Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොංකොං කුඩ විප්ලවය

1842 වසරේ සිට බ්‍රිතාන්‍ය යටතේ පැවති හොංකොං, චීනය විසින් පවරා ගන්නේ 1997 වසරේ දී යි. එතැන් පටන් චීනය විසින් හොංකොං රාජ්‍ය පාලනය වන අතර එම ක්‍රමය හඳුන්වන්නේ “එකම රටක් – පාලන ක්‍රම දෙකක්” ලෙස. ඒ කියන්නේ චීනය චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය වන නමුත් හොංකොං එම පාලනය යටතට වැටෙන්නේ නෑ. හොංකොං වෙත චීන රජයේ කැමැත්ත මත පත්වෙන ප්‍රධාන විධායක නිලධාරියා හා හොංකොං හි ව්‍යවස්ථාදායකය එම රට පාලනය කිරීම සිදු කරනවා.

චීනය විසින් හොංකොං වෙත සිදුකරන අනවශ්‍ය දේශපාලන අතපෙවීම්වලට එරෙහිව එරට ජනතාව අවස්ථා ගණනක දී විරෝධතා ව්‍යාපාර මෙහෙයවා ඇති අතර මේ දිනවල දී ද එවැනි විරෝධතා ව්‍යාපාරයක් දරුණු ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ හොංකොං ව්‍යවස්ථාදායකය විසින් එරටට හඳුන්වා දුන් උදර්පණ නීතියකට එරෙහිව යි. මෙහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ මෙම නව නීතිය හරහා චීනයට අවශ්‍ය කෙරෙන හොංකොං වැසියන්ව චීනයට ගෙන්වාගෙන අවශ්‍ය දඩුවම් ලබා දීමට හැකියාව පවතින බව යි.

මේ දිනවල ඇති වී තිබෙන උද්ඝෝෂණ මාලාවේ දී විරෝධතාකරුවන් විසින් හොංකොං ගුවන් තොටුපොළට කඩා වැදීම (wordpress.com)

ඒ හේතුවෙන්  එරට ගුවන් තොටුපොල පවා වසා දැමීමට සිදුවෙන විරෝධතාකරුවන් දහස් ගණනක් ගුවන් තොටුපොළට ඇතුළු වීම එයට හේතුව වෙනවා. මේ වන විට රටපුරා විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන අතර හොංකොං පොලිසිය විසින් එම ව්‍යාපාර මර්ධනය කරමින් සිටිනවා.

විරෝධතාවලට පොලිස් ප්‍රහාර (independent.co.uk)

අද ලිපියෙන් ගෙන එන්නේ ඔවුන් විසින් චීන කොමියුනිස්ට් රජයට විරුද්ධව මේ ආකාරයෙන්ම 2014 වසරේ දී මෙහෙය වූ විරෝධතාවයක් පිළිබඳව යි. එය ලෝකය පුරා ප්‍රසිද්ධ වන්නේ කුඩ අරගලය ලෙස යි. එයට හේතුව වන්නේ බොහෝ විරෝධතාකරුවන් කහ පැහැ හා වෙනත් පැහැ කුඩ ඉසලාගෙන හා විවිධ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඔස්සේ විරෝධතාවයට එක් වී සිටීම යි.

කුඩ අරගලය ආරම්භ වීමට හේතුව

කහ කුඩ විරෝධතාවය (i.guim.co.uk)

හොංකොං පාලනය සිදු කරන්නේ චීන රජය විසින් පූර්ණ පරීක්ෂාවෙන් පත් කෙරෙන විධායක නිලධාරියෙක්. මේ මඟින් හොංකොං ස්වාධීනත්වයට චීන කොමියුනිස්ට් පක්ෂය ඇඟිලි ගසන බව පවමිනුයි මේ විරෝධතාවය 2014 වසරේ දී ආරම්භ වෙන්නේ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ස්වාධීන රජයක් තමන් වෙනුවෙන් ලබා ගැනීමට හොංකොං ජනතාවට අයිතිය ලබා දිය යුතු ය යන්න යි.

