Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනත් අයට අවශ්‍ය කෙනෙක් නොවී ඔබ ඔබම වන හැටි

අපි අනිත් අය කරන නිසා බොහෝ දේ කරනවා. ඒ බොහෝ දේවල් එහෙම කරන්නේ අනිත් අයගේ හිත් සතුටු කරන්නට මිසක් අපි කැමති නිසාම නෙවෙයි. අවසානයේ අපේ ක්‍රියා කලාපය, පෙනුම සමඟ සම්පූර්ණ ජීවිතයම අනිත් අය අපි ගැන මේ මේ ආකාරයෙන් හිතනවා ඇතැයි අපට සිතන පරිද්දෙන් මැටියෙන් ඇඹූවක් බවට පැමිණෙනවා.

මේ කලිසම මට කොහොම වේවිද? මම මට හිතෙන දේ කිව්වොත් මගේ යාළුවො මොනවා හිතයිද? මගේ හිතට එන දේ මම සමාජ ජාල අඩවියක ලිව්වොත් ඒ නිසා අනිත් අය තරහා වෙයිද? මගේ කාර්යාලයේ අය මම නැතිවිට මම ගැන මොනවගේ දේවල් කථා වෙනවා ඇතිද? මම මේ රැකියාවට ගියොත් මගේ යහළුවෝ සහ දෙමව්පියන් මගේ ගැන මොනවා හිතයිද?

ඒ ඡේදය ලිවීමෙන්ම මට හිසරදය වගේ මොකද ඒ ගැන ඔබ මොනවා හිතයි ද දන්නේ නෑති නිසා. ඒ ඡේදයෙන් ඔබට පෙනෙනවා ඇති, සාමාන්‍යයෙන් තමන්ම එහෙම හිතනවාට වඩා මෙහෙම වෙනත් කෙනෙක් කියනා ලෙසින් කියවීමෙන් එය අසහනකාරී බවක් දනවන බව. එහෙම වෙන එකේ වරදක් නැහැ, මොකද තමන්ගේ වැරදි තමන්ට පෙනෙනවා අඩුයි. මෙමගින් ඔබ අනිත් අය දෙයක් කරන තෙක් බලාගෙන ඉන්න, සාමාන්‍ය වහර අනුව කියනවා නම් ‘කොන්ද පණ නැති’ කෙනෙක් බවට පත් කරනු ලබනවා. නරකම දේ, ඉන් කිසිම වැරදි දේකට හඬ නොනගන පිරිසක් බිහිවීමයි.

ඒත් අද තමයි අපි අනිත් අයට ඕන ඕන දේ කරන අන්තිම දවස. අද, අපි අපිව ම හඳුනාගෙන අපි තුළ තිබෙන යහපත් දේවල් සමඟ ලෝකය වෙනස් කරන කෙනෙක් බවට පැමිණීමේ මුල් පියවර වන, තමා වෙනස් වීමේ ක්‍රියාවලිය අරඹනවා.

කිසිම කෙනෙක්ට ඔබ කරන දේ ගැන ගණනක්වත් නැහැ

(news.com.au)

(news.com.au)

විශ්වාස කරන්න, අපි හිතාගෙන ඉන්න තරම් අපි මහා විශේෂ පුද්ගලයෝ නෙවෙයි. අපි හැමදාම අනිත් අය අපි ගැන විවිධ දේ හිතනවා ඇති කියලා හිතාගෙන ජීවිතය ගෙවන නමුත් සත්‍යය නම්, ඒ අය හිතන්නෙත් ඒ විධියටම තමයි. විශේෂයෙන් ආර්ථික තරගයට යටත් වුණු සමාජයක ඒ අයට අපි ගැන හිත හිතා ඉන්න මොහොතක්වත් නැහැ. එහෙම වෙලාවක් ලැබුණත්, ඒ අය අපි වගේ ම කරන්නේ තමන් ලෝකෙට පෙනෙන්නෙ කොහොමද කියලා හිතන එක මිසක් අවට ඉන්න ඔබ ගැන නෙවෙයි.

