Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාමූහික ජනතාවක් වාසය කරන ඊශ්‍රායලයේ කිබුට්ස් ගම්මාන

ඊශ්‍රායලයේ කිබුට්ස් ගම්මාන ලෝකයේ අනෙකුත් ගම්මාන වලින් සුවිශේෂී වෙනස්කමක් උසුලනවා. කිබුට්ස් යනුවෙන් සාමූහිකත්වය, කණ්ඩායම යන අර්ථය ධ්වනිත වන අතරම මෙම ගම්මානයේ ජනතාව සාමූහිකව, එකට එකතු වී වාසය කරනු ලබනවා. අද්විතීය ජීවන රටාවකට හිමිකම් කියන මෙම කිබුට්ස් ගම්මානය සම්බන්ධයෙන් මෙම ලිපිය මඟින් කතා කරනු ලබනවා.

ඉතිහාසය

සාමූහිකත්වය (fee.org)

කිබුට්ස් යන්නේ බහු වචනය කිබුට්සිම් වනවා. පළමු කිබුට්ස් වර්ෂ 1909 දී එවකට ඔටෝමන් පාලනය යටතේ වූ පලස්තීනයේ, ගැලීලි මුහුද යාබද​ දෙගන්ය නමැති ප්‍රදේශයේ පිහිටුවනු ලැබුණා.

මුල් කාලයේ පලස්තීනයේ කිබුට්සිම්, kevuẓot නම්වූ කුඩා ප්‍රමාණයේ සමූහයක් වූ අතරම, එය අනුක්‍රමයෙන් විශාල මෙන්ම කිබුට්ස් යනුවෙන් සාමූහික සමූහයක් බවට පරිණාමය වුණා. මෙම කිබුට්සිම් පලස්තීනයේ නව යුදෙව් ජනාවාස කෙරෙහි පුරෝගාමී වෙමින් විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබුවා. එමෙන්ම මොවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික හා සමානාත්මවාදී ලක්ෂණ මුල් කාලීන ඊශ්‍රායල සමාජය කෙරෙහි දැඩි ලෙස බලපෑම් කරනු ලැබුවා.

මුල් කාලයේ මොවුන් ප්‍රමාණයෙන් ඉතා සුළු පිරිසක් වුවද කල් යත්ම ජනගහනය වර්ධනය වීමක් සිදුව තිබෙනවා. අද වන විට මෙම ජනගහනය ආසන්න වශයෙන් 130,000 පමණ වන අතර එය මුළු රටේ ජනගහනයෙන් 2.5%  පමණ අගයක් ගනු ලබනවා.

කිබුට්ස් සතු විශේෂත්ව

අතීතයේ කිබුට්සයක කාන්තාවන් පිරිසක් (theculturetrip.com)

අද්විතීය ලක්ෂණ වලින් හෙබි ග්‍රාමීය සමාජයක් වන මොවුන්, උසස් යැයි සම්මත සංකල්ප රාශියකින් පාලනය වනු ලබනවා. ඒ අනුව මෙම සමාජය අන්‍යෝන්‍ය උපකාරය, සමාජ සාධාරණත්වය යන කරුණු ඉතා උසස් ලෙස​ පිළිගනු ලබනවා. මෙහි සමාජ ආර්ථික පද්ධතිය, දේපල පිළිබඳ​ හවුල් හිමිකම, සමානාත්මතාවය හා නිෂ්පාදන සහයෝගය, පාරිභෝජනය හා අධ්‍යාපනය හා “එකිනෙකාගේ හැකියාවන් හා එකිනෙකාගේ අවශ්‍යතාවයන් අනුව’ යන අදහස ඔස්සේ සම්පූර්ණ කරනු ලබනවා. මේ අනුව මෙහි ජනතාව සුවිශේෂී සමාජ ගිවිසුමක් සමඟ වාසය කරනු ලබනවා.

සංවිධානය වීම

ඊශ්‍රායලය ගොඩ නැගීමේදී කිබුට්ස් මගින් කළ කාර්යය විශේෂයි (jacobinmag.com)

මොවුන් බොහෝමයක් සංවිධානය වී තිබෙන්නේ සමාන සැලැස්මකට අනුවය. නේවාසික ප්‍රදේශය සාමාජිකයින්ගේ නිවාස හා  ගෙවතු, ළමුන්ගේ නිවාස හා සෑම වයස් කණ්ඩායමකටම ක්‍රීඩා භූමි හා පුස්තකාල, පිහිනුම් තටාක, භෝජනාගාර, ටෙනිස් ක්‍රීඩාංගන, වෛද්‍ය සායන, සිල්ලර කඩ ආදී පොදු පහසුකම් වලින්ද යුක්ත වනවා. වයස්ගත හා ආබාධිත වූවන්ට විද්‍යුත් කරත්ත සපයා දී තිබෙනවා.

සෘජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය

කිබුට්ස් හි කාර්යයන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යටතේ ක්‍රියාත්මක වනවා.  පොදු සම්මේලනයේ දී සාමාජිකයින් විසින් නීති සම්පාදනය කිරීම, නිළධාරීන් පත් කිරීම, අය වැය වාර්තාවට බලය ලබා ගැනීම, නව සාමාජිකයින් අනුමත කිරීම ආදී කරුණු කාරණා සිදු කරනු ලබනවා. එමෙන්ම එය නීති සම්පාදනය කරන මණ්ඩලයක් පමණක් නොව සාමාජිකයින් විසින් ඔවුන්ගේ අදහස් හා මත ඉදිරිපත් කරන ස්ථානයක් ද වනවා.

