Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාදිමත් කලක පටන් මිනිසා විසින් වවනු ලබන මිදි

මිදි යනුවෙන් හඳුන්වනු ලබන්නේ ප්‍රයෝජන බොහෝමයකින් යුක්ත පළතුරකි. වසර දහස් ගණනක සිට ලොව පවතින මෙම පළතුර පෝෂණීය ගුණ සම්භාරයකින්ද සමන්විත වනවා. එමෙන්ම මෙම පළතුර වර්තමානයේ ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙසද භාවිතා කරනවා. විවිධ ප්‍රභේද රැසකින් සමන්විත මිදි සම්බන්ධයෙන් මෙම ලිපියේදී දැනුවත් වීමට හැකියාව ලැබෙනවා.

මිදි වල සම්භවය

ආදී ඊජිප්තු වැසියන් වයින් සෑදීම (vinotika.mk)

මිදි හා බැඳුණු සංස්කෘතිය, ශිෂ්ටාචාරය යුගය තරමටම පැරණි යයි කියන්නට පිළිවන්. එමෙන්ම මිදි මිනිසුන් මුලින් ම වගා කරන්නට හුරු වූ පළතුරක්. මිදි බොහෝ විට ලොව ප්‍රසිද්ධ වන්නේ වයින් සෑදීම සම්බන්ධයෙනි. මෙහි ජන්ම භූමිය බටහිර ආසියාව සහ මධ්‍යම යුරෝපයයි. ඒ අනුව මෙම ප්‍රදේශ මිදි වල මව් භූමිය ලෙස සලකනු ලබනවා. ලොව බහුල වශයෙන් භාවිතා කරනු ලබන මිදි වර්ගය ලෙස දැක්වෙන්නේ විටිස් විනිෆෙරා නමැති වර්ගයයි. මෙහි සම්භවය ලෙස සැලකෙන්නේ කැස්පියන් හා කළු මුහුද අවට ප්‍රදේශයයි. ස්පාඤ්ඤ ගවේෂකයන් විසින් වසර 300 කට පමණ පෙර ඇමරිකා මහාද්වීපවලට​ මෙම පළතුර හඳුන්වා දුන් බව විශ්වාස කෙරෙනවා.

මිදි වගා කිරීම ආරම්භ වී තිබෙන්නේ වසර 6000-8000 පමණ ඈත කාලයේය. එනම් ගෘහස්ථ මට්ටමෙන් යුරෝපයේය.

මිදි නිෂ්පාදනය හා විවිධ ප්‍රභේද

Vitaceae පවුල යටතේ මිදි වර්ග 10,000 පමණ තිබෙන බවට දැක්වෙනවා. මෙයින් 1,300 පමණ වයින් සෑදිම සඳහා භාවිතා කරනු ලබනවා. ලොව මුළු මිදි නිෂ්පාදනයෙන් 70% පමණ භාවිතා කරනු ලබන්නේ වයින් නිපදවීම සඳහාය. එමෙන්ම 28% පමණ නැවුම් පලතුරු ආකාරයෙන් භාවිතා කරනු ලබනවා. 2% වියළි මිදි සඳහා භාවිතා කිරීම සිදු කරනු ලබනවා. මෙම අවශ්‍යතාවයන් සඳහා වගා කරන ලද මිදි වර්ග සතුව වෙනස් කම් තිබෙන බව දැක්වෙන අතරම, ඉහත සඳහන් කළ කටයුතු වලට අමතරව යුෂ ලබා ගැනීම හා ටින් කිරීම ආදී දේවල් සඳහාද මිදි භාවිතා කිරීම සිදු කරනු ලබනවා.

ලෝකයේ පැරණි මිදි යුරෝපයෙන් හා නැගෙනහිරින් හමු වූ අතර, මුලින් සඳහන් වූ පරිදි උද්භිද විද්‍යාත්මකව විටිස් විනිෆෙරා ලෙස එය හඳුන්වනු ලබනවා. නව විශේෂ වල ආරම්භය සිදු වූ ප්‍රදේශ ලෙස දකුණු ඇමරිකා හා ගිනිකොණදිග ඇමරිකා දැක්විය හැකියි. ඒවායේ උද්භිද විද්‍යාත්මක නාමය vitis rotundifolia යි.

පැරණි සහ නව මිදි ප්‍රභේද කිහිපයක් උදාහරණ ලෙස දක්වන්නේ නම්,

Moon Drops

wideopeneats.com

මෙය නව වර්ගයක් වන අතර මේ සම්බන්ධයෙන් ඩේවිඩ් කේන්ට​ ගෞරවය හිමි වනවා. මොහු මේ සම්බන්ධයෙන් වසර 15ක් පමණ කාලයක් වැඩකටයුතු වල නියැලී තිබෙනවා. මෙහි හැඩය ඇඟිල්ලක් තරම් වන අතර, පැණි රසකින් යුක්ත වන අතර අධික සීනි සහිත බවක් නොමැති මෙය​ මිදි ජෙලි වැනි රසයකින් යුක්ත වනවා. ජූලි සිට අගෝස්තු මාස වල මධ්‍යම කැලිෆෝනියාවේ වැවීම සිදු වනවා.

