Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ නමට ලේබල් එකක් අලවගෙනද?

ජිවිතය මිනිසුන් වන අප සිතන ආකාරයටම ගලාගෙන යන සෑමවිටම සුන්දර ගමනක් නොවේ. ජීවිතයේ එක් එක් අවස්ථාවලදී ඇතැම්විට සාර්ථකත්වයට ඇතැම් විට අසාර්ථකත්වයට මුහුණදීමට සිදු වේ. නමුත් එක් අසාර්ථකත්වයක් හේතුවෙන් ඔබ අසාර්ථක පුද්ගලයෙකු ලෙස ඔබට ලේබලයක් අලවගෙනද, නැත්නම් උපතින්ම ගෙන එන රූපයේ අවලස්සන ස්වභාවය හේතුවෙන් ඔබ අවලස්සන පුද්ගලයෙකු ලෙස ලේබලයක් අලවගෙනද? නැත්නම් සාර්ථකත්වයට පත්වූ පුද්ගලයෙකු දෙස බලා තමන් අසාර්ථක පුද්ගලයෙකු ලෙස ලේබලයක් අලවාගෙනද? අපි නොදැනුවත්වම අපේ ජීවිත එක් අසාර්ථක ලේබල් එකක් අලවපු පෙට්ටියක් ඇතුළට දා ගැනීම සිදු කරනු ලබනවා. එමෙන්ම අපි අපේ ජීවිත ඒ ආකාරයෙන් ලේබල් කරගන්න අතරම අනෙක් පුද්ගලයන්ගේ ජිවිත ලේබල් කරමින් සිටිනවා. මේ ආකාරයට අපි එදිනෙදා ජීවිතයේ අපටම මුමුණ ගනු ලබන යම් යම්  ස්වයං නිර්ණායක ධනාත්මක හෝ සෘණාත්මක වුවත් එක් එක් පුද්ගලයාගේ අනන්‍යතාවයට දැඩි ලෙස බලපෑම් කිරීමට මෙන්ම ඒ අනුව ක්‍රියා කිරීමට ද මිනිස් මනස කටයුතු කරනු ලබනවා.

ධනාත්මක ලේබලයක්  ඔබ මත අලවාගෙන සිටී නම්

c2.staticflickr.com

ධනාත්මකව සිතමින් ඔබ කවුද යන්න පිළිබඳව ඔබ ලේබලයක් අලවාගෙන තිබෙනවා නම් ජීවිතය සාර්ථක කරගැනීම සඳහා එය උපකාරී වේ. උදාහරණ ලෙස මම නොපසුබට උත්සාහයෙන් වැඩ කරන පුද්ගලයෙක්, මම ඉලක්කයක් වෙත ගමන් කරන පුද්ගලයෙක්, මම සාර්ථක පුද්ගලයෙකු ලෙස ඔබ ඔබට ධනාත්මක ලේබල් එකක් අලවාගෙන සිටිනවා නම් එම ධනාත්මක වචන ඔබ පිළිබඳව ඔබටම ආත්ම අභිමානයක් ඇති කිරීමට සහ සතුටු වීමට උපකාරී වේ. එපමණක් නොවෙයි දිගින් දිගටම ධනාත්මක ලෙස ඔබේ ඇතුළාන්තය පිළිබඳව විශ්වාස කරනු ලබන්නේ නම් ඉදිරියට එන බාධක බිඳගෙන ඉලක්කයන් කරා යාමට එම චින්තනය වැදගත් වේ.

