Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුබවාදී සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකට + වෙමු

කුහුඹු පෙළකට තමන්ගේ අනෙක් අය වෙනුවෙන් කෑම රැස් කරන හැටි, පේළියට යන හැටි ඉගැන්වූවේ කවුද? මී මැස්සෙක්ට දුර ඈත ගිහින් තමන්ගේ අනිත් සගයන්ට මී පැණි අරගෙන එන්න ඉගැන්වූවේ කවුද? කාක්කෙක්ට කෑමක් හම්බුණාම “කාක් කාක්” කියලා තමන්ගේ යාළුවන්ටත් කතා කරන්න ඉගැන්වූවේ කවුද? ඒකට උත්තරේ, සොබාදහම! අපිත් ඒ සොබාදහමේම තවත් එක් කොටස් කරුවන් පිරිසක් විතරයි. එහෙනම් ඒ ගුණදම් ඊටත් වඩා හොඳින් ලබන්නට නම් සුබවාදී සහ ධනාත්මක මනසක් ගොඩනගා ගන්න ඕනෑ.

ඍණාත්මක අවස්ථාවකදී දෘෂ්ඨිකෝණය වෙනස් කරගමු

අපේ කටයුතුවල ඍණාත්මක පැති බොහොමයි

ප්‍රශ්නවලට මුහුණ දීමේදී අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි හිතන්න පුරුදු වෙලා ඉන්න දෘෂ්ඨි කෝණය අනුවයි. අවුරුදු ගාණක් ආශ්‍රය කරපු අපේ වැඩිහිටියන්, ළඟම යාළුවන් හිතන විදිහ අනුව බොහෝ අවස්ථාවලදී අපිත් හිතන්න පටන් ගන්නවා. මේ නිසාම වැරදි වැටහීම් බොහොම ඇති වෙන්න පුළුවන්. මොකද, අපි එක් පැත්තකින් විතරක් බලද්දී ඒක පටු ආකල්ප වලින් පිරුණු වැරදි මාවතක් වෙන්න ‍ඉඩ කඩ තියෙනවා.

උදාහරණයක් විදියට, බාගයක් වතුර පුරවපු වීදුරුවක් දිහා බලලා එක් දෘෂ්ඨිකෝණයකින් “මේකෙ බාගයක්ම හිස්නේ!” කියලා ඍණාත්මකව හිතන්න පුළුවන්. ඒ කෙනාට ඒ වතුර වීදුරුවේ තියෙන ප්‍රයෝජනය නොපෙනෙන නිසා පටු ආකල්පයකින් ඒ ගැන හිතලා දුකට පත් වෙනවා. නැත්නම්, පුරවපු කෙනා “සම්පූර්ණයෙන් පුරවලා නෑනේ” කියලා වෛරයක් ඇති වෙනවා. හැබැයි, කාන්තාරයේ වතුර පොදක් නැති කෙනෙක් මේ වතුර ටික දිහා කොච්චර ආසාවෙන් බලාවිද?

අපේ ජීවිතේදීත් අපි අනිත් අය දිහා බලන්නේ මේ වතුර වීදුරුව දිහා බලපු විදියටම වෙන්න පුළුවන්. අපි කෙනෙක්ට ලේබල් ගහලා මෙයා මේ ජාතියේ කෙනෙක් කියලා හිතන්න පුළුවන්. ඒත්, එකට + වුණොත් අපිට වතුර වගේ වෙන්න පුළුවන්. වතුර කියන්නේ පහසුවෙන් දහනය වන වායුවක් වන H2 සහ දහන පෝෂකවක් වන O2 වලින් සැකසුණු දෙයක්. ඒත්, මේ දෙක එකතු වුණාම ලොකු ගින්නක් නිවන්න පුළුවන්!

ධනාත්මක පරිසරයක් ‍ගොඩනගා ගමු

පරිසරයෙන් ලැබෙන අදහස් ඍණාත්මක විට අපි බෙදෙනවා

කලිනුත් සඳහන් කළා වගේ, අපේ අදහස් වලට අපි හිතන ක්‍රමයට ගොඩක්ම බලපාන්නේ අපේ වටපිටාවේ ඉන්නා අයයි. අපේ දෙමව්පියන්, නෑදැයන්, යාළුවන් විතරක් නෙවෙයි දැන් කාලේ නම් ෆේස්බුක් පිටු, ෆේස්බුක් එකේ ඉන්න කවදාවත් නොදැකපු යාළුවෝ, Groups වගේ දේවල් සහ අපි බලන්න පුරුදු වෙලා ඉන්න YouTube වීඩියෝ වර්ගත් බලපාන්න පුළුවන්.

