Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු කලා සම්ප්‍රදාය විදහා දක්වන මත්රුෂ්කා බෝනික්කෝ

රුසියානු කලා සම්ප්‍රදායෙන් තරමක් වෙනස් නමුත් ඔවුනටම ආවේණික වූ බෝනික්කන් විශේෂයක් ගැන අසන්නට ලැබෙනවා. මෙම බෝනික්කන් හඳුන්වන්නේ මත්රුෂ්කා කියලයි. මෙම ලිපියෙන් කතා කරන්නේ මෙම බෝනික්කන්ගේ බිහිවීම, නම ලැබීම, නිරුපණය කරනු ලබන චරිත, ඉතිහාසය, තේමාවන්, සැකැස්ම හා නිෂ්පාදනය කරන අයුරු යන කාරණාවන් ගැනයි.

වචනාර්ථය  හා චරිත නිරුපණය

youtube.com( තරබාරු බැවින් යුත් ප්‍රධාන බෝනික්කා)

මත්රුෂ්කා යන නම ලැබී තියෙන්නේ රුසියානු කාන්තාවන් අතර සුලභව භාවිතා වන නමක් වන මත්රොයොනා යන්න පාදක කර ගනිමිනුයි. එහි අදහස වන්නේ කුඩා පාලිකාව කියලයි. නමුත් මෙවැනි බෝනික්කන් අතර කාන්තා බෝනික්කන් පමණක් නොවේ පිරිමි රූප සහිත බෝනික්කන්ද දැකීමට හැකි වනවා.

තවත් මතයක් වන්නේ Master යනු ලතින් වචනයක් බවත් එහි තේරුම අම්මා යන්නෙන් බිඳී ලැබුනක් බවත්ය. රුසියානු ගොවි පවුල් වල අම්මා නිරෝගී තරබාරු බවත්, මෙම බෝනික්කන්ගේ ප්‍රධානම බෝනික්කා තරබාරු හැඩයට නිෂ්පාදනය කරන්නේ එම හේතුව නිසා බවත් ඇතැම් අවස්ථා වලදී සඳහන් වනවා.

එමෙන්ම අතීතයේ මෙලෙස යොදා ගනු ලැබුවේ ගෙවිලියන් වුවද අද වන විට සුරඟන කතාවන්හි චරිත නිරුපනයක්ද දැක ගැනීමට හැකි වනවා. එපමණක්ද නොවේ අද වන විට ලෙනින්, ස්ටාලින් වැනි රුසියානු නායකයින්ද නිරුපණය වන බව සඳහන් වනවා.

මත්රුෂ්කා බෝනික්කන් හා බැඳී ඉතිහාසය

මත්රුෂ්කා බෝනික්කන්ගේ ඉතිහාසය ගැන කතා කිරීමේදී ක්‍රි.ව. 1890 දී පමණ වැසිලි සයිවොස් ඩොච්කින් විසින් බෝනික්කන් අට දෙනෙක්ගෙන් යුත් කට්ටයලක් තැනුවා. මෙහි දී අවශ්‍ය කරන නිර්මාණ සැලසුම හා ඒවා පින්තාරු කිරීම කරන ලද්දේ සර්ගේ මුල්පුටින් විසින්ය.

ඔවුන් විසින් නිර්මිත මුල්ම කට්ටලයේ එක වනිතාවක්, පුරුෂ පාර්ශ්වය වෙනුවෙන් බෝනික්කන් හය දෙනෙකුත් බිලින්දෙකුත් සමන්විත වුවා. මේ සඳහා ජපානයේ හොන්ෂු දිවයිනේ බෝනික්කන් ඔවුනට අාභාෂයක් ලබා දුන් බව ද සඳහන් වනවා.

මෙම බෝනික්කන් ලොව පුරා ප්‍රසිද්ධ වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ පළමු නිර්මාණයෙන් වසර 10 කට පසු පැරිසියේ ප්‍රදර්ශනයකට යොමු කිරීමයි. එමගින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමේ භාග්‍ය උදා වුණා.

මත්රුෂ්කා බෝනික්කන් ගැන පොතක් ලියන ලද ලැරිසා සොලොවියොවා කතුවරිය මෙම බෝනික්කන්ගේ ඉතිහාසය යුග තුනකට බෙදා තිබෙනවා. එනම්,

  • 1890 – 1930 දක්වා යුගය
  • 1930- 1990 දක්වා යුගය
  • 1990 සිට අද දක්වා යුගය වේ.

තේමාවන්

russianlegacy.com (වර්තමානයේ මත්රුෂ්කා තේමාවන්)

මුලින් සඳහන් කළා වගේම මුල් ආරම්භය වුණේ ගැමි ගෙවිලියන් මුල් කර ගෙනයි. නමුත් පසුකාලීනව සුරංගනා චරිත මෙන්ම දැවැන්ත දේශපාලන චරිතද නිර්මාණය කරන්නට වුණා. එ්ත් සමගම වර්තමානය වන විට නත්තල, මල් සැරසිලි, පාස්කු සාමය වගේම ප්‍රකට පුද්ගල චරිතද මත්රුෂ්කා බෝනික්කන් තුළින් නිර්මාණය කරනවා.

