Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙදර දොර ලඟටම ලෝකේ ඕනෑම තැනකින් අඩුවටම භාණ්ඩ ගෙනත් දෙන FITS Express

eParcel ක්‍රමය ලෝකයට එන්නේ ලොව පුරා භාණ්ඩ ආරක්ෂාකාරීව, පහසුවෙන් ප්‍රවාහනය කිරීමේ අරමුණ ඇතිව යි. ඒ සඳහා ලොව ඇති විශ්වාසවන්තම මෙන්ම ප්‍රසිද්ධම සමාගමක් ලෙස UPS සැලකෙනවා. UPS යන නාමයෙන් හැඳින්වෙන්නේ United Parcel Service යන දිගු යෙදුම යි. මෙය ඇමරිකාව මූලික කොටගත් බහුජාතික සමාගමක්. මෙහි ප්‍රධාන මූලස්ථානය ඇමරිකාවේ ජෝර්ජියා හි පිහිටා තිබෙනවා.

UPS සමාගමේ සේවාවන් රටවල් 220ක ක්‍රියාත්මක වෙනවා. ඔවුන් හා සේවය කරන  සේවානියුක්තිකන් සංඛ්‍යාව 444,000කට ආසන්න යි. ඉන් 362,000ක් ඇමරිකාවේත්, තවත් 82,000ක් ජාත්‍යන්තරවත් සේවය කරනවා. UPS විසින් ලෝකය පුරා භාණ්ඩ බෙදාහැරීමේ රථයන් 119,000ක් පමණ හසුරුවනවා. මේවා බයිසිකල්වල සිට දුම්රිය දක්වා වන විවිධාකාරයේ වාහන යි.   

2001 වසරෙන් පසු UPS විසින් තවත් සමාගම් කීපයක්ම මිළට ගෙන සිය ජාලය තවත් පුළුල් කරගැනීමට සමත් වෙනවා.

මෙම සමාගම ආරම්භ කළේ ජේම්ස් කේසි හා ක්ලෝඩ් රයන් විසින්. බයිසිකලයෙන් හා පයින් ගොස් භාණ්ඩ බෙදාදෙන සේවාවක් ලෙස ඔවුන් වොෂින්ටනයේ සියැටල්හි දී 1907 අගෝස්ත්තු 28 වෙනි දා මෙය  ආරම්භ කළා. ආරම්භක ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් 100ක් වූඑහි මුල් නම American Messenger Company වුණා. ඔවුන් ඇමරිකානු තැපැල් සේවාවට අනුයුක්තව උප සමාගමක් ලෙස සිය සේවාව ලබා දුන්නා.

1919 වසරේ ඔවුන්ගේ ව්‍යාපාරය සියැටල් සිට ඕක්ලන්ඩ් හා කැලිෆෝනියාව පුරා ව්‍යාප්ත කිරීමේ දී සමාගමේ නම United Parcel Service යනුවෙන් වෙනස් කරනු ලැබුවා.1930 වසර වන විට සිය සමාගම නිව්යෝක් නුවර තෙක් විහිදුවන්නට ඔවුනට හැකියාව ලැබෙනවා. ඉන්පසු සිඝ්‍රයෙන් දියුණු වූ මෙම සමාගම 1929 වසරේ සිට ගුවන් යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරනවා.

UPS අතීතයේ දී –  huffpost.com

1975 වසරේ ඇමරිකාවේ ප්‍රාන්ත 48ක් පුරාවට මෙම සමාගම පැතිරෙනවා. 1976 වසර වන විට කැනඩාවේත් සිය ශාඛාවන් අරඹන්නට ඔවුනට හැකිවෙනවා. අද වන විට ලොව පුරාම තම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ එසේ ගොඩනැගුණු UPS සමාගම යි.

UPS සමාගමේ සේවාවන් රටවල් 220ක ක්‍රියාත්මක වෙනවා. ඔවුන් හා සේවය කරන  සේවානියුක්තිකන් සංඛ්‍යාව 444,000කට ආසන්න යි. ඉන් 362,000ක් ඇමරිකාවේත්, තවත් 82,000ක් ජාත්‍යන්තරවත් සේවය කරනවා. UPS විසින් ලෝකය පුරා භාණ්ඩ බෙදාහැරීමේ රථයන් 119,000ක් පමණ හසුරුවනවා. මේවා බයිසිකල්වල සිට දුම්රිය දක්වා වන විවිධාකාරයේ වාහන යි.   

2001 වසරෙන් පසු UPS විසින් තවත් සමාගම් කීපයක්ම මිළට ගෙන සිය ජාලය තවත් පුළුල් කරගැනීමට සමත් වෙනවා.

