Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධවල මන්දිරයට ගිහින් එමු

ලෝකයේ ඉන්න නායකයන්ට බලයට පත් වුණාම රජයෙන් ඔවුන්ට ඉන්න තැනක් හම්බෙනවා. රටක ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය වෙන ඒ මන්දිර ඒ රටවල විශේෂ තැනක් ගන්නවා. අද අපි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ලෝකෙම බලවතා එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා වාසය කරන ධවල මන්දිරය හෙවත් “white house එක” ගැන තොරතුරු කිහිපයක්.

ධවල මන්දිරය දිගින් අඩි 168 ක් වෙනවා. එහි පළල අඩි 86කට ආසන්න වන අතර එහි උස දකුණු පසින් අඩි 70ක් වන අතර උතුරින් එහි උස අඩි 60 අඟල් 4ක් වෙනවා. මෙහී පිටත සමපූර්ණයෙන්ම තීන්ත ආලේප කිරීම වෙනුවෙන් තීන්ත ගැලුන් 300ක් පමණ වැය වෙනවා. ධවල මන්දිරයේ යකඩ වැට අක්කර 18ක් පුරා පැතිර පවතිනවා. ධවල මන්දිරයේ ඇති මුළු කාමර සංඛ්‍යාව 132 වන අතර එයට අමුත්තන්ගේ කාමර 16ක්ද ඇතුලත්. ප්‍රධාන මුළුතැන්ගෙයක්, කෑම ගන්නා ශාලාවක්, පවුලේ මුළුතැන්ගෙයකින් හා නාන කාමර 35කින් මෙය සමන්විතයි. ධවල මන්දිරයේ පොළොව වර්ග අඩි 55,000 කින් යුක්ත වෙනවා.

ධවල මන්දිරය වෙනුවෙන් කරන ලද සටහනක් (ecigintelligence.com)

ඉතිහාසය

ඇමරිකානු ජනාධිපති නිළ නිවස නිර්මාණය වෙන්නේ 1790 තරම් ඈත කාලයකයි. එයට අවශ්‍ය බිම තෝරාගනු ලබන්නේ ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරයා විසින් වර්ෂ 1792දීයි. එහි සැලසුම නිර්මාණය කර ඇත්තේ ඊශ්‍රායල් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වුණු ජේම්ස් හොබන් විසින්. ඒ එය නිර්මාණය වෙනුවෙන් පැවති තරඟයකින් ජය ගැනීමෙන් අනතුරුවයි. මෙහි නිර්මාණ කටයුතු නිම කිරීම වෙනුවෙන් වසර දෙකක් ගත වී තිබෙනවා. වර්ෂ 1800දී ජනාධිපති ජෝන් ඇඩම් හා ඇයගේ බිරිඳ මෙයට මුලින්ම පදිංචියට පැමිණ තිබෙනවා.

නමුත් 1801 දී තෝමස් ජෙෆර්සන් මෙයට පැමිණිමත් සමඟ ඔහු මේ ගොඩනැගිල්ල පුළුල් කිරීමක් සිදු කර තිබෙනවා. ඊට අමතර කණු පේලි දෙකක් එකතු කිරීමත් මේ නවීකරණයට ඇතුළත්. නමුත් එම වෙනස්කම් නම් වැඩි කාලයක් පැවතුණේ නැහැ. 1812 ලෝක යුද්ධය සමයේදී එය බොහෝ සෙයින් විනාශ වූ අතර එය නැවත වරක් ප්‍රතිනිර්මාණය කළ යුතු වුණා. ඒ වෙනුවෙන් එයින් ජනාධිපතිවරුන් ඉවත් කරන ලද අතර පසුව ඉදි කිරීම් අවසානයේ 1817 දී ජනාධිපතිව සිටි ජේම්ස් මොන්රෝ එහි පදිංචියට පැමිණියා. මෙම ප්‍රතිසංස්කරණයෙදී එයට දකුණෙන් හා උතුරෙන් පෝටිකෝ දෙකක්ද අලුතින් ඇතුලත් කෙරුණා. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ අද ඔබ දකින ධවල මන්දිරය එදා තිබූ ධවල මන්දිරයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බවයි.