මෙය තව දුරටත් වර්ධනය වී ප්‍රකට සංගීතඥයින්, ගගනගාමීන්, මළල ක්‍රීඩකයින් ද බෝනික්කන් තුළින් නිර්මාණය කරනවා. නමුත් 1990 දී පමණ (සෝවියට් සමුහාණ්ඩු බිඳ වැටීමත් සමගම) මුල් කාලයේ කොමියුනිස්ට් නායකයන් දැක්වෙන මත්රුෂ්කා බෝනික්කන් ඉතාමත් ප්‍රසිද්ධ වූවා. නුතනයේ රුසියන් නායකයන් ද නිරුපණය කරනවා.

මත්රුෂ්කා බෝනික්කන්ගේ සැකැස්ම

blog.step2love.com( හැඩහුරුකමින් සමාන, ප්‍රමාණයෙන් ක්‍රමයෙන් කුඩා වී යන බෝනික්කන්)

මෙම බෝනික්කන් නිර්මාණය කරනු ලබන්නේ දැවයෙන්ය. හැඩහුරුකමින් සමානයි. නමුත් ප්‍රමාණයෙන් කුඩා වී යන පිළිවෙලට නිර්මාණය කරනු ලැබෙනවා. විශේෂත්වය වන්නේ එකක් තුළ එකක් සිටින සේ බහාලුම් ඇසුරුමක් ලෙස ක්‍රියා කිරීම වේ.

දැව කැටයම් ශිල්පියෙකුගේ ඉවසීම මෙන්ම නිපුණතාවය මෙම බෝනික්කන් තුළින් විදහා දක්වනු ලබනවා. එමෙන්ම ඇතුලේ ම සිටින බෝනික්කා ළදරුවෙකි. එය තනි දැව කැබැල්ලකින් නිර්මාණය කර තිබේ. විවෘත කිරීමට නොහැකි වේ. ඒ හැර අනිත් සියල්ලම හිස කොටසින් වෙන් කළ හැකි සේ නිර්මාණය කර තිබෙන බව තිබෙනවා.

කට්ටලයක සිටිය යුතු අවම බෝනික්කන් සංඛ්‍යාව 5ක් බව දැක්වෙනවා. එමෙන්ම බොහෝ විට මෙම කට්ටල ඔත්තේ අගයක් ගන්නා නමුත් එසේ ඔත්තේ අගයක් ගැනීම අනිවාර්ය වන්නේ නැත. එමෙන්ම ගැමි ලලනාවන්ගේ සම්ප්‍රදායික ගවුම වන සාරාගන් ඇඳ සිටින පරිදි  නිර්මාණය කරනු ලැබේ.

කොහොමද මේ බෝනික්කන් නිෂ්පාදනය කරන්නේ?

aliexpress.com(නිෂ්පාදනය කරන ආකාරය)

දැවයෙන් නිර්මාණය කරන නිසා සමස්ත නිර්මාණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම දැව මතයි. බොහෝ විට මෙම බෝනික්කන් නිර්මාණය සඳහා භාවිතා කරන්නේ “ලින්ඩන්” යනුවෙන් හැඳින්වෙන දෙහි කුලයේ ශාකයට අයත් දැවයයි. එමෙන්ම සියලුම බෝනික්කන් නිර්මාණය කරනු ලබන්නේ එකම දැව කොටසකින් බව දැක්වෙනවා. නිර්මාණය කිරීමට යොදා ගැනීමට පෙරාතුව වසර ගණනාවක් පවනේ වියලෙන්නට සලස්වන අතරම ඉන් අනතරුව පහළොස් වරක් පමණ ලියවන බවද දැක්වෙනවා.

මෙහි දී දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සියලුම දේ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන ලෝකයේ මෙම කිසිවක් යන්ත්‍රානුසාරයෙන් සිදු නොකිරීමයි. එමෙන්ම කිසිදු ආකාරයක මැනීමක්, මිනුම් ලබා ගැනීමක් සිදු කිරීමද තහනම් බව දැක්වෙනවා. මේ සඳහා දෑතේ කුසලතාවය හා ඇසේ දෘෂ්ටික හැකියාව කෙරෙහි පමණක් විශ්වාසය තබන බව දැක්වෙනවා. සැබවින්ම මොවුන් මේ සඳහා විශාල කැප කිරීමක්, මෙන්ම කාලයක්, සංයමයක්, ඉවසීමක් යොදවනු ලබනවා. මේ හේතුවෙන් මෙම බෝනික්කන් ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන බවද දැක්වෙනවා.

දැවයේ මුලින්ම තෛලමය වාර්නිෂ් වර්ගයක් ආලේප කරන අතර, ඉන් පසුව වියළා ගනු ලබනවා. වියළීමෙන් අනතුරුව විසිතුරු ආකාරයෙන් වර්ණ තීන්ත යොදා ගනිමින් සැරසිලි කරනු ලබනවා.

රුසියානු කලා සම්ප්‍රදායෙන් ආරම්භ වූ මෙම මත්රුෂ්කා බෝනික්කන් හට ඉතාමත් ඉහළ අගයක් හිමිව තිබෙනවා. එයට හොඳම උදාහරණයක් ලෙස දක්වනු ලබන්නේ මත්රුෂ්කා යන වචනය උපමා රුපකයක් ලෙස ද භාෂාවට එකතු වීම හරහාය.

ලෝකයේ විවිධ රටවල් තුළින් ඔවුනටම අාවේණික සම්ප්‍රදායික දේවල් නිරුපණය කරනවා. ඒ අතර රුසියාවේ කලා සම්ප්‍රදාය විදහා දක්වන අපූරු අවස්ථාවක් විදියට මෙම මත්රුෂ්කා බෝනික්කන් නම් කරන්න පුළුවන්.

කවරයේ පින්තූරය :pinterest.com

Related Articles