Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පරසිඳු වෘක්ෂ

ලෝකයේ පවතින අති බහුතරයක් වෘක්ෂ මිනිසාට ප්‍රයෝජනවත් ඒවා වන්නේ ඒවා ප්‍රභාස්ංස්ලේෂණය කරන විට පිට කරන ඔක්සිජන් මඟින් ඔවුන්ට මේ ලෝකයේ ජීවත් වීමට අත්‍යවශ්‍ය හුස්ම පොද ලබා දෙන නිසායි. අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බහුතර රට වල ක්ෂීණ වී යන මේ සම්පත ඔක්සිජන් වායුවෙන් නොනැවතී ආහාර ඇතුළු වෙනත් බොහෝ ප්‍රයෝජනවත් දේද මිනිසාට ලබා දෙනවා. ලෝකයේ ජීවයට අවශ්‍ය ශක්තිය හිරු එලියෙන් ලබා දෙන අතර එහි ශක්තිය රසායනික ලෙස තිර කර සත්ත්ව ප්‍රජාවටම ලබා දෙන්නේ ශාක මඟින්. පෙර කළ මිනිසුන් හිරු දෙවියන් වැඳීම සේම වෘක්ෂ වන්දනාවේ යන්නට ඇත්තේත් මේ නිසා වන්නට පුළුවන්.

ලෝකයේ සියළු වෘක්ෂ ලතා වැදගත් දේ වුණත් මේ අතරින් ලෝක ජනයා ‘ඉතාම විශේෂ’ ලෙස සලකන වෘක්ෂ කිහිපයක් තිබෙනව. මේ ‘අති විශේෂත්වය’ ඒ ඒ වෘක්ෂ වලට ආරෝපණය වී තිබෙන්නේ වර්තමානය වන විට ඒවාගේ දුර්ලභත්වය, වයස, භෞතික කරුණු කාරණා වැනි දේ මත පමණක් නොවේ. සමහර විටක ජාතික හෝ ආගමික වැදගත්කම නිසා මෙන්ම ඒවායේ ඓතිහාසික පසුබිම නිසා වෙන්නටත් පුළුවන්. ලෝක අවධානය දිනාගන්නට හේතු වූ කාරණාව කුමක් හෝ වේවා අපි තීරණය කළා ලොව වැඩිපුරම කතා බහට ලක් වෙන වෘක්ෂ කිහිපයක් පිළිබඳ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්නට.

ෂර්වුඩයේ මහා ඕක් ගස

bbc.com

එංගලන්තයේ නොටින්හැම්ෂයරයේ, ෂර්වුඩ් වනය මධ්‍යයේ පිහිටා ඇති මේ මහා ඕක් ගස ජනප්‍රවාදයේ පැවත එන රොබින්හුඩ් ට ආරක්ෂාව හා සෙවන සැපයූ ගස බවට පැවසෙනවා. වසර 800-1000ක් තරම් වයෝවෘද්ධ යයි සැළකෙන මේ ගසෙහි බෙනයක ඔහු සැඟවී සිටි බවට විශ්වාස කෙරෙනවා. ඉතා විශාල වපසරියක විහිදී ඇති මේ ඉපැරණි ඕක් ගස අඩි 92 ක් තරම් වට ප්‍රමාණයකට අතු පතර විහිදී ඇති අතර කඳේ වට ප්‍රමාණය පමණක් අඩි 33ක් වෙනවා. ක්‍රි.ව 2014 දී මෙය එංගලන්තයේ ‘වසරේ වෘක්ෂය’ ලෙසද නම් කෙරුණා1.

කැලිෆෝනියාවේ හයිපර් අයන් ගස

pinterest.com

වර්තමානය වන විට ලොව උසම ජීවී ගස ලෙස හැඳින්වෙන කැලිෆෝනියාවේ හයිපර් අයන් ගස වෙරළාශ්‍රිත රෙඩ්වුඩ් (Coast Redwood) වර්ගයට අයත් එකක්. මෙහි උස මීටර 379.1 ක්වන අතර පිහිටා ඇත්තේ කැලිෆෝනියාවේ රෙඩ්වුඩ් වෘක්ෂ සඳහා වෙන් වුණු ජාතික උද්‍යානයේයි. ක්‍රි.ව 2006 වසරේදී ක්‍රිස් ඇට්කින්ස් හා මයිකල් ටේලර් නම් දෙදෙනෙක් විසින් මෙය ගවේෂණය කර ඇති අතර මේ ප්‍රදේශයේ දැව කර්මාන්තය සඳහා යම් ශාක වල කොටස් ඉවත් කරන විට මෙහිද ඉහළ කොටස කපා ඉවත් කර ඇති බැවින් මීටත් වඩා උසකින් මෙය සමන්විත වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. මේ ගසෙහි වැඩි දුර ආරක්ෂාවට පිහිටි ස්ථානය ලෝකයාගෙන් වසන් කර තිබෙනවා1,2.

