Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපට නැතුවම බැරි ඔරලෝසුවේ අතීත තොරතුරු

“කාලය රන් හා සමානයි” යන කියමන අප කා හටත් සුපුරුදු කියමනකි. ඒ අනුව ද විස්තර වන ආකාරයට කාලය යනු මිනිසාට අත්‍යාවශ්‍යම සහ ඉතාමත් වටිනා දෙයකි. මන්ද යත් අන් සියලුම දේවල් ලබා ගැනීමට නම් අපට එයට කාලය වැදගත් වෙනවා. කාලය මගහැරුණ හොත් කොතරම් වටිනා වැදගත් දෙයක් වුවද අපට මගහැරෙන්නට පුළුවන. එනිසා කාලය ගණනය කරන්නටත් කළමනාකරණය කරන්නටත් අතීතයේ සිටම මහත් උනන්දුවක් දක්වා තිබේ. මේ කාලය පිලිබඳ ව කතා කරන විට අමතක කළ නොහැකිම දෙයකි “ඔරලෝසුව”. මන්ද අප කාලය ගණනය කිරීම සඳහා යොදා ගන්නා උපකරණය වන්නේ ඔරලෝසුව වීමයි.

මෙම ඔරලෝසුව යනු මිනිසා විසින් එක් වරම නිපද වූ උපකරණයක් නොවේ. ඒ පිළිබඳව අධ්‍යයනය කරන විට එය හා බැඳුණු දිර්ගකාලීන ඉතිහාසයක් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එලෙස අතීතයේ සිට වර්තමානය දක්වා ඔරලෝසුව පැමිණි ගමන් මග පිලිබඳවයි මේ තොරතුරු ගෙන එන්නේ.

( හිරු තැටියක පින්තුරයක් ) 3dprint.com

කාල ගණනය කිරීමට භාවිතා කළ පැරණි ක්‍රම

මුල් කාලීනව අපේ මුතුන් මිත්තන්ට කාලය ගණනය කිරීම සදහා නිශ්චිත ක්‍රමයක් තිබුණේ නැහැ. 13 වන සියවසේ දී ඔරලෝසුව සොයා ගන්නා තුරු ඔවුන් කාලය ගණනය කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා.

හිරු තැටිය

ආදිතම මානවයා කාලය ගණනය කිරීම සදහා භාවිතා කළ උපක්‍රමය ලෙස හඳුනාගත හැකි උපක්‍රමය වන්නේ “හිරු තැටිය” වෙනවා. එහි උපත පිලිබඳව පැහැදිලි තොරතුරක් සොයා ගැනීමට අපහසු වන අතර ආදිකාලීන ඊජිප්තු, රෝම හා ග්‍රීක වැසියන් විසින් මෙය භාවිත කර ඇති බවට සාධක තිබේ. මෙය ක්‍රමයෙන් දියුණු වී පසුකාලීනව පොදු ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.

ජාල ඔරලෝසුව

එසේම ඊජිප්තු වැසියන් විසින් ජලය ආධාරයෙන් කාලය ගණනය කළ ජාල ඔරලෝසුවක් නිපදවා තිබේ. එය ජල බදුන් දෙකකින් සමන්විත වී ඇති අතර ඉන් එකක් අනෙකට වඩා විශාල වී තිබෙනවා. එහිදී උස භාජනයේ සිට පහත භාජනය වෙත නලයක් හරහා ඒකාකාරිව ජලය ගලා ඒමට සලස්වා ඇති අතර මිටි භාජනයේ ඇතුලත කව හැඩයට සලකුණු කර තිබී ඇති අතර ජලය පිරි එම එක් කවයක් පසු කිරීම මගින් පැයක් ගතවන බවට ගණනය කර තිබෙනවා.

ඉටිපන්දම් ඔරලෝසු

එසේම සැක්සන් නැමැති ජාතිකයන් විසින් ඉටිපන්දමක් භාවිතයෙන් කාලය ගණනය කර තිබෙනවා. එනම් එම ඉටි පන්දම කොටස් වලට බෙදා තිබී ඇති අතර එම එක් කොටසක් දිය වී යාම මගින් පැයක් ගත වීම ලෙස සලකා තිබෙනවා.

ආදී කාලීන කුළුණු ඔරලෝසුවක පින්තුරයක් – pinterest.com

යාන්ත්‍රික ඔරලෝසුවේ ආගමනය හා විකාශනය

මේ ආකාරයේ විවිධ ක්‍රම අනුගමනය කරමින් ආදී වැසියන් කාලය ගණනය කර තිබෙනවා. එසේ ආරම්භ වූ කාලය ගණනය කිරීම යාන්ත්‍රික ඔරලෝ0764610701සුවක් දක්වා වර්ධනය වී තිබෙනවා. කව්රු විසින් කවදා මෙම යාන්ත්‍රික ඔරලෝසුව සොයා ගත්තාදැයි නිශ්චිත නොවුණ ද ඒ 13 වන සියවසේ අග භාගයේ දී යැයි සැලකෙනවා. එහි දී 1309 දී ඉතාලියේ පල්ලියක එවැනි ඔරලෝසුවක් තිබු බවට තොරතුරු ඉදිරිපත් වී තිබෙනවා.

