Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගින්නෙන් උපන් ෆීනික්ස්

අබිරහස් සහ මිත්‍යාවන්ගෙන් පිරි ඉතිරී ගිය ලෝකයක තමයි අපි ජිවත් වෙන්නේ. ඔබ අහලා තියෙනවා ද ගින්නෙන් උපදින ෆීනික්ස් පක්ෂියා (Phoenix) පිළිබඳ ව? ග්‍රීක පුරාවෘත්තයන් සහ මායා කථාන්තර (fantasy stories) කියවන්න කැමති අයෙක් නම්, ෆීනික්ස් පක්ෂියා ඔබට නුහුරු වෙන්නට ඉඩක් නැහැ. මේ ලිපිය හරහා කියන්න බලාපොරොත්තු වෙන්නේ ෆීනික්ස් පක්ෂියා ගැන ඔබ නොදත් කරණු සහ එම පක්ෂියා හා බැඳුණු විශ්වාසයන් පිළිබඳව යි.

බොහෝදෙනෙක් මේ මිත්‍යා සත්ත්වයා පිළිබඳ විග්‍රහ කරන්නේ සහ චිත්‍රයන්ට නඟන්නේ, පිල් නොවිහිදා සිටින මොනරෙකුගේ  හැඩයට සමානවයි. මේ පක්ෂියා විවිධ පැහැයන්ගෙන් යුතු බව විවිධ කතාවලින් හෙළි වෙනවා. මිත්‍යා සත්ත්වයෙක් නිසාවෙන් විවිධ කථාංගවල සහ විවිධ කෘතිවල මේ පක්ෂියාගේ ආවේණික රටවල් විවිධ අයුරින් දක්වනවා. උදාහරණයක් ලෙස, බ්‍රිතාන්‍යයේ වාසය කරන Phoenix වර්ගය තරමක් අළු පැහැයට සමාන කළු වර්ණයකින් සමන්විත වන අතර, ඔවුන්ගේ පියාපත්වල සුදු පැහැයට සමාන යම් යම් සලකුණු දැකගන්න පුළුවන්.

ගින්නෙන් උපන් ෆීනික්ස්- aliexpress.com

එමෙන්ම, උතුරු යුරෝපයේ වාසය කරන Phoenix වර්ගය, බ්‍රිතාන්‍යයේ වාසය කරන Phoenix වර්ගයට බෙහෙවින් සමානතාවයන් පෙන්වූව ද, ශරීරය තරමක් කුඩා බව තමයි සඳහන් වෙන්නේ. අයර්ලන්තයේ වෙසෙන කහ සහ රතු පැහැයට හුරු, මධ්‍යම ශරීරයක් සහිත පක්ෂියා Augurey යන නමින් ද සමහර තැන්වල හඳුන්වනවා. කෙසේ වෙතත්, මේ පක්ෂියා තමයි අපට බොහෝ විට ෆීනික්ස් පක්ෂියා ලෙසින් දැකගන්න ලැබෙන්නේ. තවත් සමහර Irish Phoenix ලෙසින් ද හඳුන්වනවා. මේ ගැන නම් වැඩිපුර ම අහන්න ලැබෙන්නේ ඔබ හොඳින් හඳුනන Harry Potter කතා මාලාවේ දී. කොහොම වුණත් මේ පක්ෂියාගේ ඇස් තද කළු පැහැති බව තමයි බොහෝ තැන්වල සඳහන් වෙන්නේ.

ෆීනික්ස් අද වන විට අතිශය ජනප්‍රිය සංකේතයක් ලෙසින් භාවිත වෙන්නේ එම පක්ෂියා සතු බව කියවෙන සුවිසේෂි ගුණාංග නිසාවෙනුයි. බොහෝ දෙනෙකු, අමරණීය (Immortal) සතෙකු ලෙස හැඳින්වුව ද, ෆීනික්ස් පක්ෂියා සතු ව පවතින්නේ ඊට තරමක් වෙනස් ශක්තියක්. ඒ තමයි rebirth, එහෙම නැති නම් නැවත ඉපදීමේ හැකියාව. මේ මායා සත්ත්වයා මිය යන්නේ දීප්තිමත් ගිනි දළු තුළ බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේ ම, නැවතත් අළු තුළින් ඉපදීම ද සිදුවෙන බව යි පවතින මත ය.

