ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවක්

අප විසි එක්වෙනි ශතවර්ෂයට පය තබා දශක දෙකකට ආසන්න කාලයක් ගත වී හමාර නමුත් තවමත් අපගේ සිතුම් පැතුම් සහ පටු චින්තන රටාව නම් වෙනස් වී නොමැත. මෙයට එක් හේතුවක් වී ඇත්තේ විධිමත් අධ්‍යාපනයක් හෝ සමජාවබෝධයක් නොමැති වීමයි.

ශ්‍රී ලාංකික සමාජය දශක කීපයකට පෙර මෙන්ම තවමත් HIV/AIDS වැනි රෝග වැළඳුණු පුද්ගලයින් දෙස, ඔවුන්ගේ දරුවන් දෙස බලන්නේ දරුණු අපරාධයකට හවුල් වූවන් සේ සලකමිනි. නමුත් මෙම තත්ත්වය වෙනස් කිරීමට 2016 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් තීන්දුව සාධනීය පියවරක් ලෙස සැලකිය හැක. නීති ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් සහ දකුණු ආසියාවටම ආදර්ශයක් වන මෙම තීන්දුව මගින් HIV ආසාධිත යැයි කියා පාසලෙන් පලවා හැරුණු දරුවෙකුගේ අධ්‍යාපන අයිතීන් තහවුරු කරන ලදී.

සිද්ධිමය කරුණු

(dailynews.lk) දරුවා සහ මව අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිට

HIV වෛරසය ආසාධිතය යන පදනම මත කුලියාපිටිය ප්‍රදේශයේ අසරණ වූ පස් හැවිරිදි දරුවෙකු සහ ඇයගේ මව සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවයට පත් විය. මෙම සිදුවීමේ කණගාටුදායක කරුණ වූයේ උගත් යැයි සමාජ සම්මත පුද්ගලයන් ද මෙම වෛරසය ආසාදනය හා රෝගය බෝ වීම ගැන වන මූලික කරුණු පිළිබඳව හෝ අවබෝධයක් නොතිබීම යි.

මෙම දරුවාගේ පියා මියගොස් ඇත්තේ HIV වෛරසය ආසාදනය වී AIDS වැළඳීමෙන් බවත්, දරුවාටත් එච්.අයි.වී වෛරසය ආසාධිත බවටත් කටකතා පැතිරුණි. ඇය තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරනු ලබන්නේ දරුවාව ප්‍රදේශයේ පාසල් මගින් ප්‍රතික්ෂේප කළ නිසා ජීවිතය එපා වූ බවත්, අසල්වාසීන් හිතමිතුරන් කිසිදු මානුෂික පදනමකින් තොරව ඔවුන්ගේ දරුවන් සමඟ තම දරුවා   අධ්‍යාපනය ලැබීමට විරුද්ධ වූ බවය.

https://www.youtube.com/watch?v=MCS3PQqyk2w2

මෙම විවිධ ක්‍රියා හරහා තම පස් හැවිරිදි පුතුගේ මානව හිම්කම් උල්ලංඝනය වන බවට අවබෝධයක් ඇයට තිබුනත් ඇය තම පස් හැවිරිදි පුතුට එච්.අයි.වී වෛරසය ආසාධිත නොමැති බව වෛද්‍ය පරීක්ෂණ මගින්  තහවුරු කරගනිමින් එම සාක්ෂි සමඟ තම පුතුව පාසලකට ඇතුළත් කිරීමට උත්සාහ කළද, කිසිදු පාසලකින් පුතුව පළමු ශ්‍රේණියට භාරගැනීමට කැමැත්ත පල කළේ නැත. බොහෝ දෙනෙක් මවගෙන් දරුවාට එච්.අයි.වී වෛරසය ආසාධනය වීමට අනාගතයේ හැකියාවක් පවතින බවට මත ප්‍රකාශ කරන ලදි. මින් පසුව ද ඇය තම සටන අත්හැරියේ නැත. ඇය තම දරුවා වෙනුවෙන් තනිව සටන් කිරීමට තීරණය කළ අතර, ඇයට අවශ්‍ය වූයේ තම දරුවාට මෙන් වෙනත් කිසි දරුවෙකු මෙවැනි ඉරණමකට ගොදුරු වීම වැළක්වීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර උපකාර ඇතිව ඇය අධිකරණමය විසඳුමක් සඳහා යොමු වීමට තීරණය කරන ලදි.

