Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

facebook අපල කාලය

අද වෙනකොට ලෝකයේ අතිශයින් ජනප්‍රිය සහ ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් තමයි facebook කියන්නේ. 2004 වසරේ පෙබරවාරි 4 වෙනි දා තමයි facebook සමාජ ජාල වෙබ් අඩවිය ආරම්භ වෙන්නේ. Mark Zuckerberg ඇතුළු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු වන Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz සහ Chris Hughes කියන කිහිපදෙනාගේ මූලිකත්වයෙන්. ඒත් මුලින්ම මේ සේවාව ලබා දුන්නේ විශ්වවිද්‍යාලයේ සිසුන්ට පමණයි. නමුත් ඉතාම ඉක්මනින් මෙය අනෙක් විශ්වවිද්‍යාල කරා ව්‍යාප්ත වෙන්න ගත්තා. ක්‍රමක්‍රමයෙන් ෆේස්බුක් ලෝකය පුරා අතිශයින්ම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් බවට පත් වෙන්නේ Mark Zuckerberg විශාල ධනපතියෙකු කරමිනුයි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තමයි මෙහි මූලස්ථානය පිහිටා තියෙන්නේ. මේ වන විට ආසන්න වශයෙන් මෙම සමාජ ජාලයේ සාමාජික සංඛ්‍යාව  බිලියන 2.2 ඉක්මවනවා. ඒ වගේ ම ALEXA වෙබ් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයට පත් වෙන්නත්  facebook සමාජ ජාලයට හැකියාව ලැබුණා. ඒ වගේ ම ඔවුන් සතු ව whatsapp, instagram වැනි සේවාවන් රාශියක් පවතිනවා. කෙසේ වෙතත්, මේ 2018 වසර facebook සමාජ ජාලයට එතරම් හොඳ කාලවකවානුවක් නම් නෙමෙයි. ඒ එක දිගට සිදු වූ සිදුවීම් ගණනාවක් නිසාවෙනුයි.

Facebook–Cambridge Analytica data scandal සිදුවීමත් එක්ක බොහෝ පරිශීලකයන් ප්‍රමාණයක් Facebook කෙරෙහි තබා තිබූ විශ්වාසය බිඳ වැටුණා කිව්වොත් නිවැරදි යි. කේම්බ්‍රිජ් ඇනලිටිකා නැමති ෆේස්බූක් පාරිභෝගිකයන්ගේ දත්ත අවභාවිතය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ කොමිසම සඳහා සාක්ෂ්‍ය ලබා දෙන්නත් මෙහි දී සකර්බර්ග්ට සිදුවුණා. ඒ වගේ ම ඇමරිකානු කොන්ග්‍රස් සභිකයන් ඉදිරිපිට ඔවුන්ට තාක්‍ෂණය පිළිබඳවත් අවබෝධ කර දෙන්නට ඔහුට සිදුවුණා. මේ සිදුවීම ලෝකයේ සමාජ ජාලයන් භාවිතා කරන සියල්ලන් අතරම පාහේ අතිශය කතා බහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණා.

මේ සිදුවීමේ උණුසුම හරියාකාරයෙන් බැස යන්නටත් කලින් facebook වෙත සයිබර් ප්‍රහාරයක් එල්ලවුණා. මේ හරහා ගිණුම් හිමියන් මිලියන 50කගේ පමණ ගිණුම් යම් ආකාරයක හැක් වීමකට ලක්වුණා. facebook හි පැවති Vulnerability කිහිපයක් නිසාවෙන් මෙය සිදුවුණා. ඒ විගස facebook ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ප්‍රහාරයට ලක් වූ බවට සැක කෙරෙන ගිණුම්වල access token reset කිරීමක් සිදුකළා. එවිට බොහෝ දෙනෙකුගේ ගිණුම්වලින් ඉබේම logout වීම සිදුවුණා. සැප්තැම්බර් මාසය පමණ වන විට ඒ සියල්ල පෙර පරිදි සකස් කර Vulnerability නිවැරදි කළ බව සමාගම දැන්වූවා.

සිදු වූ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ විස්තර- dailyhunt.in

පසුගිය නොවැම්බර් මාසයේත් facebook වෙබ් අඩවිය අකර්මන්‍ය වීමක් සිදුවුණා. විශේෂයෙන් ම බටහිර යුරෝපා රටවල ඇතුළු ලෝකය පුරා ෆේස්බුක් පරිශීලකයින්ට මෙයට විශාල වශයෙන් මුහුණදෙන්නට සිදු වී තිබුණා. මෙය ඔවුන්ගේ server පරිගණකවල ගැටළුවක් බව තමයි සඳහන් කර තිබුණේ. කෙසේ වෙතත්, #FacebookDown යටතේ twitter හි විශාල ප්‍රමාණයක් post පළ වුණා. ඒ වගේ ම downdetector.com වෙබ් අඩවිය හරහාත් මේ පිළිබඳ ව කතාබහට ලක්වුණා .

