Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හස්තීන්ගේ පණ නසන ගජමුතු

දළඳා කරඬුව තම පිට මතින් ගෙන යාමට වාසනාව ලත් ඇත් පවුලේ ඇතුන්ගෙන් ගජමුතු ලබා ගැනීම සිදු වේ. ඇතාගේ දළ තුළ පිහිටන ගජමුතු වටිනාකමින් ඉතා ඉහළ අගයක් ගනී. සාමාන්‍යයෙන් මේවා ලක්ෂ 10 සිට ලක්ෂ 50ක් දක්වා මිලකට අලෙවි වේ. අතීතයේදී ගජමුතු පැවතියේ රජුන් හා සිටුවරුන් ළඟ පමණි. පුරාණයේ සිට පැවත එන මතයක් වන්නේ ගජමුතු ළඟ තබා ගැනීමෙන් හා ඒවාට වන්දනාමාන කිරීමෙන් සැප සම්පත් ධනය ආදිය වර්ධනය වන බවයි. අප සතර විධි මංගල වස්තූන් ලෙස හඳුන්වන්නේ ධාතුන් වහන්සේ, රතු මැණික්, දක්ෂිණාවෘත වාලම්පුරි යන තුන සහ ගජමුතු යි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ විශාල වටිනාකමකින් යුතු ගජමුතු පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමට යි.

ගජ මුතු යනු මොනවාද?

elemotion.org

ගජමුතු පිහිටන්නේ ඇතුන්ගේ දළ තුළයි. ඇතෙකුගේ දළය තුළ ගජමුතු තිබේ නම් ඇතා අඩිය තබන විට රිදී සීනු හඬක් පැන නැගේ. නියම ගජ මුතු ඉතා දීප්තිමත්ය. එය ඇත් දළයේ ඇති රන්වන් පාටට සමාන පැහැයක් ගනී. මෙහි හැඩය රවුම් හෝ ඕවලාකාර වේ. නියම ගජමුතු ඉර අව්වට ඇල්ලු විට ගජමුතුව තුළ ලේ පාටක් දැකිය හැක. විවිධ ප්‍රමාණයෙන් යුතු ගජමුතු පවතී. ඒවා කුඩා ප්‍රමාණයේ සිට බිත්තරයක ප්‍රමාණය දක්වා වෙනස් වේ. මේවා බිම වැටුණු පමණින් ලෙහෙසියෙන් පලුදු වීම හෝ කැඩී යාම සිදු නොවේ.

ගජමුතු පිහිටන ඇත් දළ

manizone.co.uk

ඇත් දළයක් යනු පිටතට නෙරා ආ උල් දතකි. එම නිසා මේවා අනෙක් දත් වලට සමාන වේ. ඇතුන් තම දළ විවිධ කාර්යන් සඳහා යොදා ගනී. ඉන් කීපයක් ලෙස හෑරීම, විවිධ ද්‍රව්‍ය එසවීම, ආහාර එකතු කිරීම, ගස් පොතු කඩා ගැනීම, තමාට පහර දීමට පැමිණෙන විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීම දැක්විය හැක. මීට අමතරව ඇත් දළ මඟින් ඇතාගේ හොඬවැල ආරක්ෂා කිරීමද සිදු කරයි.

ඇතුන්ගේ දළ වලින් තුනෙන් එකක් ඇත්තේ ඔවුන්ගේ කට තුළ යි. එළියට පෙනෙන්නට ඇත්තේ තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් පමණි. ඇත් දළ වල කොටසක් කුහරයක් තුළ පිහිටි පල්පයකින්, ලේ සහ ස්නායු වලින් නිර්මාණය වී ඇත. ඇත් දළ වර්ධනය වීම අවසාන වන කාල සීමාවක් නැත. ඇතාගේ ජීවිත කාලය පුරාම ඇත් දළ වර්ධනය වීම සිදු වේ.

ගජමුතු වල ප්‍රයෝජනය

skylightjewelers.com

බොහෝ නිර්මාණ වලට ගජමුතු යොදා ගන්නේ ඒවාගේ ඇති දිස්නය, පැහැය හා මෘදු බව හේතුවෙනි. ආභරණ වල කැටයම් නිර්මාණය සඳහා මේවා බහුලව යොදා ගන්නේ එහි කැටයම් කිරීම පහසු නිසාවෙනි. ගජමුතු වලට අමතරව ඇතාගේ දළයේ අනෙකුත් කොටස් පියානෝ හා ඕගන් වල ස්වර යතුරු නිර්මාණයට, බිලියඩ් බෝල නිර්මාණයට, සැරසීම් වලට යොදා ගන්නා කණ්ණාඩි ආදිය නිර්මාණයට යොදා ගනී. වර්තමානයේදී විදුලි උපකරණ වල පරිපථ, රේඩාර් හා ගුවන් යානා සඳහා අවශ්‍ය විදුලි උපකරණ නිපදවීමටද ඇත් දළ හා ගජ මුතු යොදා ගනී.

