Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මත්පැන් භාවිතය සමාජ පිළිලයක් වී ඇති අන්දම

මත්ද්‍රව්‍ය, ඔබ කා හටත් ඉතාමත් හුරුපුරුදු නිතර කතා බහට ලක් වෙන මාතෘකාවක්. වර්තමානයේදී කුඩා බිළිඳෙකුගේ උපත සැමරීමේ උත්සවයේ සිට මරණ අවස්ථාවන්හි දුක සැමරීම දක්වාම බොහෝ දෙනා මෙම මත්ද්‍රව්‍යයෙහි පිහිට පතනු දකින්නට ලැබෙනවා. නමුත් මත්ද්‍රව්‍ය යනු අපගේ ශරීර සෞඛ්‍යයට කිසිසේත්ම සුදුසු නොවන අහිතකර දෙයක් බව අප කව්රුත් දන්නා කරුණක්. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ජීවිතයට හා සමාජයට වන අයහපත ගැනයි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ.

theplaidzebra.com

මත්ද්‍රව්‍ය යනු?

මත්පැන් යනුවෙන් හඳුන්වන්නේ අපගේ ශරීරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක විය හැකි, කාලයක් භාවිතා කළ විට ඇබ්බැහි වීමක් ඇති කරන, ශරීරයට හානිදායක වන රසායනික ද්‍රව්‍යයක් යනුවෙන් හඳුනා ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන්ම මේවා භාවිතා කිරීමෙන් පසුව අපගේ සිරුර ආශ්‍රිතව ඇති වන මත් ගතිය හේතු කරගෙන එය මත්පැන් යන නාමයෙන් හඳුන්වනු ලබනවා.

මත්පැන් හා බැදුණු ඉතිහාසය

මෙම මත්පැන් පිළිබඳව සලකා බලන විට එය මෑතකදී මිනිසා විසින් පරිභෝජනය ආරම්භ කළ දෙයක් නොවන අතර ඉතාමත් ඈත අතීතයේ මානව ශිෂ්ටාචාරයේ මුල්කාලීන යුග වලදී පවා මිනිසා මත්පැන් භාවිතා කර තිබෙනවා. එනම් මෙයට වසර දහස් ගණනකට පෙර පලතුරු යුෂ, පැණි ආදිය භාවිතයෙන් මත්පැන් නිපදවා ඇති බවට තොරතුරු හමු වන අතර ආදි කාලීන ඊජිප්තු වැසියන්ද ක්‍රිස්තු පූර්ව 7000 දී පමණ චීනයේද මෙම මත්පැන් භාවිතා කර තිබෙනවා. එසේම ක්‍රිස්තු පූර්ව 3000-2000 අතර කාලයේදී ඉන්දියාවේ සුරා නමින් හැඳින්වූ සහල් වලින් නිපදවූ මත්පැන් භාවිතා කර තිබන අතර ක්‍රිස්තු පූර්ව 2700 දී පමණ බැබිලෝනියානුවන් සුරා දෙව්දුව වන්දනයේ පවා නිරත වී තිබෙනවා. මේ ආකාරයට ලෝකයේ මත්පැන් හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු හඳුනා ගැනීමට හැකි වනවා.

( http://www.drugfreeworld.org/drugfacts/alcohol/a-short-history.html )

ලංකාවේ මත්පැන් හා බැඳුණු ඉතිහාසය පිළිබඳව සලකා බලන විට අතීත රජවරුන්ගේ වසර 2600 කට පමණ ප්‍රථම ගෞතම බුදුන් වහන්සේගේ කාලයේදීද මෙරට එලෙස මත්පැන් වර්ග භාවිතා වී තිබෙන බවට තොරතුරු හමු වනවා. නමුත් බුදු දහමට අනුව මත්පැන් භාවිතයෙන් අත්හල යුතු දෙයක් ලෙසයි විස්තර වන්නේ. එහෙත් ලංකාවට වර්තමානයේ පවතින ශරීරයට හානිකර මත්පැන් ලැබී ඇත්තේ යුරෝපීය ජාතිකයන්ගේ ආක්‍රමණ වලින් පසුවයි. එනම් 1505 දී පෘතුගීසින් විසින්ද, 1658දි ලන්දේසීන් විසින්ද, 1796 දී ඉංග්‍රීසින් විසින්ද ලංකාවට පැමිණීමෙන් අනතුරුව එම යුරෝපිය ජාතිකයන් මෙම මත්පැන් භාවිතා කර තිබෙනවා මෙන්ම ඒවා ලාංකිකයන් අතරද ප්‍රචලිත කර තිබෙනවා. එලෙස ලාංකීය සමාජය වෙත පැමිණි මත්පැන් යනු වර්තමානය වන විට අපගේ සමාජයේ පවතින බරපතලම ගැටලුව බවට පත් වී හමාරයි. එයට හේතුව බොහෝ දෙනා මෙම මත්පැන් වෙත ඇබ්බැහි වී සිටීමයි.

