Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆීලින්ග්ස් ලියන්න ෆ්රේම්ස් ඕනි නෑ! – ඉරෝෂන් ප්‍රනාන්දු

මේක කියවන ඔබ සමහරෙකුට හිතෙන්න පුළුවන් ඉරෝෂන් ප්‍රනාන්දුත් Roar සාමාජිකයෙක් වීම නිසයි මේ සංවාදය අපි කරලා තියෙන්නෙ කියලා. ඔව්, ඉරෝෂන් කියන්නෙ Roar අපේ කණ්ඩායමේ සාමාජිකයෙක්. හැබැයි, මෙතැන දී මේ ඉඩ වෙන් වෙන්නෙ ඒ ඉරෝෂන්ට නම් නෙමෙයි කොහෙත්ම. මේ ඔහු කවි-කතා ටිකක් එකතු කරලා, ඒවා අච්චු ගහලා, අමුණලා ඔබ අතට පත් කරන වැඩේ වෙනුවෙන් කරපු කතාබහක්. මේක කියවද්දී ඔබට ඒ බව මනාව අවධාරණය වේවි. ඒ නිසා අපි එහෙනම් දැන් මේ “අහේතුක සැරිසරන්නා”ව හඳුනාගනිමු!

යම්කිසි රචකයෙකු තමන්ගේ පොතක් එළිදක්වා, තම ඊළග පොත ජනගත කිරීමට යම් “සැලකිය යුතු කාලයක්” ගත යුතු බවට සමාජයේ මතයක් පවතිනවානෙ. ඒ ගැන ඔබේ අදහස?

කොහෙත්ම නෑ! තමන්ට තමන්ව විශ්වාස නම්, තමන්ගේ වටේ ඉන්න පාඨක කවය විශ්වාස නම්, පොතක් කරන්න හැකියාවක් තියෙනවා නම් තමන්ට ඕනෑම මොහොතක පොත් දෙකක් නෙමෙයි ඕන ගාණක් කරන්න පුළුවන්. ගිය අවුරුද්දේ පොත් වසන්තයක් තිබ්බා. මේ අවුරුද්දේ ඒක තරමක් අඩු වෙලා. තමන්ට තමන්ව ෂුවර් නම් පොත් එක ළඟ කරන එක කිසිම අවුලක් නෑ මට අනුව නම්. අනික, ලාභය වගේම තෘප්තිය කියන කාරණා දෙක උඩ යි මේක රැඳිලා තියෙන්නෙ. ඉතින්, පළවෙනි පොත අවුලක් නෑ කියලා තමන්ට හැඟෙනවා නම් දෙවෙනි එකටත් ඒ එක්කම ගියාට මොකද වෙන්නෙ?

ඒ නිසා ද ඔබ “කළුපාට රෝමාන්තිකයාගේ ආදරවන්තිය” ගැන කියලා හරියටම වසරක් පමණ ගත වෙද්දී “අහේතුක සැරිසරන්නා” අපට මුණගස්වන්න තීරණය කළේ?

ඒක එක හේතුවක් විතර යි. මම හිතනවා ඊට එහා ගිය ගොඩාක් දේවල් මේ පොත ලියන්න පාදක වුණා කියලා. කලින් අවුරුද්දේ පොතට ලැබුණු පාඨක ප්‍රතිචාර එක්ක මට ආයෙත් පාරක් ඒ අයට දෙයක් දෙන්න ඕන කියන අදහස මුලින්ම ආවා. ඊට පස්සේ මම මේ ලියලා තියෙන දේවල්, ලියලා තිබ්බ තැන්වලින් එකතු කර ගත්තා. පස්සේ ඒ ගොනුව මාර අහේතුක යි. මං හිතනවා ඒ අහේතුක බව දැනෙන්න යම් කාලයක් ගියා. මම එදා හේතු සහිතව අහේතුකව සැරිසරලා කියලා මට අද තේරෙනවා. මම හිතනවා මේ දේවල් ඔබටත් දැනිලා ඇති කියලා. ඒක නිසා “කළුපාට රෝමාන්තිකයාගේ ආදරවන්තිය” ගැන කියලා හරියටම වසරක් පමණ වෙද්දී “අහේතුක සැරිසරන්නා” ඔබ සියලු දෙනාට මුණගස්වන්න තීරණය කළා.

තරංගනී සිනමා ශාලාවේ ‘කාර් පාර්ක්’ එකේ මේ පොත පාරගත කරන්න හිතුවේ?

හොද ප්‍රශ්නයක්! සාම්ප්‍රදායික පොත් එළිදැක්වීම් ඇතුළේ මෙච්චර කල් සාම්ප්‍රදායික හැඩයම වෙන වෙන හැඩවලින් එළියට ආවා. මට මෙතන මූලිකවම ඕන වෙන්නේ අන්න ඒ හැඩය වෙනස් කරන්න. අලුත් ට්‍රෙන්ඩ් එකක් හදන්න. මේ වැඩේ තවත් ඕපන් කරන්න. අව්ව, වැස්ස එක්ක ඔට්ටු අල්ලන්න ලැස්ති වෙන්න. මට පුද්ගලිකවම ඕන වුණේ ලෝන්ච් එකක් කරන්න තරම් සල්ලියක් නැති කෙනෙක්ට, ඒක පහසුවෙන් කරන්න පුළුවන් තව අවකාශයක් හදන්න යි. මං හිතනවා ඒ වැඩේ සාර්ථක වෙයි කියලා. ඒත් ඒක එදාටම බලන්න සිද්ධවෙන දෙයක්. මේකේ මුලිකම හේතුව Book Launch හැඩය වෙනස් කිරීම යි.

