Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මධ්‍යම යුරෝපයේ පිහිටි රටක් වන පෝලන්තය

පෝලන්ත ජනරජය පිහිටා තිබෙන්නේ මධ්‍යම යුරෝපයේය. මෙරටට​ බටහිරින් ජර්මනියත්, නිරිත දිසාවෙන් චෙක් ජනරජයත්, දකුණු දිසාවෙන් ස්ලෝවැකියාවත්, ගිණිකොන දිසාවෙන් යුක්රේනයත්, නැගෙනහිරින් බෙලාරුස් ද, ඊසාන දිශාවෙන් ලිතුවේනියාවත්, රුසියාවේ කලිනින්ග්‍රාද් ප්‍රදේශයත් පිහිටා තිබෙනවා. එමෙන්ම පෝලන්තය, ඩෙන්මාර්ක් හා ස්වීඩනය සමඟ සමුද්‍ර​ මායිම බෙදා ගනු ලබනවා.

වර්ග කිලෝමීටර් 312,685 ක් පමණ වූ භූමි ප්‍රදේශයට උරුමකම් කියන කියන අතර විශාලත්වය ඉතාලියට තරම් තරමක් විශාල වනවා.

භූ ගෝලීය පිහිටීම (expatspoland.com)

නගර සහ​ ජනතාව​

අගනගරය (thenews.com.pk)

අගනගරය වෝර්සෝ වන අතර 2017 වසරේ ඇස්තමේන්තුවල අන්තර්ගත තොරතුරු වලට අනුව මෙරට ජනගහනය 38,476,269 කි. ජනගහනය අතින් විශාලත්වයෙන් යුත් නගර කිහිපයක් වන්නේ Lodz, Krakow, Wroclaw, Poznan ආදී නගරයි.

මෙරට නිළ භාෂාව වන්නේ පෝලන්ත​ භාෂාව​ ය. එනම් එය ප්‍රතිශතයක් ලෙස 96.9% කි. මීට අමතරව  සයිලේසියන් භාෂාව 1.1% කුත්, ජර්මානු භාෂාව 0.2% කුත්, යුක්රේන භාෂාව 0.1% කුත් වශයෙන්ද, අනෙකුත් හා විශේෂීකරණයට ලක් නොකළ භාෂා ලෙස 1.7% කුත් වශයෙන් දැක්වෙනවා.

පෝලන්තයේ ජාතීන් අතර පෝලන්ත​ 96.9% කුත්, සයිලේසියන්  1.1% කුත්, ජර්මානු 0.2% කුත්, යුක්රේනියානු 0.1% කුත්, අනෙකුත් හා විශේෂිකරණයට ලක් නොකළ ජාතීන් ලෙස  1.7% කුත් දැක්විය හැකියි.

මෙරට වැඩි වශයෙන් අදහන ආගම වන්නේ කතෝලික ආගමයි. එය ප්‍රතිශතයක් ලෙස 87.2% කි. මේ සඳහා රෝමානු කතෝලික, ග්‍රීක කතෝලික, ආර්මේනියන් කතෝලික මෙන්ම බයිසැන්ටියන් සැල්වික් කතෝලික ද අයත් වනවා. මෙම කතෝලික ආගමට අමතරව ඔර්තොඩොක්ස් 1.3% කුත්, ප්‍රොතෙස්තන්ත්‍ර  0.4% කුත්, බෞද්ධ, මුස්ලිම් ආදී අනෙකුත් ආගම් ලෙස 0.4% කුත් අදහනු ලබනවා.

පරිපාලනය, නීතිය හා දේශපාලනය

පෝලන්තයේ ක්‍රියාත්මක වන්නේ අර්ධ ජනාධිපති පාර්ලිමේන්තුවාදී ජනරජ සමඟ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයකි. ද්වී මාණ්ඩලික පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 460 කින් පමණ සමන්විත වන අතරම, සෙනෙට් සභාවෙහි සාමාජිකයින් 100 ක් සිටිනවා.

රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපති වන අතරම, විශේෂ අවස්ථා වලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපති හට තිබෙනවා. ආණ්ඩුවේ නායකයා අගමැති වන අතරම කැබිනට් මණ්ඩලයේ නායකයා වන්නේ ද ඔහුයි. පෝලන්තයේ ව්‍යවස්ථාදායක බලය රඳා පවතින්නේ පාර්ලිමේන්තුව සතුවය.

පරිපාලන අංශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පළාත් 16 ක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිහිපයක්ම මීට පෙර පැවති අතර වර්තමානයේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයක් මඟින් සම්මත කර ගන්නා අතරා එය ක්‍රියාත්මක වූයේ 1997 ඔක්තෝම්බර් මස 17 වන දින සිටයි. සිවිල් නීති පද්ධතියක් ක්‍රියාත්මක වන අතරම දේශපාලන පක්ෂ කිහිපයක් ලෙස Civic Platform, Democratic Left Alliance, Kukiz 15, Law and Justice ආදිය දැක්විය හැකියි.

මෙරට අන්තර්ජාතික සංවිධාන රාශියක (UNESCO, UNHCR, UNIDO, UNMIL, UNMISS, UNOCI, UNWTO, UPU, WCO, WFTU (NGOs), WHO, WIPO, WMO, WTO) සාමාජිකත්වයද හිමි කර ගෙන තිබෙනවා.