මනෝ විද්‍යා පර්යේෂණ වලින් අනාවරණය වී ඇති අන්දමට කෙනෙක් දිනකට සාමාන්‍යයෙන් සිතිවිලි පනස් දහසක් සමඟ පමණ ගැටෙනවා. ඒ අනුව කෙනෙක් අපි ගැන දිනකට දහ වතාවක් හිතන ලදැයි අනුමාන කළොත්, එදින තුළ සිතන ලද අනිකුත් සිතිවිලි සමුදායෙන් එය 0.02%ක් පමණ යි. ඉතින් ඔබ ඒ අයගේ ජීවිතවලට කෙළින් ම බලපෑමක් වන ආකාරයේ දෙයක් කළත් ඒ ගැන සිත සිතා ඉන්නට එයාලා වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. මොකද “මම” සහ “මගේ” දේවල් කාගෙ දේටත් වඩා වැදගත්.

කෝච්චියට නැගලා බටනලා වැනි සංගීත භාණ්ඩ වාදනය කරන අය බොහෝ දෙනෙක්ට මුණ ගැහිලා ඇති. ඔවුන් කවදාවත් තමන්ගෙ හැකියාව ගැන අනිත් අය මොනවා හිතනවාද කියලා පොඩ්ඩක්වත් වධ වෙන්නෙ නැහැ. එහෙම බැලුවාම අපිට වඩා ඔවුන් දියුණුයි. ඒ කොහොම නමුත්, බොහෝ දෙනක් කරන්නේ ඒ වාදනය රසවිඳීම කෙසේ වෙතත් දුම්රිය මැදිරියේ ඉන්න අනිත් අයගේ හැඟීම් කොහොමද කියලා බලන එකයි. ඒ අය සිනාසෙනවා නම් ඔවුන් ද සිනාසෙනවා. නන්නාඳුනන වෙනත් අයෙක් දෙන්නෙ රුපියල් සියය නම්, ළමයින්ට ගෙදර කන්න නැතත් රුපියල් දෙසියයක් දෙන්න පෙළඹෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ඉදිරිපත් කරන්නාව බහුතරයක් දෙනා ගණන් නොගන්නා බව පෙනුනොත් කවුළුවෙන් අනන්තය සොයන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ විධියට මනස ක්‍රියා කරන ආකාරය හඳුනාගත්තොත් අපිට එය මෙහෙයවා ගන්නා හැටිත් පෙනෙන්නට පටන් ගන්නවා.

හැමෝටම ඕනෑ විධියට ඉන්නට කාටවත් ම බැහැ

(home-by-5.com)

(home-by-5.com)

සමාජයේ හැම කෙනෙක්ට ම අවශ්‍ය විධියට තමන්ගේ ජීවිතය ස්ථාවරව වෙනස් කරගෙන ජීවත් වෙන්නට මිහිපිට ඉන්න කිසිම කෙනෙක්ට බැහැ. අඩුගානේ එහෙම කරන්නට උත්සාහ කරන්නටවත් ගියොත් වෙන්නේ අර ඊසොප් උපමා කථාවේ එන ‘බූරුවා පිටනැඟි පියපුතු’ කථාවේ කියැවෙන විධියට අන්තිමට යස අගේට ඉන්න බූරුවාගේ පිටේ නොයා ඌව කරේ තියාගෙන ගමන යන්නයි. ඒ නිසා කිසිම අනවශ්‍ය දෙයක් සමාජය කියන පදේට කරට අරගෙන දුක් විඳින්නේ නැතිව බුද්ධියෙන් විමසීම වැදගත්.

