Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවනි, ඔබේ අයිතීන් පිළිබද දැනුවත් වන්න – ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට තිත තබන්න

කාන්තාවන් හා ළමුන් සිය නිවස තුළදීම හිංසාවන්ට හා පීඩාවන්ට ගොදුරු වීම හෙවත් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය (Domestic violence) යනු තාවකාලික සිදුවීම් පෙලක් පමණකැයි සිතීමට ඇතැමුන් පෙලඹී සිටිති. නමුත් එය සැමවිටම සත්‍යයක්ද?

2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ  පනත හරහා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් තොර, ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට කාන්තාවන් හට ඉඩ සලසාදී ඇත. මෙම පනත කාන්තාවන්ගේ අයිතීන් තහවුරු කිරීම පමණක් අරමුණු කරගනිමින් පැනවුවක් ලෙසින් ඇතැමුන් අර්ථ දැක්වුවත්, මෙම පනත ඉන් ඔබ්බට යමින් සැබවින්ම අතිවිශාල වපසරියක් ආවරණය කරන අතරම, කාන්තා අයිතිවාසිකම් හා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පමණක් නොව ගෘහය තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් සාමකාමී ජිවිතයක් ගත කිරීමට අවැසි උපකාරයන්ද ලබා දේ.

(caribbean360.com)

(caribbean360.com)

මෙම පනත මගින් සහන ලබාගත හැක්කේ කුමන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සදහාද?

නිවස තුළ හෝ පිටත සමීප සබදතාවයක් පවතින යම් පාර්ශවයක් මගින් තනි පුද්ගලයන්ට සිදුවන ශාරීරික, මානසික, ලිංගික හිංසනයන් සදහා මෙම පනත යටතේ ප්‍රතිකර්ම ලබා ගත හැකිය.

මෙලෙස පිඩාවට පත්විය හැක්කේ කුමන පුද්ගලයන්ගෙන් ද යන්න, එනම්, වගඋත්තරකරුවන් විය හැක්කේ කුමන පාර්ශවයන් ද යන්න පනත තුළ ඉතාමත් පැහැදිළිව දක්වා තිබේ.

  1. වෛවාහක පාර්ශවය
  2. වෙන්වූ වෛවාහක පාර්ශවය
  3. සංවාසයේ යෙදෙන පාර්ශවය
  4. මව හෝ පියා
  5. ආච්චි ,සීයා,මවගේ දෙවන ස්වාමි පුරුෂයා,පියාගේ දෙවන භාර්යාව
  6. සහෝදරයා,සහෝදරිය ,අර්ධ සහෝදරයා ,අර්ධ සහෝදරිය(මවගේ හෝ පියාගේ වෙනත් විවාහයක දරුවන් ),දරුකමට හදාගත් දරුවන්
  7. මවගේ හෝ පියාගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්
  8. සහෝදරයාගේ හෝ සහෝදරියන්ගේ දරුවන්

ඉහත සමීප සම්බන්ධතාවයන් පවතින පුද්ගලයන් විසින් යම් මානසික,කායික,ලිංගික හිංසනයක් සිදුකරයි නම් ගත යුතු පළමු පියවරයන් මොනවාද?

තමා විසින්ම හෝ වෙනත් අයෙකුගේ උපකාරයක් මාර්ගයෙන් ඔබට සහන ලබා ගත හැකිය. එවන් සංවිධාන හා තනි පුද්ගලයන් සිටි.

  • හදුනාගත් සංවිධානයක උපදේශකවරයෙකු සමග සාකච්චා කිරීම. මෙවැනි ආයතන ලෙස නීති ආධාර කොමිසන් සභාව මානව හිමිකම් කොමිසන් සභාව හදුනාගත හැකිය.
  • පොලිසිය වෙත පැමිණිලි කිරීම
  • ප්‍රචණ්ඩත්වයට ලක්වන්නේ අවුරුදු 18ට අඩු දරුවෙක් නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීම
(montesfamilylaw.com)

(montesfamilylaw.com)

මෙම පනත යටතේ ලැබෙන ප්‍රතිකර්ම මොනවාද?

පිඩාවට පත් පාර්ශවයට පනතේ යටතේ ලබා ගතහැකි ප්‍රතිකර්ම සලකා බැලීමේදී

  • පිඩාවට පත් පාර්ශවයට අධිකරණයට කරනු ලබන ඉල්ලීමක් මගින් අතුරු ආරක්ෂක ආඥාවක් ලබාගත හැකිය. එය තාවකාලික වුවකි. මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම තාවකාලික ආඥාව ලබා දෙනු ලබයි. එමෙන්ම පිඩාවට පත් පාර්ශවයේ ඉල්ලීම පිළිබදව සෑහීමට පත් වූ පසුව ආරක්ෂක ආඥාවක් ලබා ගැනීමේ හැකියාව පවතී.
  • මෙම අතුරු ආරක්ෂක නියෝගය හා ආරක්ෂක නියෝගය මගින් පිඩාවට පත් පාර්ශවය තව දුරටත් පිඩාවට පත්වීම වලක්වයි.

