Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත්‍ය කතා පදනම් වූ HORROR සිනමාපට කිහිපයක්

බීභත්ස්‍ය හෙවත් සන්ත්‍රාසය දනවන සිනමාපට එහෙමත් නැත්නම් කවුරුත් දන්නා HORROR සිනමාපට ෂානරයට ලෝක සිනමාවේදී විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඒ නිසාම එවන් සිනමාපට නරඹන ඊටම අනන්‍ය වූ සිනමා රසිකයන් පිරිසක් මෙන්ම සිනමා නිර්මාණ ශිල්පින් පිරිසක්ද ලොව වටා සිටිනවා. සෙමෙන් වර්ධනය වන සන්ත්‍රාසය දනවන කතා පුවතක්, අඳුර සහ සෙවණැලි වලට විශේෂ ස්ථානයක් හිමි වීම, අතිමානුෂික බලවේග දක්නට ලැබීම ආදී එයටම ආවේණික ලක්ෂණ රැසක් HORROR සිනමාපට වලදී අපට දැකගැනීමට හැකියි. මේ එවන් සිනමාපට අතුරෙන් සත්‍ය කතා පුවත් ඇසුරෙන් නිර්මාණය කෙරුණු සිනමාපට කිහිපයක් ගැන තොරතුරුයි.

THE EXORCIST

change.org

1973 වසරේදී නිර්මාණය කෙරුණු මේ සිනමාපටය සඳහා පදනම් වුණේ එනමින්ම යුතුව ඊට වසර දෙකකට පෙර එළි දැක්වූ නවකතාවක්. එම නවකතාවට පාදක වුණේ 1940  දශකයේ අග භාගයේ පමණ සිදුවූවා යයි සැලකෙන සත්‍ය සිදුවීම් කිහිපයක්. ඒ අතුරෙන් වඩාත් ප්‍රකට වුණේ රෝලන්ඩ් ඩො නම් 14 හැවිරිදි ළමයා මුහුණ දුන් සිදුවීම් දාමයක්. එම ළමයාට යම් ආත්මයක් ආරූඪ  වී ඇති අතර එය රේමන්ඩ් නම් පියතුමකු විසින් ඡායාරූප ගතකර තිබෙනවා.

THE EXORCIST අතිශයින්ම ජනප්‍රිය වූ සිනමාපටයක් වන අතර පසුකාලීනව එහි තවත් සිනමාපට නිර්මාණය වුණා.කෙසේ වෙතත් THE EXORCIST ලෝක ඉතිහාසයේ සාර්ථකම HORROR සිනමාපට අතරින් එකක් ලෙසටද සැලකෙනවා.

A NIGHTMARE ON ELM STREET

letterboxd.com

සිහින වලදී  ඝාතනය කෙරෙන ලාබාල තරුණයන් පිරිසක් සහ ඔවුන් පසුපස සැඟවුණු අබිරහසක් ගැන කියවෙන් මෙම සිනමාපටය තිරගත කෙරුණේ 1984 වසරේදී යි.මේ සිනමාපටය සඳහා Los Angeles Times පුවත්පතේ පළ වූ ලිපි පෙළක් පදනම් වූ අතර සිනමාපටයේ අධ්‍යක්ෂක වෙස් ක්රෙවන් ගේ කුඩා කාලයේ යම් අත්දැකීම් ද එහි ඇතැම් දර්ශන වලට හේතු වූ බවත් පැවසෙනවා.

නින්දේ දී මිනිසුන් මියයාම සිදුවන එම මනෝ භාවය එවකට මනෝ වෙද්‍ය වරුන් විසින් හඳුන්වනු ලැබුවේ Asian Death Syndrome යන නමෙනුයි. සිනමාපටයේ එන දුෂ්ටයාගේ චරිතය සඳහා ක්රෙවන් පාදක කරගෙන ඇත්තේ ඔහු කුඩා කාලයේ දුටු තැනැත්තෙක් බවත් පැවසෙනවා.

PSYCHO

natlab.nl

ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය ලොව හොඳම සිනමාපටයක් ලෙසටද සැලකෙනවා. 1960 වසරේ තිරගත වූ එය ඇකඩමි සම්මාන හතරකටද නිර්දේශ වූ අතර බොහෝ විචාරකයන් එය සලකන්නේ හිච්කොක් විසින් නිර්මාණය කළ හොඳම සිනමාපටය ලෙසටයි.

PSYCHO සඳහා පදනම් වුණේ එම නමින්ම යුතු රොබර්ට් බ්ලොච් ගේ නවකතාවයි. රොබර්ට් එම නවකතාව සඳහා වස්තු බීජය ලෙස යොදාගෙන ඇත්තේ එවකට ඉහළ ප්‍රසිද්ධියක් ලබා සිටි එඩ් ගීන් නම් මානසික රෝගී මිනිමරුවකුගේ කතා පුවතයි. The Silence of the Lambs සිනමාපටයට ද ඔහුගේ කතා පුවත පදනම් වූ අතර එඩ් ගේ  චරිතය ඇසුරෙන් බ්ලොච් විසින් නොර්මන් බෙට්ස් චරිතය නිර්මාණය කර තිබෙනවා.

