Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදුලිය සපයාදෙන ලංකාවේ ජල විදුලි බලාගාර

1950 වර්ෂයේ හඳුන්වා දීමත් සමග ජාතික විදුලි බල පද්ධතියේ සුවිශේෂී කර්තව්‍යක් ඉටු කිරීමට ජල විදුලි බලාගාර වලට හැකිව තිබේ. “ජල විදුලි පියා ” ලෙස දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර මහතා සලකනු ලබන අතර, මෙම ලිපිය මගින් ලංකාවේ ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාර ගැන කතා කරනු ලබයි.

වික්ටෝරියා

වික්ටෝරියා වේල්ල සහ ජලාශය (gossip.hirufm.lk)

මහවැලි ගඟ හරස් කොට වික්ටෝරියා ජලාශය නිර්මාණය කර ඇති අතර වික්ටෝරියා ජලාශය සදහා වික්ටෝරියා වේල්ල ඉදි කර ඇත. ආරුක්කු වේල්ලක් වන මෙය බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් විසින් වේල්ල හා උමග ඉදිකරන ලදී. වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළලය. 1985 වර්ෂයේදී එවකට ජනාධිපති J.R ජයවර්ධන මහතා විසින් විවෘත කරන ලදී.

වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිරේ, ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලධාරක ප්‍රදේශයකින් යුක්තය. ජලාශයේ ජලය විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබන්නේ  මීටර 5646ක දිගින් යුතු උමඟක් මගිනි. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් 3ක් පවතින අතර මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට ජලය නිකුත් කරයි.මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය780 දක්වා විදුලිය නිපදවිය හැකිය. මෙගාවොට් 210 පමණ දායකත්වයක් දක්වයි.

කොත්මලේ

placerating.com

කොත්මලේ ප්‍රදේශයේ පිහිටා ඇත. කොත්මලේ ගඟ හරස් කොට කොත්මලේ ජලාශය නිර්මාණය කොට තිබේ. කොත්මලේ ප්‍රදේශයේ විශාල ජල හා වාරි මාර්ග වේල්ල වේ කොත්මලේ වේල්ල වේ.මෙය ලංකාවේ දෙවන විශාලතම ජල විදුලි බලය නිපදවීමට සමත් වේ. ඉදිකිරීම් කටයුතු 1979 පෙබරවාරි ආරම්භ වූ අතර 1985 අගෝස්තු මස විවෘත කරන ලදී. ගුරුත්ව වර්ගයේ වේල්ලක් වන මෙහි උස මීටර් 87 වන අතර දිග මීටර් 600ක් වේ. විදුලි බලාගාරයේ අයිතිය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සතු වන අතර මෙගාවොට්  67 ජල රෝද 3ක් ඇත. ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 201 දක්වා වේ.

ඉහළ කොත්මලේ

ඉහල කොත්මලේ ජලාශය රදාපවතින ඉහල කොත්මලේ වේල්ල ගොඩනැගීම් අතරවාරයේ (lk.worldmapz.com)

කොත්මලේ ඔය හරස් කොට කොත්මලේ ජලාශය නිර්මාණය කර ඇත. කොත්මලේ වේල්ල පිහිටා ඇත්තේ තලවකැලේ, නුවරඑළිය ප්‍රදේශයේය. මහවැලි අධිකාරිය මගින් 2003 වසරේදී මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර 2011 වර්ෂයේදී කටයුතු නිම කරනු ලැබුහ. ඉහළ කොත්මලේ ජලාශයේ ධාරිතාව ඝන මීටර් 800,000 ලෙස සදහන් වේ. එමෙන්ම මතුපිට ක්ෂේත්‍රඵලය වර්ග මීටර් 250,000 කි. ගුරුත්ව වේල්ලක් වන ඉහළ කොත්මලේ වේල්ල මීටර් 35ක් පමණ උස වන අතර මීටර් 180ක් පමණ පළලකින් යුක්ත වේ. වාන් දොරටු 5කින් යුක්ත වන මෙහි වාන් දොරටු වල ධාරිතාවය තත්පරයට ඝන මීටර්  36.9 වේ. විදුලි බලාගාරයේ අයිතිය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සතු වන අතර විදුලි බලාගාරය Run–of–the-River වර්ගයට අයත් වන්නකි. හයිඩ්‍රොලික් හිස මීටර් 473ක් වේ. මෙගාවොට් 75ක ජල රෝද 2ක් ක්‍රියාත්මක වන අතර ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 150කි.

