Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්තයේ ගැට්වික් ගුවන්තොටුපළ

ලෝකයේ විවිධ ගුවන් තොටුපළවල් රාශියක් පවතී. බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති ගැට්වික් ගුවන්තොටුපළ ලෝකයේ කාර්යබහුලතම ගුවන්තොටුපළවල් වලින් එකකි. මෙය බ්‍රිතාන්‍යයේ දෙවන විශාලතම ගුවන්තොටුපළ ලෙස හඳුන්වයි. මෙහි වාර්ෂිකව ගමන් කරන මඟින් ප්‍රමාණය මිලියන 30 ඉක්මවයි. මෙය ලෝකයේ 6 වෙනුවට කාර්යබහුලතම ගුවන්තොටුපළ ලෙස දැක්විය හැක. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ගැට්වික් ගුවන්තොටුපළ පිලිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

ඉතිහාසය

wwtonline.co.uk

1930 වසරේ මෙය ආරම්භ වූයේ Surrey Aero club ලෙසයි. මෙය පියාසර කරනන්ගේ කුඩා සමාජ සංවිධානයක් විය. මෙය ආරම්භ කර වසර 4 කට පමණ පසු මෙය මහජන ගුවන් යාත්‍රාන්ගනයක් ලෙස නම් කරනු ලැබීය. මෙහි කාර්ය වූයේ පැරිස් සඳහා දෛනික ගුවන් සේවා සැපයීමයි. මීට අමතරව මෙය London Croydon ගුවන්තොටුපළ සඳහා සහයක ගුවන්තොටුපළක් ලෙසද ක්‍රියාත්මක විය. ගැට්වික් ගුවන්තොටුපළ සඳහා මුල්ම කාල සටහනකට අනුව ගුවන් ගමන් ලබා දෙන ලද්දේ Hilman’s ගුවන් ප්‍රවාහන සමාගමයි. වර්තමානය වන විට මෙම ගුවන් තොටුපළ ගුවන් සමාගම් 45ක් පමණ සමඟ සම්බන්ධ වී ඇති අතර ගමනාන්ත 200 ක පමණ ගමන් කරයි.

1930 සිට 1990 දක්වා කාලයේ සිදුවූ වැදගත් සිදුවීම්

allaboutuk.wordpress.com

  • 1935 වසරේදී ගැට්වික් දුම්රියපළ හා මී වද හැඩති ටර්මිනලය ගොඩනගන ලදී.
  • 1939 වසරේදී දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ අතර මෙම ගුවන්තොටුපළ එරට ගුවන් අමත්‍යංශය මඟින් බලෙන් අත්පත් කරගන්නා ලදි. මෙය හමුදා භට කණ්ඩායම් සඳහා මූලස්ථානයක් බවට පත් විය.
  • 1946 වසරේදී නැවත මෙය බඩු තොග හා අවසර ලත් ගුවන් සමාගම් සඳහා සිවිල් ගුවන්තොටුපළක් බවට පත් විය.
  • 1950 වසරේදී මෙය ලන්ඩනයේ දෙවන ගුවන්තොටුපළ ලෙස නම් කරන ලදි.
  • 1956 වසරේදී ගැට්වික් ගුවන්තොටුපළ අලුත්වැඩියාවක් සඳහා වසා තබන ලදි.
  • 1958 වසරේදී නැවත මෙය රැජින විසින් විවෘත කරන ලදි. මෙය ලෝකයේ දුම්රිය මාර්ගයක් සමඟ සෘජු සම්බන්ධතා ඇති ප්‍රථම ගුවන්තොටුපළ බවට පත් විය.
  • 1963 වසරේදී ආකාශ තරණය සඳහා ඇති අමාත්‍යංශය විසින් දෛනික ගුවන් ගමන් හිත්‍රෝ ගුවන්තොටුපළේ සිට ගැට්වික් ගුවන්තොටුපළ වෙත මාරු කරන ලදි.
  • 1964දි මෙහි ගුවන් ධාවන පථය මීටර් 2500 දක්වා දික් කරන ලදි.
  • 1973 වසර වන විට මෙහි ගුවන්පථය මීටර් 3098 ක් දක්වා දික් කරන ලදි.
  • 1984 වසරේ ගැඩ්වික් ගුවන්තොටුපළ එහි නව ගුවන් පාලන කුළුන ස්ථාපනය කරන ලදි. මෙය එවකට ලන්ඩනයේ පැවති උසම කුළුණ විය.
  • 1988 වසරේදී මෙහි උතුරු ටර්මිලය රැජින අතින් විවෘත කරන ලදි.

ගැඩ්වික් යන්නෙහි අර්ථය

wikimedia.org

“Gatwick” යන නාමය මුල් වරට ලේඛනගත කර ඇත්තේ 1241 වසරේදීය. ගැට්වික් යන වචනය තුළ  පැරණි ඉංග්‍රීසි වචන අන්තර්ගත වී ඇත. “Gat” යන වචනය තුළ “එළුවා” යන තේරුමත් “Wik” යන වචනය තුල “ගොවිපළ” යන තේරුමත් අන්තර්ගත වී තිබේ. ඒ අනුව Gatwick යන වචනය පැරණි ඉංග්‍රීසි වචන ආශ්‍රයෙන් බැලූ විට “එලු ගොවිපළ” ලෙස අර්ථ දැක්විය හැක.

