Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය වෛද්‍ය විද්‍යාල පිළිනොගන්නා හේතු මොනවා ද?

මේ දිනවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ දැඩි කතා බහකට ලක්ව තිබෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය විසින් ලෝකය තුළ ඔවුන් පිළිනොගන්නා වෛද්‍ය විද්‍යාල කිහිපයක් පිළිබඳව තොරතුරු පසුගිය දා වාර්තා කර තිබුණා. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකුත් එයට ඇතුලත්ව තිබූ අතර එය එසේ ඇතුලත් කර තිබුණේ ලංකාවේ වෛද්‍ය සභාව එය පිළිනොගන්නා නිසා පමණක් යැයි වාර්තා පළ වී තිබුණා. ඇත්තටම බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය කියන්නේ මොකක්ද? හා ඔවුන් තම රට තුළ එම විදේශ විශ්ව විද්‍යාල පිලිනොගන්නා හේතු මොනවා ද? වගේ ප්‍රශ්න ගණනාවක් ඔබේ හිසට එන්න පුළුවන්. මේ ඒ පිළිබඳව කළ විමසුමක්.

ලන්ඩනයේ පිහිටා ඇති එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවේ  මුලස්ථාන ගොඩනැගිල්ල – dailymail.co.uk

බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය

1858 වෛද්‍ය පනත යටතේ General Council of Medical Education and Registration of the United Kingdom හෙවත් වෛද්‍ය අධ්‍යාපනය හා ලියාපදිංචිය පිළිබඳව එක්සත් රාජධානියේ මහා සභාව පිහිටුවා තිබෙනවා. එය ව්‍යවස්ථාපිත ආයතනයක් වෙනවා. එය වර්ෂ 1951 සිට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ලෙස හඳුන්වා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන කාර්ය වන්නේ එක්සත් රාජධානිය තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් හා සෞඛ්‍ය අධ්‍යාපනයක් පවත්වාගෙන යෑම වෙනවා. එමෙන්ම ඔවුන් රෝගීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් දැඩි වෙහෙසක් ගනු ලබනවා. බ්‍රිතාන්‍ය තුළ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහල දැමීම හා එම රටේ සේවය කරන වෛද්‍යවරුන් වෙනුවෙන් හා වෛද්‍ය ශිෂ්‍යයන්ට අදාලව ප්‍රමිති නිර්ණය කිරීමද ඔවුන්ගේ කාර්යක් වෙනවා.

ස්වාධීන ආයතනයක් වන ඔවුන් පහත කරුණු හරහා බ්‍රිතාන්‍ය තුළ ගුණාත්මක හා ඉහළ විශ්වාසයකින් යුතු වෛද්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

– තම රට තුළ සේවය කිරීමට සුදුසු වෛද්‍යවරුන් තීරණය කිරීම හා එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳව කටයුතු කිරීම

– තම රටේ සේවය කරන වෛද්‍යවරුන් වෙනුවෙන් ප්‍රමිති නිර්මාණය හා ඒවා පිළිපැදීමට ඔවුන් යොමු කිරීම හා ඔවුන්ට එම ප්‍රමිතීන් ළඟාකර ගැනීම වෙනුවෙන් උපකාර කිරීම

– රෝගීන්ට ගුණාත්මක සේවාවක් ලබා දීම

සෑම රෝගියෙක් උසස් ප්‍රමිතයකින් යුතුව රැක බලාගැනීමත් මෙයට ඇතුලත් වන අතර ඔවුන් විසින් වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් හා රෝගීන් අතර පවතින විශ්වාසය ඉහළ නැංවීමටත් කටයුතු කරනු ලබනවා.

එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවේ මුලික කාර්ය්‍යන් – www.gmc-uk.org

විදේශ රටක සුදුසුකම් සහිත වෛද්‍යවරුන් එක්සත් රාජධානිය තුල පිළිගැනීම

එක්සත් රාජධානිය සලකනු ලබන්නේ ගුණාත්ම සෞඛ්‍ය සේවයක් සහිත රටක් ලෙසයි. වෙනත් රටවල මෙන්ම ඔවුන්ගේ රට තුලට එන විදේශීය සිසුන්  PLAB විභාගයට ( මෙය අන්තර්ජාතික වෛද්‍ය උපාධිධාරීන්ට එක්සත් රාජධානිය  තුළ සේවය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා තිබෙනවා ද යන්න පිළිබඳව සහතික කර ගැනීමට ඇති විභාගය වෙනවා) මුහුණ දිය යුතු අතර එය එරට වෛද්‍ය සංගමය තුළ ලියාපදිංචියට අවශ්‍ය ප්‍රබලතම සාධකයක් වෙනවා. ඔබට ඔවුන් පිළිගත් විදේශීය අධ්‍යාපන ආයතනයක සුදුසුකමක් මත ඉහත විභාගයට ඉල්ලුම් කළ හැකි වෙනවා. එමෙන්ම ඔවුන්ගේ සංගමයේ සියලුම පිළිගත් කරුණු වලට අනුකූල නොවන කිසිදු අයෙකුට එරට තුල සේවයට අවස්ථාව උදාවෙන්නේ නෑ. එම කරුණු අතරින් කිහිපයක් පහත දැක්වෙනවා.

  1. එය පහත ආයතන වල සහතිකලත් වෛද්‍ය සහතිකයක් විය යුතුයි.
  • එම සහතිකය ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියේ ඇති වෛද්‍ය විද්‍යාලයකින් හෝ   අන්තර්ජාතික වෛද්‍ය අධ්‍යාපන නාමාවලියේ ඇති හෝ
  • එම ලැයිස්තු වල නැති එක්සත් රාජධානියේ වෛද්‍ය සංගමයේ පිළිගත් හෝ
  • දැනටමත් එක්සත් රාජධානියේ වෛද්‍ය සංගමයේ පිළිගත් වෛද්‍ය ආයතනයක් වීම

02 – ඉහත නාමාවලි වල ඇතුළත් නොවන වෛද්‍ය විද්‍යාල එක්සත් රාජධානියේ වෛද්‍ය සංගමයේ පිළිගන්නේ පහත හේතුන් ගෙන් එකක් මත එය සිදු වී නොතිබුණා නම් පමණයි.

  • ඔබට සුදුසුකම් පිරිනමන රට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පිළිනොගත් රටක් වීම
  • එය යුරෝපියානු ප්‍රාථමික සුදුසුකමක් වීම
  • එමෙන්ම කිසියම් හෝ හේතුවක් නිසා හෝ ඔබ සුදුසුකම ලබාගත් ආයතනය තව දුරටත් වෛද්‍ය අධ්‍යාපනය ලබා නොදීම හා එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවට එම සුදුසුකම පිළිබඳව සත්‍යවාදී සහතිකයක් ලබා ගැනීමට හැකි වීම.
  1. එමෙන්ම ඔබ සහතිකය ලබා ගත් වෛද්‍ය ආයතනය සම්බන්ධ කර ගැනීමේ ප්‍රමාණවත් තරම් පහසුකම් තිබිය යුතු එකක් වීම හා එම තොරතුරු මගින් ආයතනය හරහා ඔබගේ සුදුසුකම් තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබීම.
  1. එමෙන්ම ඔබ විසින් අවම අවුරුදු ගණනක්  තුළ සේවා පැය 5,500 ක් සම්පුර්ණ කර තිබිය යුතු අතර එය ඔබ ඉල්ලුම් කරන විෂය ක්ෂේත්‍රය හා වෙනස් වේ.

මේ ඉන් සමහරක් වන අතර තවත් සාධක රාශියක් පවතී.