බොහෝ දෙනෙක් මේ පක්ෂියාගේ සංකේතයන් සහ නාමය භාවිතා කරන්නේ නැවත නැගිටීම සංකේතවත් කරන්න යි. ඒ වගේ ම මේ පක්ෂියා සතු බවට සැලකෙන සුවිශේෂි හැකියාවන් කිහිපයක් තියෙනවා. පිහාටුවල ඇති බවට සඳහන් වෙන විශාල මායා බලයත් ඉන් එකක්. ඔබට මතක නම් harry potter කතා මාලාවේ ප්‍රධාන චරිත දෙකකට ම (harry potter සහ voldemort) තිබුණේ මේ පක්ෂියෙකුගේ පිහාටු මැදි කරමින් නිර්මාණය කළ මැජික් යෂ්ටි. ඒ වගේ ම මේ මායා සත්වයාගේ ශක්තිය පිළිබඳවත් ඒ කතා මාලාවේ සඳහන් වෙනවා. ශක්තිමත් නිය සහිත මේ සත්ත්වයාට විශාල බරක් ඔසවාගෙන පියාසැලීමේ හැකියාව සහිත යි. ෆීනික්ස්ගේ කඳුළු සතු ව ඇති සුව කිරීමේ ශක්තිය තවත් සුවිශේෂී ම හැකියාවක්. තම ස්වාමියාට අසීමිත ව ආදරය කරන ෆීනික්ස්, ජිවිත කාලය තුළ දී බොහෝ විට එක ස්වාමියෙකුට පමණක් සේවය කරන බවත් සඳහන් වෙනවා.

මේ පක්ෂියා ගින්දර, සුර්යා, සහ අමරණීයත්වයේ සංකේතයක් ලෙසත් පිළිගැනෙනවා. යුදෙව්, රෝම, පර්සියානු වගේ ම ග්‍රීක වැනි බොහොමයක් සාහිත්‍යමය පුරාවෘතයන් හි ෆීනික්ස් පිළිබඳ ව සඳහන් වෙනවා. මේ පක්ෂියා හා බැඳුණු වෘතාන්තයන් අතර මකර ලේ ගලන ගස් පිළිබඳවත් කියැවෙනවා. ඒ, ෆීනික්ස් පක්ෂියා සහස්‍රයකට දෙවරක් අළු මතින් නැවත ඉපදීම සඳහා ‘මකර රුධිර වෘක්ෂයන්ගේ භූමිය’ කරා පැමිණෙන බව යි.

මේ පක්ෂියා වසර 500කට ආසන්න කාලයක් ජිවත් වෙන අතර, ඔහුගේ මරණය සිදුවන්නේත් සුවිශේෂි ලෙසකට යි. තම අවසාන කාලය ළඟා වී ඇති බව අවබෝධ කරගන්නා මේ පක්ෂියා කුරුඳු සහ විවිධ මැලියම් භාවිතා කරමින් කුඩුවක් නිර්මාණය කර ගන්නවා. ඒ සමග ම තමයි දැවී අළු පමණක් ඉතිරි වෙන ලෙස මිය යන්නේ, නැවත අළු මතින් තමන්ගේ නව ජීවන සමය අරඹන අටියෙන්. කෙසේ වෙතත්, මෙකී මිත්‍යා සත්ත්වයා බොහෝ දෙනෙකුගේ හිතේ තදින් ම කාවදින ලෙසින් ජීවමාන ව පවතිනවා. ඔබත් මේ පක්ෂියා පිළිබඳ තවත් කරුණු දන්නවා නම් පහළින් comment කරන්නත් අමතක කරන්න එපා.

කවරය: thinglink.com

මූලාශ්‍රයයන්:

Cntraveler.com

Wikipedia.org

Youtube.com

harrypotter.wikia.com

Tattooe.ru

Unawe.org

Related Articles