නට ලැබුණා. ඒ ඔවුන් මිත්‍යා ආගමික මත ගැන දැඩි විශ්වාසයක තබන නිසා යි. ඉහත හේතු නිසා ඉන්දියාව තුළ කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. 

අවසන් මාසය තුළ ආසාදිතයන් ලක්ෂ 22ක් 

ඉන්දියාවෙන් මුල්ම කොරෝනා ආසාදිතයා හමුවුණේ ජනවාරි 30 වැනිදා යි. ඉන් පසුව ගෙවුණු දින 160 තුළ එරටින් කොරෝනා ආසාදිතයන් 794,842ක් වාර්තා වුණා. නමුත් ඉන් අනතුරුව ඉන්දියාව තුළ කොරෝනා වසංගත රැල්ල සීඝ්‍රයෙන් පැතිර යන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්  අවසන් දින 92ක තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 37කට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබෙනවා. ඉන් ලක්ෂ 22කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණේ අවසන් මාසය තුළ යි. අවසන් සති 2ක තුළ එරටින් දෛනිකව කොරෝනා රෝගීන් 75000ක් පමණ වාර්තා වී තිබුණා. ඉන් නිගමනය කළ හැක්කේ ඉන්දියාව කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව දක්වා එළඹෙමින් සිටින බව යි.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ව්‍යාප්තිය (Worldometer)   

අවසන් මාසය තුළ මරණ 30000කට අධික ප්‍රමාණයක් 

ඉන්දියාවෙන් මුල්ම කොරෝනා මරණය වාර්තා වුණේ මාර්තු 12 වැනි දා යි. ඉන් පසුව ගෙවුණු දින 160 තුළ එරටින් කොරෝනා මරණ 21623ක් වාර්තා වුණා. නමුත් ඉන් අනතුරුව ඉන්දියාව තුළ කොරෝනා වසංගත රැල්ල සීඝ්‍රයෙන් පැතිරයන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් දින 92ක තුළ එරටින් කොරෝනා මරණ 53418ක ප්‍රමාණයක් වාර්තා වුණා. ඉන් මරණ 30625ක් වාර්තා වුණේ අවසන් මාසය තුළ යි. අවසන් සති 2ක තුළ එරටින් දෛනිකව කොරෝනා මරණ 1000ක් පමණ වාර්තා වී තිබුණා. ඒ අනුව ඉදිරි මාසය තුළ ඉන්දියාවේ කොරෝනා මරණ සීඝ්‍රයෙන් ඉහළ යාමේ හැකියාවක් තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා මරණවල ව්‍යාප්තිය (Worldometer) 

වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු ප්‍රාන්ත 

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 5කින් 275,000කට අධික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. එසේම තවත් ප්‍රන්ත 4ක කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 150,000ක සීමාව ඉක්මවා ගොස් තිබුණා. පහත දැක්වෙන්නේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු ප්‍රාන්ත 5 පිළිබඳව යි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය- 967,349 

මුම්බායි අගනුවර වන, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් මුල්ම වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ මාර්තු 9 වැනි දා යි. ඉන් පසුව ගෙවුණු දින 124 තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ගණන 246,600ක් දක්වා වර්ධනය වුණා. පසුගිය මාස 2ක කාලය තුළ ඉන්දියාවේ කොරෝනා රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් දින 60 තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ලක්ෂ 7කට අධික කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 9 වැනිදා වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 967,349ක් වාර්තා වී තිබුණා.

ආන්ද්‍රා ප්‍රදේශය- 527,512

විසාකාපට්නම්, අමරාවතී, සහ හයිදරාබාද් අගනුවර වන, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් මුල්ම වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ මාර්තු 12 වැනිදා යි. ඉන් පසුව ගෙවුණු දින 124 තුළ ආන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ගණන 27235ක් දක්වා වර්ධනය වුණා. පසුගිය මාස 2ක කාලය තුළ ඉන්දියාවේ කොරෝනා රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් දින 60 තුළ ආන්ද්‍රා ප්‍රදේශයෙන් ලක්ෂ 5කට අධික කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 9 වැනිදා වන විට ආන්ද්‍රා ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 527,512ක් වාර්තා වී තිබුණා.

තමිල්නාඩු ප්‍රාන්තය- 480,524

චෙන්නයි අගනුවර වන, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් මුල්ම වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ මාර්තු 7 වැනිදා යි. ඉන් පසුව ගෙවුණු දින 124 තුළ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ගණන 46410ක් දක්වා වර්ධනය වුණා. පසුගිය මාස 2ක කාලය තුළ ඉන්දියාවේ කොරෝනා රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් දින 60 තුළ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ලක්ෂ 4කට අධික කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 9 වැනිදා වන විට තමිල්නාඩුව ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 480,524ක් වාර්තා වී තිබුණා.

කර්ණාටක ප්‍රාන්තය- 421,730

බෙංගාලුරු අගනුවර වන, ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් මුල්ම වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ මාර්තු 9 වැනිදා යි. ඉන් පසුව ගෙවුණු දින 124 තුළ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ගණන 36216ක් දක්වා වර්ධනය වුණා. පසුගිය මාස 2ක කාලය තුළ ඉන්දියාවේ කොරෝනා රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් දින 60 තුළ කර්ණාටක ප්‍රාන්තයෙන් ලක්ෂ 4කට ආසන්න කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 9 වැනිදා වන විට කර්ණාටක ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 421,730ක් වාර්තා වී තිබුණා.

උත්තර ප්‍රදේශය- 285,041

ලක්නව් අගනුවර වන, ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් මුල්ම වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ මාර්තු 4 වැනිදා යි. ඉන් පසුව ගෙවුණු දින 124 තුළ උත්තර ප්‍රදේශයෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ගණන 350925ක් දක්වා වර්ධනය වුණා. පසුගිය මාස 2ක කාලය තුළ ඉන්දියාවේ කොරෝනා රැල්ල සීඝ්‍රයෙන් පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් දින 60 තුළ උත්තර ප්‍රදේශයෙන් ලක්ෂ 2කට අධික කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 9 වැනිදා වන විට උත්තර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 285,041ක් වාර්තා වී තිබුණා.

වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් 

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා වන විට ඉන්දියාවෙන් කොරෝනා මරණ 75091ක් වාර්තා වී තිබුණා. ඉන් වැඩිම මරණ ප්‍රමාණයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වුණා. පහත දක්වා තිබෙන්නේ වැඩිම කොරෝනා මරණ වාර්තා වුණු ප්‍රාන්ත 5 පිළිබඳව යි. 

1) මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය- 27787

2) තමිල්නාඩු ප්‍රාන්තය- 8090

3) කර්ණාටක ප්‍රාන්තය- 6808

4) දිල්ලි ප්‍රාන්තය- 4638

5) ආන්ද්‍රා ප්‍රදේශය- 4634

කවරයේ ඡායාරූපය- ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

*සැලකිය යුතුයි- මෙම ලිපිය ලිවීමේ දී භාවිතා කර තිබෙන්නේ සැප්තැම්බර් 9 වැනිදා වන විට නිකුත්ව තිබුණු කොරෝනා වසංගතය පිළිබඳ දත්ත යි.

මූලාශ්‍රයයන්-  worldometer, mygov.in

Related Articles