Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘එන පොට හොඳ නැති බව’ දරුවාට කියාදෙමු!

2020 පළමු දින 15 තුළ පමණක් බරපතල ලිංගික අඩත්තේට්ටම් සිද්ධීන් 142ක්, බරපතල ලිංගික අපයෝජන 42ක් සහ ළමා අපචාර 54ක් රටේ විවිධ පොලිස් කොට්ඨාසවලින් වාර්තා වී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. පසුගිය වසරේ පමණක් ළමා අපචාර 10,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛන අගයන් බෙහෙවින් හද කම්පා කරවන අතර, එම ගණනයන් මෙම වසර තුළත් මින් ඉදිරියේත් විශාල ලෙස අඩු වන්නට කියා දෙමාපිය අපට ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. 

මෙම දත්ත අප වෙත ඉදිරිපත් කරන තවත් කරුණක් වන්නේ දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත බව පිළිබඳව යි. ඉතින් දරුවන්ගේ ආරක්ෂාව හැකි සෑම අයුරින්ම තරහවුරු කරන අතර, දරුවන්ටත් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නා ආකාරය කියාදීම අපගේ යුතුකමක් ද වනවා.

දූ දරුවන් හුරතල් කරන්නට, සිපගන්නට අප කවුරුත් කැමතියි. නමුත් අවාසනාවකට මෙන්, සැමගේම චේතනාව පාරිශුද්ධ නොවන්නට පුළුවන්. මේ නිසා තම දෙමාපියන් පවා දරුවන් සුරතල් කරන විට, ඔවුන්ව අතපත ගාන ආකාරයෙන් තමා අවදානමකට මුහුණ දෙන්නේ ද යන්න දරුවන් සැලකිලිමත් විය යුතු යුගයකටයි අප පැමිණ සිටින්නේ.

මේ නිසා ආදරේට දරුවන් අතපත ගාමින් හුරතල් කරන පවුලේ අය හෝ ඥාති හිතවතුන් මෙන්ම කොයි කවුරුත්, තමන් හුරතල් කරන ආකාරයෙන් දරුවාට අවදානම් සහගත තත්ත්වයක් අවබෝධ කරගන්නට අප දරුවන්ට උගන්වමු.

fanpop

හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය (good touch, bad touch) අතර වෙනස දරුවන් නරක ලෙස ඇල්ලීම ගැන කියා දීමට පෙර ඔවුන්ට ඉගැන්විය හැකි කරුණු තුනක් තිබේ. එනම්, විශේෂිත ස්පර්ශක ආරක්ෂණ නීති යි.

1. දරුවන්ගේ විවිධ ශරීර කොටස්වල නම් කියා දෙන්න

දරුවන්ගේ ලිංගික අවයව ඇතුළුව පෞද්ගලික ශරීර කොටස් ගැන නිවැරදි ලෙස දරුවන්ට උගන්වන්න.

ලිංගික අපයෝජනය ගැන ඔවුන් භාවිතා කළ යුතු වචන දැන සිටියේ නැතහොත්, දරුවාට ඒ සම්බන්ධ යමක් පැහැදිලි කිරීම අභියෝගයක් වනවා.

තවද, මෙම ශරීර කොටස්වල නම් භාවිතා කර ඒ ගැන කතා කිරීම වරදක් නොවන බව දැනගැනීමට ඔවුන්ට එය උපකාර වේ.

ඔබේ කුඩා දරුවාට විවිධ ශරීර කොටස් උගන්වන විට ශරීර කොටස් සඳහා නිවැරදි වචන භාවිතා කිරීම වැදගත් වනවා. (“බඩ” සහ “කන්” වැනි.)

මෙහි දී ඔවුන්ට කියා දිය යුතු තවත් දෙයක් වන්නේ, පිහිනුම් ඇඳුම් කට්ටලයකින් ආවරණය වී ඇති ශරීර කොටස් ඔවුන්ගේ පෞද්ගලික ශරීර කොටස් වන බව යි.