ඉහත ප්‍රතිකර්ම ලබාගත හැකි ක්‍රියා පටිපාටිය

  • පිඩාවට පත් පාර්ශවය අවුරුදු 18ට වැඩි නම් සෘජුවම මහේස්ත්‍රාත් අධිකරණය වෙත හෝ නීතිඥයෙක් හෝ පොලිස් නිලධාරියෙකු මාර්ගයෙන් පිඩාවට පත් පාර්ශවය වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කල හැකිය.
  • මහේස්ත්‍රාත් අධිකරණය පිඩාවට පත් පාර්ශවය පදිංචි වී සිටින බල ප්‍රදේශයට අයත් හෝ අදාල ගෘහස්ත හිංසනය සිදු වූ ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණය විය යුතුය.
  • පිඩාවට පත් පාර්ශවයට නීති ආධාර කොමිසන් සභාවේ, මානව හිමිකම් කොමිසන් සභාවේ සහය පැතීමේ හැකිය ඇත.
  • පිඩාවට පත් පාර්ශවය අවුරුදු 18ට අඩු නම් මව හෝ පියා මගින් ,භාරකරු මගින්,දරුවා සමග ජිවත්වන වැඩිහිටියෙක් මගින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිය මගින් අයදුම් පත්‍රයක් ඉදිරිපත්කිරීමේ හැකියාව පවතී.
  • පිඩාවට පත් පාර්ශවය පිඩාවට පත්වන බව දන්නා ඕනෑම අයෙකු විසින් ඉදිරිපත්කරනු ලබන දිවුරුම් ප්‍රකාශ ඉල්ලුම් පත්‍රය සමග අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිදුකල යුතුය.
  • එමෙන්ම පිඩාවට පත් පාර්ශවය විසින් පොලිසිය වෙත ඉදිරිපත් කරනු ලැබූ පොලිස් පැමිණිලි සාක්ෂි ලෙස වැදගත් වේ.
  • අතුරු ආරක්ෂක නියෝගය නිකුත් කිරීම
  • මෙම නියෝගය තාවකාලික නියෝගයකි, එනම් මහේස්ත්‍රාත්වරයා ඉල්ලුම් පත්‍රය පිළිබදව සලකා බලන කාල සිමාව තුළ මෙම නියෝගය නිකුත් කරනු ලබයි. පිඩාවට පත් පාර්ශවයට නැවත පිඩාවට පත්වීම වැළක්වීම සදහා ඉක්මන් ප්‍රතිකර්මයක් ලෙස මෙම නියෝගය නිකුත් කරනු ලබයි.
  • ඉල්ලුම්පත්‍රය සලකා බැලීමෙන් පසුව අතුරු තහනම් නියෝගය නිකුත්කිරීම අනවශ්‍ය බව අධිකරණයට හැගේ නම් අතුරු තහනම් නියෝගය ඉවත්කරනු ලබන අතර එසේ ඉවත් කිරීමට හේතු වූ කරුණු අධිකරණය විසින් ඉල්ලුම්කරු වෙත දන්වනු ලබයි.

අතුරු තහනම් නියෝගය යනු කුමක්ද? පිඩාවට පත් පාර්ශවයට ලැබෙන ප්‍රතිකර්ම, සහන මොනවද?

  • මෙය තාවකාලික නියෝගයක් වන අතර ආරක්ෂක නියෝගය නිකුත් නිකුත් කරන තුරු හෝ අතුරු ආරක්ෂක ආඥාව අධිකරණය විසින් ඉවත් කරන තුරු මෙම අතුරු ආරක්ෂක නියෝගය බල සහිත වේ
(personalinjurylawyer-nyc.com)

(personalinjurylawyer-nyc.com)

