Brought To You By

අපගේ නවතම #IslandBlueprints වැඩසටහනේ තෙවන කොටස සමග සම්බන්ධ වන ගෘහ නිර්මාණ ශිල්පී තිසර තානාපති නූතන ගෘහ නිර්මාණ ලක්ෂණ සමග ග්‍රාමීය නිවසක ලක්ෂණ එකිනෙක මුසු කළ, සිතට නගර මධ්‍යයේ අභයභූමියක් බඳු වූ, මන බන්දන සැලසුමක් ගැන අපි සමග අදහස් බෙදා ගත්තා.
තිසර තානාපතිගේ මේ අදහසට මුල් වන්නේ ‘ගෘහ නිර්මාණයක් යනු, මුළු ඇඟටම දැනෙන දෙයක් ය’ යන සංකල්පය යි. මේ ඔහු අබේරත්න නිවස ගැන තම දැක්ම විදහාලන ආකාරය යි.