( http://www.island.lk/index.php?page_cat=articledetails&page=article-details&code_title=153174 )

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සදහා බලපාන හේතු

මෙලෙස සමාජ ගැටලුවක් බවට පත්වීම දක්වා මෙම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම කෙරෙහි අවධානය යොමු කරන විට ප්‍රධාන සාධක කිහිපයක් මෙලෙස හඳුනා ගැනීමට හැකි වනවා. එනම් මෙම මත්ද්‍රව්‍ය භාවිතය හා බැඳුණු වැරදි මත හා විශ්වාස ප්‍රධාන තැනක් ගන්නවා. එනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට අනුව ඔවුන් ඉදිරිපත් කරන වැරදි මත වන්නේ මත්පැන් පානය කිරීමෙන් සතුටක් වින්දනයක් ලැබෙන බව, ආත්ම විශ්වාසය වැඩිකර ගැනීමට හැකිය, ප්‍රශ්න අමතක කළ හැකිය , මහන්සිය දුරු කරගත හැකිය ආදී වශයෙනි. නමුත් මේ සියල්ල මිත්‍යා මත වන අතර ඉන් සිදු වන්නේ තිබෙන ගැටලු තවත් උග්‍ර වීම පමණයි.

එසේම මෙම මත්පැන් අලංකාර බෝතල් වල බහා තිබීම, ඒවා භාවිතා කරන අවස්තාවන් ආකර්ශනීය වීම, භාවිතා කිරීම හා බැඳී පවතින වාග් මාලාව, විශේෂ හැසිරීම් ඇති වීම වැනි  ඒ ආශ්‍රිතව ඇති ආකර්ෂණීය බවද මත්පැනට පෙළඹීමේ එක සාධකයක් වනවා. එසේම මත්පැන් සමාගම් මගින් ගෙන යන විවිධ ව්‍යාපාරික උපක්‍රමද, ප්‍රචණ්ඩකාරීව සමාජය තුළ හැසිරීමට හැකි වීම ආදිය නිසාද බොහෝ විට මෙම මත්පැන් වෙත ඇති පෙළඹවීම වැඩි විය හැකියි.

මත්පැන් භාවිතයෙන් ඇති වන අතුරු ආබාධ

healthweak.com (මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ දැක්වෙන පින්තුරයක්)

වර්තමානය වන විට සමාජයට පිළිලයක් බවට පත් වී ඇති මෙම මත්පැන් භාවිතය පුද්ගලයාගේ දිවියට බොහෝ බලපෑමක් සිදු කරනවා. ලංකාව තුළ මේ වන විට මත්පැන් අධි පරිභෝජනයක් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව එය සනාත වන අතර සාක් කලාපයේ රටවල් අතරින් වැඩිම මත්පැන් පරිභෝජනයක් ඇති රට වන්නේද ලංකාවයි.

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2015 වසරේ කර ඇති  සංගණනයන්ට අනුව ලංකාවේ පිරිමින් අතරින් 34.8% පමණ මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසා රෝග වලට භාජනය වනවා. ලංකාව තුළ කාන්තාවන් අතර මත්පැන් භාවිතය අවම මට්ටමක එනම් 0.5 % පමණ පවතින්නේ. එසේම ලංකාවේ රජය වසරකට බිලියන 140ක් පමණ මත්පැන් භාවිතය නිසා ඇති වූ රෝග තත්ත්ව වලට ප්‍රතිකාර සදහා මෙන්ම බීමතින් රිය පැදවීම නිසා සිදු වන අනතුරු වලට ප්‍රතිකාර කිරීම සඳහා වැය කරනවා. එසේම දිනකට මත්පැන් භාවිතය නිසාවෙන් පුද්ගල මරණ 65ක් පමණද වසරකට 23000 ක් පමණද ජීවිතක්ෂයට පත් වෙනවා. එසේම වයස අවුරුදු  25-45 අතර පිරිමි අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමට බලපාන හේතුව වන්නේද මෙම මත්පැන් පානයයි. මේ අනුව බලන කල මත්පැන් අපගේ රටට සිදු කර ඇති හානිය අතිමහත්.