2. “ඔවුන්, ඔවුන්ගේ ශරීරයේ කපිතාන්” බව දරුවන්ට උගන්වන්න.

shutterstock

ඔවුන්ව ස්පර්ශ කරන්නේ කවුරුන්ද යන්න පාලනය කළ හැකි බව ඔබේ දරුවන්ට කියා දෙන්න. මෙය ගෙදර දී ම සුළු අත්දැකීම් හරහා කරන්නට පුළුවන්. ඔබට දරුවා වඩාගන්නට එපා කියනවා නම්, ඔවුන්ගේ ඉල්ලීමට ගරු කරන්න.

දරුවාගේ සොහොයුරෙක් ඔවුන් කිති කවන්නට එපා කියන්නේ නම්, එය නවත්වන්නට කියා දරුවාට කියා දෙන්න.

“ඔබ, ඔබේ දරුවන්ගේ හැසිරීම් අධීක්ෂණය කරන විට, සොයුරු සොයුරියන් සමග සිටින විට එකිනෙකාගේ මතයට ගරු කරන්නට දරුවන්ට කියා දෙන්න. මීට අමතරව, ඔබේ දරුවන් යම් කෙනෙක් වැළඳගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඊට දරුවාට බල කරන්නට එපා.

ඇතැම් නෑ-හිතවත්තු දරුවා දකින මොහොතක් පාසා ඔවුන්ගෙන් සිපගැනීමක් බලාපොරොත්තු වේවි. එවන් විටක, ඔබේ දරුවන්ට ආරක්ෂාව ඉගැන්වීමේ අරමුණින්, ඔබ දරුවාට තම ශරීරයේ පාලනය අතට ගැනීමට උගන්වන බව ඔවුන්ට පහදා දෙන්න.

3. ස්පර්ශ කිරීම් වර්ග තුනක් ඇති බව ඔබේ දරුවාට පැහැදිලි කරන්න.

එම ස්පර්ශ වර්ග තුන නම්;

  • ආරක්ෂිත ස්පර්ශයන්: මේවා ළමයින්ව ආරක්ෂිතව තබා ගත හැකි ස්පර්ශයන් වේ. මේවා දරුවන්ට තමන් වැදගත් යන හැඟීමක් ඇති කරයි. ආරක්ෂිත ස්පර්ශයන්වලට වැළඳ ගැනීම, පිටට තට්ටු කිරීම සහ උරහිස වටා අතක් දැමීම ඇතුළත් විය හැකිය.

ඇතැම් විට ආරක්ෂිත ස්පර්ශයන් වේදනාකාරී වන්නට ද පුළුවන්. නිදසුනක් ලෙස; සමේ ඇනුණු කටුවක් ඉවත් කිරීමේ දී. කටුවක් ඉවත් කිරීම වේදනාකාරී වුවත්, එය කරන්නේ දරුවට ඉක්මන් සුවය ලබාදීමට බව ඔවුන්ට තේරුම් කළ යුතු ය.

  • අනාරක්ෂිත ස්පර්ශයන්: මේවා දරුවන්ගේ ශරීර හෝ හැඟීම් රිදවන ස්පර්ශයන් ය.

(උදාහරණ ලෙස; පහර දීම, තල්ලු කිරීම, පහර දීම සහ පයින් ගැසීම). මේ ආකාරයේ ස්පර්ශයන් සුදුසු නැති බව ඔවුන්ට තේරුම් කර දෙන්න.

  • අනවශ්‍ය ස්පර්ශයන්: මේවා ආරක්ෂිත විය හැකි නමුත්, දරුවාට එම අවස්ථාවේ හෝ එම පුද්ගලයාගෙන් හෝ මෙම ස්පර්ශයන් අවශ්‍ය නොවනු ඇත.

හුරුපුරුදු පුද්ගලයෙකුගෙන් වුව ද, අනවශ්‍ය ස්පර්ශයකට “එපා”යැ යි පැවසීමට දරුවාට හැකි බව කියා දෙන්න. ශක්තිමත් නමුත්, ආචාරශීලී ආකාරයෙන් අනවශ්‍ය හා නුසුදුසු දේට “එපා”යැ යි පැවසීමට ඔබේ දරුවන් හුරු කිරීම ඉතාමත්ම වැදගත් වනවා. ඊට දරුවාට උදව් කරන්න.