ඔබ හොඳ “විකුණුම්කරුවෙක්” කිව්වොත්?

ඒක මෙහෙමයි. මං එහෙමයි කියලා මට කියන්න ඕන ඔබ යි. නැතුව, මට බෑ මම හොඳ විකුණුම්කරුවෙක් කියලා කියන්න. ඒත් මම හිතනවා මගේ capacity එක ඇතුළේ මම කරන්න ආස වැඩේ ඒක. මට ඕන හැම වෙලාවෙම campaign කරන්න. වැඩවලට එහෙම දේවල් කරන කොට ඒ වැඩේ තව තවත් ලස්සන වෙනවා. ඒකට මම එලිමන්ට් හදනවා. ඒ විකිණීම වෙනුවෙන්. මගේ රස්සාව, මගේ දැනුම ඔක්කොම කේන්ද්‍රගත වෙන්නේ advertising එක්ක. මම තාමත් මේ ඉගෙන ගන්නේ ඒ දේ. ඔබ එහෙම කියනවා නම් මං ඒක බාර ගන්න ලෑස්තියි. ඕන එකතුවක් අග විකුණුමක් නිර්මාණය වෙනවා. ඒකෙ දී මළගෙයක් ද, මඟුල් ගෙයක් ද, පොත් එළිදැක්වීමක් ද කියලා නෑ.

එතකොට “සාහිත්‍ය නිර්මාණයක්” කියන්නෙත් ඔබට හුදෙක්ම විකුණුම් භාණ්ඩයක් ද?

නෑ. මං එහෙම කියලා නෑ. භාණ්ඩයක් වෙන්න ඒක විකිණෙන්නම ඕනි නෑ. මුදල්වලට ම නැතුව අපිට වෙන වෙන දේවල් එක්ක විකුණුම් කර ගන්න පුළුවන්. අනික ‘සාහිත්‍යය’ වගේ බර වචන පොත්වලට ආවම ඒ පොත් සාමාන්‍ය සමාජයට දුර වෙනවා. මිනිස්සුන්ගේ තින්කින් එකේ ඔටෝ එහෙම එකක් හැදෙනවා. මේවා නිකන් පොත්, ඔබට-මට පහසුවෙන් කියවන්න පුළුවන් පොත්. අරන් කියවන්න. බරසාර දේවල් මේවා ඇතුළේ නෑ. මේ අකුරු ඇතුළේ ඉන්නේ ඔබ-මම. ඕනෑම මට්ටමක කෙනෙක්ට දැනෙනවා නම්, කියවන්න පුළුවන් නම් ඒක ‘වැඩක්’. ඒක ඇතුළේ ඒක මුල්‍යමය විකුණුමක් ද, සමාජ සුබසාධනය පදනම් කර ගත්ත විකුණුමක් ද කියන එක ලියන කෙනා තීරණය කරන්න ඕනා.

ඔබ මේ පොත “කවි පොතක්” විදියට නිකුත් කළාට, ඔබ එහි සඳහන් කරනවා “මෙය කවි පොතක් නොවෙයි” කියලා. ඇයි ඒ?

ඔව්! මේක කවි පොතක් නෙමෙයි. එහෙම පොත් කරන අය ඕනෑ තරම් ඉන්නවා. මේ පොත කියවන කෙනෙක්ට තේරෙයි පැහැදිලිවම මේකේ ඇතුළ වෙනස් කියලා. මම විශ්වාස කරන්නෙ මේ ලෝකේ ෆීලින්ග්ස් ලියන්න ෆ්රේම්ස් ඕනි නෑ කියන කතාව. ආදරය කියන මගේ විෂයය මම ආයෙත් පාරක් මේ පොතේ ලියලා තියෙනවා. මිනිස්සු තමන්ට වැඩිපුරම වැරදිච්ච තැන් හිතේ තියාගෙන විඳවන්න ඕන නෑ. ආදරය කියන්නේ එහෙම එකක්. ඉතින් මං මේකට වස්තු විෂයය විදියට ඒක ගත්තා. අනික විරහව කියන්නේ ගොඩයන්න වගේම විකුණන්න පුළුවන් හොඳ ප්ලෝට් එකක්. මේකේ ආදරය විතරක් නෙමෙයි, ගොඩාක් දේවල් තියෙනවා. ඒ හැමදෙයක් ඇතුළේම මට මගේ කතාවක් වගේම ඔයාට ඔයාගේ කතාවක් තියෙන්න පුළුවන්. මිනිස්සු ළමයි හදනවා. නමුත් උන් ලොකු වෙලා සමාජයට යන්නේ උන්ට ඕන හැටියට. මං පොතක් ලිව්වා. ළමයෙක් බිහි කරා. ඉතින් ඌත්, ඌට ඕන විදියට ගියාදෙන්. මං ජීවිතය දුන්නට, ජීවිතය ඌගේ. ඒ කියන්නෙ පොත ඔයාලගේ!

ඔක්කොමත් හරි කියමුකෝ, දැන් කවදද-කොහොමද ඔය වැඩේ වෙන්නෙ?

අගෝස්තු 31 | හවස 1-6 වෙනකං ඕනෑම වෙලාවක | ඕන කෙනෙක් ඇවිත් යන්න එන්න | ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ෆිල්ම් හෝල් එකේ කාර් පාර්ක් එකට.

Related Articles