Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපයේ කාර්ය බහුලතම හීත්‍රෝ ගුවන්තොටුපළ

ලෝකයේ ඇති ප්‍රවාහන මාධ්‍ය අතරින් වඩාත් පහසු හා වේගවත්ම ප්‍රවාහන මාධ්‍යක් ලෙස ගුවන් ප්‍රවාහනය දැක්විය හැක. ගුවන් ප්‍රවාහනයේදී එය හා සම්බන්ධ ගමානාරම්භයේ සිට ගමනාන්ත කාරා ගමන් කිරීමට මගින්ට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර හා යානය පැමිණෙන තෙක් රැඳී සිටීමේ පහසුකම් සපයන්නේ ගුවන් තොටුපළවල් විසිනි. මෙවන් හේතු රාශියක් නිසා ගුවන් තොටුපළවල් බොහොමයක් අද කාර්යබහුල වී ඇත. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ලෝකයේ ඇති කාර්යබහුලතම ගුවන් තොටුපළවල් වලින් එකක් වන හීත්‍රෝ ගුවන්තොටුපළ පිලිබඳ කරුණු ගෙන ඒමටයි.

ආරම්භය හා ඉතිහාසය

heathrow.com

හීත්‍රෝ ගුවන්තොටුපළ මුළින්ම ආරම්භ කරන ලද්දේ 1930 වසරේදීය. මෙය ආරම්භක සමයේ පවතින ලද්දේ තණකොළ සහිත එක් ගුවන් ධාවන පථයකි. මෙය දෙවන ලෝක යුද්ධ සමයේදී රජය විසින් බලෙන් අත්පත් කරගන්නා ලද්දේ මෙහි හමුදා අහස් යාත්‍රාන්ගනයක් සැකසීමේ බලාපොරොත්තුවෙනි. නමුත් මෙය ඉදි කර වැඩ නිම කිරීමට පෙර දෙවන ලෝක යුද්ධය අවසන් වන ලදී. පසුව 1946 වසරේදී මෙය ගුවන් අමාත්‍යංශය සඳහා භාර දී ඇත.

මෙම ගුවන්තොටුපළ මුල් කාලයේදී හැඳින්වූයේ ලන්ඩන් ගුවන්තොටුපළ ලෙසයි. මෙය 1966 වන තෙක් පැවතියේ එම නමිනි. පසුව 1946 වසරේදී මෙය හීත්‍රෝ ගුවන්තොටුපළ ලෙස නම් කරන ලදි. වර්තමානය වන විට මෙහි මිනිසුන් 70 000ක පමණ ප්‍රමාණයක් සේවය කරයි. මෙම ගුවන්තොටුපළ වසරකට මිලියන 67ක පමණ මඟින් ප්‍රමාණයක් පාලනය කරනු ලබයි. මෙය යුරෝපයේ කාර්යබහුලතම ගුවන්තොටුපළ වන අතර ලෝකයේ කාර්යබහුලතම ගුවන්තොටුපළවල් අතරින් තුන් වන ස්ථානයට පත් වී ඇත.

ප්‍රමාණය හා යොදා ගන්නා ධාවන පථ

quod.com

හීත්‍රෝ ගුවන්තොටුපළේ සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටයාර 1227ක් පමණ වේ. මෙහි ගුවන් ධාවන පථ දෙකක් පවතී. උතුරු ධාවන පථයේ දිග මීටර් 3902 පළල මීටර් 50කි. දකුණු ධාවන පථයේ දිග මීටර් 3658ක් වන අතර පළල මීටර් 50කි.

යෝජිත නව ධාවන පථය

හීත්‍රෝ ගුවන්තොටුපළ සඳහා නව ධාවන පථයක් 2009 වසරේදී අනුමත කරන ලදී. නමුත් 2010 වසරේ නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ඔවුන් මෙය විශාල කිරීම අතහැර දමන ලදී. මෙය ඉදි කිරීම බොහෝ දේශපාලන පක්ෂ තම දේශපාලන ගමන් මඟ සඳහා වාසි ලබා ගැනීමට භාවිතා කළද කිසිවෙකුට එය ඉදි කිරීමේ අවශ්‍යතාවයක් පැවතුනේ නැත. වර්තමානයේ මේ සඳහා කමිටුවක් පත් කර ඇත.

vizts.com

යෝජිත නව ධාවන පථයේ දිග මීටර් 3500කි.  මෙය අග්නිදිග එංගලන්තයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉදි වන පළමු සම්පූර්ණ දිගින් යුතු ධාවන පථය බවට පත් වේ. මේ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති වානේ ප්‍රමාණය ටොන් 370 000කි.