සන්ලන්ඩ් හි බයෝබැබ් ගස

Hannes Steyn

මේ විශේෂ වෘක්ෂය පිහිටා තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ හි මොජැජිස්ක්ලූප් හීයි. ඉතාම දිගු ඉතිහාසයකට උරුමකම් කියන මේ ගස වසර 6000ක් පමණ  පැරණි ලෙස අනුමාන කර තිබුණත් මෑතක කළ පරීක්ෂණයකට අනුව මෙය වසර 1000ක් පමණක් පැරණි එකක් ලෙස නිර්ණය කෙරුණා. උසින් අඩි 72ක් පමණක් වුවත් කොටස් දෙකකට වෙන්ව සෑදී ඇති, සම්පූර්ණ වට ප්‍රමාණයෙන් අඩි 155ක් පමණ වන මෙම ගස දකුණු අප්‍රිකාවේ පළලින් වැඩිම ගස ලෙසත් එම විශේෂයට අයත් ගස් අතුරින් ලොව පළලින් වැඩිම වෘක්ෂය ලෙසටත් වාර්තා පොත් අතරට ගොස් තිබෙනවා. බයෝබැබ් ගස් වසර 1000ක් පමණ පැරණි වන විට ඒ මධ්‍යය බොල් වී බෙන සෑදීමට පටන් ගන්නා අතර වර්තමානයේ මෙම ශාකයේ අයිතිකරුවන් මෙහි සෑදී ඇති බෙනයක් තුළ කුඩා මත්පැන් අළෙවිසැළක් පවා විවෘත කර තිබෙනවා. මේ වර්ගයේ ශාකයක් ශ්‍රී ලංකාවේ මන්නාරමේ දීද දැකගන්නට පුළුවන්1.

කැලිෆෝනියාවේ ජෙනරල් ෂර්මන්ගස

youtube.com

‘ජෙනරල් ෂර්මන්’ ගස පිහිටා ඇත්තේ කැලිෆෝනියාවේ සෙකෝයා ජාතික උද්‍යානයේයි. මෙය ලොව වර්තමානය වන විට ජීවී තත්ත්වයේ පවතින, තනි කඳකට උරුමකම් කියන විශාලම වෘක්ෂය වෙනවා. සෙකෝයා(Sequoiadendron giganteum) විශේෂයට අයත් මෙම වෘක්ෂය ලොව උසින් වැඩිම හෝ පළලින් වැඩිම ගස නොවුණත් අඩි 275 ක උසකටත් අඩි 25ක විෂ්කම්භයකටත් උරුමකම් කියනවා. ‘ජෙනරල් ෂර්මන්’ ගස සම්පූර්ණ පරිමාව සළකා බැලූ විට ඝණ අඩි 52,513 ක දැව කඳකින් සමන්විත වෙනවා. මේ අනුව මෙය ලොව වැඩිම දැව පරිමාවක් දරන ශාකය වෙනවා. මීට අමතරව වසර 2300-2700 පමණ ඉතිහාසයකට උරුමකම් කියන මේ ගස ලොව වැඩිම ආයු කාලයක් වළඳා තිබෙන ශාක කිහිපය අතරටත් ගැනෙනවා2.

අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය

naaleaf.blogspot.com

ගෞතම බුදුරදුන් බුද්ධත්වයට පත් වීමේදී පිටදුන් ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවකින් හටගත්තා ‍යැයි සැළකෙන ශ්‍රී ලංකාවේ අනුරාධපුර රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධිය ක්‍රි.පූ 3 වන සියවසේදී සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. ශ්‍රී මහා බෝධිය සුවහසක් ලෝකවාසී බෞද්ධ ජනයාට පූජනීය වස්තුවක් වන්නා සේම උද්භිද විද්‍යාඥයින්ටත් වැදගත් එකක් වනවා. ඒ වර්තමානය වන විට රෝපිත දිනය නිසියාකාරව තහවුරු කළ හැකි පැරණිම වෘක්ෂය එය වීම නිසායි1.

El Arbol del Tule – මෙක්සිකෝව

Nathan Gibbs/Flickr

මෙක්සිකෝවේ  සැන්ටා මරියා නුවර දේවස්ථාන භූමියක පිහිටා ඇති මේ ගස වර්ථමානයේ ජීවී තත්වයෙන් පවතින වෘක්ෂ අතුරින් නොබෙදුණු කඳක් සහිත ඒවාගෙන් වැඩිම වට ප්‍රමාණයකට උරුමකම් කියන ගස ලෙස සැළකෙනවා. Taxodium mucronatum නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ ගසේ කඳෙහි වට ප්‍රමාණය අඩි 119ක් වන අතර උස අඩි 37ක් පමණයි2.

ටෙනෙරේ හි වෘක්ෂය

knowledgenuts.com

මේ සුවිශේෂී ශාකය ස්ථානගත වී තිබුණේ නයිජර් හි කාන්තාර ප්‍රදේශයක් වන ටෙනෙරේ හියි. මෙය එවකට ලොව හුදෙකලාම වෘක්ෂය ලෙස සැලකුණු අතර එයට ළඟින්ම පිහිටි ගස පිහිටා තිබුණේ ඊට වඩා සැතපුම් 250ක් ඈතට වන්නටයි. ක්‍රි.ව 1973 දී බීමත් ලිබියානු ට්‍රක් රථ රියැදුරෙකු අතින් මේ ගසට හානි සිදු වන අතර මෙහි කොටස් අදටත් නයිජර් ජාතික කෞතුකාගාරයේදී දැකගන්නට පුළුවන්1.

මෙතුසෙලා – කැලිෆෝනියාව

theextremehorticulturist.wordpress.com

කැලිෆෝනියාවේ ඉනොයෝ ජාතික වනෝද්‍යානයේ මුහුදු මට්ටමින් අඩි 10000 ක පමණ උසකින් පිහිටා ඇති මේ බ්‍රිස්ටල්කෝන් පයින් වර්ගයට අයත් මේ ගස සැලකෙනුයේ වර්තමානයේ පවතින ලොව පැරණිම වෘක්ෂය ලෙසයි. වසර 5000කට පමණ අතීතයකට උරුමකම් කියන මෙය පිහිටා ඇති නියම ස්ථානය ලෝකයෙන් සඟවා තබා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා2.

1- (කවරයේ පින්තූරය -horizontimes.com)

මූලාශ්‍ර

  1. mentalfloss.com
  2. treehugger.com

Related Articles