Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආදායම් ඉපයිය හැකි පරිසර හිතකාමී ව්‍යාපාර

පරිසර හිතකාමී ව්‍යාපාරයන් හෙවත් හරිත ව්‍යාපාරයක් ආරම්භ කිරීම තුළින් පරිසරයට සහ සමාජයට යහපත් ප‍්‍රතිඵල ලැබෙනවා මෙන්ම එමගින් තිරසාර සංවර්ධනයට මග පාදනු ලබයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කිරීමට බලාපොරොත්තු වන්නෙක් තෝරාගනු ලබන්නේ හරිත ව්‍යාපාරයක් නම් එහි දී අනෙක් ව්‍යාපාරිකයන්ට නොලැබෙන ආකාරයේ වාසි ලබා ගැනීමට සමත් වේ. හරිත සංකල්පයන් මේ වන විට ලොව පුරාම ප්‍රචලිත අතර ඒ හරහා වෙනම අලෙවිකරණ ක්‍රමවේද සහ ව්‍යාපාරයන් දියුණුවෙමින් පවතී.පාරිසරික අර්බුද පිළිබඳව දැනුවත් පාරිභෝගිකයන් විසින් මෙම හරිත ව්‍යාපාරිකයන් සහ සේවා සපයන්නන් වෙත පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් වර්තමානයට වඩා අනාගතයේදී දක්නට ලැබේවි. එයට හේතුව වන්නේ ඒ හරහා මුල්‍යමය වශයෙන් වාසි සහ පරිසරයට සිදු කරනු ලබන සේවය හේතුවෙනි. එපමණක් නොව අනෙක් ව්‍යාපාරයන්ට සාපේක්ෂව හරිත ව්‍යාපාර  හරහා ලැබෙන ආත්ම තෘප්තියත් ඉහළම වාසියක් ලෙස හඳුනාගත හැකිය.

අවම ඉඩ ප්‍රමාණයක වතු වගාවන් ආරම්භ කිරීම

(bhg.com) අවම ඉඩක වවන ලද එළවලු

හරිත ව්‍යාපාරයන් අතර මෙය ඉතාම වාසිදායක සහ පහසු ව්‍යාපාරයක්. ඉඩකඩ අවමවීම හේතුවෙන් නගරාශ්‍රිත නිවෙස්වල මෙම ව්‍යාපාරයන් සුළු වශයෙන් නිවසේ ඉහළ මහලේ සිදුකළ හැකි අතර මේ හරහා නිවසේ එදිනෙදා භාවිතයට රසායනික පොහොර අවම හෝ සම්පූර්ණ වශයෙන් නොයොදන ලද එළවලු  භාවිතයට ගත හැකිය. එමෙන්ම නිවසේ භාවිතයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඵලදාව ලැබෙන විටදී කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාව ලැබේ. එයින් යම් මුල්‍යමය වාසි ලබාගත හැකිය. ගෙවත්තේ ඉඩකඩ පවතින්නේ නම් එළවලු,පලතුරු සහ මල් වර්ග සිටවීම මගින් ආර්ථික සහ ආර්ථිකමය නොවන ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇත.

විකල්ප බලශක්තිය

නියං කාල සීමාවන් තුළදී ජලයේ හිගකම හේතුවෙන් විදුලිය සහ ජලය ලබා ගැනීම ගැටලුවකි. එමෙන්ම බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවය ද මතු වී ඇති හෙයින්  සමකය ආසන්නයේ ඇති රටක් ලෙස හිරු එළිය යොදාගනිමින් හිරු එළිය මගින් ශක්තිය උපදවන පැනලයන් යොදාගැනීම ගැනද අවධානය යොමු වී තිබේ. ඒ හරහා ලොව පුරා ප්‍රචලිතව ඇති සූර්ය ආලෝකය ආශ්‍රිත ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම මෙම ව්‍යාපාරයන් හරහා විදුලිය සහ ජලය වැනි බල ශක්තින් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට හැකියාව ලැබේ. දැනට ශ්‍රී ලංකාව තුළ මේ ආශ්‍රිත ව්‍යාපාරයන් ප්‍රචලිත වෙමින් පවතී.

පරිසර හිතකාමී සේදුම් කාරකයන් භාවිතය

පරිසර හිතකාමී සේදුම්කාරක විකිණීම සහ ඒ ආශ්‍රිත සේදුම් ව්‍යාපාර ආරම්භ කිරීම තවත් වාසි ලැබිය හැකි ව්‍යාපාරයක් ලෙස හඳුනාගත හැකිය. නගරාශ්‍රිතව මෙවැනි ව්‍යාපාර සාර්ථකව සිදුකළ හැකිය. පරීක්ෂණ මගින් හෙළි වී ඇති පරිදි ජලය නොයොදා සේදීම් සහ පිරිසිදු කිරීමේ හැකියාව පවතින අතර එවැනි නවතම ක්‍රම යොදා ගැනීම මගින් සීමිත සම්පතක් වන ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට හැකියාව ලැබේ. නමුත් මෙම ව්‍යාපාර නම් ශ්‍රී ලංකාව තුළ එතරම් ප්‍රචලිත නැත.

සුළු පරිමාණ ව්‍යාපාරයන්

විවිධ නිවෙස් අලංකරණයට යොදාගනු ලබන ශාක වර්ග පාත්ති ආශ්‍රිතව වගාකර විකිණීම මගින් ආදායමක් ලබාගත හැකිය. විවිධ පලතුරු එළවලු බීජ වර්ග සඳහා අද වන විට හොඳ ඉල්ලුමක් පවතී. බද්ධ කරනු ලැබූ පලතුරු ශාක සහ මල් සඳහා වැඩි ඉල්ලුමක් ශ්‍රී ලංකාව තුළ පවතී.

