Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“බත” ගැන වත

බත ආහාරයක් පමණක් නොව, ඖෂධයකි. ලෝ වැසියන් වැඩි ප්‍රමාණයකගේ ප්‍රධාන ආහාරය බත් ය. වෙනස වන්නේ විවිධ රටවල එය ආහාරයට ගැනීමට සකස් කරගන්නා පිළිවෙල විවිධ වීමයි. ශ්‍රී ලාංකික අපගේ ප්‍රධානම ආහාරය වන්නේ ද බත්ය. අප බත් කෑමට කෙතරම් ඇබ්බැහි වී ඇත්ද යන්න සිතුවොත්, බත් නොකෑවොත්, තවමත් කෑම කෑවේ නැතැයි ඔබ කියනු ඇත. කාලයක් අසනීපයෙන් සිටි අයෙක් නැවත බත් කෑ පසුවයි ඔහු/ඇය යථා තත්ත්වයට පත් වූවා යයි සලකන්නේ. යන්තම් බහ තෝරන වියේ සිට බතට හුරු වන අපේ සිරුරේ පෝෂණයට බත් අවශ්‍යම දෙයක් වී හමාරයි.

බත ලැබෙන්නේ වී වලිනි. වී වර්ග ද කිහිපයක්ම වේ. බතේ ගුණය ද ඒ ඒ වී වර්ගය අනුවම වෙනස් වේ. මඩේ වැවෙන ගොයමින් ලැබෙන බතට වඩා ගොඩේ වැවෙන ගොයමින් ලැබෙන බතේ ගුණය සෑහෙන තරම් වෙනස් බවයි පිළිගන්නේ.

බතේ ගුණ

newsinfo.inqueirer.net

ශරීර ශක්තිය වඩවයි

බතේ ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ පිටිය, එනම් කාබෝහයිඩ්‍රේට් ය. ශරීරය තුළ පිටි දිරවීමේ දී සීනි සෑදේ. ශරීරයේ වැඩිමට මෙන්ම ශරීරයේ පැවැත්මට ද සීනි අවශ්‍ය වේ. දවස පුරාම වැඩපල කරන, දැඩි හිරු රැස් නිසා ශරීරයෙන් දහදිය පිටවන සිරුරට සීනි වැඩි ප්‍රමාණයක් ලබා දීමට බත උදව් වේ.

බත ශරීර ශක්තිය වඩවයි. එසේ වන්නේ බතේ ඇති පිටි කොටස දිරවීමේ දී සීනි බවට පත්වන නිසයි.

සිරුර පිරිපුන් කර පැහැපත් කරවයි

ප්‍රධාන වශයෙන් බතේ අඩංගු වන්නේ පිටි වුව ද, මිනිස් සිරුරට අවශ්‍ය වන තවත් ද්‍රව්‍ය කිහිපයක්ම අඩු වැඩි වශයෙන් එහි අඩංගු වේ. ‘තෙල්’ සහ ‘ජීව ධාතු’ යන ඒවා එයින් දෙවර්ගයකි. ජීව ධාතු ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ හාල් ඇටයේ පිට පොත්තේ ඇති රතු පැහැ නිවුඩ්ඩේ ය.

සීනි සහ තෙල් යන දෙකම නිසා සිරුර මහත් වේ. බත් කන අයගෙන් වැඩි දෙනෙකුගේ සිරුර මහත් වී පිරිපුන් වන්නේ එහි ඇති මේ ගුණය නිසාය. රතු කුඩ්ඩ සහිත හාල් වලින් සකස් කරගත් බත කෙට්ටු සිරුර තර කරයි. මෙහි ඇති තෙල් ගතිය ඇසට නොපෙනුණත්, හාල් ඇටයේ සැඟවී ඇති මේ තෙල් ගුණය නිසා ශරීරයට සිනිඳු බවක් ගෙන දෙයි. සිරුර පැහැපත් කරයි.

මලබද්ධය, අර්ශස් වැනි රෝග වලට ගුණදායකයි

මලබද්ධය, අර්ශස් වැනි රෝග වලින් පීඩා විඳින්නන්ට අලුත් හාලේ බත ගුණදායකයි. රතු කුඩ්ඩ සහිත රතු හාලෙන් කැඳ සාදා බීමෙන් මලබද්ධය, අර්ශස් වැනි රෝගයන් සුවපත් වේ. මෙයින් මල මුත්‍ර පිරිසිදු වන අතර ශරීරයට අවශ්‍ය ශක්තිය ද ලැබේ. බාර්ලි තම්බා බීමට පුරුදු වී ඇති අයට ඒ වෙනුවට හාල් කැඳ භාවිතා කළ හැකියි. ඒ, එය නොයෙක් අතින් බාර්ලි වතුරට වඩා ගුණදායක වන නිසයි.

