Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක සුදු සැරයටි දිනය අද යි

අන්ධ හෝ වෙනත් දෘශ්‍යාබාධවලින් පෙළෙන්නෙකුට මාර්ගයේ ගමන් කරන විට විවිධ අපහසුතාවලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. මෙම අපහසුතාවලින් මිදීමට සුදු සැරයටිය නම් උපකරණය හඳුන්වා දී තිබේ. එමඟින් ඔවුන් ගමන් කරන විට පඩිපෙළවල් හා විවිධ බාධක කල් තියා දැනගැනීමට හැකියාවක් ඇති අතර, එහෙයින් ඒවා පසුකර හෝ සාර්ථක ව තරණය කළ හැකියි. මෙවැනි උපකරණයක් ලෝකයට හඳුන්වාදීමට මූලික වූයේ පළමු හා දෙවන ලෝක යුද්ධ යි. ලොව පුරා ඔක්තෝම්බර් මස 15 වන දින ලෝක සුදු සැරයටි දිනය ලෙස හඳුන්වා දී තිබේ.

පළමු ලෝක යුද්ධයෙන් අන්ධභාවයට පත් වූ පුද්ගලයන් (businesainsider.com)

අන්ධභාවයට හේතු වන ප්‍රධාන කාරණා දෙකකි. ඒවා අක්ෂි පටලය සම්බන්ධ දෝෂ හා නිසි පරිදි ආලෝකය වර්තනය නොවීම ලෙස දැක්විය හැකියි. අපි, අන්ධභාවයට බලපාන අනෙකුත් හේතු කිහිපයක් ගැන සොයා බලමු.

වසර 14ක් වැනි දිගු කාලයක් මිනිස් සිරුරේ නොනැසී සිටිය හැකි පරපෝෂිත පණුවෙකු නිසා River Blindness නම් අන්ධභාවය හටගනියි. එමෙන්ම, ලෝක ජනගහනයෙන් හයෙන් එකකට බලපෑම් ඇති කරමින් සිටින නොසලකා හැරෙන නිර්වතන කලාපීය රෝග ද මේ යටතට අයත් වන අතර පරපෝෂිත බැක්ටීරියා දහතුනක් මෙහි පවතියි. තවද, ට්‍රැකෝමා යනුවෙන් හැඳින්වෙන අපිරිසිදු ජලය නිසා ඇති වෙන අන්ධභාවය ද සඳහන් කළ හැකියි. එපමණක් නොව ළමා වියේ ඇති වන අන්ධභාවය, දියවැඩියාව, හා ග්ලූකෝමා තත්ත්වයන් ද මීට අදාළ වේ.

මෙම සුදු සැරයටිය නිෂ්පාදනය සඳහා ඇලුමිනියම්, ග්‍රැෆයිට් මිශ්‍ර ප්ලාස්ටික් හෝ ෆයිබර් මිශ්‍ර ප්ලාස්ටික් යොදාගනියි. එමෙන්ම, සුදු සැරයැටි වර්ග ද කිහිපයක් තිබේ.

දිගු සැරයටිය

අප සාම්ප්‍රදායික ලෙස සුදු සැරයැටිය ලෙස හඳුන්වන්නේ මෙය යි. මෙය හඳුන්වා දුන්නේ වෛද්‍ය රිචඩ් හූවර් විසිනි. එම නිසා මෙය හූවර් සැරයටිය ලෙසින් ද හැඳින්වේ. පුද්ගලයාගේ උස අනුව මෙහි දිග වෙනස් වන අතර, මෙය හැකිලීමට ද හැකියි.

හඳුනාගන්නා සැරයටිය

මෙය යොදාගන්නේ මෙය අත ඇති පුද්ගලයා අන්ධ පුද්ගලයෙකු බව අන් අයට ඒත්තු ගැන්වීමට යි.

ආධාරක සැරයටිය

ශාරීරික සමබරතාව උදෙසා මෙම සැරයටිය යොදාගනියි.

උපදේශක සැරයටිය

කෙටි සැරයටියකි. ඉණ ප්‍රදේශයේ සිට පහළට පොළොව දක්වා මෙහි දිග වෙනස් වේ.