ජීවිතයේ බොහෝ බිඳ වැටෙන පරාජය වන අවස්ථාවලදී වෙනත් අයෙකු ඔබව දිරිමත් කරනතුරු ජීවිතය ඉදිරියට ගෙන යාමට සමත් නොමැතිද? එසේ නම් මේ වන විටත් ඔබ මතට ඔබ සෘණාත්මක ලේබලයක් අලවාගෙන අවසන්. තමන් තුළින්ම දිරිමත් වෙමින් ජීවිතය ගොඩනගා ගැනීමට ධනාත්මකව උත්සහ කරනු ලබන්නේ නම් ජීවිතයට පැමිණෙන ගැටලුවලින් සාර්ථකව ජය ගැනීමට  හැකියාව ලැබේ. එපමණක් නොව ගැටලුවකදී දැනෙන පීඩනය සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා අවම වේවි. ධනාත්මක ලෙස ඔබ පිළිබඳව ලේබලයක් සමඟ ජීවත් වන්නේ නම් ඔබ සත්‍යය වශයෙන්ම එසේ නොවුණත් එම ධනාත්මක ලේබලය ඔබව වෙනස් කිරීමට සමත් වේවි.

ජීවිතයේ අපිට ලැබී ඇති දේ පිළිබදව සතුටුවන අවස්ථා අවමය. තවත් කෙනෙකු සමඟ සංසන්දනය කරමින් පුද්ගල බද්ධ අනන්‍යතාවය පිළිබඳව අවතක්සේරු කිරීමට පුරුදු වී ඇත. නමුත් තම අනන්‍යතාවයට ආදරය කරන එයට ප්‍රිය කරමින් තවත් ඉදිරියට යාමට ප්‍රිය කරන පුද්ගලයන් සතුව ධනාත්මක බාහිර ස්වරූපයක් පවා පවතී.

සෘණාත්මක ලේබල් මගින් ඔබට සිදුවන හානිය

static1.squarespace.com

සෘණාත්මකව ඔබ පිළිබඳව ඇති කරගනු ලබන ප්‍රතිරූපය ජීවිතයට හානිදායක වේ. උදාහරණ ලෙස ඔබ වටිනාකමක් නොමැති කිසිම කාර්යයක් නිවැරදිව සිදු කළ නොහැකි පුද්ගලයෙකු ලෙස ඔබ මතම ලේබලයක් අලවා ගෙන තිබේ නම් නොදැනුවත්ම එම සිතුවිලි මගින් දුර්වල පුද්ගලයෙකු නිර්මාණය වේ. එපණක් නොව නිරන්තරයෙන්ම ජිවිතයේ ඔබ ඉදිරියට පැමිණෙන වටිනා අවස්ථා සහ අභියෝග දෙස අලස ලෙස සහ කලකිරුණු ස්වභාවයෙන් බැලීමට පුරුදු වේ. ජීවිතය සතුටක් සහ ඉලක්කයක් නොමැති තත්ත්වයට පත්වනු ඇත.

ඒ හරහා ශාරීරික වශයෙන් ඉරුවාරදය, උදරාබාධ වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ද පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ. එමෙන්ම මෙලෙස සිතීම කලකිරීම සහ සතුටක් නොමැති ස්වභාවය හේතුවෙන් විසාදිය වැනි මානසික රෝගවලට ද ගොදුරු වීමේ හැකියාව තිබේ.

සෘණාත්මක සිතුවිලිවලින් ඉවත්වීම

www.pinterest.com

ප්‍රථමයෙන්ම ඔබ ඔබ පිළිබඳවම සෘණාත්මක ප්‍රතිරූපයක් සිත්හි තබාගෙන ජීවත් වන බව හඳුනාගත යුතුය. නිරන්තරයෙන් ඔබේ සිතුවිලි ඔබ ඔබ පිළිබඳව සිතන ආකාරය පිළිබදව අවධානය යොමු කළ යුතුය.

මෙහිදී ඔබ පිළිබඳව ඔබම සිතා බලන විට සිතට එකවරම නැගෙන්නේ ජීවිතයේ ඔබ ලැබූ පරාජයන් සහ ඔබ සතු දුර්වලතාවයන්ය. මෙම සෘණාත්මක සිතුවිලි ඔබටම හෝ සමාජය මගින් ඔබව හඳුන්වනු ලබන සෘණාත්මක ලේබලයක් විය හැකිය. මෙම ආකාර දෙකෙන් කුමක් වුවත් එය ඉවත දමමින් ඔබ පිළිබඳව ධනාත්මකව සිතීමට ආරම්භ කිරීම අවශ්‍ය වේ.