රන්දෙණිගල

siragekamare.blogspot.com

වේල්ල රන්දෙනිගල ජලාශය නිර්මාණය කරයි. මෙය  ලංකාවේ මධ්‍යම පළාතේ  පිහිටා ඇත. කිලෝමීටර් 2,330 පෝෂක ප්‍රදේශයක් සහ 861.000.000 m3 මුළු ගබඩා ධාරිතාවකින් යුක්ත වේ. ජලාශයේ වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණය ආසන්න වශයෙන් 1,250–3,000 mm කි. වික්ටෝරියා ජලාශයෙන් හා මහවැලි ගඟෙන් ද ජලාශයට ජලය ලැබේ. එය උසින් මීටර් 94 ද, දිගන් මීටර් 485 ක්ද , ශිර්ෂ හා පාදම පිළිවෙළින් මීටර් 10 ක් සහ මීටර් 303 ක පළලකින් ද යුක්තය. වේල්ල බහුලව පාෂාණ වලින් සාදා ඇති අතර හරය මැටියෙන් යුක්ත බව සදහන් වේ.ඒකාබද්ධ විසර්ජන පරිමාව 8,100 m3/s වූ වාන් දොරටු 3 ක් වේල්ලේ දකුණු කෙළවරේ ඉදිකර ඇත. එහි දිග 270 m හා ඒකාබද්ධ පළල 48 m වේ. විදුලි බලාගාරයට ජලය බෙදාහැරෙන්නේ අඩි 886 සහ අඩි 20.3 ක දිගක් හා විෂ්කම්භයක් සහිත තනි වානේ උමග මගිනි. මෙගාවොට් 126 ක ඒකාබද්ධ ධාරිතාවකින් යුතු බලාගාරය වාර්ෂිකව ගිගාවොට් පැය 428 නිෂ්පාදනය කරයි.

සමනළ ජල විදුලි බලාගාරය

youtube.com

1986 ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද මෙය 1992 වර්ෂයේදී විවෘත කරන ලදී. ජපානය හා එක්සත් රාජධානිය  වෙතින් ලද මූල්‍ය ආධාර මගින් මෙය ඉදිකරන ලදී. ගල් පිරි වර්ගයේ වේල්ලක් වන මෙය උසින් 110m හා දිගින්  530m වේ. වලවේ ගඟ හරස් කර නිර්මාණය කර ඇත. මෙහි වාන් දොරටු වල ධාරිතාව 3,600 m3/s . එමෙන්ම ජලාශයේ 218,000,000 m3  ක් වන අතර ජල ධාරකය 372 km2 . විදුලි බලාගාරය ගැන කතා කිරීමේදී මෙගාවොට් 62 ක ජල රෝද 2ක් මගින් ක්‍රියාත්මක වේ. ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 124 කි. එමෙන්ම වාර්ෂික ජනනය ගිගාවොට් පැයට 405 කි.

නව ලක්ෂපාන ජල විදුලි බලාගාරය

transcurrents.com

මස්කෙළිය ඔය හරස් කරමින් කැන්යොන් ජලාශය සාදා ඇත. එමෙන්ම විදුලි බලය උත්පාදනය සදහා කැන්යෝන් ජලාශය හරස් කොට කැන්යෝන් වේල්ල නිම කර ඇත. 1974 දී විවෘත කරන ලද මෙය ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයට අයිති වන්නකි. ජලාශයේ දිග 450 m වේ. එමෙන්ම පළල 350 m කි. ජල විදුලි බලාගාරය හඳුන්වන්නේ නව ලක්ෂපාන ජල විදුලි බලාගාරය යන නමිනි. මෙගාවොට් 50 බැගින් වූ ජල රෝද දෙකක් ක්‍රියාත්මක වේ. ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 100කි.

කුකුළේ ගඟ ජල විදුලි බලාගාරය

1999 ජුලි මස වැඩ කටයුතු ආරම්භ කරන ලද අතර 2005 වසර වන විට දී විවෘත කිරීමේ හැකියාව ලැබුණි. වාන් දොරටු 4ක් තිබෙන මෙම වේල්ලේ කුකුළේ ගග හරස් කොට කුකුළේ ගඟ ජලාශය නිම කර ඇත. ජල විදුලිය උත්පාදනය කිරීම සදහා ජලාශය හරහා මෙම වේල්ල ඉදි කර තිබේ. ජලාශයේ ධාරිතාව ඝන මීටර්1,630,000 කි. ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 312 km2, ජලාශයේ මතුපිට ප්‍රදේශය හෙක්ටයාර 88කි. විදුලි බලාගාරයේ මෙගාවොට් 40 බැගින් බැගින් වූ ජල රෝද දෙකක් ක්‍රියාත්මක වේ. එමෙන්ම ස්ථාපිත ධාරිතාවය මෙගාවොට්ස් 80ක් වන අතර ගිගාවොට් පැයට 317ක් වාර්ෂිකව ජනනය කරයි.