මෙසේ එපා කීමට ඉගෙන ගැනීමෙන්, තම පෞද්ගලික සීමාවන් නියම කිරීමට දරුවන් ඉගෙන ගැනීමට උපකාරී වනවා.

shutterstock

ස්පර්ශ කිරීම හෝ දරුවන් නරක ලෙස ඇල්ලීම හා සම්බන්ධ ආරක්ෂණ නීති

දරුවන්ට ඔවුන්ගේ පෞද්ගලික ශරීර කොටස් නමින් දැන හඳුනාගත හැකි වූ පසු ඔවුන්ට ස්පර්ෂයන් ගැන තව දුරටත් පහදා දිය හැක.

විවිධ ආකාරයේ ස්පර්ශයන් මෙන්ම නුසුදුසු, අනතුරුදායක ස්පර්ශ වර්ග ඇති බව කියා දිය යුතු ය.

දරුවාට වඩා වයසින් වැඩි කෙනෙක් දරුවාගේ පුද්ගලික ස්ථාන අත පත ගෑම, ස්පර්ශ කිරීම අන්තුරුදායක බව දරුවාට අවබෝධ කළ යුතු වනවා. මෙය දරුවාට කියන ආකාරය, දරුවාගේ වයස අනුව ඔබ තීරණය කළ යුතු යි.

කුඩා දරුවෙකුට ඔබට මෙසේ පැවසිය හැකිය; “ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක්, ඔයාගේ පුද්ගලික ස්ථාන ඇල්ලීම සුදුසු නැහැ. ඒ කරන්නෙ ඔයාව පිරිසිදු කරන්නටවත්, සෞඛ්‍ය සම්පන්නව තබාගන්නටවත් නෙවෙයි. ඉතින් අපේ පවුලේ නීතිය හැටියට කිසිම වැඩිමහල් කෙනෙකුට ඔයාගේ පුද්ගලික ස්ථානවලට අත තියන්නට බැහැ”.

දෙමාපියන් සිහි තබාගත යුත්තේ ඉහත කී “ඒ කරන්නෙ ඔයාව පිරිසිදු කරන්නට නොවෙයි” කොටස අදාළ වන්නේ දරුවාගේ නැපි මාරු කිරීමට, නහවන්නට, පොටිය පාවිච්චි කරන්නට, දිවා සුරැකුම් හෝ වෙනස් ස්ථානවල යෙදෙනෙවා නම් හෝ ආදිය අනුව යි.

“ඔයාව සෞඛ්‍ය සම්පන්නව තබාගන්නටවත් නෙවෙයි” කොටස අදාළ වන්නේ වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථාවක ආදියේ දී යි. දරුවා සමග වෛද්‍යවරයා හමුවීමට යා යුත්තේ සෑම විටකම පවුලේ වැඩිහිටි සාමාජිකයෙකු සමග යි.

තරමක් දැනුම් තේරුම් ඇති දරුවෙකුට ඔබට මෙසේ පැවසිය හැකිය, “තවත් ආකාරයක අනාරක්ෂිත ස්පර්ශයක් වන්නේ; කවුරුන් හෝ ඔබේ පෞද්ගලික ශරීර කොටස් වැරදි ආකාරයකින් ස්පර්ශ කිරීමයි. මෙය ඔබට නිරෝගීව තබාගැනීමට හෝ සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට නොවේ. එසේ නම්, එලෙස අපහසුතාවක් ඇති වන පරිදි හෝ වෙනත් ආකාරයකින් හෝ පුද්ගලික ස්ථාන ස්පර්ශ කිරීම පවුලේ නීතිය අනුව කොහෙත්ම සුදුසු නොවන බව යි.”