මෙලෙස ඔබ ඇති කරගෙන ඇති සෘණාත්මක සිතුවිලි ඉවත් කිරීමේදී අසාර්ථක පුද්ගලයෙක්, වටිනාකමක් නැති පුද්ගලයෙකු ලෙස ඔබ ඇති කරගෙන තිබෙන සිතුවිල්ල සත්‍ය දෙයක්ද, එනම් ඇත්තටම ඔබ අසාර්ථක පුද්ගයෙක්ද, නොමැති නම් ඉතා සුළු දෙයක් පිළිබඳව හැඟීම් පෙරටු කරගෙන ඔබ විසින් ඇති කරගත් සත්‍ය නොවන අර්ථනිරූපනයක්ද යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එක් අසාර්ථක වීමක් මත පදනම්ව ඔබ අසාර්ථක පුද්ගලයෙකු වන්නේ නැත. එය එක් අවස්ථාවක් පමණක් වන අතර එමගින් ඔබ සියල්ල සඳහා අදක්ෂ හෝ නුසුදුසු නොවේ. උදාහරණ ලෙස තරග විභාග වලින් අසමත් වන පුද්ගලයෙකු දක්ෂ ව්‍යාපාරිකයෙකු විය හැකිය.

cdn-media-1.lifehack.org

ඔබේ මිතුරු මිතුරියන් පවුලේ සාමාජිකයන්ට ඔබ පිළිබඳව ඇත්තේ සෘණාත්මක ප්‍රතිරූපයක් නම් ඔවුන් සෑම දෙයක්ම පිළිබඳව සෘණාත්මකව සිතනු ලබන පුද්ගලයන් ද යන්න සලකා බැලිය යුතු අතර ඔබට ඔවුන් පිළිබඳව ඇත්තේද එවැනිම සෘණාත්මක සිතුවිල්ලක ද යන්න වටහාගන්න. එය සත්‍ය නොවිය හැකිය.

ඔබේ ප්‍රතිරූපය පිළිබඳව සෘණාත්මක ප්‍රතිරූපයක් ඇති වන්නේ යම් දෙයකින් අසාර්ථක වූ විට ද එසේ නොමැති නම් එය සැමවිටම ඔබේ සිතේ පවතින සිතුවිල්ලක් ද? මෙහිදී වටහාගත යුතු කරුණු කිහිපයක් ඇත. ජීවිතයේ සියලුම දේ පාලනයේ කිරීමේ හැකියාවක් මිනිසුන් වන අපට නොමැති අතර ඔබ උපතින්ම යම් ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු නම් එය වෛද්‍ය ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි නම් එය ඔබට පාලනය කළ නොහැකි තත්තත්වයකි. මෙහිදී ඔබ ඔබටම දෝෂාරෝපණය කරගැනීම නම් සුදුසු නොවේ. ඔබ ආබාධිත පුද්ගලයෙකු නම් ඔබ එය පිළිගෙන ඉදිරියට යාම සිදු කළ යුතුය. ලොව අබාධිත පුද්ගලයන් සර්ව සම්පූර්ණ පුද්ගලයන්ට වඩා සාර්ථකත්වයට පත් වූ අවස්ථා සුලභය. එම සාර්ථකත්වය පිටුපස ඇත්තේ ධනාත්මකව ඔවුන් ඔවුන් මත අලවාගනු ලැබූ සාර්ථක ප්‍රතිරූපයකි.

cover – www.entitymag.com

මූලාශ්‍ර

  1.   psychologytoday.com
  2.   .bustle.com/
  3.     bigthink.com

Related Articles