The Conjuring

nusabali.com

2013 වසරේදී තිරගත කෙරුණු The Conjuring සිනමාපටයේ කතා පුවත වන්නේ සිය දියණියන් සමග නව නිවසකට යන යුවළක් සහ ඔවුන්ගේ දියණියන් මුහුණ දෙන අද්භූත සිදුවීම් දාමයක්. එඩ් සහ ලොරේන් වොරන් දෙදෙනා විසින් සිදුකළ පර්යේෂණ වලදී අනාවරණය වූවා යයි සැලකෙන අසාමාන්‍ය සිදුවීම් දාමයක් මෙම සිනමාපටයට පදනම් වන අතර ඒ සඳහා The Amityville Horror නම් නවකතාවේද ආභාසයක් ලබා ඇති බව පැවසෙනවා.

එඩ් වරන් විසින්  තමා විසින් පටිගත කළ තොරතුරු නිෂ්පාදක ටෝනි ඩිරෝසා වෙත ලබා දී වසර විස්සකට පමණ පසු සිනමාපටය නිර්මාණය වීමත් ඒ වනවිට එඩ් වොරන් ජිවතුන් අතර නොවීමත් මෙම සිනමාපටයේ විශේෂත්වයක් ලෙස සැලකෙනවා. The Conjuring සිනමාපට මාලාවේ දෙවැනි දිගහැරුම වූ Annabelle සඳහා පදනම් වුනේද එඩ් වොරන් සතු වූ තොරතුරුයි.

The Strangers

www.narcity.com

හදිසියේම නිවසට පැමිණෙන බිහිසුණු ආගන්තුකයන් පිරිසකගේ සිරකරුවන් වන යුවළක් ගැන කියවෙන The Strangers තිරගත කෙරුණේ 2008 වසරේදී යි. මෙම සිනමාපටය සඳහා අධ්‍යක්ෂක බ්‍රයන් බර්ටිනෝ සිය ළමා කාලයේ අත්දැකීම් කිහිපයක් යොදාගත් බවත් පැවසෙනවා. එසේම 1969 වසරේ මුළු ඇමරිකාවම කැළඹු සුප්‍රකට මැන්සන් පවුලේ ඝාතනයන්ද මෙම සිනමාපටය සඳහා පදනම් වී තිබෙනවා.

The Rite

hollywoodreporter.com

2011 වසරේ තිරගත වුණු මේ සිනමාපටයට පාදක වුණේ ද එනමින්ම යුතු නවකතාවක්. මැට් බග්ලියෝ විසින් එම නවකතාව රචනා කර තිබුණේ ගැරී තෝමස් නම් මන්ත්‍ර ගුරුකම් ආදියේ නිපුන දේවගැතිවරයකුගේ අත්දැකීම් ඇසුරෙනුයි.

යක් දෙස්සන් ලෙස පුහුණු කළ 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක සාමාජිකයකු වූ තෝමස්  පියතුමා ගේ චරිතය ඇසුරෙන් The Rite සිනමාපටයේ කතානායක මයිකල් කොවක් ගේ චරිතය නිර්මාණය කෙරී තිබෙනවා. සිය පියාගෙන් ගැබ්ගත් ලාබාල තරුණියකගේ සිරුරෙන් යක්ෂ ආත්මය ඉවත් කිරීමට ගන්නා උත්සහයක් ඇතුළත් මෙම සිනමාපටයේ ඇතැම් සිද්ධීන් එලෙසින්ම සිදු වූ ඒවා බවත් පැවසෙනවා.

The Possession

horrorpedia.com

කුඩා දැරියක් විසින් මිලදී ගන්නා පැරණි පෙට්ටියක් තුළින් මතුවන ආත්මයක් මත පදනම් වන මෙම සිනමාපටය සඳහා වස්තු බීජය සපයා ඇත්තේ Los Angeles Times  පුවත්පතේ පළ වූ සත්‍ය කතාවක් බව පැවසෙනවා.

ඊට අනුව E-BAY වෙතින් ගෙන්වා ගන්නා කුඩා ලී කැබිනට්ටුවක් තුළින් මතුවන ආත්මයක් හේතුවෙන් එහි හිමිකරුවන්ට බිහිසුණු සිදුවීම දාමයකට මුහුණ පෑමට සිදු වෙනවා. The Possession තිරගත වුණේ 2012 වසරේදී යි.

Cover- wallpapersite.com

මූලාශ්‍ර

listverse.com

Related Articles