පොදු ප්‍රවාහන මාධ්‍ය හරහා ගුවන්තොටුපළට ඇතුළු වීම  

flightfactory.co.za

ගැඩ්වික් ගුවන්තොටුපළට ඇතුළු වීමට ඇති ලාබදායීම ක්‍රමය වන්නේ බස් ප්‍රවාහනයයි. නමුත් මෙය තරමක් මන්දගාමී ප්‍රවාහන ක්‍රමයකි. මෙම බස් පිටත්වන්නේ ලන්ඩනයේ සිටයි. සාමන්‍යයෙන් එක් ගමනක් සඳහා විනාඩි 90ක් පමණ ගත වේ. ගැඩ්වික් ගුවන්තොටුපළේ සිට Luton හා හිත්‍රෝ ගුවන් තොටුපළවල් සඳහා සෘජු බස් සේවා යොදවා ඇත. මෙම බස් වල ගමන් ප්‍රවේශ පත් කලින් වෙන් කරවා ගත හැක.

ගැට්වික්  දුම්ර්ය ධාවන පථය දකුණු ටර්මිනලයේ කොටසකි. ගාස්තු රහිත තනි පීල්ලේ දුම්රියක් මඟින් උතු හා දකුණු ටර්මිනල් දෙක අතර විනාඩි 2ක් වැනි කෙටි කාලයක් තුළින් මිනිසුන් ගෙන යයි. ගුවන්තොටුපළ සඳහා පැමිණෙන අධිවේගී දුම්රියන් දහවල් කාලයේදී  විනාඩි 15න් 15 ට ගැඩ්වික් බලා පිටත් වේ. නමුත් රාත්‍රී කාලයේදී ඇත්තේ පැයකට එක් දුම්රියක් පමණි. ගුවන්තොටුපළට ලඟා වීම සඳහා ගමන් කාලය විනාඩි 30කි.

ප්‍රධාන ගුවන් සේවා හා ගමනාන්ත

අනෙකුත් ගුවන්තොටුපළවල් හා සසඳා බැලීමේදී ගැඩ්වික් ගුවන්තොටුපළ ගුවන් සේවා රාශියක් තමා වෙත ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇත. මිට අමතරව මෙය විවිධ සංචාරක ස්ථාන සඳහා නව ගමන් මාර්ග දිනා ගැනීමටද සමත් වී ඇත.

mercedeschauffeurhire.co.uk

ප්‍රධාන ගුවන් සමාගම්

  • ඊසිජෙට්
  • බ්‍රිටිෂ් ගුවන් සමාගම
  • Norwegian
  • TUI
  • Ryanair
  • තෝමස් කුක්
  • Monarch
  • විර්ජින් අත්ලාන්තික්
  • Vueling
  • එමිරේට්ස්

ප්‍රධාන ගමනාන්ත

  • හොන්කොන්ග්
  • ඕක්ලන්ඩ්
  • කේප්ටවුන්
  • ඩර්බ්ලින්
  • ඇමස්ටර්ඩෑම්
  • මැඩ්රිඩ්
  • ඩුබායි
  • ජිනීවා
  • බෙල්ෆස්ට් ආදිය දැක්විය හැක.

ගුවන්තොටුපළේ ස්වාධීනත්වය

travelforever.co.uk

මෙම ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් රජයට අයත් සංස්ථාවක් නොවේ. මුල් කාලයේදී ගුවන්තොටුපළ පාලනය වුයේ බ්‍රිතාන්‍ය ගුවන්තොටුපළ අධිකාරිය තුළිනි. නමුත් මෙහි අවස්ථා තැන්පතු 2009 වසරේ සිට විවිධ අන්තර්ජාතික සමාගම් සඳහා නිකුත් කරන ලදී. වර්තමානය වන විට පහත සමාගම් ගැට්වික් ගුවන්තොටුපළේ හිමිකාරිත්වය දරයි.

Global Infrastructure Partners – 41.95% ක කොටස් ප්‍රමාණයක් මොවුන් සතු වේ.

Australian Government Future Fund – 17.23% ක කොටස් ප්‍රමාණයක් මොවුන් සතු වේ.

Abu Dhabi investment Authority – 15.9% ක කොටස් ප්‍රමාණයක් මොවුන් සතු වේ.

California public employee’s retirement system – 12.78% කොටස් ප්‍රමාණයක් මොවුන් සතු වේ.

National pension service of korea – 12.14% කොටස් ප්‍රමාණයක් මොවුන් සතු වේ.

සේවක සේවිකාවන්

ගැට්වික් ගුවන්තොටුපළ හා ගුවන්තොටුපළ තුළ පවතින අනෙකුත් ආයතන වල වැඩ කරන සේවකයින් ගණන 21 000ක් පමණ වේ. මේ අතරින් ගැට්වික් ගුවන්තොටුපළ සඳහා පමණක් සේවය කරන සේවකයින් 2500ක් පමණ සිටී. ඔවුන්ගේ මතයට ගුවන්තොටුපළ නිසා පැවත යන ව්‍යාපාර වල තවත් මිනිසුන් 10000 පමණ සේවය කරයි.

කවරයේ පින්තුරය – www.architectsjournal.co.uk

Related Articles