ළමා සැරයටිය

අන්ධභාවයෙන් පෙළෙන ළමුන් සඳහා නිර්මාණය වූවකි.

webplus.info

සුදු සැරයටි සම්බන්ධ ප්‍රධාන සිදුවීම් වර්ෂ අනුව පෙළගස්වා බැලුවහොත්, 1914 සිට 1918 දක්වා කාලයේ දී අන්ධ පුද්ගලයන් බොහෝ දෙනා සැරයටියක් භාවිතා කළ බවට පළමුව සඳහන් වන්නේ පළමු ලෝක යුද්ධ සමයේ දී යි. ඉන්පසු, 1921 දී බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් හි වාසය කළ ඡායාරූප ශිල්පියෙක් වූ ජේම්ස් බිග්ස් නැමැත්තා අනතුරකට භාජනය වීමෙන් අන්ධභාවයට පත් වූ අතර, ඔහු තම පහසුව සඳහා සුදු පැහැති සැරයටියක් භාවිතා කළ බව සඳහන් වේ.

තවද, 1931 දී ප්‍රංශයේ ගුයිලි ඩි හර්බෙමොන්ට් විසින් සුදු පැහැති යෂ්ටියක් භාවිතා කරගෙන ප්‍රංශයේ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් සමාජ සත්කාර ව්‍යාපාරයක් දියත් කර තිබේ. මෙම ව්‍යාපාරය මඟින් ඇය හඳුනාගත් දෘශ්‍යාබාධිත පුද්ගලයින් පන්දහසකට පමණ සුදු සැරයටි ප්‍රදානය කර ඇත. මෙයින් සුදු සැරයටි බහුල ව හිමි වූයේ පළමු ලෝක යුද්ධය නිසාවෙන් අන්ධභාවයට පත් වු පුද්ගලයන්ට යි. එම වසරේ දී ම ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ඇමෙරිකාව තුළ ජීවත් වූ අන්ධ පුද්ගලයන් උදෙසා සුදු සැරයටියක් ලබාදීමේ වැඩපිළිවෙලක් පටන් ගත්තේ ය. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සිංහ සමාජයේ සාමාජිකයෙකු වූ ජෝර්ජ් ඒ බොන්හැම් විසිනි.

1944 වසරේ දෙවන ලෝක යුද්ධ අවධියේ දී තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතුවල නිරත වූ වෛද්‍ය රිචඩ් හූවර් විසින් සුදු සැරයටි වර්ගයක් හඳුන්වා දුන්නේ ය. වර්තමානයේ භාවිතා වන දිගු සැරයටිය යනු මෙය යි. එම නිසා රිචඩ් හූවර්, සුදු සැරයටියේ පියා ලෙසින් ද හැඳින්වේ. සෑම වසරකම ඔක්තෝම්බර් 15 වන දින සුදු සැරයටි ආරක්ෂණ දිනය ලෙස නම් කරනු ලබන්නේ 1964 දී යි. මෙය සිදුකළේ ඔක්තෝම්බර් 6 වන දින ඇමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ යෝජනාවක් අනුව එකල ඇමෙරිකාවේ ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසිනි. එමෙන්ම, ලෝක අන්ධ සමුළුව 1969 ඔක්තෝම්බර් මස 1 වන දා ශ්‍රී ලංකාවේ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වුණි. රටවල් 168ක නියෝජිතයන් 618 දෙනෙක් මීට සහභාගි විය. මෙදින ම ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත සම්මේලනය ද පිහිටුවී ය.

petoskeynews.com

අන්ධ හෝ දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් මාර්ගයේ සිටින විට ඔහුට හෝ ඇයට යම්කිසි අනතුරක් සිදුවන්නේ නම්, එය වළක්වාලීමට රියදුරන් හා පදිකයන් වහා ම ක්‍රියාත්මක විය යුතු යි. සුදු සැරයටියක් අත දරා යනෙන පුද්ගලයෙක් ගැන අවධානයෙන් සිටීමට අප සියලු දෙනා නීතියෙන් ද බැඳී සිටී.

මූලාශ්‍රයයන්:

1)විජය පුවත්පත

2)sightsavers.org

3)whitecaneday.org

කවරයේ පින්තූරය: pinterest.com

 

Related Articles