ඔබ කාර්යාලයේ සිටියත්, දුම්රියේ හෝ බස් රියේ සිටියත්, අන්තර්ජාලයේ මල්ටිප්ලේයර් ගේම් එකක් සෙල්ලම් කළත්, සමාජ ජාල වෙබ් අඩවියක දෙයක් පළ කළත් පමණක් නොවෙයි මේ මොහොතේ වුණත් ඔබ අවට ඉන්නා අය ඔබ ගැන හිතන දේවල් නවත්වන්නට ඔබට හෝ කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ. ඒත්, මෙසේ සිදුවීම ගැන සිත සිතා ඉඳීමෙන් ඔබේ හැකියාවන්ට සහ සිතට දැනෙන කොටුවුණ ස්වභාවය නැතිකරගන්න ඔබට පුළුවන්.

මේ විධියට ඔබේ පෙනුම හෝ කරන දේවල් ගැන හිතන කෙනෙක්ගෙන් සිදුවෙන්න පුළුවන් නරකම දේ මට කියන්න? ඉතාම ඉහළ සම්භාවිතාවයක් පිළිබඳ සහතික වෙන්න පුළුවන් කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ. අංශු මාත්‍රයක දෙයක්වත් සිදුවෙන්නේ නැහැ. ඊට හේතුව, කළින් සඳහන් කළා වගේ ඒ අයට අපේ ගැන කිසිම ගණනක් නැහැ. හැබැයි සිදුවෙන්නට පුළුවන් එකම දේ තමයි ඔවුන් ඔබ ඔබේ සීමාවන් අත්පත් කර ගැනීම පිළිබඳ ඔවුන් ඔබට සිතින් ප්‍රශංසා කරනවා. යටි සිතින් ඔවුන් ඔබ කළ යහපත් දේට, පුරුද්දට වගේ කිසියම් හෝ දෙයක් නිසා එකඟ නොවෙන්න පුළුවන්. ඒත් ඔවුන් ඔබට ගෞරව කරනවා.

ඔබේ බුද්ධියට අනුව ඔබ විශ්වාස කරන දේට අනුව ඔබ නැඟී සිටින්න; හේතු, අදහස් හෝ ඕනෑම දෙයක් වෙනුවෙන්. එවිට අනිවාර්යයෙන්ම ඔබ සමඟ සමාජය එකඟ නොවේවි. ඒත් ඔබට නිවැරදි කියා හැඟෙන දේ ලෝකෙට කියන එකේ වැරැද්ද මොකක් ද? යුරෝපයේ විරෝධතා මධ්‍යයේ මේ දේ නොවුණා නම් තවමත් සමහරවිට අපි ලෝකය රොටියක් වගේ පැතලි තැටියක් කියලා හිතාගෙන ඉන්නට තිබුණා. ඉතින් අද ඔවුන්ට ඔබව වැරදියට පෙනුනත්, ඔබව හෙළූ ලෝකය ම ඔබව ඉහළට ඔසවා තබන දවසක් එනවා.

ඔබ නෙළාගන්නේ ඔබ වපුරන දෑය

අපි සිතන ආකාරය අනුව අපේ චර්යාවන් ගොඩ නැගෙන නිසා, අනිත් අය අපි ගැන සිතන ආකාරය ගැන වධවීම ස්වසම්පූර්ණ භාවයක් ඇති කරනවා. ඉන් ‘සමාජය සතුටුකරන්නන්’ බිහිවන අතර ඔවුන් සමාජය තමාව විවේචනය කිරීම වළක්වා ගන්නට අනවශ්‍ය පරිදි සියළු දේට එකඟ වන්නෝ බවට, කටවහරේ එන ‘එහෙයියෝ’ ලෙස කටයුතු කිරීමට පටන් ගන්නවා. ඒකාධිපති මානසිකත්වයක් ඇත්තෝ හැරුණාම සමාජ බහුතරය එය ප්‍රතික්‍ෂේප කරනවා. ඔවුන් ඉන් අපහසුතාවයට පැමිණෙන නිසා එම තත්වයට පත්වීම භයංකරයි.

