Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 30 කට පසුවත් ලොව දිගම මුහුදු උමං දුම්රිය මාර්ගය – සීකන්

1988 මාර්තු 13 ජපානයට වගේම මුළුමහත් ලෝකයටත්, ඉංජිනේරු කර්මාන්තයටත් විශේෂ දිනයක්. ලෝකයම පරයමින් ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටි ජපානය තවත් යෝධ පිම්මක් ඉදිරියට පැන්නේ එදායි. ඉංජිනේරු කර්මාන්තය විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි “සීකන්” මුහුදු උමං මාර්ගය එදින විවෘත කෙරුණා. එදා සිට අද වන විට වසර 30 කටත් වඩා ගත වී තිබුණත් තවමත් එම වාර්තාව සීකන් සතුයි.

සීකන් උමඟ අලුත්වැඩියා කරන කම්කරුවෝ (kyodonews.net)

සීකන් ව්‍යාපෘතිය

ජපන් මුහුදේ හොන්ෂු හා හොකයිඩෝ දූපත් වෙන් කරන සහාරු සමුද්‍ර සන්ධිය යටින් ඉදිවූ සීකන් කියන්නේ දුම්රිය උමං මාර්ගයක්. මෙම උමඟ තුළින් පැයට සැතපුම් 150 ක වේගයෙන් දිවෙන දුම්රිය මාර්ගය කලක් ගොඩබිමින් හුදෙකලා වී තිබූ හොකයිඩෝ දූපත හා ප්‍රධාන දූපත වූ කොන්ෂු දූපත අතර ගමනාගමනය විනාඩි 50 ක් දක්වා කෙටි කරගන්න අවස්ථාව සැලසුණා. මෙම උමං මාර්ගය තැනීමට වසරකට 24කට අධික කාලයක් තිස්සේ දැවැන්ත ව්‍යාපෘතියක් සිදු කෙරුණා. විවෘත කරන අවස්ථාව වන විට මෙහි ඉදිකිරීම් අතරේ නැසී ගිය මිනිස් ජීවිත ගණන 24 ක්. සීකන් උමඟ ලෝකයේ ඉංජිනේරු කර්මාන්තයේ දැවැන්තම ව්‍යාපෘතියක් ලෙස සැළකෙනවා.

සීකන් උමඟේ සම්පූර්ණ දිග සැතපුම් 40 ක් හෙවත් කිලෝමීටර් 65 කට ආසන්නයි. එය ඊට පෙර මෙම වාර්තාවට හිමිකම් කී ස්විස්ටර්ලන්තයේ පිහිටි සැතපුම් 12ක් දිවෙන “සම්ප්ලන්” දුම්රිය උමඟ මෙන් තුන් ගුණයකටත් අධිකයි. පසුකාලීනව එංගලන්තය හා ප්‍රංශය අතර 1994 දී කිලෝමීටර් 50 ක දිගින් යුතු උමං මාර්ගයක් විවෘත වුණත් තවමත් ලොව දිගුම උමඟ වන්නේ ජපානයේ සීකන් උමඟයි.

උමඟ දැක්වෙන සිතුවමක් (Wikipedia)

මේ මහා පරිමාණ ඉංජිනේරු ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුණේ 1964 ජනවාරි 27 වැනිදායි. ජපන් ජාතික කම්කරුවන් 3600 ක් වැඩමුර තුනක කාලයක් තුළ මුළු දවස පුරාම වැඩෙහි යොදවනු ලැබුවා. උමඟ ඉදි කරනු ලැබුයේ ලොව දැනට සොයාගත් ගිනිකඳුවලින් නිකුත් වන ලාවා තද ගල් බවට පත් වී ඇති ඉතාම ශක්තිමත් ගල්කුලක් හරහා වීම විශේෂත්වයක්. එහි වැඩ අවසන් වනවිට කියුබික් මීටර් මීලියන 65ක පස් කපා ඉවත්කර තිබුණා.

කසුවාගේ උමං සිහිනය

සීකන් උමඟේ නිර්මාතෘවරයා වන්නේ හෙයාවෝ කසුවා නමැති දුම්රිය ඉංජිනේරුවරයෙක්. 1945 දී යුද හමුදා සේවයේ යෙදී සිටි කසුවා එවකට තරුණ ඉංජිනේරුවරයකු වූවා. හොකයිඩෝ දූපත වෙත ජනයා ප්‍රවාහනය කිරීම සඳහා වඩාත්ම පහසු, ආර්ථිකමය වශයෙන් ඵලදායකම ක්‍රමය නම් මුහුද යටින් ඉදිවන දුම්රිය උමං මාර්ගයක් බව මුලින්ම සිතුවේ ඔහු යි. 1948 පර්යේෂණ ඇරඹෙන්නේත් ඔහුගේ තනි උත්සාහයක් විදිහටයි. ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතරත් මෙවැනි උමඟක් ගැන විශ්වාසය තැබූ අය සිටියේ අතළොස්සක් පමණයි.

