Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකය පාලනය කරන්නේ, ‘ෆ්‍රීමේසන්වරුන්’ කියන්නෙ ඇත්තක් ද?

රහසිගත ව හිඳ ලෝකය පාලනය කරන බවට මතයන් පවතින Illuminati සංවිධානය  වගේ ම තවත් බහුලව ම කතා බහට ලක්වන මාතෘකාවක් බවට මේ freemasons (Freemasonry) සංවිධානය පත් වී තිබෙනවා. නමුත් illuminati සංවිධානය අදටත් පවතින බවට සාධක සොයා ගැනීමට අපහසු යි. ඔවුන්ගේ පැවැත්ම රහසිගත ව පවත්වා ගෙන යන බව තමයි ඔවුන්ගේ පැවැත්ම පිළිගන්නා අයගේ මතය. නමුත් ෆ්‍රීමේසන්ස් සංවිධානය අදටත් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යන සංවිධානයක්. නමුත් මෙය පිළිබඳවත් පවතින මතයන් බොහොම යි. හුදෙක් ඓතිහාසික දත්ත පමණක් නොව, ඒ වටා පවතින විවිධ අබිරහස් මතයන් පිළිබඳවත් මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.

ඉතිහාසය

ෆ්‍රීමේසන්රි සංවිධානය ලෝකයේ අද වන විට පවතින පැරණිතම සංවිධානයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා. එය මධ්‍යතන යුරෝපය දක්වා දිවයන බව තමයි මතයන් පළවෙන්නේ. 1717 වසරේ මෙය නිල වශයෙන් පිහිටවනු ලැබුවා. ඒ Grand Lodge of England පිහිට වීම සමග යි. ඉලුමිනාටි සංවිධානය තරමට ම මේ සංවිධානය වටාත් conspiracy theory හෙවත් ගුප්ත මතයන් ගොඩනැඟෙන්නේ මෙම සංගමයේ සමහර චාරිත්‍රයන් ඉතා ම රහසිගත නිසාවෙන් වන්නට පුළුවන්. පිරිසක් මෙය ලෝකය ම හොඳින් හඳුනන රහසිගත සංවිධානයයැ යි හඳුන්වන්නට පෙළඹී සිටින්නේ, ඔවුන් ප්‍රසිද්ධියේ ලෝකය හමුවේ ක්‍රියාකරන නිසාවෙන් වන්නට පුළුවන්. කෙසේ වෙතත්, මේ සංවිධානයේ ආරම්භය පිළිබඳ ව මතිමතාන්තර ගණනාවක් පවතිනවා. සමහරකට අනුව මෙය පැවතෙන්නේ වතිකානුවට පැමිණි බව කියන ටෙම්ප්ලර්වරුන්ගෙනුයි. තවත් පිරිසකගේ මතය වන්නේ, මේසන්වරුන් විසින් ඔවුනොවුන්ගේ නිදහස වෙනුවෙන් සහ එකල පල්ලියේ අන්තවාදී ඉගැන්වීම්වලට විරුද්ධ ව නිවහල් ලෙස ජීවත් වීමට මේ සංගමය පිහිටවා ගත් බව යි. කෙසේ වෙතත් මෙය ඇමරිකාව ගොඩනැඟූ සංවිධානය බව බොහෝදෙනෙක් අතර ජනප්‍රිය මතයක්. ඒ අතිශය ජනප්‍රිය සහ බලවත් චරිතයන් මේ සංවිධානයේ සාමාජිකත්වය දැරු නිසාවෙන් මේ අතරට ජෝර්ජ් වොෂින්ටන්, වින්ස්ටන් චර්චිල්, මාක් ට්වේන්, හෙන්රි ෆෝඩ්, සහ ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරුන්  (founding fathers) සියලු දෙනාම පාහේ අයත් බව යි පිළිගැනෙන්නේ. අදටත් වොෂින්ටන් නුවර සැලකෙන්නේ අතීත මේසන්වරු විසින් වර්තමාන මේසන්වරු වෙත සාදන ලද්දක් ලෙස යි. ඒ වගේ ම අදටත් වොෂින්ටනය ඇතුළු ඇමරිකාවේ විවිධ ස්ථානයන් හි මේසන්වරුන්ගේයැ යි සැලකෙන සංකේත දැකගන්න පුළුවන්. නමුත් මේ සංකේතවලින් කියැවෙන අරුත සංවිධානයෙන් පිටත කිසිවෙකු දන්නේ නැහැ.

සම්බන්ධ වීම

සාමාන්‍යයෙන් මේ සංවිධානය සමග සම්බන්ධ වීමට වැඩි අවස්ථාවක් ඇත්තේ පුරුෂ පාර්ශවයට යි. කාන්තාවන් මෙම සංවිධානයට සම්බන්ධ වීම පිළිබඳ ව ඇත්තේ තරමක් අපැහැදිලි මතයක්. කෙසේ වෙතත්, 18 වැනි සියවසේ දී කාන්තාවන් කිහිපදෙනෙකු  සම්බන්ධ වී ක්‍රියා කළ බවට පිළිගැනෙනවා. අද වන විට කන්තාවන්ට ම වෙන් වූ වෙනම  සංවිධානයක් තියෙනවා. බොහෝ විට මෙම සංවිධානයන් ක්‍රියා කරන්නෙ වෙන වෙන ම යි. මේ සංවිධානය සමග සම්බන්ධ වීමට නම් ඔබට යහපත් සමාජ පිළිගැනීමක් අත්‍යවශ්‍ය යි.

