කොවිඩ්-19න් නොසැලී ඉදිරියටම ඇදුණු ඉන්දියාව

ලොවක් නිවෙස් තුළට කොටු කරන්නට සමත් වූ කොවිඩ්-19 වසංගතය රටවල්වල දියුණුවේ මට්ටම නොසලකා සෞඛ්‍යමය ව‍ශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද දැඩි අභියෝගයක් එල්ල කළා. මේ සියල්ල මැඬ පවත්වන්නට ඉන්දියාව ‘ආත්මානිර්භාර් භාරත්’ නම් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, සාර්ථකත්වයේ ආත්මාභිමානය විඳින්නට දැන් ඉන්දියාවට හැකිව තිබෙනවා.

කොවිඩ්-19ට එරෙහි ගෝලීය සටනේ දී ඉන්දියාව විසින් ඉටු කෙරුනු ආදර්ශමත් කාර්යභාරය ඉහළ පිළිගැනීමකට ලක්වුණා. 2020-21 වර්ෂය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ 147 වන සැසිවාරයේ දී එහි සභාපතිවරයා ලෙස ඉන්දියා‍වේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ආචාර්ය හර්ෂ් වර්ධන් තේරී පත් වුණා.

ඉන්දියා‍වේ මධ්‍යම සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ආචාර්ය හර්ෂ් වර්ධන් (theprint.in)

ශ්‍රී ලංකාව මෙන් 64 ගුණයක් පමණ ජනගහනයකින් යුත් ඉන්දියාවේ වසංගතයක් පැතිරීම පාලනය සංස්කෘතිමය සහ සමාජයීය වශයෙන් ද අභියෝගයක්. ජනතාව සමාන වශයෙන් දැනුවත් කිරීමත්, වසංගතය සමාජ මට්ටමින් පැතිරීම පාලනය කර ගැනීමත්, ආර්ථිකය අඛණ්ඩව පවත්වා ගැනීමත් සෑම රටකටම පාහේ එල්ල වූ ගැටළුවක්. කොවිඩ්-19 ප්‍රවෘත්ති එසැණින් ජනගත කිරීම සඳහා https://covid19.india.gov.in/ වෙබ් අඩවිය ස්ථාපිත කෙරුණු අතර, ඉන්දීය රාජ්‍ය වෙබ් අඩවි සැකසීමට හඳුන්වා දී ඇති S3WaaS framework එක හරහා මෙය සකසා තිබුණා. 

කොවිඩ්-19 වෙතින් එල්ල වූ අභියෝගයන් ක්‍රමානුකූලව මෙය විසඳීමට ගෙන ආ ‘ආත්මානිර්භාර් භාරත්’ වැඩසට‍හනෙහි අර්ථය ස්වාධීනත්වය, ගැටළුවලට මුහුණ දීම තුළින් ආත්මාභිමානයෙන් යුත් ඉන්දියාවක් ගොඩ නගා ගැනීම යන්න යි.

මෙම නව වැඩපිළිවෙල අවධානය යොමු කළ අංශයන් 5ක් තිබුණා. ඒවා නම් ආර්ථිකය, යටිතල ව්‍යුහය, ක්‍රමවේද සංවර්ධනය, විචිත්‍ර ජන විකාශනය, භාණ්ඩ සහ සේවා සඳහා ඇති ඉල්ලුම යන දෑ යි. කොවිඩ්-19 හරහා සෞඛ්‍යයට අමතරව බලපෑම් එල්ලවූ මෙම අංශයන්ගේ සංවර්ධනය හරහා දෙපයින් නැගී සිටීම සහතික කරගන්නට ඉන්දියාවට හැකියාව ලැබුණා. ඉන්දියාවේ නිපැයෙන භාණ්ඩ වෙත වැඩි සහයෝගයක් ලබා දීමත්, ඒවා අන්තර්ජාතික මට්ටමට ගෙන යාමත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ අරමුණු අතරින් එකක් වූවා. 

Associated Press

එහි පළමු අදියර යටතේ සෞඛ්‍ය සේවකයන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක රක්ෂණාවරණයක්, මාස තුනක් දක්වා කිලෝ 5ක හාල් හෝ තිරිඟු පිටි ලබා ගැනීමට රු. කෝටි 80ක්, තවත් කෝටි 8ක් වැය කරමින් ජනතාවට ගෑස් සිලින්ඩර් නොමිලේ ලබාදීම ඇතුළු සහන සැපයීම් සිදු කෙරුණා. එසේම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ගොඩ නැගීම සඳහා ණය සහන, මාස 6ක් දක්වා EPF සේව්‍ය හා සේවක වශයෙන් 12%ක ගෙවීම්, කොන්ත්‍රාත්තු මාස 6ක් දක්වා දීර්ඝ කිරීම, ආදායම් බදු ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම ඇතුළු තවත් සහන රැසක් සැපයුණා.

දෙවන අදියරෙන් සංක්‍රමණිකයන් සහ ගොවීන් ඇතුළු දුප්පතුන්ට සහන සැලසීමත්, තෙවන අදියර හරහා රටේ කෘෂිකර්මාන්තයත්, සිව්වන අදියර හරහා ඛනිජ කර්මාන්තය ගොඩනැගීම, රටේ ආරක්ෂාවට අවශ්‍ය යුද්ධායුධ රට තුළම නිෂ්පාදනයට අවධානය යොමු කරමින් ආනයන පිරිවැය අවම කර ගැනීම වැනි කරුණු කෙරෙහි ඉන්දියාව අවධානය යොමු කර තිබෙනවා. එසේම න්‍යෂ්ඨික බලය සම්බන්ධ ප්‍රතිසංස්කරණ, සහ  පෞද්ගලික අංශයට ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහන් වෙත වෙත දොරගුළු විවෘත කරමින් අභ්‍යවකාශ ගමන් සහ ග්‍රහලෝක අධ්‍යයනයන් සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා තිබීමත් විශේෂත්වයක්. පස්වන අදියර තුළින් රාජ්‍ය ප්‍රතිසංස්කරණ වෙත ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ස්ථාපිත සූර්ය බලශක්ති බලාගාරයක් (wikimedia.org)

ස්වයං වර්ධනයට අමතරව ඉන්දියානු රජය විසින් GAVI නමැති ලෝක එන්නත් සන්ධානය වෙත ඩොලර් මිලියන 15ක පරිත්‍යාගයක් මෙන්ම, ශ්‍රී ලංකාවේ සූර්ය බල උද්‍යානයක් සැකසීමටත් ඉන්දියාව සහයෝගය ලබා දී තිබෙනවා. ඒ හරහා ගිගාවොට් 62.91ක සූර්ය බල ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.

කවරය: ft.com

Related Articles