ප්‍රධාන ගමනාන්ත හා මගීන්

මේ සඳහා ගමනාන්ත 194ක් ඇති අතර රටවල් 82ක් මෙම ගුවන් තොටුපල හා සම්බන්ධ වී ඇත. මෙහි ප්‍රධාන ගමනාන්ත ලෙස නිව් යෝක්, ඩුබායි, Dublin, ඇමස්ටර්ඩෑම්, හොන්කොන් දැක්විය හැක. මෙහි දිනපතා සාමාන්‍යයෙන් ගමන් ගන්නා මඟින් ප්‍රමාණය 206 800කි. මින් 51% පැමිණීම් වන අතර 49% පිටවිම් ය. දැනට මෙම ගුවන්තොටුපළේ වාර්තා වී ඇති කාර්යබහුලතම දිනය ලෙස සැලකෙන්නේ 2016 වසරේ ජූලි 31 වන දිනයි. එදින ගුවන්තොටුපළේ සිටි මඟින් සංඛ්‍යාව 257 922කි. දැනට වාර්තාගත කාර්යබහුලතම වර්ෂය ද වන්නේ 2016 වර්ෂයයි. එම වසරේ සිටි මඟින් සංඛ්‍යාව මිලියන 75.7කි.

ගුවනේ පියාසර කිරීම

windsorexpress.co.uk

බෝයින් 747-400 ගුවන් යානයක් දිගු පියාසර කිරීමකට පිටත් වීමට පෙර විවිධ අයිතම 27 260 ක් ඒ තුළ ගබඩා කිරීම සිදු කෙරේ. මෙහිදී යානයේ ගමන් ගන්නා සියලුම මඟින් සඳහා අවශ්‍ය පහසුකම් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. යානයේ ගබඩා කරන අයිතම අතර loo rolls 58ක්, එක මගියෙකුට 5 බැගින් අයිස් කියුබ් 2000ක්, හැඳි ගෑරුප්පු පිහි ආදිය 1263ක්, ආරක්ෂිත කාඩ් පත් 340ක්, ඉවුම් පිහුම් අයිතම 1291, කඩදාසි කෝප්ප 650ක්, බැලැන්කට්ටු 337ක්, ප්‍රථමාධාර ඇඳුම් 5ක්, විදුරු 735ක්, විශාල වයින් බෝතල් 99ක් හා කාලේ වයින් බෝතල් 326ක්, ටූත් පික්ස් ආදිය ඒ තුල අන්තර්ගත වේ.

හිත්‍රෝ වල ප්‍රසිද්ධම කෑම වේල

මෙම ගුවන්තොටුපළේ ප්‍රධාන හා ප්‍රසිද්ධම කෑම වේල උදේ කෑම වේලයි. වාර්ෂිකව උදෑසන ආහාර වේල සඳහා බිත්තර මිලියන 5ක් වියළි උරුමස් පෙති මිලියන 4.5ක්, බනිස් මිලියන 6.4ක් පමණ අවශ්‍ය වේ. මීට අමතරව මෙහිදී තේ කෝප්ප 26 000 ක්, කොපි කෝප්ප 35 000ක් දිනපතා අලෙවි වේ.

රජ පෙළපත සඳහා වෙන් වූ ටර්මිනලය

phandroid.com

මෙම ගුවන්තොටුපළේ රජ පෙළපත සඳහා හා රාජ්‍යයේ ප්‍රධානින් සඳහා වෙන් වූ ටර්මිනලයක් ඇත. මෙය පිහිටා ඇත්තේ ගුවන්තොටුපලේ දකුණු ප්‍රදේශය තුළයි. මෙය සියලුම රාජකීයයන් භාවිත කර ඇති අතර විලියම් කුමරු හා හැරී කුමරුද ඊට අයත් වේ. Victoria හා Cheryl Cole වැනි කීර්තිමත් පුද්ගලයින්ද මෙම ටර්මිනලය භාවිතා කර ඇත.

පස් වන ටර්මිනලය

මෙහි 5 වන ටර්මිනලය එංගලන්තයේ විශාලම නිර්මාණයක් ලෙස දැක්විය  හැක. මෙහි දිග අඩි 1312 කට වඩා වැඩි අතර පළල අඩි 574ක් පමණ වේ. මෙහි උස අඩි 131ක් පමණ වේ.  මෙහි වහල කොටස පාපන්දු පිටි පහක පමණ විශාලත්වයෙන් යුතු වේ.

හිත්‍රෝ ගුවන්තොටුපළ මුර සේවය

descrier.co.uk

හීත්‍රෝ ගුවන්තොටුපළ මුර සේවය ස්ථාපිත කරන ලද්දේ 2008 වසරේදීය. මොවුන් සඳහා හැඳුනුම්පතක් ලබා දී ඇති අතර හදිසි අවස්ථාවලදී සහ සැක කටයුතු දෙයක් දුටුවහොත් එය පොලීසිය වෙත වාර්තා කිරීම ඔවුන්ගේ වගකීමයි.  මෙම ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා 6500කට වඩා ප්‍රමාණයක් ඇත. සෑම දිනයකම බෑග් 200 000 කට අධික ප්‍රමාණයක් හීත්‍රෝ ආරක්ෂිත පද්ධතියට දමනු ලැබේ.

කවරයේ පින්තුරය – sustainabilitynext.in

Related Articles