ඔවුන් සමග සම්බන්ධ වන නවක සාමාජිකයින් අඳුරෙන් එළියට පැමිණීම සංකේතවත් කරමින් විවිධ චාරිත්‍රයන් සිදුකරනවා. ඒ වගේ ම එහි රහස් කිසිවෙකුට නොකියන ලෙස දිවුරුම් දීමකුත් සිදුකරන්නට ඔවුන්ට සිදුවෙනවා. සමහර මතයන් අනුව මේ දිවුරුමෙන් පසුව නවකයින් සිහි විසංඥ කිරීමක් කරනු ලබනවා. ඉන් අනතුරුව ඔවුන් නැවත සිහි එළඹීමට පත් කිරීමෙන් ඔවුන් නැවත ඉපදීමක් ලෙසින් සංකේතවත් කෙරෙනවා. නවකයින්ට සංවිධානයේ රහස් දැන ගැනීමට නම්, ඔවුන් තමන්ගේ සමාජ මට්ටම් ඉහළ දමා ගත යුතු යි. විවිධ මට්ටම් තුළ දී සංවිධානයේ රහස් වගේ ම විවිධ ක්‍රියාකාරකම් පිළිබඳවත් අවබෝධයක් ලැබෙනවා.

සංවිධානයේ විවිධ මට්ටම්- news.wttw.com

මේ අවස්ථාවේ දී ඔබ ලබා දෙන දිවුරුම කඩ කළහොත් හෝ රහස් පිට කිරීමක් සිදුවුණොත්, මරණයෙන් දඬුවම කෙළවර වන බව තමයි කියැවෙන්නෙ. නමුත් සංවිධානයේ ප්‍රබලයින්ට අනුව නම් ඔවුන් ඒ ගැන විශාල තැකීමක් නොකරන බව තමයි කියන්නේ. ඒ වගේ ම ඔවුන් පවත්වන රැස්වීම්වල දී ඔවුන් විශේෂ ඇඳුම් ආයිත්තම් භාවිත කරන බව පමණක් ඔවුන් පෙන්වා තිබුණා.

කෙසේ වෙතත්, ඉලුමිනාටි සංවිධානයට මෙන්ම මේ සංවිධානයත් එවකට පල්ලියෙන් ගැරහුම් ලබන්න වුණේ, විද්‍යාවට මුල් තැන ලබා දීම සහ පල්ලියේ අන්තවාදී මතයන් ගැරහූ නිසාවෙන්. අටවන ක්ලෙමන්ට් පාප්වරයා විසින් වර්ෂ 1738 දී ඔවුන්ට විරුද්ධ ව නැඟීසිටීමක් ද සිද්ධ වෙනවා.

මේ සංවිධානය සහ ඉලුමිනාටි සංවිධානය අතර සම්බන්ධයන් පවතින බවට සමහරක් දෙනා විශ්වාස කරනවා. 1785 දී පමණ ඉලුමිනාටි සංවිධානය තහනම් වීමෙන් පසුව, ඔවුන් රහසේ ම ෆ්‍රීමේසන්වරුන්ගේ සංවිධානය ඇතුළතින් වර්ධනය වූ බව එවන් එක්තරා මතයක්. ඒ වගේ ම ඉලුමිනාටි මුලින්ම ආරම්භ වෙන්නෙත් එහි ආරම්භකයා ලෙස සැලකෙන Adam Weishaupt හට Freemasonry සමග සම්බන්ධ වීමට තරම් වත්කමක් නොවීම නිසා බවත් එක්තරා ජනප්‍රිය මතයක්. මේ සංගමයන් දෙකට අමතර ව, එවකට ක්‍රියාත්මක වුණු priory of sion ඇතුළු සංගම් ගණනාවක් යම් යම් සිදුවීම්වල දී එකට එක් වී ක්‍රියාත්මක වී තිබෙනවා. ලංකාව තුළත් මේ සංවිධානය පවත්නා බවට සාධක පවතිනවා. මේ සංවිධානය බොහෝ විට විවිධ බිලි පූජා පැවැත්වීම වැනි දේ සිදුකරන සංවිධානයක් බවට හංවඩු ගැසී තිබුණත් එය එසේ නොවන බවත්, පුද්ගලයින් එකිනෙකා අතර සම්බන්ධතාවයන් ගොඩනඟා ගැනීමට ආරම්භ කළ සංවිධානයක් ලෙස යි ඔවුන් හඳුන්වන්නේ.

Freemasonry ගැන ඔබ දන්නා කරුණුත් කමෙන්ට් කරගෙන ම යන්න.

කවරය: freemasoninformation.com

මූලාශ්‍රයයන්:  

wikipedia.org

Youtube.com

News.wttw.com

Britannica.com

freemasoninformation.com

Related Articles