Concord

orchardfreshfruit.com

නිව්යෝක්, වොෂින්ටන් හි යකීමා නිම්නයේ, මිචිගන් සහ ඔන්ටරියෝ විල ආශ්‍රිත ප්‍රදේශයේ මෙම මිදි වර්ගය වැවීම සිදු වනවා. අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මෙම වර්ගය වැවෙන කාල වකවානුව වන අතර බොස්ටන් ස්වදේශික ඒප්‍රයිම් වේල්ස් බුල් විසින් වර්ධනය කොට වර්ෂ 1854 දී විකිණීම ආරම්භ කරනු ලැබුවා.

Pinot Noir

vinepair.com

මෙම වර්ගය වයින් සෑදීමට භාවිතා කරන අතර ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ සෑදෙනු ලබනවා. නමුත් ප්‍රධාන වශයෙන් ප්‍රංශය, නවසීලන්තය හා කැලිෆෝනියාවේ ආදී ප්‍රදේශ වල වැවීම සිදු වනවා. අගෝස්තු සිට සැප්තැම්බර් මාස මෙහි වැවීම සිදු වන වකවානුවයි.

මීට අමතරව Lemberger එසේත් නැතිනම් blaufrankisch වර්ගයද, මධ්‍යම කැලිෆෝනියාවේ වැවෙන Sweet Jubilee වර්ගයද, ඇලස්කා හා කැනඩාවේ වැවෙන Valiant නමැති වර්ගයද මිදි වල ප්‍රභේද වලින් කිහිපයක් ලෙස දැක්විය හැකියි. සුදු පැහැති මිදි ප්‍රභේද අතර Cotton Candy, Riesling, Gewürztraminer, Sultana, Moon Balls ආදිය කිහිපයක් ලෙස දැක්විය හැකියි.

ලංකාවේ වැවෙන මිදි ප්‍රභේද අතර​ කාඩිනල්, ඊශ්‍රායල් බ්ලූ, බ්ලැක් මස්කට්, වැඩිදියුණු කළ ඉසබෙලා, සෙමිලෝන්, තොම්සන් සිඩ්ලස්, මස්කට් එම්. අයි, ෆ්‍රෙන්ච් එම්.අයි ආදිය දැක්විය හැකියි.

පෝෂණීය ගුණ

thefitglobal.com

ඉන්දියාවේ චරක නම් ග්‍රන්ථයේ, මිදි සියලුම පලතුරු අතර විශිෂ්ටයා ලෙස මිදි දැක්වුණා. එමෙන්ම මෙය සතුව ඉතාමත් සුවිශේෂී ඖෂධීය ගුණයක් තිබෙනවා. ඒ අනුව මිදි සමේ රෝග, උගුර ආශ්‍රිත රෝග වලට මෙන්ම ආහාර රුචිය ඇති කිරීම සඳහාද ප්‍රයෝජනවත් වනවා. එමෙන්ම පිපාසය, උදරයේ දැවිල්ල යුතු ස්වභාවයට, උණට, ක්ෂය රෝගය සඳහා, සෙංගමාලයට, ඇඳුම රෝගී තත්ත්වයට, වමනයට සුළු ස්වභාවයට, ශරීර තරබාරුව හා කතා කිරීමේ යම් යම් අපහසුතා වැනි තත්ත්ව සඳහා මිදී ගුණදායක වනවා. එමෙන්ම ආයුර්වේද ග්‍රන්ථවල දැක්වෙන්නේ මේවායේ ඇති වාජීකරණ ගුණය හේතුවෙන් වයස්ගත වීම වළක්වා ගැනීමටත්, තරුණ බව රැක ගැනීමටත් උපකාර වනවා.

පර්යේෂණවලින් කරුණු සනාථ වී ඇති ආකාරයට මිදී යුෂ මිලි ලීටර් 300 ක් පානය කිරීම තුළින් රක්තහීනතාවය පාලනය කර ගත හැකි බව සඳහන්. මැලික්, සිට්රික්, ටාටරික් ආදී අම්ල මඟින් රුධිරය පිරිසිදු කිරීමටද සමත් වනවා. ඇමරිකානු පර්යේෂණයක ප්‍රතිඵල අනුව මිදි වල පිළිකා නාශක ගුණ අනතර්ගත වනවා. මේ අනුව මිදි වල යුෂ පානය කිරීම තුළින් උදරයේ හා බඩවැල් ආශ්‍රිතව ඇති විය හැකි පිළිකා අවදානම පාලනය කර ගැනීමට හැකි බව දැක්වෙනවා.

කවරයේ පින්තූරය: goodhousekeeping.com

Related Articles