දරුවන් නරක ලෙස ඇල්ලීම ගැන ඔවුන්ට කියාදීමේ දී, පහත සඳහන් ආරක්ෂණ නීති ඔබේ දරුවන්ට උගන්වන්න;

  • වෙනත් කෙනෙකුගේ පෞද්ගලික ශරීර කොටස් ස්පර්ශ කිරීම සුදුසු නැත.
  • ඔබ ඉදිරිපිට දී කිසිවෙකු තමාගේ පෞද්ගලික ශරීර කොටස් ස්පර්ශ කිරීම සුදුසු නැත.
  • යමෙකු, ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික සිරුර ස්පර්ශ කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටීම සුදුසු නැත.
  • කිසිවෙකුට හෝ ඔබේ ඇඳුම් ගලවා ගන්නට ඉල්ලා සිටීම කොහෙත්ම සුදුසු නැත. (වෛද්‍ය පරීක්ෂණවල දී ඔබට යම් ගැටළුවක් තිබේදැ යි නිර්ණය කිරීමට හැර- ඔවුන් ඔබට තුවාල හෝ අසනීපදැ යි බැලීමට උදව් කරන වෛද්‍යවරයෙක් වන බැවිනි.)
  • යමෙකු ඔබ ඇඳුම් ඉවත් කළ පසු ඔබ සමග ඡායාරූප හෝ වීඩියෝ ගැනීම සුදුසු නැත.
  • කිසිවෙකුත් ඔබේ ඡායාරූප හෝ වීඩියෝ වෙනත් අයට පෙන්වීම සම්පූර්ණයෙන් වැරදි ය.
  • ඔබව ස්පර්ශ කළ හැක්කේ කාට ද, ඔබව සිප ගත හැක්කේ කාට ද, හෝ දිය හැක්කේ කාට ද යන්න ඔබට තීරණය කළ හැකිය.
  • ඔයා බදාගන්න. “නැත”යැ යි කීමට ඔබට අයිතියක් ඇත.
pinterest

කවුරුන් හෝ අපහසුතාවක් දැනෙන සේ දරුවන් නරක ලෙස ඇල්ලීම සිදුකළහොත්, ඔවුන් කළ යුත්තේ කුමක්ද?

  • එපා කියන්න! ඔබ එයට අකමැති බවත්, ඔබට එසේ වීමට අවශ්‍ය නැති බවත් එම පුද්ගලයාට කියන්න.
  • වේගයෙන් ඉවතට යන්න! ඔබ අකමැති පුද්ගලයාගෙන් පලා යන්න.
  • නැවත කිසිදිනෙක එම පුද්ගලයා සමග තනිව නොසිටින්න.
  • උදව් සඳහා අමතන්න. ඔබට කෑගැසිය හැකිය.
  • ඔබ පිළිබද ආත්ම විශ්වාස තබාගන්න. ඔබ කිසිම වරදක් කර නැත.
  • යමෙකු ඔබව වැරදි ආකාරයෙන් ස්පර්ශ කළහොත්, ඒ ගැන ඔබ විශ්වාස කරන කෙනෙකුට කියන්න.
  • පලායෑමට හෝ තබාගැනීමට තර්ජනය කිරීමකට ඔබව බිය වීමට ඉඩ නොදෙන්න
  • යම් පුද්ගලයෙක් ඔබව ස්පර්ශ කර, එය රහසක් ලෙස තබාගන්නා ලෙස ඉල්ලා සිටියහොත් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ දෙදෙනා අතර ඇති මෙම රහස, “මේ රහස මගේ හිතට වදයක ද?” කියා ඔබෙන්ම අසන්න.
  • ඔබට අපහසුතාවයක් දැනෙන රහස් තබා ගන්න එපා. ඔබ විශ්වාස කරන පුද්ගලයෙකු වෙත යන්න.
  • ඔබ විශ්වාස කරන්නේ දෙමාපියන්, නෑදෑයෙක්, ගුරුවරයෙක් හෝ ඔබේ වෛද්‍යවරයා නම් ඔවුන්ගෙන් කෙනෙක් වෙත යන්න.
  • ඔබ විශ්වාස කරන කෙනා ඔබව විශ්වාස නොකරයි නම්, ඔබව විශ්වාස කරන කෙනෙකු වෙත යන්න.
  • ඔවුන්ගෙන් අයෙකු ඔබව විශ්වාස කර ඔබට උදව් කරයි.
  • ඔබව වැරදි විධියට ස්පර්ශ කරන පුද්ගලයාගෙන් ඈත්ව සිටීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න. එවැනි කෙනෙකු ඉන්න තැන තනිව සිටින්නට එපා.

