Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනවශ්‍ය චැට් ගෲප්වලින් අයින් වෙන්න දවසක් තිබුණොත් කොහොමද?

මේ වනට විට ලෝකයේ විවිධාකාර වූ Messaging ඇප්ස් ගොඩක් තියෙන අතර ඒ එක් එක් ඇප්වල බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් බැගින් ක්‍රියාකාරී පරිශීලකයන් සිටිනවා. කොවිඩ්-19 වසංගතයේ පැතිර යාමත් සමඟ පණිවිඩ යැවීම සඳහා 2020 මාර්තු මාසය වෙද්දී මෙවැනි Messaging ඇප්ස් භාවිතය 50%කින් එක්වර ම ඉහළ ගිය බව ෆේස්බුක් සමාගම වාර්තා කළා.

ලොව සමාජ ජාල සක්‍රීය ව භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියනවලින් (HootSuite)

ලොක්ඩවුන් කරපු දවස්වල එකිනෙකා  වැඩිය හමුවෙන්න බැරි නිසා චැට් ගෲප් හරහා පැය ගණන් කතා කරපු එක අපි හැමෝ ම කරපු දෙයක්. ඒත් දැන් ඒ සීමා අඩු නිසා සමහරක් වේලාවට ඒ ගෲප්වලට යන්න ඇත්ත ම අවශ්‍යතාවක් නැති වෙන්නත් පුළුවන්.

අනෙක් කාරණාව නම්, අපි අවුරුදු ගාණකින් දැකපු නැති, ජීවිතේට කතා නොකරපු යාළුවෝ ඉන්න ගෲප්වලට ඒ අය අපිවත් දාගන්න එකයි. ඊට පස්සේ ඒකේ දහ දෙනෙක් විතර වේගෙන් මැසේජ් කරනවා. මුලදි ටිකක් කතාබහ කළත්, එයාලා එක්ක දැන් තිබෙන පොදු මාතෘකා ප්‍රමාණය අඩු නිසා එයාලා වෙන වෙන කතාවල් කරද්දි අපට ඒක අදාළ නැති බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒත්, යාළුවො අපි ගැන වැරදියට හිතන නිසා ගෲප් එක කොච්චර පරණ වුණත්, කිසිම අදාළත්වයක් නැති වුණත්, ගෲප් එකෙන් Leave වෙන්නත් බැහැ. ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ ගෲප් එක Mute කරලා දැක්කෙ නෑ වගේ ඉන්න එක. ඒ වගේම උපන්දින party plan කරන්න, ට්‍රිප් plan කරන්න, office එකේ surprise පාටි plan කරන්න වගේ නොයෙකුත් දේවල්වලට අපි එක එක චැට් ගෲප්ස් හදනවා. හැබැයි ඒ party එක හෝ ට්‍රිප් එක ඉවර උනත් අපි ඒ කෙටි කාලීන ගෘප්වලින් අයින් වෙන්නේ නැතිව තවමත් ඉන්නවා. ඊට පස්සේ මේ වගේ ගෲප්ස් පාවිච්චි වෙන්නේ මොකක් හරි meme එකක් share කරන්න වගේ තමයි.

ගෲප්වල මැසේජ් කියවන එකත් ලේසි වැඩක් නෙ‍වෙයි. මොහොතකට ෆෝන් එක පැත්තකින් තියලා ඇවිත් බලද්දී මැසේජ් 500කට වඩා ඇවිත්. එකින් එක කියවගෙන පහළට එද්දි තව මැසේජ් 200ක් විතර පහළට එකතු වෙලා. ඉතින් පරණ මැසේජ් අතෑරලා, අලුතින් කතා වෙන දේවල් බලන්න අපි ඉබේ ම යොමු වෙනවා. ඒ විදියට, අපිට වගේම අනෙක් අයටත් මැසේජ් මඟහැරී යාම සිද්ධ වෙන්න පුළුවන්. අපි අහපු ප්‍රශ්නයක් නො දැක, අනෙක් අය පහුවෙලා ඇවිත් වෙන දෙයක් කතා කරද්දි, මගේ මැසේජ් එක මඟහැරලා නේද මේ කතා කරන්නේ කියලා දුකකුත්  ඇති වෙනවා. මේ ගෲප්වල එන මැසේජ් කියවන්න සහ ඒවාට උත්තර ලබා දිය යුතුයි කියා හිත ඇතුළෙන් මතුවන නොසන්සුන් බව  ගොඩක් වෙලාවට අපිට මේ තියෙන මානසික ආතතිය වැඩි කරන්න ලොකු හේතුවක් වෙනවා.