අන්තර්ජාලය දැන් වැඩි වශයෙන් සකස් වෙලා තිබෙන්නේ අපි ප්‍රිය කරන දේවල් වඩ වඩාත් අපිට පෙන්වන්නටයි. කෙනෙක් Fashion ගැන ෆේස්බුක් පිටුවල සැරිසරනවා නම් ෆේස්බුක් එකෙන් එයාට වැඩි වශයෙන් ඇඳුම් වර්ග, ඒවා මිලදී ගන්න වෙළඳ දැන්වීම්, Like කරලා තවත් ඒවා බලන්න පුළුවන් Pages ම පෙන්වනවා. YouTube එකේ “….වීඩියෝ සහිතයි” වගේ ඒවා දෙක තුනක් බලපු මොහොතේ ඉඳලාම Recommended For you කියන කොටසේ පෙන්වන්නේ ඒ ආකාරයේම වීඩියෝ තමයි. මේ නිසා අපි විවිධාංගීකරණයෙන් බැහැර වෙලා ඒකාකාරී මනස් රටාවක් ගොඩනග් ගන්න පෙළඹෙනවා. යාළුවොන්ගෙන්, නෑදෑයන්ගෙන් වෙන්නෙත් මේ දේමයි.

ඉතින්, තමන් ආශ්‍රය කරන්නේ කවුද, ඒ අය මොනවගේ අදහස් ද දරන්නේ සහ ඒවා ඇත්තටම හරි දේ ද කියන දේ ස්වාධීනව හිතන්න තරම් ඔබ ශක්තිමත් වුණොත් තවත් කෙනෙක් දෙයක් කියපු පලියටම ඒ දේ හිස් මුදුනින් පිළිගන්න ඉක්මන් වෙන එකක් නැහැ.

තවත් කෙනෙක්ගේ ජීවිතයකට ආශීර්වාදයක් වෙමු

මේ එකිනෙකාට උපකාර කරගත යුතු කාලයයි

‘කළ හොඳ පස්සෙන් එළවනවා’ කිව්වාට හැම වෙලාවේම නරකක් පස්සෙන් එනවා කියන්න ම බැහැ. ඒ වගේම හොඳ හිතින් දෙයක් කරද්දී කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපේ හිතේ ආසාවට, කරුණාවන්තකමටම ඒ දේ කරන්න ඕන. හරියට ‘අමායාගේ ප්‍රථමාධාර’ වගේ.

උදව් කරන්න. කෙනෙක්ට උදව්වක් ඕන කියලා හිතෙන හැම වෙලාවකදිම ඉදිරිපත් වෙලා ඒක කරන්න. බස් එකේදි කෙනෙක් අපහසුවෙන් ඉන්නවා නම් (බහිද්දී ආයෙ සීට් එක දෙයි කියලා බලාපොරොත්තු නොවී) ඒ අයට වාඩි වෙන්න ඉඩ දෙන්න. යාළුවෙක් පාරේ ඉන්නවා දැක්කොත් ඔබ යන වාහනෙන් එක්ක යන්න. මොනවා හරි බැරි කෙනෙක් ඉන්නවා නම් එයාට කියලා දෙන්න, නැත්නම් YouTube වීඩියෝ එකක් search කරලා දෙන්න.

ඇහුම්කන් දෙන්න. ගොඩක් අය කැමතියි තමන්ගේ කතාවට තවත් කෙනෙක් ඇහුම්කන් දෙනවා නම්. ඒකෙන් ඒ අයට හිත නිදහස් කරගන්න හැකි වෙනවා වගේම ඔබට එයින් අත්දැකීම් ගොඩක් ඉගෙන ගන්නත් පුළුවන් වෙන්නේ හොඳින් ඇහුම්කන් ‍දුන්නොත් තමයි.

Mood එක fix කරන්න. අපි වගේම හැමෝම දවස තුළ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අමතක වෙලා යන්න පුංචි හිනාවක් හොඳටම ප්‍රමාණවත්. ඔබේ යාළුවෙක් හෝ ඔෆිස් එකේ කෙනෙක් අවුල් ගහලා ඉන්නවා නම් කට්ටයම එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න; නැත්නම් රෑ කෑමකට යන්න. මිනිස්සුන්ට උදව් කරන්න ඉන්නේ මිනිසත්කම විතරයි.

විවේචන හොඳින් බාරගන්න පුරුදු වෙමු

විවේචන දෙස සුබවාදීව බලන්න

අපිට එදිනෙදා විවිධ විවේචන එල්ල වෙනවා. අම්මා තාත්තාගෙන්, යාළුවන්ගෙන්, ඔෆිස් එකේ අයගෙන්, පාරේ හමුවන හෝ Facebook එකේ ඉන්න නන්නාඳුනන අයගෙන් ඕනෑ තරම් සිත් රිදවීම් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒවාට අපි ඍණාත්මකව ප්‍රතිචාර දැක්වුවොත් ඒක ඇවිලෙන ගින්නට සෝඩියම් දැම්මා වගේ වෙයි.