UPS ප්‍රධාන මුලස්ථානය –  companyheadquarter.org

ලංකාවේ අපිට මේක වැදගත් වෙන්නේ කොහොම ද?

මේකෙන් ලංකාවේ අපට භාණ්ඩ ගෙන්වාගැනීම එතරම්  අපහසු නැහැ. මුලින්ම කරන්න තියෙන්නේ www.eparcel.lk හි ලියාපදිංචි වෙන එක යි. එයින් පසුව ඔවුන් හා සම්බන්ධ වී, ඔබට අවශ්‍ය කරන භාණ්ඩය ඇනවුම් කළ හැකියි. ඔස්ට්‍රේලියාව, චීනය, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, හා එක්සත් ජනපදය යන කුමන රටකින් වුව ද ඔබ ඇණවුම් කරන භාණ්ඩය ඔවුන් විසින් මිලට ගෙන ඔබ ළඟටම ගෙනැවිත් දේවි.

ඒ විතරක් නෙවෙයි, ඔවුන් අය කරනා සාපේක්ෂව අවම මිළත් මේ සේවාවේ තියන තවත් විශේෂ ලක්ෂණයක්. භාණ්ඩය අතට එනකල්, එය තිබෙන තැන බලාගන්නත් පුළුවන් නිසා හිතේ කිසිම බයක් තියාගන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම ලෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි වන amazon.com, eBay.com, aliexpress.com හරහා ලංකාවේ නොමැති හෝ මිළ අධික භාණ්ඩ ඔබට නිවසටම ගෙන්වා ගත හැකියි. ඒ වගේම ඔබට මේ හරහා ලොව සුපතල මෙන්ම ජනප්‍රියම වෙළඳ සන්නාම වන GAP, Victoria Secret, Zara, Banana Republic වැනි සන්නාම වලින් ද භාණ්ඩ ගෙන්වා ගත හැකි අතර භාණ්ඩය ගෙන්වා ගැනීමට පෙර භාණ්ඩය පිලිබඳ මෙන්ම භාණ්ඩයේ මිළ ගණන් පිළිබඳව ද සවිස්තරාත්මක විස්තරයක් ඔබට ලබා දෙනවා.

ලෝක දැවැන්ත සමාගමක් වන UPS සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ FITS Express සමාගම යි. ඔවුන් UPSහි නිල ශ්‍රී ලාංකේය නියෝජිතයායි. ඒ හරහා ඔවුන් ලංකාව පුරාම eParcel සේවාව ආරම්භ කරනු ලබනවා.

UPS හරහා දැන් ලෝකයේ ඕනෑම තැනක සිට පැමිණෙන පාර්සලයක් ඔබේ දොරකඩටම ගෙන්වාගැනීමේ හැකියාව පවතිනවා. මේ වනවිට FITS Express විසින් ඔස්ට්‍රේලියාව, චීනය, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, හා එක්සත් ජනපදය ආවරණය කර තිබෙනවා. එහි දී ඔබට අවශ්‍ය භාණ්ඩය  ඔබ වෙනුවෙන් මුලින් මිළ දී ගනු ලබන්නේ FITS Express මඟින්. ඔවුන් සතු භාණ්ඩ track කිරීමේ තාක්ෂණය නිසා, ලොව ඕනෑම තැනක සිට එන භාණ්ඩ කොයි අවස්ථාවේ කොහි පවතින්නේ ද යන්න සොයා බැලීමේ හැකියාව ද පවතිනවා.

FITS Express

එමෙන්ම මේ සේවාව හරහා ඔබට භාණ්ඩ ඉතාම අඩුම අඩු මිළකට ඔබ වෙත ගෙන්වා ගත හැකියි. තවද ඔබ භාණ්ඩය ගෙන්වා ගැනීමට පෙර එයට අදාළ තීරු බදු හා අනෙකුත් බදු ගැනද ඔබට කලින්ම දැන ගන්න පුළුවන්. ඔබත් දැන්ම මේ සේවාව හා සම්බන්ධ වීමට www.eparcel.lk වෙත පිවිසෙන්න.

FITS e-Parcel සේවයට +94 770 261 351 whatsapp පණිවිඩයක් ලබාදීම හරහා ඔබටත් මේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම https://www.facebook.com/eParcel.lk සබැඳියෙන් ඔවුන්ගේ facebook පිටුවට පණිවිඩයක් යොමු කර මේ සේවාව ගැන වැඩි දුරටත් තොරතුරු ඔබට ලබාගත හැකියි.

කවරය – s.thestreet.com

Related Articles