එදිනෙදා කටයුතු පාලනය කරනු ලබන්නේ, පත් කරන ලද කාරක සභා මඟිනි. ඔවුන් විසින් නිවාස, මුදල්, නිෂ්පාදන සැලසුම්, සෞඛ්‍ය හා සංස්කෘතිය ආදී අංශ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබනවා.

ආර්ථික  කටයුතු හා වෘත්තීය ආචාර ධර්ම

කිබුට්සයක​ තිරිඟු වගාවක් (Times of Israel)

කිබුට්ස් ගොවියන් හිස් මුඩු බිම් සමෘද්ධිමත් කරනු ලබනවා. පළතුරු වතු, ක්ෂේත්‍ර භෝග, කිරි පට්ටි, කුකුළු හා මත්ස්‍ය කර්මාන්ත සිදු කරනු ලබනවා. මෑත කාලීනව කාබනික කෘෂිකර්මාන්තය මොවුන්ගේ ප්‍රධාන ආර්ථික ආධාරකය බවට පත් වෙමින් තිබෙනවා. උත්සහාවන්තකම හා උසස් කෘෂිකාර්මික ක්‍රම භාවිතා කිරීම හේතුවෙන් ඉතාමත් විශිෂ්ට ගණයේ ප්‍රථිපල මෙම කණ්ඩායම ලබා ගෙන තිබෙනවා. නිෂ්පාදන කටයුතු නොයෙකුත් ස්වාධීන ශාඛා වල සංවිධානය වනවා. බොහෝමයක් දෙනා කෘෂිකාර්මික කටයුතු වල නිරත වී සිටින අතර තුර වර්තමානයේ නොයෙක් ආකාරයේ කර්මාන්ත වලටද විහි දී තිබෙනවා. කිබුට්ස් කර්මාන්ත බොහොමයක් අංශ තුනක් කෙරෙහි යොමු වී තිබෙනවා. කිබුට්ස් සාමාජිකයින් පවුලේ ප්‍රමාණය අනුව සමාන අයවැයක් ලබා ගනු ලබනවා.

වැඩ කිරීම මෙහි අගය කොට සලකනු ලබනවා. එමෙන්ම වෘත්තීය ආචාර ධර්ම සුවිශේෂී කාර්යක් ඉටු කරනු ලබනවා. සෑම ආර්ථික ශාඛාවකම පත් කරන ලද පරිපාලකයෙකු විසින් මූලික ස්ථානය​ උසුලන අතර, එම තනතුරු සඳහා සෑම අවුරුදු 2-3 අතර කාලයක නැවත නිළධාරීන් පත් කරනු ලබනවා. කිබුට්ස් හි සාමාජිකයින් වැඩි වශයෙන් කෘෂිකාර්මික සහ​ ධීවර (24%), කර්මාන්ත (24%) අංශ වල නිරත වනවා. මීට අමතරව, සංචාරක, වාණිජ හා මුල්‍ය, ප්‍රවාහන, සන්නිවේදන ආදී අංශ වලද සේවය කරනු ලබනවා.

දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල

newsweek.com

දරුවන් උසස් පාසල්  යන වයස එළඹෙන තුරු සිය දෙමාපියන්ගේ නිවෙස් වල නිදා ගනු ලබනවා. සියලුම වයස් කණ්ඩායම් සඳහා පහසුකම් සලසා දී තිබෙනවා. එමෙන්ම දෙමාපියන් සිය දරුවන්ගේ ක්‍රියාකාරකම් සඳහා වැඩි වශයෙන් මැදිහත් වනු ලබනවා. කිබුට්ස් සමාජය තුළ පවුල නමැති ඒකකයට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා.

රාජ්‍යයට​ සහය දැක්වීම හා අද්විතීය සම්ප්‍රදායන්

උත්සව අවස්ථාවක් (Times of Israel)

කිබුට්ස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ, ජනාවාස රටාවක් හා ජීවන රටාවක් පමණක්ම නොවේ. ඊශ්‍රායල​ සමාජයේ අත්‍යවශ්‍ය කොටසකි. රටේ දේශපාලන කටයුතුවල ක්‍රියාශීලිව සහභාගී වීමට අමතරව වසර ගණනාවක් පුරා නොයෙක් ආකාරයේ ජාතික කාර්යයන් වලටද දායක වී තිබෙනවා.

කෞතුකාගාර වාස්තු විද්‍යාව, සොබාදහම, කලාව, යුදෙව් ඉතිහාසය ආදී ලෙස විශේෂිකරණයට ලක් කොට තිබෙනවා. එමෙන්ම සම්ප්‍රදායික යුදෙව් උත්සව හා ජාතික නිවාඩු දිනයන් අද්විතීය ආකාරයෙන් පරිනමයන් සහිතව සමරනු ලබනවා. එමෙන්ම පෞද්ගලික උත්සව වන විවාහ, සංවත්සර​ සැමරුම්, කෘෂිකාර්මික අංග ද සමරනු ලබනවා.

Cover Image: ගිලාඩ් කිබුට්සයේ ළමයින් පිරිසක් (Herzl Shapira/Flash90)

Related Articles