මෙම අතුරු ආරක්ෂක නියෝගය මගින් අදාළ පීඩාකාරී තැනැත්තා

  • පීඩාවට පත් තැනැත්තාගේ නිවසට ප්‍රවේශ වීම වළක්වයි
  • සේවා ස්ථානයට /පාසලට ප්‍රවේශ වීම වළක්වයි
  • වින්දිත පුද්ගලයා සමග සබදතා පැවැත්වීමට උත්සහ කිරීම වළකයි
  • වින්දිත පුද්ගලයා ලුහුබැදීම තහනම් කරනු ලබයි
  • පීඩිත තැනැත්තාගේ නෑ හිතවතුන්ට හිංසාකිරීම තහනම් කරනු ලබයි
  • පීඩිත තැනැත්තාට උපකාර කරන සමාජ සේවකයන්ට/වෛද්‍යවරුන්ට/පිඩාවට පත් තැනැත්තාට උපකාර කරන ඕනෑම කෙනෙක්ට හිංසා කිරීම වළක්වයි
  • වෛවාහක නිවස විකිණීම තහනම් කරනු ලබයි
  • අධිකරණය මගින් පත්කරනු ලැබූ සමාජ සේවකයෙකු,පවුල් උපදේශකවරයෙකු,පරිවාස නිලධාරියෙකු ,පවුල් සෞඛ්‍ය නිළධාරීයෙකු, මගින් සහය ලබාගැනීමට පිඩාවට පත් තැනැත්තාට හැකිය.
(therakyatpost.com)

(therakyatpost.com)

ආරක්ෂක නියෝගය නිකුත්කිරීම

  • පීඩාවට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම පිළිබදව අධිකරණය සෑහීමට පත් වේ නම් හා ආරක්ෂක ආඥාව නිකුත්කිරීම සුදුසු බව අධිකරණයට හැගී යයි නම් මෙම ආරක්ෂක ආඥාව නිකුත් කරනු ලබයි.මෙය මස 12ක් දක්වා බල පැවැත්වේ.
  • මෙම ආරක්ෂක නියෝගය මගින් වගඋත්තරකරුට හෝ වෙනත් පුද්ගලයකු මගින් ගෘහස්ත හිංසනයට ලක්කිරීම තහනම් කරනු ලබයි.
  • මෙම ආරක්ෂක නියෝගය වෙනස් කරගැනීම හෝ ඉවත්කරගැනීම සදහා දෙපාර්ශවය විසින්ම අධිකරණය වෙත ඉල්ලීමක් සිදුකල යුතු අතර ,මෙම ඉවත්කරගැනීම කල හැක්කේ පෙර පැවති හිංසාකාරී තත්ත්වය වෙනස්ව ඇති බව හා ආරක්ෂක නියෝගය ඉවත් කරගනු ලබන්නේ කිසිදු බලපෑමක් මත නොවන බව අධිකරණය සෑහීමට පත් වූ විටය.

ආරක්ෂක නියෝගය නිකුත් කිරීමෙන් පසු අධිකරණය

  • හිංසනයට පත් වුවන්ගේ නවාතැන් පිළිබදව
  • හිංසනයට පත්වුන්වන්ගේ මුල්‍යමය අවශ්‍යතා
  • මෙම නියෝගය හේතුවෙන් පිඩිත පාර්ශවය යම් අපහසුතාවයකට පත්වුවාද යන්න සලකා බලනු ලබයි.

වගඋත්තරකාර පාර්ශවය අතුරු ආරක්ෂක නියෝගය හෝ ආරක්ෂක නියෝගය කඩකරයි නම්

  • ප්‍රථමයෙන්ම පොලිසිය වෙත පැමිණිල්ලක් කල යුතුය
  • අතුරු තහනම් නියෝගය හා ආරක්ෂක නියෝගය යනු අධිකරණ නියෝග වේ. අධිකරණ නියෝගයන් පැහැර හැරිම යනු අපරාධමය වරදක් සංස්ථාපනය කරනු ලබන තත්වයකි.
  • අධිකරණ නියෝග පැහැර හරි නම් රුපියල් 10,000ට නොඅඩු දඩයක් හෝ වසරක් නොඉක්මවන සිරදඬුවමක් හෝ ඉහත දෙයාකාරයෙන්ම දඩුවම් ලබා දෙනු ලබයි.

නීතිය පවතින්නේ ඔබ අප සැමගේ අයිතිවාසිකම් තහවුරු කරදීම පිණිසය. නීතියට අනුකූලව අදාල පියවර නිසි පරිදි ගන්නේ නම් තවදුරටත් ඔබ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයයේ වින්දිතයකු නොවනු ඇත. අධිකරණය හා නීතිය බලාත්මක කරන අනෙකුත්  ආයතන මගින් ඔබේ අයිතීන් සුරක්ෂිත කරනු ලබනවා පමණක් නොව, වඩාත් විශ්වාසනීය මිතුරකු ලෙස ඔබේ රහස්‍යභාවය ද සුරකිනු ඇත.

කවරයේ ඡායාරූපය: therepublicsquare.com

Related Articles