බොහෝවිට තමන් කවුද කියලා අර්ථකථනය වෙන්නේ අපි දැනට ඉතාම ළඟින් ආශ්‍රය කරන පස් දෙනාට අනුවයි. මෙහෙම සිදුවීම මනසේ සාමාන්‍ය හැසිරීම් රටාවක් මෙන්ම එය ඇත්තෙන්ම දුර්වලතාවක්. මනස හැමවිටම පෙළැඹෙන්නේ තමාට තරගය අඩු වවපිටාවකට වෙලා පාඩුවෙ ඉන්නට මිසක් ඔබේ ඉලක්කය වෙත ඔබව ගෙන යන්නට නොවෙයි. එමඟින් අභියෝග අවම වෙන නිසා අපේ හැකියා වර්ධනය අඩාල වෙනවා.

හොඳයි, දැන් අපි බලමු මේ දේවල් වළක්වා ගෙන ඔබ ඔබ ම වන හැටි.

(ultimateresilienceprogram.com)

(ultimateresilienceprogram.com)

ඔබ ඔබ ම වන්නේ මෙහෙමයි

1 – ඔබේ වටිනාකම හඳුනාගන්න

මෙය තමයි ප්‍රථම සහ ප්‍රධානතම දේ.  ඔබ සොයාගන්නට ඕන ඔබට ජීවිතයේ වැදගත් දේ මොනවාද, ඔබ හදවතින්ම පිළිගන්නා දේ කුමක්ද සහ ඔබේ ඉලක්කය කුමක්ද කියන වග. එය වටහා ගත්තාම අනිත් අයට ඔබට වෙන්නට අවශ්‍ය අඹන ලද මැටි ප්‍රතිමාව වන්නට අවශ්‍ය නැති බව ඔබට වැටහෙනවා. ඔබ ඔබේ වටිනාකම හඳුනාගත්තා ම ඔබ වෙනුවෙන් නැගිටින්නට ඔබට දහිරිය ලැබෙනවා.

ඇසෙන හැම දේකටම ‘එහෙමයි’ කියනවා වෙනුවට ‘එපා’ හෝ ‘බැහැ’ කියමින් ඔබේ මිතුරන් ඔබට මත්පැන් පානය කරන්නට වැනි දේට බල කරද්දි නැගී සිටින්නට ඔබට සවිය ලැබෙනවා. එහෙමත් නැත්නම්, ඔබේ චරිතයට හානි වෙන වෙනත් දුරාචාරයක යෙදෙන්නට ඔබේ පෙළඹීම නැතිව යනවා. ඔබ ස්ථිරව සිටියොත් ඔබේ චර්යාවන් ද ස්ථිරව තිබේවි.

2 – ගුහාවෙන් පිටතට පැමිණෙන්න

ඔබේ හැකියාවන්, වටිනාකම හඳුනාගත්තාට පස්සේ ඔබට විවෘත මනසකින් සමාජය සමඟ මුහු වෙන්නට පන්නරය ලැබෙනවා. එය ටිකෙන් ටික ඇරඹීම සඳහා ඔබට බ්ලොග් එකක් ලියන්නට, නුහුරු පන්නයේ ඇඳුමක් අඳින්නට, සභාවක් අමතන්නට, තමන්ගේ සිත්ගත් කෙනාට ඒ බව කියන්නට පුළුවන්.

මේ දේ්වල් කිරීමෙන් ඔබේ මනස, සිතන සහ අදහස් ප්‍රකාශ කරන ආකාරය පිටතට නිරාවරණය වෙනවා. එනිසා ඔබ අවංක වීම වැදගත්. අනිත් අය කරන නිසා හිතුමතේ කරන තවත් කෙනෙක් සමාජය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙසේ ‘සුවපහසු සීමාවෙන්’ ඔබ්බට සිත යොමුකිරීම එය වඩාත් ශක්තිමත් කරවනවා.