නොවැම්බර් මාසයේ facebook වෙබ් අඩවිය අකර්මන්‍ය වීම- twitter.com

මේ සියලු සිදුවීම්වලට අමතර ව තවත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවුණා. ඇමරිකාවේ ජනප්‍රිය රැකියා සහ ව්‍යාපාර පිළිබඳ ආයතනයක් වූ glassdoor විසින්, ඇමරිකාවේ සේවය කිරීමට සුදුසු/ හොඳම ආයතන 100ක ලැයිස්තුවක් නිකුත් කළා. මෙවර එහි ප්‍රථමස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබී තියෙන්නේ bain & company සමාගමට යි. (management consulting firm එකක් ලෙසින් ඔවුන් කටයුතු කරනවා) ඒ ගියවර ඔවුන්ගේ ලයිස්තුවේ පළමු ස්ථානය දිනාගෙන සිටි facebook සමාගම 7 වන ස්ථානයට පත් කරමිනුයි. මේ සඳහා ලබාදෙන ලකුණු 5න් ඔවුන් ලබාගෙන තිබුණේ 4.5ක් වැනි ප්‍රමාණයක්. මේ සමග ම apple සමාගමට එම ලයිස්තුවේ 71 වන ස්ථානය හිමිවෙලා තියෙනවා. එමෙන්ම එහි මයික්‍රෝසොෆ්ට් සමාගම 34 වන ස්ථානයේ පසුවෙනවා. පෙර තරම් ප්‍රසාදයක් මේ වන විට ෆේස්බූක් සමාගම පිළිබඳ ව එහි කාර්යමණ්ඩලයට නොමැති බව වගේ ම, සේවකයින් වෙනත් රැකියාවන් සොයා යන බවත් වෙබ් අඩවි ගණනාවක පළවුණා. ඒ වගේ ම මේ වන විට facebook සමාගමේ CEO වන Mark Zuckerberg හට එම ස්ථානය අහිමි වෙන ලකුණු පහළ වී ඇති බවත්, සමාගමේ කොටස් හිමිකරුවන්ගෙන් බලපෑම් එල්ලවන බවත් ප්‍රසිද්ධ කතාවක්.

Facebook ගැටළු එතනින් නැවතුණේ නැහැ. පසුගිය දෙසැම්බර් 18 වෙනි දා New York Times   හෙළිදරව් කළ කරුණුවල ප්‍රතිඵලයක් ලෙස තවත් සිද්ධි දාමයක් නිරාවරණය වුණා. ඔවුන් වාර්තා කර තිබුණේ ෆේස්බුක් සමාගම තම ව්‍යාපාරික සගයන් ලෙස කටයුතු කරන netflix සහ spotify වෙත වගේ ම, Royal Bank of Canada ලබා දීමට කටයුතු කර තිබේ ද යන්න යි. ඔවුන්ට පරිශීලකන්ගේ පෞද්ගලික පණිවිඩ පවා බැලීමේ සහ මැකීමේ  හැකියාව තිබූ බවත් හෙළිදරව් වුණා. nytimes.com, businessinsider.com මේ පිළිබඳ ව දීර්ඝ හෙළිදරව්වක් කළා. මිට අමතර ව පසුගිය දිනෙක Facebook ජාලයේ තිබූ bug එක නිසාවෙන් මිලියන 6.8 පරිශීලකයින්ගේ privacy දමා ඇති පින්තූර පවා නැරඹීමේ හැකියාව බාහිර app developresලාට ලැබී තිබුණේ Facebook පිළිබඳ පරිශීලක විශ්වාසය තව තවත් අඩු කරමිනුයි.

අපිට හොරෙන්, අපි විකිණෙන අමුතු ලොවක් මේක- dynamixsolutions.com

වර්තමාන ලෝකයේ බොරතෙල් හා සමාන වටිනාකමක්, දත්ත සඳහා ලැබී තිබෙනවා. විශාල සමාගම්වලින් අපේ පෞද්ගලික දත්ත ලබා ගැනීම පවා සිදුවෙනවා. අවසානයේ අපටත් නොදැනී, අපේ පෞද්ගලික දත්ත විශාල සමාගම්වල විකිණුම් භාණ්ඩ බවට පත් වෙන්නේ විශාල මිල ගණන්වලට යි. අන්තර්ජාලය තුළ privacy යනු හුදෙක් වචනයක් බවට ඉදිරියේ දී පත් වේවි.

කවරයේ පින්තූරය: axios.com

මූලාශ්‍රයයන්:

cnbc.com

Glassdoor.com

Twitter.com

Downdetector.com

dailyhunt.in

youtube.com

Newsroom.fb.com

Techcrunch.com

Theverge.com

syracuse.com

Engadget.com

Nytimes.com

Businessinsider.com

dynamixsolutions.com  

Related Articles