ගෙවතු අලංකරණය පිළිබඳව උපදේශනය

ගෙවතු අලංකරණය පිළිබදව දැනුමක් පවතී නම් ඒ පිළිබදව කැමැත්තක් දක්වන පුද්ගලයන්ට උපදෙස් ලබා දීමෙන් මුදල් ඉපයීමට හැකියාවක් ඇත. විශේෂයෙන්ම බොහෝ කාන්තාවන් විවිධ මල් වර්ග සහ අලංකාරය සදහා වවන ශාක පිළිබඳව නිසි දැනුමක් නොමැතිව සිටින විට මෙවැනි උපදේශනයන් ලබා දීමේ හැකියාව පවතී. මේ හරහා පරිසර හිතකාමී ව්‍යාපාරිකයකු ලෙස ගෙවත්තෙන්ම සොයාගත හැකි කොම්පෝස්ට් ද්‍රව්‍ය පොහොර ලෙස යොදා ගන්නා අයුරු රසායනික ද්‍රව්‍ය අවම වශයෙන් යොදා ගනිමින් මෙම වගාවන් ආදිය සිදුකරනු ලබන ආකාරය, කොම්පෝස්ට් පොහොර භාවිත කරනු ලබන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් එය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට හැකිය.

මහල් නිවාසයන්හි ජිවත්වන පුද්ගලයන් ද මෙම වගාවන් පිළිබදව දැඩි කැමැත්තක් දක්වන අතර අවම ඉඩ ප්‍රමාණයක හෝ නිවස අභ්‍යන්තරයේ වගා කළ හැකි කුඩා ශාක වගාව සහ නඩත්තුව මගින් මහල් නිවාස අලංකාර කිරීමට උපදෙස් ලබාදීම ද මෙයට ඇතුළත් වේ.මෙවැනි ව්‍යාපාරයන් ප්‍රසිද්ධ කරගැනීම සදහා පුවත්පත්වල දැන්වීම් පළකිරීම සහ අන්තර්ජාලය හරහා පහසුවෙන්ම සිදුකළ හැකිය.

හරිත ගොඩනැගිලි ඉදිකිරිම පිළිබඳව උපදේශනය

විශේෂයෙන් මෙම උපදේශනයන් සාර්ථකව පවත්වා ගෙනා යා හැක්කේ ගෘහනිර්මාණ ශිල්පින්ට, අභ්‍යන්තර අලංකරණය සිදු කරන පුද්ගලයන්ට, ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්ට සහ පරිසර හිතකාමී ගොඩනැගිලි පරිචයන් පිළිබඳව නිපුණතාවයක් ඇති විශේෂඥයන්ටය. මෙම ව්‍යාපාරයන් අමතර ආදායමක් ලබා ගැනීම සදහා ප්‍රයෝජනවත්ය.

හරිත ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම

Image Credit: (xtrememalcesine.com)පා පැදි කුලී පදනම් මත ලබාදෙන ස්ථානයක්

විදේශිකයන් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම හරහා තවත් එක හිතකර හරිත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ පුළුවන. විදේශිකයන්ට පා පැදි, ස්කුටර්, හබල් ඔරු, පාරු වැනි සංචාරකයන් ආකර්ෂණය වන ප්‍රවාහන ක්‍රම කුලී පදනම් මත ඔවුන්ට ලබාදීම මගින් ද වියදම ඉතාම අඩු මට්ටමින් තබාගෙන ආදායම් ඉපයීමේ හැකියාව පවතී.

මී මැසි ව්‍යාපාරය

Image Credit: (bbc.com)මී මැසි පෙට්ටියක්

මී මැසි පෙට්ටි සකස් කර ඒ හරහා මී පැණි ලබා ගැනීමේ සහ විකිණීමේ අවස්ථාව තිබේ. සැබෑ මී පැණි සදහා වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් පවතින අතර ශ්‍රී ලංකාව තුළ සාර්ථකව මෙය සිදුකළ හැකිය. ගෙවත්තේ වෙනත් මල් සහ පලතුරු හටගන්නා ශාක ඉක්මනින් පරාගණය වීම සදහා ද මෙම ව්‍යාපාරය උපකාරී වනු ඇත.

අලංකාර මල් වගාව

Image Credit: (buzzfeed.com)විකිණීමට ප්‍රවාහනය කරනු ලබන මල්

ස්වභාවික මල් සඳහා වෙළඳපොළේ දැඩි ඉල්ලුමක් පවතින අතර මෙමගින් විශාල වශයෙන් ලාභ ඉපයීමේ හැකියාව පවතී. විශේෂ අවස්ථා සදහා මෙන්ම වෙනත් අයෙකුට සුබ පැතීම සදහා ස්වභාවික මල් භාවිත කිරීම වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළත් ප්‍රචලිතය මංගල අවස්ථා උදෙසා ස්වභාවික පුෂ්ප වැඩි වශයෙන් යොදා ගන්නා නිසා අලංකාර මල් වගාව  එක සාර්ථක හරිත ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකාව තුළ ලාභ ඉපයිය හැකිය.

ඉහතින් දැක්වූ ව්‍යාපාරයන්ට අමතරව තවත් පරිසර හිතකාමී ව්‍යාපාර රාශියක් පවතී. ඒ පිළිබදව අවධානය යොමු කිරීම මගින් අමතර ආදායමක් සහ පරිසර හිතකාමියෙකු ලෙස ජීවත් වීමේ හැකියාව ලැබෙනු ඇත.

කවරයේ පින්තූරය (allbusiness.com) 

මූලාශ්‍ර

www.greenbusinessnetwork.org

quickbooks.intuit.com

www.entrepreneur.com

Related Articles