3 – බුද්ධිමතුන් ඇසුරු කරන්න

ඔබ මෙතෙක් වසන් කරගෙන සිටි ඔබේ ම අදහස් ලොවට ප්‍රකාශ කිරීමේදී නව පුද්ගලයන් රැසක් ඔබට හඳුනාගන්නට ලැබේවි. එ් අතර ඔබ මෙතෙක් ඉතා ළඟින් ඇසුරු කරන්නට හුරුවී සිටි අයට වඩා විවිධාකාරයේ ගතිගුණ ඇති අය සමඟ කටයුතු කිරීමට ඔබට සිදුවන අතර ඉන් අදහස් සහ මතයන් අතින් පරිපූර්ණ අය තෝරා බේරා ගන්නට කල්පනාකාරී වෙන්න.

අට වසර තෙක් පමණක් පාසලෙන් උගත් මාර්ටින් වික්‍රමසිංහ වැනි පුද්ගලයෙක්ව අපි ඉහළ අධ්‍යාපනයක් නැහැ කියා ප්‍රතික්‍ෂේප කළා නම් ප්‍රබන්ධ කලාවට පමණක් නොවෙයි වෛද්‍ය විද්‍යාව වෙනුවෙන්ද ඔහු කළ මෙහෙවර අපට මඟහැරී මහත් පාඩුවක් සිදුවන්නට ඉඩ තිබුණා. ඒ නිසා ඔබ කල්පනාකාරී විය යුත්තේ, නමට පසු විවිධ අකුරු තිබුන පලියටම  බුද්ධිමතෙක් වන්නේ නැති බවයි.

4 – සාර්ථක ජීවන කථාවල අසාර්ථක කොටස් කියවන්න

අපට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ සාර්ථක පුද්ගලයන්ගේ ජීවිත කථා නමුත් අපි ඒ කථාවල ඔවුන් අසාර්ථකවී, දැඩි අවධානම් තත්වවලට ලක්වී ඊට මුහුණ දී දෙපයින් නැගිටින ලද ආකාරය පිළිබඳව අවධානය යොමු කරනවා අඩුයි.

මෙහිදීත් ඒවා අසන හෝ කියවන විට සිත සොයන්නේ ඔවුන් සාර්ථකව ඉසුරුමත්ව කල් ගෙවන කොටස සහිත ‘සුවපහසු කලාපය’ සොයාගෙන එහි කල් ගෙවන්න යි. ඒ නිසා වැඩි අත්දැකීම් එකතු කරගන්න පුළුවන් වෙන්නේ පරාජිත අවස්ථා දැනගත්තාමයි.

5 – නොදන්නා ප්‍රදේශයකට තනිවම යන්න

යාළුවොත් එක්ක ගමනක් යන එක විනෝදයක් තමයි. ඒත් ඔබේ සිතේ ‘සුවපහසු කලාපයෙන්’ ඔබ්බට ගොස් අභියෝගයකට මුහුණ දෙන්නට නම්, ඉන් පන්නරයක් ලබා ගන්නට අවශ්‍ය නම් කරන්නට ඕනේ තනිවම නොදන්නා පෙදෙසකට ගමනක් යාමයි.

පුළුවන් තරම් අඩුවෙන් අවශ්‍ය දේවල් අරගෙන යන්න. යා යුත්තේ කොහෙටද මිසක් ගමන යන හැටි ගැන ටිකක්වත් සැලසුම් කරන්න එපා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා, ඔබට කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. මුලදී අපහසුතාවක් දැනුනත් ඉන් අධෛර්යය වෙන්න එපා. ඔබ ජයග්‍රහණය කරා පියනගන දවස අදයි.

මුලාශ්‍රය: lifehacker.com

කවරයේ පින්තුරය: psychologyformarketers.com

Related Articles