පොල්පිටිය ජල විදුලි බලාගාරය

ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයට අයත් මෙය 1969 දී විවෘත කරන ලදී. මස්කෙළිය ඔය හරස් කොට ලක්ෂපාන වේල්ල බැඳ ඇත. වේල්ල ලක්ෂපාන ජලාශය නිර්මාණය කරයි. උපරිම දිග මීටර් 300 ක් වන අතර, උපරිම පළල 130 m. බලාගාරයේ නම වනුයේ පොල්පිටිය විදුලි බලාගාරය ලෙසිනි. මෙගාවොට් 37.50 ක ජල රෝද දෙකකින් යුක්ත වන මෙහි ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 75 කි.

කැන්යොන් ජල විදුලි බලාගාරය

en.wikipedia.org

මධ්‍යම පළාතේ පිහිටි විදුලි බල මණ්ඩලයට උරුම මෙය 1993 මාර්තු මස දී ආරම්භ කරන ලදී. මස්කෙළිය ඔය හරස් කරමින් වේල්ල බැද තිබේ. මෙගාවොට් 30 බැගින් වූ ජල රෝද 2ක් බලාගාරය සතු වේ. ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 60කි.බලාගාරයේ නාමය වනුයේ කැනියොන් ජල විදුලි බලාගාරයයි. මෙම බලාගාරයට ජලය කැන්යෝන් ජලාශයෙන් මුදා හැරේ.

රන්ටැඹේ

Wikipedia.com

රන්ටැඹේ වේල්ල ඉදිකර ඇත්තේ මහවැලි ගග හරස් කරමින්ය. මෙය මෙගාවොට් 52ක් ජනනය කරන වේල්ලකි.  1987 ජනවාරි මස  දී  ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර 1990 මැයි මස විවෘත කළහ. වේල්ල මීටර 42 ක් උස වන අතර දිග මීටර් 420 කි. වාන් දොරටු 4 කින් යුක්ත වන අතර වාන් දොරටු ධාරිතාවය 10,235 m3 කි. රන්ටැඹේ ජලාශයේ නිර්මාණය කරන ලද අතර සමස්ත ධාරිතාව 21,000,000 m3.ක්‍රියාකාරී  ධාරිතාව 4,400,000 m3 ක් වේ. විදුලි බලාගාරය 26 MW ටර්බයින 2ක් ක්‍රියාත්මක වේ. ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 52. වාර්ෂික උත්පාදනය ගිගාවොට් පැය 180.

විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරය

commons.wikimedia.org

වේල්ල පිහිටා තිබෙන්නේ හැටන් වල මධ්‍යම පළාතේය. 1995 දී විවෘත කරන ලද අතර බලාගාරයේ මෙගාවොට් 25 බැගින් වූ ටර්බයින 2ක් ක්‍රියාත්මක වේ. ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 50 කි. වේල්ල ගුරුත්ව වේල්ල වන අතර කෙහෙල්ගමු ඔය හරස් කොට වේල්ල හරස් කරනු ලැබ ඇත.

පැරණි ලක්ෂපාන විදුලි බලාගාරය

නොර්ටන් වේල්ල (en.wikipedia.org)

විවෘත කිරීමේ දිනය 1950 දෙසැම්බර්ය. මෙගාවොට් 8.33 ටර්බයින 3 ක් බලාගාරයේ ක්‍රියාත්මක වේ. ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 50 කි. කෙහෙල්ගමු ඔය හරස් කොට වේල්ල බැඳ ඇත. ඒ හේතුවෙන් නෝටන් ජලාශය නිර්මාණය වේ. උපරිම දිග මීටර් 650 ක් වන අතර උපරිම පළල 280 m කි.

බෝවතැන්න ජල විදුලි බලාගාරය

mahawelicomplex.lk

මධ්‍යම පළාතේ පිහිටි මෙය 1981 ජුනි මාසයේදී විවෘත කරන ලදී. මහවැලි අධිකාරියට අයත් වන මෙහි වේල්ල නිර්මාණය කර ඇත්තේ මීටර් 30ක උසකින් හා මීටර් 226 ක පළලකින්ය. මෙමගින් බෝවතැන්න ජලාශය නිර්මාණය කර ඇති අතර බලාගාරයේ මෙගාවොට් 40 ක් වූ ජල රෝදයක් ඇත. ස්ථාපිත ධාරිතාව ද මෙගාවොට් 40කි.