FR77/2016 නඩු අංකය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු වූ මෙම මූලික අයිතිවාසිකම් අනුව  පෙත්සම්කාර පාර්ශවය වූයේ අගතියට පත්  දරුවාගේ මව වූ චාන්දනී ද සොයිසා මහත්මිය සහ පස් හැවිරිදි රෙහාන් දිල්ශාර ද සිල්වා දරුවාය. වග උත්තරකාර පාර්ශවය ලෙස නීතිපති ඇතුළුව අධ්‍යාපන ඇමති සහ තවත්  අධ්‍යාපන බලධාරීන් කිහිප දෙනෙකු විය. 2016 වසරේ මාර්තු මස 14 වන දින මෙම තීරණය ලබාදීම සඳහා අගවිනිසුරු වූ  ශ්‍රී පවන් සහ වනසුන්දර විනිසුරුතුමා ඇතුළත් විය. මෙය එතරම් දීර්ඝ නඩු තීරණයක් නොවන අතර ඒ තුළ අන්තර්ගත වූයේ නම් වැදගත් පණිවිඩයකි.

අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරනු ලබන නෛතික කරුණු

tisrilanka.org

අධිකරණය මගින් ලබාදුන් තීන්දුව තුළ ඇතුළත් වුයේ 1978 දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයන්හි 27(2)(ඌ) ව්‍යවස්ථාව අවධාරණය කරන ලදි.

“නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියළු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරණ හා සමාන ඉඩප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම සඳහා රාජ්‍යය කටයුතු කළ යුතු  බව දක්වා ඇත.”

ශ්‍රී ලංකාව පිළිගෙන ඇති අන්තර්ජාතික නීතියේ පදනම් හරහා අධ්‍යාපන ලැබීමේ අයිතිය සියලු දෙනාටම සමාන වේ.

adaderana.lk

එමෙන්ම විශ්වීය මානව හිමිකම් ප්‍රඥප්තිය ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් ද අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කර ඇති අතර වෙනස්කොට නොසැලකීමක් එහිදී සිදු නොකළ යුතුය. එම ප්‍රඥප්තීන් ද්විත්වයම ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇත.

එහි දෙවන වගන්තිය අනුව කිසිදු පදනමක් මත දෙමව්පියන්ගේ නීත්‍යානුකුල භාරකරුගේ ජාතිය, වර්ණය, ලිංගිකත්වය, භාෂාව, ආගම හෝ දේශපාලන මතය, දේපළ හෝ උපත හෝ වෙනත් කිසිදු පදනමක් මත වෙනස්කොට සැලකීමක් නොකිරීමට ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස බැඳී සිටී. එමෙන්ම විසි අටවන වගන්තිය අනුව අධ්‍යාපනය සදහා ඇති අයිතිය නැවත වරක් විශ්වීය සහ සැමට සමාන අයිතියක් ලෙස පිළිගෙන ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතව ජීවත්වන පුද්ගලයන්ගේ පුරවැසියන්ගේ මානව අයිතීන් ආරක්ෂා කිරීමට, වර්ධනය කිරීමට, ගරු කිරීමට සහ ඔවුන්ව වෙනස්කොට සැලකීමට  ක්‍රියා නොකළ යුතු බවට තීරණය විය. ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු පහේ සිට වයස අවුරුදු දා හතර දක්වා සෑම දරුවෙක්ම මුලික අධ්‍යාපනය අනිවාර්යයෙන් ලැබිය යුතු අයිතියක් බැවින් මෙවැනි පදනම් මත මානව අයිතීන් අහිමි කිරීමට කටයුතු කිරීම රාජ්‍ය අංශ සැළකිලිමත් විය යුත්තකි.

මෙම නඩු තීන්දුව වැදගත් නඩු තීන්දුවක් වන්නේ එච්.අයි.වී ආසාධිතයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාපිත නීතියක් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම හේතුවෙනි. මෙම නඩු තීන්දුව හරහා අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා එහි අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබූ අතර, මින් ඉදිරියට මෙවැනි ගැටලු ප්‍රශ්නගත වුවහොත් මෙම ඉහළ අධිකරණය මගින් ලබා දුන් මෙම තීන්දුව මගින් බැඳේ. ව්‍යවස්ථාපිත නීතියක අවශ්‍යතාවය සහ සමාජ රෝග පිළිබඳව නිසි අධ්‍යාපනයක අවශ්‍යතාවය තවමත් පවතී.

Cover Photo: moe.gov.lk

මූලාශ්‍ර

  1.   FR77/2016
  2.   Unaids.org
  3.   Right -to -education.org

Related Articles