බතේ අගුණ

realsimple.com

බඩ පිපුම

බත් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගෙන එකතැන සිටීමට පුරුදු වීමෙන් මේ තත්ත්වය ඇති විය හැකියි. පිටි හා සීනි දෙවර්ගය වෙනස් රසායනික පදාර්ථ සමඟ පෑහෙන්නට සැලැස්වුවහොත් එයින් මධ්‍යසාරයක් සෑදේ. මේ මද්‍යසාරය පැසිමේ දී වායුවක් උපදින අතර ඒ මඟින් බඩ පිපුම ඇති කරයි.

සෙම් රෝග

බත් සීත ගතිය ඇති දෙයක් නිසා සෙම වඩවයි. නමුත් අප පරම්පරා ගණනක් තිස්සේ බත් කෑමට පුරුදුව ඇති නිසා බත් කෑම නිසාම සෙම් රෝග ඇති නොවන අතර සෙම් රෝග ඇති බොහෝ අවස්ථාවන්ට බත් අගුණ වන්නේ ද නැත.

දියවැඩියා රෝගීන්ට ගුණ නොදේ

දියවැඩියා රෝගය ඇති විට පමණට වඩා බත් කෑම ගුණ දෙන්නේ නැත. බතේ පිෂ්ඨය හා සීනි අධිකව අඩංගු වීම එයට හේතුවයි. ඒ නිසා දියවැඩියා රෝගීන් පමණ ඉක්මවා බත් කෑමෙන් රෝගය උත්සන්න වෙයි.

බත් වර්ග අනුව ගුණ හා අගුණ

healthlogus.com

හීනටි හාලේ බත්

හීනටි හාලේ බත් ඉතා ගුණදායක බව අප රටේ පිළිගැනීමක් පවතී. ‘හීන් ඇට හාල්’ හෙවත් හීනටි හාල් කෙටි කාලයකින් ලැබෙන අස්වැන්නක් නිසා එහි තෙල් ගතිය අඩුය. මේ නිසා හාල් ඇටයේ පෝෂනීය කොටස් ඉතා ඉක්මනින් ශරීරයට උරා ගනී. ඒ නිසා ශරීරයට ඉක්මනින් ශක්තිය ද ලැබේ.

රත්හැල් හාලේ බත්

රත්හැල් හාලේ බත ද ගුණයෙන් ඉතා උසස් බව පිළිගනී. එහි රත් පැහැ ගතියක් ඇත්තේ ‘යකඩ’ කොටස් වැඩි නිසාය. රතු කුඩ්ඩ සහිත කැඳ වතුර මෙන්ම රතු කුඩ්ඩ සහිත හාල් වලින් සකස් කරගත් බත ශරීර ශක්තිය වඩවයි. කෙට්ටු සිරුරු තර කරයි.

රතු නිවුඩ්ඩ සහිත රතු හාලේ බත ශරීරයට වඩාත් ගුණදායකයි. මෙයින් ශරීර වර්ණය ද ලැබේ. හොඳ රතු බත සම කාන්තිමත් කරයි. ඒ සමට අවශ්‍ය ජීවධාතු එයින් ගෙන දෙන බැවිනි. මෙය ඇස් වලට ද ඉතාමත් ගුණදායක වේ.

මිල්චාඩ්

‘මිල්චාඩ්’ යනු මෝලේ රත් කර මෝලේ කොටන ලද යනුයි. මෝලේ රත් කිරීමේදී හාල් ඇටයේ ඇති වටිනා පෝෂක කොටස් ඉවත් වේ. ඒ නිසා මිල්චාඩ් හාලේ බත රතු හාලේ බත තරම්ම ගුණ නැත. සුදු හාලේ බත් ආහාරයට ගැනීමට පුරුදුව සිටින අයගේ ශරීර වල දුබලකම් ඇති වන්නේ හාලේ ඇති නිවුඩ්ඩ පමණට වඩා හාල සුදු කරන විට ඉවත්ව යන නිසයි.

නමුත් තෙල් අඩු නිසා මිල්චාඩ් හාලේ බත කෑ විට බඩ බුරුල් වී නොයයි.

කවරයේ කතාව- splendidtable.org 

මූලාශ්‍ර

https://timesofindia.indiatimes.com

https://wellnessmama.com

https://www.nerdfitness.com

https://www.practo.com

http://www.thehealthsite.com

https://www.webstaurantstore.com

Related Articles