අතීතයේදී ගජමුතු යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදු කළ රටවල් ලෙස ඊජිප්තුව, ග්‍රීසිය, ඉතාලිය, mycenae, assyria ආදිය දැක්විය හැක. Anthena of Phidias වැනි විශාල ග්‍රීක ප්‍රතිමා නිර්මාණය සඳහා රත්‍රන් වලට අමතරව ගජ මුතු යොදා ගෙන ඇත. මෙම රටවල් වසර 1400 පමණ වන තුරු ගජමුතු යොදා ගනිමින් විවිධ නිර්මාණ කළත් එම කාලයෙන් පසු ගජමුතු යොදා ගැනීම ක්‍රමයෙන් අඩු විය. ගජමුතු වල කැටයම් කැපීම අතීතයේ සිට සිදු කළ රටවල් වන්නේ බටහිර යුරෝපය, බයිසැන්ටින් අධිරාජ්‍යය හා ඉන්දියාවයි.

ගජමුතු නිසා ඇතුන්ට ඇති තර්ජන

veganfoodandliving.com

අතීතයේදී ගජමුතු ලබා ගන්නා ලද්දේ මිය ගිය ඇතෙකුගෙනි. නමුත් වර්තමානයේ මෙය වාණිජමය මට්ටමකින් සිදු වන නිසා ගජමුතු ලබා ගැනීම සඳහාම ඇතුන් මරා දැමීම දැකිය හැක. ගජමුතු සඳහා ඇතුන් දඩයම් කිරීම වැඩියෙන්ම දැකිය හැක්කේ අප්‍රිකාව තුළ යි. ආසියාව තුළ ද මෙය සැලකිය යුතු මට්ටමකින් සිදු වේ. මෙලෙස ඇතුන් දඩයම් කිරීම හේතුවෙන් ආසියාවේ ඇතුන් ජනගහනයේ සැලකිය යුතු අඩු වීමක් වර්තමානය වන විට දක්නට ලැබේ. 1989 වසරේ ගෙන ආ “ convention on international tradein endangered species” ප්‍රඥප්තිය යටතේ ජීවමාන ඇතුන් මරා සිදු කරන ගජමුතු වෙළඳාම තහනම් කරන ලදි. අද වන විට ආසියාවේ ඇතුන් දඩයම බොහෝ දුරට පාලනය කර තිබෙනු දැකිය හැක.

ගජමුතු වලින් වාසනාව ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින මිථ්‍යා විශ්වාස

eco-business.com

ගජමුතු ළඟ තබා ගැනීමෙන් යස ඉසුරු, ධනය හා සම්පත් ලැබෙන බවට අතීතයේ සිටම මිනිසුන් අතර විශ්වාසයක් පවතී. නමුත් මේවා රෙදි කැබැල්ලකින් ඔතා අල්මාරියක් හෝ පෙට්ටියක් තුළ තැබීමෙන් එලෙස වාසනාව උදා කරගත නොහැකි බව පැවසේ. මේ සඳහා සිදු කළ යුතු වතාවත් නියමාකාරයෙන් සිදු නොකළ හොත් එහි බලය අඩු වන බව කියැවේ. ගජමුතු යනු නිතරම පිරිමැදිය යුතු ද්‍රව්‍යයකි.

eco-business.com

එය පිරිමැදිය යුත්තේ තමාට අවශ්‍ය ප්‍රාර්ථනය සිහිපත් කරමින්ය. මෙය තමාට හැකි සෑම දිනකම කහ වතුරෙන් හා සුවඳ පැනින් සේදිය යුතු අතර පසුව සුවඳ දුම් අල්ලා තමාට අවශ්‍ය ප්‍රාර්ථනය සිහිපත් කළ යුතු බව සඳහන් වේ. මෙවැනි මිථ්‍යා විශ්වාසවලට රැවටී රටට සම්පතක් වන ඇතුන් සාහසික ලෙස මරා දැමීමට මිනිසුන් පෙළඹී සිටීම කිසිදු ලෙසකින් අනුමත කළ නොහැක.

cnn.com

ඇත්දළ වෙළදාම

ගජමුතු  විකිණීම හා මිලදී ගැනීම ගජමුතු වෙළඳාම ලෙස හැඳින්වේ. වර්තමානය වන විට රටවල් අතර ගජමුතු වෙළඳාම තහනම් කර ඇතත් ඇතැම් රටවල අභ්‍යන්තරයේ ගජමුතු වෙළඳාම සඳහා අවසර ලබා දී ඇත. ගජමුතු වෙළඳාම පිළිබඳ එක් එක් රටවල් විවිධ අදහස් දරයි. ඇතැම් රටවල් වල මතය අනුව නිත්‍යානුකූලව ලබා ගන්නා ගජමුතු ජාත්‍යන්තර වෙළඳපලේ විකිණීම සඳහා අවසර ලබා දිය යුතු වේ. නමුත් ඇතැම් රටවල මතය වන්නේ ඇතුන්ගේ වඳ වී යාම වැලැ ක්වීම සඳහා ගජමුතු වෙළඳාම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි.

කවරයේ පින්තුරය – dailynation.news

Related Articles