උකුවෙල ජල විදුලි බලාගාරය

පොල්ගොල්ල වේල්ල (mahawelicomplex.lk)

මධ්‍යම පළාතේ පිහිටි පොල්ගොල්ල වේල්ල නිර්මාණය කර ඇත්තේ මහවැලි ගඟ හරස් කරමින්ය.වේල්ලේ උස මීටර් 14.6 ක් වන අතර දිග මීටර් 144කි. පොල්ගොල්ල වේල්ල මගින් පොල්ගොල්ල ජලාශය නිර්මාණය කර ඇත. මෙහි ධාරිතාවය ඝන මීටර් 4,100,000කි. බලාගාරය ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වන අතර මෙගාවොට් 20 බැගින් වූ ජලරෝද 2ක් ක්‍රියාත්මක වේ.ස්ථාපිත ධාරිතාවය වන්නේ මෙගාවොට් 40කි.

ඉඟිනියාගල ජල විදුලි බලාගාරය

ගල් ඔය වේල්ල (en.wikipedia.org)

ගල්ඔය ව්‍යාපාරය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ජල විදුලි බලය ද ජනනය කරයි. 1953 වර්ෂයේදී මෙය නිර්මාණය කර ලදී. ගල් ඔය වේල්ලේ උස 43 mකි. දිග 1,100m කි. විදුලි බලාගාරයේ අඩි 714 දිග අඩි 13 ක විශ්කම්භයකින් යුතු ‘පෙන්ස්ටොක්’ නල නිර්මාණය කර තිබේ. විදුලි ජනක 4 මඟින් නිපදවිය හැකි විදුලි බල ප්‍රමාණය මෙගා වොට් 11.25කි.

උඩවලව ජල විදුලි බලාගාරය

උඩවලව වේල්ල (youtube.com)

උඩවලව ප්‍රදේශයේ පිහිටා ඇති මෙය ඉදිකිරීමේ අරමුණ වුයේ වාරි හා විදුලි බල උත්පාදනයයි. වලවේ ගඟ හරස් කොට මෙම වේල්ල නිර්මාණය කර ඇති අතර දිග 3.9 km යි. වාන් දොරටු 4ක් තිබෙන මෙහි වාන් දොරටු වල වර්ගය වනුයේ ට්‍රේන්ටර් ගේට් (trainter gate) ය. මෙමගින් උඩවලව ජලාශය නිර්මාණය කරන ලද අතර මුළු ධාරිතාව ඝන සෙ.මී. 267යි. මෙගාවොට් 2 බැගින් වූ ටර්බයින 3ක් ක්‍රියාත්මක වන බලාගාරයේ ස්ථාපිත ධාරිතාවය වන්නේ මෙගාවොට් 6 කි.

නිලබේ ජල විදුලි බලාගාරය

මධ්‍යම පළාතේ නිලබේ ප්‍රදේශයේ පිහිටා තිබේ.මෙය ඉදි කිරීමේ අරමුණ වුයේ විදුලිය ලබා ගැනීමයි. මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන ලද අතර වේල්ල නිර්මාණය කර ඇත්තේ නිලබේ ගග හරස් කොටය. ඒ හේතුවෙන් නිලබේ ජලාශය නිර්මාණය වී ඇත.බලාගාරයේ 1.6 MW ප්‍රමාණයේ බර්බයින 2ක් තිබෙන අතර ස්ථාපිත ධාරිතාවය 3.2 MW.

දැදුරු ඔය ජල විදුලි බලාගාරය

ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2007 වර්ෂයේය. වාරියපොළ ප්‍රදේශයේ පිහිටා ඇත. 2014 නොවැම්බර් මස අවසන් කොට විවෘත කරන ලදී. වේල්ලේ දිග 2,400 m. වාන් දොරටු 8 ක් තිබේ. මෙහි උස  මීටර් 20 වන අතර දිග 2,400 m. බලාගාරයේ වාර්ෂික ජනනය මෙගාවොට් 1.5 කි.

මීට අමතරව Broadlands හා මොරගහකන්ද ජාල විදුලි ව්‍යාපෘති ඉදිකිරීම් යටතේ පවතී. අපගේ විදුලි බල අවශ්‍යතාවය සම්පුර්ණ වන්නේ මෙවැනි ජල විදුලි බලාගාර හේතුවෙන්ය.

කවරයේ පින්තුරය: Wikipedia

මුලාශ්‍ර:

  1. powermin.gov.lk
  2. ceb.lk
  3. Wikipedia

Related Articles