ඔබව බ්‍රිතාන්‍ය තුල වෛද්‍යවරයෙකු ලෙස පිලිනොගන්නා හේතු

ඔබ විසින් PLAB විභාගයට මුහුණදීමට හෝ ලියාපදිංචි වීමට සිටින අයෙක් නම් ඔබ මුලින්ම ඔබගේ සුදුසුකම් එය හා ගැලපේනවා දැයි විමසිය යුතු වෙනවා.

ඔවුන් එම විභාගයට ඉල්ලුම් කිරීමට හෝ වැඩිවීමට අවස්ථාවක් ලබා නොදෙන විශ්ව විද්‍යාලයකින් ඔබ ඉගෙනනුම ලබා ඇත්නම් ඔබට කෙසේවත් PLAB විභාගයට මුහුණදීමට හෝ එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවේ ලියාපදිංචියට හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම් සුදුසුකමක් එසේ සුදුසුකම් නොලබන එසේ නැත්නම් පිළිනොගන්නා සුදුකමක් වීමට බලපාන හේතු රාශියක් පවතිනවා. මේ ඉන් සමහරක්.

  • බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සතුව පවතින තොරතුරු මත ඔවුන්ට එය ඔවුන් පිළිගන්නා අපේක්ෂිත සුදුසුකම් හා නොගැලපෙන බව සනාථ වීම.
  • එම සුදුකම පිළිගැනීම පිළිබඳව පවතින ගැටළුකාරී බව හා විමර්ශන වලින් පසුව ඔවුන්ට එය ඔවුන්ගේ ප්‍රමිතීන් හා ගැලපෙන බවට කිසිදු සැහීමකට පත්විය හැකි තොරතුරක් නොලැබීම.
  • එම අධ්‍යාපන වැඩසටහනට හෝ ලබාදෙනු ලබන සුදුසුකම්  අදාළ අක්‍රමිකතා ගෙන තොරතුරු ලැබීම සහ එම සුදුසුකම පිළිගත හැකි බවට ප්‍රමාණවත් තරම් හා සැහීමකට ලක්විය හැකි තරම් තොරතුරු නොමැති වීම.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ඔබව වෛද්‍යවරයෙක් ලෙස පිළිනොගන්නා හේතූ – www.gmc-uk.org

ඔබ ඉගෙන ගත් වෛද්‍ය විද්‍යාලය එම ලෑස්තුවේ තිබෙනවා නම් PLAB විභාගයට හෝ ලියාපදිංචියට ඉල්ලුම් කළ නොහැකිවන්නේ එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවේ ප්‍රාථමික කාර්ය ලෙස ඔවුන්ට පැවරෙන  එක්සත් රාජධානිය තුල පොදු සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම, ප්‍රවර්ධනය හා නඩත්තු කිරීම ඔවුන් සිදු කළ යුතු නිසයි.

මෙම වෛද්‍ය විද්‍යාල මෙසේ අසාදු ලේඛන ගත කිරීම ඔවුන් විසින් සුළුකොට සිදුකළ කාර්යක් වන්නේ නෑ. එසේ කරනු ලබන්නේ එම විද්‍යාල ගෙන පුළුල් හා විධිමත් විමර්ශනයක් සිදුකළ පසුවයි. ඔවුන් මෙසේ තීන්දු කරණු ලබන්නේ වැඩි වශයෙන්ම මෙය ඔවුන්ගේ අප ඉහත සඳහන් කරන ලද ප්‍රාථමික කාර්යන් නිසියාකාරව පවත්වා ගැනීමට ගැටළුවක් වන නිසයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැරුණු කොට එම ලැයිස්තුවට තවත් වෛද්‍ය විද්‍යාල 13ක් ඇතුලත්ව තිබෙනවා.

අවසානවතාවට නිකුත් කළ පිළිනොගන්නා විශ්ව විද්‍යාල වාර්තාව – www.gmc-uk.org

කවරය – media.licdn.com

Related Articles