හොඳ ස්පර්ශය

  • ඔබ ආදරය කරන අය විසින් බදාගෙන සිපගැනීම සතුටක්. උදාහරණයක් වශයෙන්; ඔබ අවදි වූ පසු අම්මා ඔබව වැළඳගෙන සිප ගන්නා විට.
  • තාත්තා ඔබට සුබ රාත්‍රියක් පතා වැළඳගෙන හාදුවක් දෙන විට.
  • ආච්චි සහ සීයා බැලීමට පැමිණෙන විට සහ සෑම කෙනෙකුම වැළඳ ගන්නා විට සිපගැනීම.

නරක ස්පර්ශය (දරුවන් නරක ලෙස ඇල්ලීම)

  • ඔබට අපහසුතාවයක් දැනෙන ස්පර්ශයන් සාමාන්‍යයෙන් නරක ස්පර්ශයන් වේ.
  • යමෙකු ඔබට නරක ස්පර්ශයක් ලබා දන විට එය රහසක් හැටියට තබා ගත යුතු නැහැ.
  • මේ සම්බන්ධයෙන් ඔබ ගැනම නරකක් සිතන්නට අවශ්‍ය නැහැ. කවුරුන් හෝ ඔබව නරක ලෙස ස්පර්ශ කරන තැනැත්තා නරක කෙනෙක් මිස ඔබ නරක කෙනෙක් නොවේ.
  • ඔබේ ශරීරය අයිති ඔබට යි. ඔබට අවශ්‍ය නැතිනම් කිසිවෙකු ඔබව ස්පර්ශ නොකළ යුතු ය. නරක ස්පර්ශයක් යනු කුමක්දැ යි ඔබ දන්නවා ද?
  • එය ඔබට රිදවන්නේ නම් එය නරක ස්පර්ශයකි.
  • ඔබ ස්පර්ෂ කරනවාට අකමැති තැනක්, යමෙකු විසින් ස්පර්ශ කළහොත් එය නරක ස්පර්ශයක්.
  • ඔබ ස්පර්ශ කරන පුද්ගලයා ඔබේ ඇඳුම්වලට යටින් ඔබව ස්පර්ශ කරන්නේ නම් එය නරක ස්පර්ශයක්.
  • පුද්ගලයෙකු ඔබට අපහසුතාවක් හා නොසන්සුන්තාවක් දැනෙන අයුරින් ඔබව ස්පර්ශ කළහොත් එය නරක ස්පර්ශයක්.
  • එම ස්පර්ශය නිසා ඔබට බියක් හා නොසන්සුන් බවක් ඇති වේ නම් එය නරක ස්පර්ශයක්.
  • යම් පුද්ගලයෙක් විසින් ඔබට ඔහුව ස්පර්ශ කිරීමට බල කළහොත් එය නරක ස්පර්ශයක්.
  • ඔබව ස්පර්ෂ කරන පුද්ගලයා ඒ බව කිසිවෙකුට නොකියන ලෙස ඔබෙන් ඉල්ලා සිටියහොත් එය නරක ස්පර්ශයක්.
  • ඔබ කාට හෝ පැවසුවහොත් ඔබට හානි කරන බවට පුද්ගලයෙකු තර්ජනය කරන්නේ නම් එය නරක ස්පර්ශයක්.

දෙමව්පියන්ට සහ ඥාතීන්, අසල්වාසීන් හා පවුලේ මිතුරන් වන වැඩිහිටියන්ට දරුවන් නරක ලෙස ඇල්ලීම ගැන විශේෂ පණිවුඩයක්:

අවාසනාවකට, ඔබට සමීප හා ඔබ විශ්වාස කරන වැඩිහිටියන් ඔබ දෙන විශ්වාසය අනිසි ලෙස පළුදු කරනු ඇති. වැරද්ද දරුවා ස්පර්ශ කරන කෙනා අත මිස දරුවා අත නොවේ. ලිංගික අපයෝජනය විශාල වරදක්. එම වරද වඩාත්ම පැටවෙන්නේ වැඩිහිටි, වඩාත් ශකතිමත් පුද්ගලයා මත යි.

කවරයේ ඡායාරූපය: The Jakarta Post

මෙය theAsianParent Sri Lanka විසින් සම්පාදනය කළ ලිපියකි.

Related Articles