ලෝකයේ පැරණිතම ඔරලෝසුව ලෙස සැලකෙන්නේ සැලිස්බරි දේවස්ථානයේ ඇති ඔරලෝසුව යි. එය 1386 දක්වා අතීතයකට හිමිකම් කියන්නා වූ අතර එය මුහුණතක් නැති ඔරලෝසුවකි. එය පැයෙන් පැයට හඳ නැගීමෙන් කාලය ගණනය කරයි. මේ ආකාරයට අපට මුල් කාලීන ඔරලෝසු හඳුනාගත හැකි වන්නේ සාමාන්‍යයෙන් දේවස්ථාන ආශ්‍රිතවයි. එහිදී එම ඔරලෝසු අධික බරකින් යුතු වී තිබෙනවා. මන්ද එම ඔරලෝසු ක්‍රියාකාරී වී ඇත්තේ එහි බර මගිනු යි.

1450 දී දඟර ගැසුණු දුනු සහිත ඔරලෝසු නිපදවා තිබෙනවා. ඒවා අතේ ගෙන යාමට හැකි තත්වයේ ඒවා විය. පළමු ඔරලෝසුවක් නිපදවීම පිලිබදව සදහන් වන්නේ 1510 දීයි. 16 වන සියවසේ සමහර ධනවත් මිනිසුන්ගේ නිවෙස් වල ඔරලෝසු දකින්නට ලැබී ඇති අතර ඒවා ඉතාමත් මිල අධික වී තිබෙනවා. නමුත් මෙම පැරණි ඔරලෝසු වල පවතින ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ එම ඔරලෝසුවල නිරවද්‍යභාවය අඩු වීමයි. 1840 දී විද්‍යුත් ඔරලෝසුව නිපදවා තිබෙන අතර 1905 දී පරමාණුක ඔරලෝසු නිපදවා තිබෙනවා.

මුල් කාලයේ බ්‍රිතාන්‍යයේ සෑම නගරයකටම එයටම අදාල වූ වෙලාවක් පැවති ඇති අතර දුම්රිය ගමන් ආරම්භ වන තුරු එය එක් මතයකට පැමිණ නොතිබිණ. අන්තර්ජාතික කාල කලාප සකස් කර තිබෙන්නේ 1884 වර්ෂයේ දී වෙනවා. පළමු නූතන යාන්ත්‍රික ඔරලෝසුව ලෙස සැලකෙන්නේ 1510 දී ජර්මන් යතුරු කපන්නෙකු විසින් සොයා ගත්‍ ඔරලෝසුවයි. පැරණිම ඔරලෝසු නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන්නේ “Seth Thomas Clocks” සමාගම යි.

(කරේ පළඳින ඔරලෝසුවක පින්තූරයක්) – printerest

(දම්වැල් ඔරලෝසුවක්) – shop.nationalgeo

පළමු අතේ ගෙන යා හැකි ඔරලෝසුව යුරෝපයේ දී නිපදවා ඇති අතර ඒ 16 වන සියවසේදි යි. එහෙත් ඒවා අතේ හෝ සාක්කුවේ ගෙන යාමට අපහසු තරම් බරින් මෙන්ම විශාලත්වයෙන් ද වැඩි වුනා. එසේම ඒවා නිරවද්‍ය භාවයෙන්ද අඩු වූ අතර ශබ්දයෙන් අධික මෙන්ම ඒවායේ නිමාව ද එතරම් ඉහළ තත්ත්වයක තිබී නැත. එසේම ඒවා කරේ පළදින ඔරලෝසු ලෙස පැවතී ඇත. කාලයත් සමග ඒවා වීදුරු මුහුණක්‌ සහිතව මෙන්ම ප්‍රමාණයෙන් කුඩා ඔරලෝසු ලෙස වැඩිදියුණු වී තිබෙනවා. මෙම කරේ පළඳින ඔරලෝසු කාන්තාවන් අතර ජනප්‍රිය වූ විලාසිතාවක් වුණා.

1675 වසරේදී නිපද වූ ඔරලෝසු දම්වැල් සහිත වූ අතර ඒවා කබායේ පැළඳීමට හැකි ඒවා විය. මෙය ඉතාමත් ඉක්මනින් විලාසිතාවක් බවට පත්ව ව්‍යාප්ත වූ අතර ඒවා පිරිමින් අතර ජනප්‍රිය වූ විලාසිතාවක් ද වී තිබුණි.

(නවීන ඔරලෝසුවක්) – geekarlets.com

18 වන සියවස වන විට ඔරලෝසු තාක්ෂණය දියුණු වීමට පටන් ගත අතර ඒවා මිලෙන් අඩු ඒවා මෙන්ම දෝෂවලින් ද අඩු නිරවද්‍ය ඔරලෝසු ලෙස හඳුනා ගන්නට පුළුවන් වෙනවා. 19 වන සියවසේදී සමාජය නවීකරණය වීමත් සමගම විවිධ මාදිලිවල ඔරලෝසු නිපද වූ අතර විද්‍යුත් ඔරලෝසු ද ජනප්‍රිය වුනා. වර්තමානයේ දී ද අත් ඔරලෝසුව මිනිසා අතර ඉතාමත් ජනප්‍රිය අංගයක් වෙනවා. මේ කාලයේ දී කරේ දමන ඔරලෝසු මෙන්ම දම්වැල් ඔරලෝසු දකින්නට ලැබෙන්නේ නැහැ. මුල් කාලීනව ධනවතුන් අතර පමණක් ජනප්‍රිය වූ විලාසිතාවක්ව පැවතුන ද 21 වන සියවසේ දී ඔරලෝසුව යනු සෑම සමාජ මට්ටමකම පුද්ගලයන් අතර ජනප්‍රිය අංගයක් ලෙස දැක ගන්නට ලැබෙන අතර එය ඉතාමත් ජනප්‍රිය විලාසිතාවක් ද වෙනවා.

කවරයේ පින්තුරය: rado.com

Related Articles