Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසංගතයෙන් පසු ඔබේ ආර්ථික පුනර්ජීවයට Microsoft වෙතින් වැඩසටහනක්

මෙරට රැකියා වෙළඳපොළ දැන් වසංගතයක් පැමිණියාදැයි කියන්නටවත් නොහැකි තරම් පුනර්ජීවයක් ලබා තිබේ. කොවිඩ්-19 වසංගතය නිසා සනීපාරක්ෂණය, සමාජ දුරස්ථභාවය, සහ නිවසේ සිට වැඩ කිරීම මෙන්ම ව්‍යාපාර ශීඝ්‍රයෙන් ඩිජිටල්කරණය කිරීම ද සමග නව ජීවන රටාවක් බිහිවිය.

මෙම නව වෙනස්කම් දීර්ඝ කාලීනව පවතිනු ඇති බව විශේෂඥ මතය යි. එයට අනුරූපව හැඩ ගැසෙන්නට නම්, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ද නව ශිල්පීය කුසලතාවන් වර්ධනය කරගෙන කාලානුරූපව තම වටිනාකම වැඩි කරගැනීම අත්‍යාවශ්‍ය වේ.

ඩිජිටල් අනාගතයක්

2020 ආරම්භයත් සමග ලෝක ආර්ථික සමුළුව දැවැන්ත පුරෝකථනයන් සමග රැකියා වෙළඳපොළ සම්බන්ධ තොරතුරු ගෙන එනු ලැබීය. තාක්ෂණයෙන් බල ගැන්වෙන රැකියාවන් සමග සිව්වන කාර්මික විප්ලවය දැන් සිදුවෙමින් පවතින අතර, සමුළුව අනුමාන කරන්නේ සේවකයන් තුන්‍ දෙනෙක්ගෙන් දෙදෙනෙක්ම ඉදිරි වසර තුළ නව කුසලතා වර්ධනය කර ගැනීමෙන් ප්‍රතිලාභ ලබනු ඇති බවත්, 2030 වන විට බිලියනයකට අධික සේවක ප්‍රමාණයක් මෙලෙස නව කුසලතාවන් ලැබීම අත්‍යාවශ්‍ය වන බවත් ය. දැනට පවතින රැකියාවන්ට අවශ්‍ය වන කුසලතාවන්ගෙන් 40%ක් 2022 වන විට වෙනස් වනු ඇති බවත් එය වැඩිදුරටත් පෙන්වා දෙයි.

වසංගතයෙන් පසු ආර්ථිකය නගා සිටුවීම සඳහා තීරණාත්මක සාධකයක් වන්නේ ඩිජිටල් සාක්ෂරතාවය (Digital Literacy) යි. බොහෝ රටවල් දැනටමත් ඩිජිටල් පරිණාමනය යනු දියුණුවේ ඉදිරි මාවත ලෙස හඳුනාගෙන ඇති අතර, කොවිඩ්-19 වසංගතය නිසා එහි අවශ්‍යතාවය තවත් වැඩි විය. සමාජ දුරස්ථභාවය, සහ නිරෝධායන ඇඳිරි නීතිය නිසා අපගේ සාමාන්‍ය ජීවන රටාව සීමාවී ඇති හෙයින්, සේවාවන් සපයා ගැනීමට ඩිජිටල් වේදිකා සහ තාක්ෂණයන් මත අපට තව දුරටත් රඳා සිටීමට සිදුවී තිබේ.

Image Courtesy: The Guardian

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය මෑතක දී ඉහළ යාමට පටන්ගෙන ඇති අතර, 2018 දී 42% සිට 2019 දී 46% දක්වාත්, 2020 මුල්භාගය වන විට 49.5% දක්වාත් ඉහළ ගොස් තිබේ. Microsoft සමාගමේ නව වැඩසටහනක් මෙය තවත් වැඩි කරලීමට දායක වෙමින් පවතී.

Microsoft වෙතින් විසඳුමක්

රැකියා සඳහා නව ප්‍රමුඛතා සහ නිර්ණායක ගෙන ආ කොවිඩ්-19 නිසා වර්තමාන රැකියා වෙළඳපොළ තුළ විශාල පෙරළියක් ඇතිවිය. නව අභියෝගයන්ට මුහුණදීමට, සහ වසංගත කාලය තුළ ඇති වූ පාඩු පියවා ගැනීමට ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම වේගවත් කළ යුතු වන බැවින්, ආයතනයන් වත්මන් සේවකයන්ට ඩිජිටල් කුසලතා ලබාදීමත්, එම රැකියා භූමිකාවන් සඳහා ඩිජිටල් කුසලතා ඇති අය බඳවාගැනීමටත් ඉඩ තිබේ. ඩිජිටල් ආර්ථිකයක් තුළ වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අවශ්‍යතාවය මත නව රැකියාවන් ද බිහිවිය හැකිය. ඒ අනුව, රැකියාවල නියුතු සහ රැකියා විරහිත යන දෙපිරිසටම ඉල්ලුමට සරිලන ලෙස තම (ඩිජිටල්) කුසලතාවන් ඉහළ නංවා ගැනීම සඳහා නව අභියෝගයක් මල්ඵල ගැන්වෙමින් පවතී.