(http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=153174 )

thinglink.me (මත්පැන් භාවිතයෙන් හානිවූ හදවතක හා නිරෝගී හදවතක් අතර වෙනස)

මත්ද්‍රව්‍ය අපගේ සිරුරේ සෑම අවයවයකටම අහිතකර ලෙස බලපානවා. එහිදී බොහෝ සෙයින් අක්මාව ආශ්‍රිතව ඇති වන සිරෝසිස් තත්ත්ව, අක්මාව අක්‍රිය වීම සිදු විය හැකියි. එසේම එය හදවත කෙරෙහිද බලපාන අතර හෘදයේ පේශිවල අබාධ ඇතිවීම හා අධිරුධිර පීඩනය, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව, ලිංගික බෙලහීනතාවය, මන්දපෝෂණය ටද හේතු වනවා. තවද මෙය ඇබ්බැහියක් බවට පත්ව මත්පැන් නොමැති වූ විට අතපය වෙව්ලීම, වලිප්පුව වැනි විරමන ලක්ෂණ ඇති වීම සිදු වෙනවා. එසේම මෙම මත්ද්‍රව්‍ය භාවිතය පිළිකා ඇති වීම කෙරෙහිද ප්‍රධාන හේතුවක් වෙනවා.

(https://www.niaaa.nih.gov/alcohol-health/alcohols-effects-body)

මත්පැන් භාවිතා කරන්නන් නිතරම මානසික ආතතියෙන් පෙලෙන අතර ඔවුන්ගේ සතුටද සීමා වෙනවා. එනම් ඔවුන්ට තෘප්තියක් ලැබීමට හැකි වන්නේ මත්පැන් භාවිතයෙන් පමණයි. එසේම මෙම පුද්ගලයන් ඉක්මනින් කෝපයට පත් වන අතර එනිසා පවුල තුළ ගැටුම් ඇති වීම අදිය නිසාවෙන් පවුල් සංස්ථාවද බිඳ වැටෙනවා. එසේම එය ආර්ථිකය කෙරෙහිද ප්‍රබල ලෙස බලපෑමක් වන අතර ආර්ථික අස්ථාවරත්වය ඇති වනවා. එසේම එම හේතු නිසා සමාජ සබන්ධතා බිඳ වැටීම කෙරෙහිද හේතු වෙනවා. එපමණක් නොව මෙම මත්පැන් භාවිතය වර්තමානය වන විට මාර්ග අනතුරු ඇති වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවද වනවා. එනම් මත්පැන් පානය කර රිය පැදවීම හේතුවෙනුයි.

narconon.org (නිරෝගී අක්මාවක් හා සිරෝසිස් තත්වයට ලක්වූ අක්මාවක් අතර වෙනස)

මේ ආකාරයට මත්ද්‍රව්‍ය ආශ්‍රිතව ඇති වන අතුරු ආබාධ රැසක් හඳුනා ගැනීමට හැකි වන අතර ඒවා තමන් විසින්ම ඇති කරගන්නා ගැටළු ලෙස හඳුන්වන්නට හැකියි. එනිසා අපට රෝග පමණක් ගෙන දෙමින් අපගේ දිවිය බිඳ දමන මෙම මත්පැන් පානයෙන් ඈත් වීම වර්තමාන යුගයේ සමාජ අවශ්‍යතාවයක් වෙනවා.

කවරයේ පින්තූරය: cloudfront.net

මූලාශ්‍ර:

http://www.island.lk

https://www.alcohol.org.nz

https://www.niaaa.nih.gov

http://www.drugfreeworld.org

http://www.drugfreeworld.org

Related Articles