ස්වභාවික සම්පත් හා ආර්ථිකය

research.umn.edu(කෘෂිකාර්මික කටයුතු)

යුරෝපා සංගමයේ හයවැනි විශාලතම ආර්ථිකය හිමි වන්නේ පොලන්තයටයි. මෙරට ගල් අඟුරු, තඹ, සල්ෆර්, ස්වාභාවික ගෑස්, රිදී, ලුණු ආදි ස්‌වාභාවික සම්පත් වලින් පොහොසත් රටක් වනවා.

විවිධ අංශයන් දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය ගැන අවධානය යොමු කිරීමේදී කෘෂිකාර්මික අංශයෙන් 2.4% කුත්, කර්මාන්ත අංශයෙන් 40.2% කුත්, සේවා අංශයෙන් 64.3%  ක දායකත්වයකුත් දක්වනවා.

කෘෂිකාර්මික නිෂ්පාදන අතර අල, පළතුරු, එළවලු, තිරිඟු, බිත්තර ආදිය දැක්විය හැකියි. එමෙන්ම මෙරට කර්මාන්ත අතර රසායන, ආහාර සැකසුම, වීදුරු, බීම වර්ග මෙන්ම නිම් ඇඳුම් වනවා.

ජාතික සංකේත හා මුදල්

pbase.com(ජාතික පක්ෂියා)

පෝලන්තයේ ජාතික පක්ෂියා වන්නේ White-tailed Eagle ය. Corn Poppy නමැති පුෂ්පය ජාතික පුෂ්පය වන අතර ජාතික වෘක්ෂය වන්නේ ඇල්ඩර් ය.

පෝලන්තයේ භාවිතා කරන මුදල් ඒකකය Zloty (ZL) ය.

පෝලන්තයේ ආහාර රටා

commons.wikimedia.org (අර්තාපල් මූලික කර ගත් ආහාර)

ක්‍රි. ව. 900 දී පමණ පෝලන්තයට රෝමානු කතෝලික චාරිත්‍ර වන උත්සව හා උපවාස හඳුන්වා දීම සිදු වුණා. ඒ අනුව මෙම චාරිත්‍ර පෝලන්තයේ ආහාර සම්ප්‍රදායන්ට බලවත් ආකාරයෙන් බලපානු ලැබුවා.

මීට අමතරව ජර්මනිය හා රුසියාව යන බලසම්පන්න අසල්වැසි රටවල් අතර පිහිටීම හේතුවෙන් ඉතිහාසය පුරාවටම දේශපාලන වශයෙන් බලපානු ලැබූ අතරම වක්‍රාකාරව මෙය ආහාර සම්ප්‍රදායටද බලපානු ලැබුවා.

පෝලන්තය කෘෂිකාර්මික භූමි වලින් පොහොසත් රටක් වීම හේතුවෙන් ධාන්‍ය මෙරට ඉතාමත් වැදගත් ප්‍රධාන ආහාරයක් ලෙස ගැනීම සිදු කරනවා. එමෙන්ම ඔවුන් නූඩ්ල්ස් ආදියද ආහාරයට ගන්නවා.

ඔවුන්ගේ අනෙකුත් වැදගත් කෘෂිකාර්මික නිෂ්පාදන වන්නේ අල, බීට්, කැරට්, හතු ආදියයි. සාමාන්‍යයෙන් එළවලු වර්ග තම්බා ආහාරයට ගැනීම සිදු කරනවා. එමෙන්ම මස් වර්ගද මෙරට ආහාරයට ගනු ලබනවා.

පෝලන්ත වැසියන් අතුරුපස වලට වඩාත් රුචිකත්වයක් දක්වන අතර මේ අතරින් කේක් වලට සුවිශේෂී කැමැත්තක් දක්වනවා. චීස් කේක්, ස්පොන්ච් කේක් ආදිය මෙයට අයත් වන අතර මංගල හා උත්සව දින වලදී විශේෂ කේක් වර්ග සෑදීම සිදු කරනවා.

වැදගත් ස්ථාන​

flickr.com(Gdansk පැරණි නගරය)

පෝලන්තය ලලිත සංස්කෘතියෙන්, සොබා දහමෙන් යුත් භූ දර්ශන වලින් මෙන්ම සුවිශේෂී ඓතිහාසික ස්ථාන වලින්ද පොහොසත් රටක් වනවා. මෙලෙස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ලද ස්ථාන අතර Auschwitz-Birkenau කෞතුකාගාරය (පැරණි ජර්මන් සිර කඳවුර​), විස්තුලා ගංගාවේ පහළ පිහිටා තිබෙන Masurian Lakeland ද, ස්ලෝවින්ස්කි ජාතික උද්‍යානයේ කොටසක් ලෙස සලකන උතුරු දිසාවට වන්නට පිහිටා තිබෙන ස්ලොවින්ස්කි වැලි පර​ ද, 1274 දී ඉදිකරන ලද​ මල්බෝර්ක් බලකොටුව ද​, ලොව පැරණිතම සමාගමක් ලෙස සලකන Wieliczka Salt Mineද, Bialowieza නමැති වනාන්තරයද, බෝල්ටික් වෙරළ තීරයේ පිහිටා තිබෙන ගඩාන්ස්ක් (Gdansk) නමැති පැරණි නගරයද දැක්විය හැකියි.

කවරයේ පින්තූරය: handluggageonly.co.uk

Related Articles