2014 වසරේ සැප්තැම්බර් 22 වන දින මෙහි ආසන්නතම විරෝධතා ව්‍යාපාරය ආරම්භ වෙනවා. ඒ සඳහා මුලිකත්වය ගන්නේ හොංකොං හි විශ්ව විද්‍යාල සිසුන් පිරිසකුයි. ඔවුන්ගේ සංවිධානය වන්නේ හොංකොං ශිෂ්‍ය ෆෙඩරේෂණය යි. පසුව එරට විපක්ෂයේ පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු පාර්ශව දහයකට වඩා වැඩි පිරිසක් සිය සහාය පල කරනවා. සහභාගී වූ මුළු විරෝධතාකරුවන් ප්‍රමාණය මිලියන 1.2ක් ලෙස දක්වන්න පුලුවන්.

කුඩ අරගලයේ නම නිර්මාණය වීම 

කහ කුඩ විප්ලවය (cdn.i-scmp.com)

Umbrella Revolution, එහෙම නැත්නම් “කුඩ විප්ලවය”, කියලා මේ විරෝධතාවයට මුලින්ම නම දැම්මේ බටහිර මාධ්‍යවේදියෙකු වෙන ඇඩම් කොටම් විසින්.  ඔහු විසින් නිකුත් කෙරුණු ට්විටර් පණිවුඩයක යි එලෙස සටහන් වෙන්නේ. 

මෙම විරෝධතාවලට හොංකොං පොලීසියෙන් නිරන්තර බාධා එල්ල වෙන අතර විශේෂයෙන් ඔවුන් එල්ල කරන පෙපර් ස්ප්‍රේවලින් ගැලවීමට තම මුහුණ වසා ගැනීම සඳහා විරෝධතාකරුවන් විසින් කුඩ භාවිතා කරනවා. අධික හිරු රැසෙන් ආරක්ෂා වීම, විරෝධතාවය නිර්මාණාත්මක අන්දමින් පවත්වාගෙන යාම හා විරෝධතාවය සඳහා ජාත්‍යන්තර මාධ්‍ය අවධානය ලබා ගැනීම, මෙම කුඩ භාවිතා කිරීමේ අනෙක් අරමුණු ලෙස දැක්විය හැකියි.

හොංකොං හි Admiralty, Mong Kok හා Causeway Bay යන ස්ථාන කිහිපයකම දැවැන්ත විරෝධතා රැලි කිහිපයක්ම මෙම සමයේ දින 79ක් පුරා පැවති අතර මේ සියලු ස්ථානයන් හි විරෝධතාවයේ පොදු සංකේතය ලෙස භාවිතා වන්නේ කුඩය යි. 

විරෝධතාවය අවසන් වීම 

පෙපර් ස්ප්‍රේවලට එරෙහි කුඩ (mediad)

මෙම විරෝධතාවයට 2014 වසරේ ඔක්තොම්බර් මාසය වන විට ලෝකය පුරා නගර 64ක විරෝධතාකරුවන් සිය සහාය පල කරනවා. නමුත් සැප්තැම්බර් 28 වන දා සිට දෙසැම්බර් 15 වන දා දක්වා දින 79 ක් පුරා පැවති උද්ඝෝෂණය අවසන් වන්නේ කිසිදු ජයග්‍රහණයකින් තොරව යි. ඒ හොංකොං රජයේ ආරක්ෂක අංශයන් දිගින් දිගටම කළ මර්ධන හමුවේ යි. ඒ සඳහා චීනය කළ බලපෑම ද අති විශාල යි. මේ වසරේ ද ආරම්භ වූ චීන රජයට හා චීනයට හිතවත් හොංකොං පාලනයට එරෙහි උද්ඝෝෂණ තාම නිමාවක් නොවී ඇති අතර බොහෝ දුරට ඒවා චීනය යටපත් කිරීමෙන් නිශේදනය වී යනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

කවරයේ පින්තූරය -mediad

Related Articles