technipages.com

බොහෝ දෙනෙක් Images සහ වීඩියෝ Auto-download දාලා තියෙන  නිසා මේ ගෲප්වලට එවන ෆොටෝ සහ වීඩියෝවලින් ෆෝන් එකේ Storage එක ගිගාබයිට් ගණනින් පිරී යනවා. ඒවා Download වෙන්න ඊට සමාන ම ඩේටා ප්‍රමාණයකුත් අපි දන්නෙ ම නැතිව වැය වෙලා. ඉන්ටර්නෙට් පැකේජ් එකක් දාලා ටික වෙලාවකින් ඒක වාෂ්ප වෙනවා. ආර්ථික ගැටලු මැද තමන්ට අවශ්‍ය ම වැඩ කරගන්න තිබ්බ data ටික ඉවර උනා ම අපේ මානසික ආතතිය තවත් වැඩි වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.

බොහෝ ධනවත් රටවල සමාජ ජාල භාවිත කරන තරුණ තරුණියන් ගේ අනුපාතය 90% ඉක්මවන අතර ඔවුන් දිනකට සාමාන්‍යයෙන් පැය 4 කට වඩා අන්තර්ජාලය සමඟ දවස ගෙවනවා. 2021 ජනවාරි වන විට අපේ රටේ ජනගහනයෙන් 50.8%ක් අන්තර්ජාලය භාවිත කරන අතර, එහි පෙර වසරට වඩා 7.9%ක වැඩි වීමකුත් දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ, ඇත්තටම මේ චැට් ගෲප් හා සමාජ ජාල භාවිතය තුළින් ඇතිවන ඉහත කී මානසික ආතතිය හා ආශ්‍රිත ගැටලු අපේ රටේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකටවත් බලපාන බවයි.

guidingtech.com

“විවිධ chat groupsවල විවිධ මානසික මට්ටම් තිබෙනවා. එතකොට අපි මේ ගෲප් අතරේ මාරු වෙද්දී අපේ මනසත් වේගයෙන් ඊට අදාළ විදියට වෙනස් වන නිසා එය මානසික වශයෙන් බලපානවා,” ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල අන්තර්ජාල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහායක බර්නි හොගන් BBCය සමඟ පවසනවා. “ෆෝන් එක වේගෙන් ශබ්ද වෙන්නට, වයිබ්‍රේට් වෙන්නට පටන් ගත්තා ම අපේ නොසන්සුන් බව (Anxiety) වැඩි වෙනවා. එතකොට අනවශ්‍ය වේලාවක දි පවා අපි අනවශ්‍ය ලෙස බියට පත් වෙන්න පුළුවන්.” අමෙරිකානු මනෝවිද්‍යාත්මක සංගමයේ සෞඛ්‍ය ආරක්ෂණ නවෝත්පාදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක වයිල් රයිට් එම ලිපියේ ම දක්වනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මානසික ආතතිය (Stress), සහ නොසන්සුන් බව (Anxiety) ඇතිවීමට මෙම ගෲප්ස් ඉවහල් වන බවයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට කැපවුණු, සමාජය තුළ ධනාත්මක හැඟීම් නිර්මාණය කළ Softlogic Life, ඔවුන්ගේ නවත ම වැඩසටහන වන ‘Group Exit Day’ තුළින් මෙයට හොඳ විසඳුමක් ගෙන එනවා. මෙම ව්‍යාපෘතිය මගින් සෑම වසරක ම ජූලි 22 වන දිනය අපේ මානසික සුවතාව වෙනුවෙන්, පරණ සහ පාවිච්චි නොවන චැට් ගෲප්වලින් අයින් වෙන්න පුළුවන් දිනය වශයෙන් නම් කර තිබෙනවා. මේ වගේ දවසක් තියෙන එකෙන් අපිට පුළුවන් අපේ යාළුවන්ගේ හිත රිද්දන්නේ නැතිව ම පරණ චැට් ගෘප්වලින් අයින් වෙන්න. ඒ වගේ ම මේ දිනය නිල ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කරන්නත් ඔවුන් Online Petition එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔබත් හිතනවා නම් මේ වගේ දවසක් සෑම වසරක ම තියෙන එක ඔබේ මානසික සුවයට වැදගත් කියලා, https://ged.softlogiclife.lk/ වෙත ගොස් තවත් විස්තර දැනගන්න.

කවරයේ ඡායාරූපය - theconversation.com

Related Articles