කෙනෙක් අපිට ඍණාත්මක බලපෑමක් කළොත් මේ පියවර 4 අනුගමනය කරන්න. 1) එවෙලේම ප්‍රතිචාර දක්වන්න එපා. හිත නිදහස් වෙනකම් රැ‍ඳ‍ෙන්න. 2) කියපු දේ ගැන වෙනත් දෘෂ්ඨිකෝණයකින් බලන්න. කියපු දේවල් හිතට දුකක් දෙන විදියට කිව්වත් සමහර විට ඒකෙන් අපිට ඉගෙන ගන්න, අපේ වැරැද්දක් තියෙනවා නම් එය හදාගන්න උදව්වක් වෙන්නත් පුළුවන්. 3) ඒ අය එහෙම කළේ අපේ වැරැද්දක් නිසාම නොවන බව හිතන්න. හැමෝම දවසේ මුහුණ දෙන ප්‍රශ්න, මානසික ආතතිය, ගෙවල්වල ප්‍රශ්න වගේ දේවල් වුණත් අපේ පිටින් යන්න පුළුවන්. ඒවාට ඔබ සැලෙන්න එපා, ඒ අයට අනුකම්පා කරන්න. 4) ප්‍රතිචාර දක්වන්න හෝ අතහැර දමන්න. ආපු විවේචන හැම එකකටම ඔබ පිළිතුරු දෙන එක අත්‍යාවශ්‍ය නැහැ. අවස්ථානුකූලව එයට හොඳින් පිළිතුරු දෙන්න; අදාල නැත්නම් ගණන් නොගෙන ඉන්න.

දවස ජවයෙන් පටන් ගෙන කල්පනාවෙන් ගෙවමු

එන්න, අපි සුබවාදීව එකට + වෙමු

ධාවන තරග වලදී ක්‍රීඩකයන්ට ඉදිරියෙන්ම ගමන් කරන්නට හැකි වෙන්නේ තමන්ගේ ආරම්භය හොඳට ගත්තොත් තමයි. අපේ දවසත් මේ විදියමයි. අපි උදේ නැගිටලා බාගෙට නිදිමතේ බාත්රූම් එකට ඇදුණොත් මුළු දවසම ඒ වගේ වෙනවා. ඒ වෙනුවට සිරිමත් වගේ “උදයම පුබුදී – මුහුණට දියදී – කුල දෙවි නමදී – ගේ දොර අමදී” කියලා කඩිසරව දවසේ ආරම්භය ගත්තොත් ඒක ඔබේ මුළු ජීවිතයට ම බලපාවි.

දවස ගෙවද්දී අපේ මනසට නානාප්‍රකාර වෛරයන්, දුක් සහගත දේවල් වැනි ඍණාත්මක අදහස් එන්නේ අපි මේ මොහොතේ ජීවත් නොවෙන නිසායි. අපි ගොඩක් වෙලාවට ඉන්නේ අතීතයේ. නැත්නම් අනාගතයේ. එහෙමත් නැත්නම් ෆේස්බුක් එකේ. ෆේස්බුක් එකේ අපි පහළට යද්දී එක් පෝස්ට් එකකට හිනා යනවා, තවත් එකකට දුක හිතෙනවා, තවත් එකකට වෛරයක් එනවා. මෙහෙම වේගයෙන් අපේ හිතේ හැඟීම් වේගයෙන් මාරු වුණාම අනෙක් වෙලාවන්ටත් ඒක බලපානවා. මේ නිසාමයි දැන් දුරකතන මෙහෙයුම් පද්ධතිවල දුරකතනයෙන් මිදී සිටින්නට දිනකට/සතියකට කාල ප්‍රමාණයක් වෙන් කර පරිශීලකයන් ඊට උනන්දු කරවන්නේ.

“නැගී සිටිය හැක එක්සත් වී – බෙදී ගියොත් රට යයි සුන් වී” කියලා ඒ ගීතයෙන් අපිට මතක් කරදෙන්නේ, එකා වගේ එකට + වුණොත් රටක් වශයෙන් අපිට දිගු ගමනක් යන්නට පුළුවන් බවයි. Spa Ceylon, Ministry of Crab, Vision Care, Elephant House, Unilever, Munchee, Sri Lankan Airlines Hemas සහ Kandy City Centre වගේ ආයතන ගණනාවත සහභාගීත්වය ඇතිව පාස්කු දින ඛේදවාචකයෙන් පස්සේ අපේ රටේ සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් ඇති වුණු කඩාවැටීම යළි ගොඩනගන්න Positive Sri Lanka නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනුවෙන් Roar අපිත් එකට + වෙනවා. සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන්, ඔබත් එන්න + වෙන්න! මේ ගැන වැඩි විස්තර දැනගන්න Sri Lanka is Positive ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

කවරය සහ ඡායාරූප - fb.com/SLisPositive

Related Articles