තම ඩිජිටල් කුසලතා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් ඇති අයට උපකාර ලද හැකි එක් මඟක් වන්නේ Microsoft ගෝලීය නිපුණතා වැඩසටහන යි. Microsoft ආයතනය පවසන ආකාරයට, මෙම සුවිශේෂී වැඩසටහන විශේෂයෙන් සංවර්ධනය කර ඇත්තේ “කොවිඩ්-19 මඟින් බලපෑමට ලක්වූවන්ට ඩිජිටල් ආර්ථිකයක් තුළ පවතින ඉල්ලුමට සරිලන භූමිකාවන් සඳහා අවශ්‍ය කුසලතාවන් වර්ධනය කරගැනීමට” ය. 

2020 මැදභාගයේ අරඹන ලද මෙම වැඩසටහන හරහා, වසරාවසානය වන විට රැකියාවන් සොයා යන මිලියන 25 දෙනෙකුට ප්‍රතිලාභ ලබාදීම Microsoft සමාගමේ මූලික අරමුණ යි. ඔවුන් සතු නවතම සේවාවන් වන LinkedIn සහ GitHub ද ඒකාබද්ධ කරමින් පුළුල් පරාසයක දත්ත පාදක ඉගෙනුම් පාඨමාලා වෙත නොමිලේ ප්‍රවේශය සැපයීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

Image Courtesy: Morioh

ගෝලීය නිපුණතා වැඩසටහන වෙත පිවිසුම් අවස්ථා වැඩි කිරීම සඳහා ලෝක ව්‍යාප්ත අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ආන්තික ප්‍රජාවන් සමඟ කටයුතු කළ Microsoft සමාගමට ගෝලීය වශයෙන් ඉල්ලුමට සරිලන රැකියා භූමිකාවන් දහයක් හඳුනාගැනීමට හැකිව තිබේ. ඔවුන්ගේ වැඩසටහන ද මේවාට ගැලපෙන ලෙස සකසා තිබීම විශේෂත්වයකි.

  1. පාරිභෝගික සේවා විශේෂඥ (Customer Service Specialist)
  2. දත්ත විශ්ලේෂක (Data Analyst)
  3. ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ (Digital Marketing Specialist)
  4. මූල්‍ය විශ්ලේෂක (Financial Analyst)
  5. ග්‍රැෆික් ඩිසයිනර් (Graphic Designer)
  6. තොරතුරු තාක්ෂණ සහාය / කාර්මික ශිල්පීය සහායක  (IT Support/Help Desk Technician)
  7. තොරතුරු තාක්ෂණ පරිපාලක (IT Administrator)
  8. ව්‍යාපෘති කළමනාකරු (Project Manager)
  9. අලෙවි නියෝජිත (Sales Representative)
  10. මෘදුකාංග සංවර්ධක (Software Developer)

Microsoft සතු learning paths හරහා මෙම එක් එක් භූමිකාවන් සඳහා ඩිජිටල් සාක්ෂරතාවයේ සිට, තාක්‍ෂණික රැකියා සඳහා ‘නිෂ්පාදන මත පදනම් වූ නිපුණතා’ දක්වා පුළුල් පරාසයක නිපුණතා ප්‍රමාණයක් ආවරණය කෙරේ. ඒ අනුව, ඉහත ක්ෂේත්‍රවල රැකියා අපේක්ෂකයන්ට, ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් උගන්වනු ලබන LinkedIn Learning වෙත ප්‍රවේශවිය හැකි අතර, පාඨමාලාව සම්පුර්ණ කළ බවට ඩිජිටල් (මුද්‍රිත නොවන) සහතිකයක් ද ලද හැකි වේ.

මීට අමතරව, මෘදුකාංග සංවර්ධක, තොරතුරු තාක්ෂණ පරිපාලක සහ දත්ත විශ්ලේෂක වැනි IT රැකියා සොයන්නන්ට Microsoft Learn වෙතින් ගැඹුරු තාක්ෂණික ඉගෙනුම් පහසුකම් ලැබෙනු ඇත.

2021 මාර්තු අවසානය වන විට, Microsoft ගෝලීය නිපුණතා වැඩසටහන ‍තුළින් රටවල් 249කට අධික ප්‍රමාණයක මිලියන 30 ඉක්මවූ ජනතාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් 30,000කට ප්‍රතිලාභ සලසා දී තිබේ.

Microsoft ගෝලීය නිපුණතා වැඩසටහන සමග Microsoft සමාගමේ අවසාන අරමුණ වන්නේ ඩිජිටල් ආර්ථිකයක් තුළ සාර්ථකවීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ අවස්ථාවන් සමග පුද්ගලයින් සහ සංවිධාන සවිබල ගැන්වීමේ ගෝලීය ඉලක්කයට සහායවීම යි.

කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන්ට, නව දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම හරහා ආර්ථික පුනර්ජීවය තුළ නව රැකියා අවස්ථා ලබා ගැනීමට ඉඩහසර නිර්මාණය වන බව අවිවාදාත්මක කරුණකි.


Microsoft ගෝලීය නිපුණතා වැඩසටහනින් ඔබට ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, පහත දැක්වෙන QR කේතය Scan කරන්න.

ඔබ උගත් Azure කුසලතා මත පදනම්ව සුවිශේෂී ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව ලබා ගැනීම සඳහා, පහත QR කේතය Scan කර Microsoft හි APAC සමාජ ඉගෙනුම් අභියෝගයට එක් වන්න!

සටහන: Microsoft ගෝලීය නිපුණතා වැඩසටහන යටතේ LinkedIn Learning සහ Microsoft ඉගෙනුම් පාඨමාලාවන් නොමිලේ ලබා දීම 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට Microsoft සමාගම තීරණය කර තිබේ.

Related Articles