යට බිම් සැලසුම – pinimg.com

ආරක්ෂාව

ධවල මන්දිරය වටා ඇති වැට ඉතා ශක්තිමත් යකඩ යොදා ගෙන නිර්මාණය කර තිබෙන අතර මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් රහස් ආරක්ෂක අංශයක් ක්‍රියාත්මක වෙනවා. අඳුරු වීදුරු, විශේෂිත කේත නාම පමණක් භාවිතය පමණක් නොව ඔවුන් රංචු වශයෙන් ධවල මන්දිරය වටා සෑම මොහොතකම ගමන් කිරීමත් මේ ආරක්ෂක මෙහෙයුමට ඇතුලත්. ඔවුන්ව මේවා වෙනුවෙන් විශේෂයෙන්ම පුහුණුකර තිබෙනවා පමණක් නොව ඔවුන් පරම්පරාගතව මෙයට කැපවී සිටිනවා. ඔබ විශ්වාස කරනවා ද මන්දිරයට ගෙන එන සෑම කෑමක් ම පරික්ෂාවට ලක්වෙන බව? එසේ පරීක්ෂා කිරීම සිදුවන්නේ මන්දිරයෙන් පිටත තැනකදීයි. එමෙන්ම මෙම භූමියට ඉහළින් ඇති අහස ගුවන් යානාවලට පියාසර කිරීම තහනම් කරන ලද කලාපයක් හෙවත් No fly zone එකක් ලෙසට නම් කර තිබෙනවා.

ධවල මන්දිරයේ ඇති සෑම වීදුරුවක්ම වෙඩි උණ්ඩවලින් ආරක්ෂා වන ආකාරයට ශක්තිමත් බැලස්ටික් වීදුරුවලින් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම මෙම මන්දිරයේ වහලය මත උසස් තත්ත්වයේ රේඩාර් පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර එය මගින් පැය 24 පුරාවටම අහස නිරීක්ෂණය කෙරෙනවා. මෙම මන්දිරයට ඉහළින් යන ඕනෑම ගුවන් වස්තුවක් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉලක්කය ගැනීමට ලේසර් පද්ධතියක් ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම අවශ්‍ය නම් ප්‍රහාරයක් ලෙස එල්ල කළ හැකි විනාශකාරී ලේසර් පද්ධතියක්ද එහි තිබෙන බවට වාර්තා පල වෙනවා. ඕනෑම ජීවියෙක් තම ශරීරයෙන් උෂ්ණත්වයක් පිට කරනවා කියා ඔබ අසා ඇති. ධවල මන්දිරය අවට ඇති අධෝරක්ත සංවේදන උපකරණ මගින් එසේ එන ඕනෑම ජීවියෙක් හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා.

ආරක්ෂක භටයන් – gannett-cdn.com

ධවල මන්දිරයේ වැඩ කරන එකත් ලේසි නෑ

ධවල මන්දිරය තුළ පූර්ණකාලීන සේවකයන් 96 දෙනෙකුත්, අර්ධකාලීන සේවකයන් 250ක් පමණත් සේවය කරනවා. ධවල මන්දිරයේ සේවය වෙනුවෙන් සේවකයන් තෝරා ගැනීමට පුවත්පත්වල හෝ වෙනත් ක්‍රමවලින් විවෘත දැන්වීම් පළ කෙරෙන්නේ නෑ. බොහොමයක් ඒවා පාරම්පරිකව පැවත එන අතර අනෙක් ඒවා කට වචනයෙන් හුවමාරු වෙනවා. සමහරක් පවුල් මෙහි සේවය කරන්නේ දශක ගණනාවක සිටයි. එමෙන්ම ලොව සිටින හොඳම සුපවේදීන් බව සැලකෙන පිරිසක් තමයි මෙහි කෑම පිළියෙළ කරන්නේ. ධවල මන්දිරයේ රහස් අංශය විසින් කරනු ලබන එකම කාර්යය එහි ආරක්ෂාව සැපයීම පමණක් නොවෙයි. ඔවුන් ධවල මන්දිරයේ, එනම් රටේ ප්‍රථම පවුලේ ඕනෑම කාර්යක් වෙනුවෙන් සැදී පැහැදී සිටින කණ්ඩායමක්.

නව ජනාධිපතිවරයෙකු පත් වූ පසුව වුවත් කලින් සිටි ජනාධිපතිවරයා මැදුරෙන් ඉවත්ව යන තෙක්ම ඔහුට කරනු ලබන සැලකිලිවල කිසිදු අඩුවක් සිදුවෙන්නේ නෑ. සියලු දෙනාම නව ජනාධිපතිවරයා පිළිගැනීමට සුදානම් වන්නේ මේ අතරතුරයි. නව ජනාධිපතිවරයාව පිළිගැනීම වෙනුවෙන් ධවල මන්දිර කාර්ය මණ්ඩලයට පැය 6ක කාලයක් සුදානම් වීම වෙනුවෙන් ලැබෙනවා. මෙහිදී සියලුම ඇඳ ඇතිරිලි මාරු කිරීම, අලුත් මල් දැමීම, සිතුවම් වෙනස් කිරීම, ඇඳුම් හා දත් බුරුසු වැනි දේ මාරු කිරීම මෙයට අදාළ වෙනවා. එමෙන්ම පරණ ජනාධිපතිවරයාගේ ඡායාරූප වෙනස් කිරීමත් මෙයට ඇතුලත් වෙනවා.

තවත් මේ වගේ ලෝකය වටේ තියන විශේෂිත තැන් ගෙන ඔයාලා දන්න දේවල් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

කවරය – gannett-cdn.com

Related Articles