උමඟ තුළ ගමන් කෙරෙන දුම්රියක් (Man Made Structures)
සීකන් උමඟ විවෘත කරද්දී එළිදැක්වුණු සමරු යෙන් 500 කාසිය. සීකන් උමඟ, මුහුදු රළ සහ කුරුල්ලන් මෙහි දැක ගන්න පුළුවන්  (Numista)

මුහුදු පත්ලේ සිට අඩි 300 ක් ගැඹුරින් හා මුහුදු මට්ටමෙන් අඩි 700 ක් ගැඹුරින් ඇති භූ ගර්භය ඔහුගේ පර්යේෂණයට භාජනය වුණා. විශාල විදින කටු යොදාගෙන මෙම පර්යේෂණය අඛණ්ඩව සිදු වූ අතර ‘සොයන්නා හට සම්භ වේය’ යන පිරුළ සනාථ කරමින් අවසානයේ දී මුහුදු පත්ළේ සිට අඩි 300 ක් ගැඹුරින් පිහිටි ගල් තලාවක් හමු වී තිබෙනවා. මෙය යමහල් තුළින් නිකුත් වන ලාවා වසර ලක්ෂ ගණනක් තුළ උෂ්ණයටත් පීඩනයටත් භාජනය වීමෙන් සැදුම් ලත් ගල් තට්ටුවක් බව සොයා ගැනීමත් සමග උමගක් තැනීමේ සිහිනය සැබෑ වුණා. ලොව එතෙක් සොයාගෙන තිබූ ශක්තිමත් ම ගල් තට්ටුව මෙය බව පර්යේෂණ තුළින් සනාථ වී තිබෙනවා.

පර්යේෂණ විද්‍යාඥයින්ගේ මතය වූයේ දුම්රිය උමඟ ඉදි කිරීමට මෙම ගල් තට්ටුව ඉතා සුදුසු බවයි. නිරන්තරව භූමි කම්පාවලට භාජනය වන ජපානයේ භූමි කම්පාවක් සිදු වන අවස්ථාවකදී හොඳම ආරක්‍ෂිත ස්ථානය මෙම උමඟ බව විශේෂඥයන්ගේ අදහසයි.

ටපිසාකි නව නගරය

මෙම උමං මාර්ගයත් සමගම ටපිසාකි නව නගරයකුත් බිහි වුණා. එහි නමේ අර්ථය ‘පියාඹන මකරා’ යන්නයි. උමඟේ වැඩ ආරම්භ වන විට නැව්වලට මාර්ගය පෙන්වන පහන් කණුවක් පමණක් පැවතුණත් උමඟේ වැඩ ආරම්භයත් සමග සාප්පු සංකීර්ණ ඉංජිනේරුවන්ට හා අනෙකුත් නිලධාරීන්ටත් කම්කරුවන්ටත් නිවාස සංකීර්ණ ගොඩ නැංවීම සිදු වුණා. අවසානයේ උමං වැඩ අවසන් වන විට ක්‍රීඩාංගන ඇතුළු සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත නව නගරයක් එහි බිහි වී තිබුණා.

උමඟට පිවිසෙන පිටවෙන දොරටුව (Britannica.com)

ජාතික කර්තව්‍යයක් හිසින් ගත් ජපන් කම්කරුවෝ

උදේ 7.30 වන විට දහවල් ආහාර වේලක් අතින් ගෙන උමඟ තුළට වැඩට යන කම්කරුවන් දැකීම ඒ දිනවල සුලභ දර්ශනයක් වූ බව කියවෙනවා. උමඟ අවසන් වීමට වසර 24ක් ගත වීම නිසා මුළු ජීවිත කාලයම වගේ උමං කැණීම සඳහා කැප කළ කම්කරුවන්ද බොහෝ දෙනෙක් සිටිනවා. සමහරුන්ට තම අඹුදරුවන් සමග එක් වීමේ වාසනාව ලැබුණේ මාසයකට වරක් ලැබෙන දින හතරක නිවාඩුවකදී පමණයි. නමුත් මේ සෑම අයකු හට තම නිවාසය තුළ සිටින තම දරුවන්ගේ දුක සැප විමසීම සඳහා දුරකථන සේවාවක් ඇති කොට තිබීම විශේෂත්වයක් ගන්නවා. යෝසිකිඕසා කහ හොකයිඩෝවල වැඩෙහි නියුතු කම්කරුවන්ගේ හැඟීම වූයේ මෙය මහඟු ජාතික කර්තව්‍යයක් බවයි.

කැණීම්වල නියුතු වූවන් හා කණින ලද පස් ඉවත් කරන්නන් වැඩ අධික, වෙහෙසකර පැය අටක වැඩ මුරය අවසන් කොට උමඟ තුළින් එළියට එන විට තවත් වැඩ මුරයක් සඳහා සේවාව කිරීමට සූදානම් වූ කම්කරු පිරිස සූදානම් වී සිටියා. රාත්‍රී කාලයේත් දිවා කාලය මෙන් විදුලි ආලෝකයෙන් උමඟ තුළ එළිය කර තිබුණා. ඔවුන්ට තැනින් තැන කාන්දු වන ජලය සමඟ මහත් සටනක් කිරීමට සිදු වූ බව කියවෙනවා. අඩි 500 කට වඩා ඉහළින් පිහිටි මුහුද තුළින් ජලය නිතරම කාන්දු වී තිබෙනවා.

ලාවා ගල් කුට්ටිය හරහා උමඟ කැනීම සිදු වුවත් සමහර තැන් ශක්තිමත් භාවයෙන් තොරව වීමෙන් විනාඩියකට ජලය ටොන් 11 බැගින් වේගයෙන් ජලය ගලා ආ අවස්ථා පැවතුණා. ආනතව ඇති කුහරය දිගේ ජලය අඩි පන්සියයක් ඉහළට ඔසවා ඉවත් කිරීමට මාස 5 ක් ගත වුණා. අඩි 15ක කොන්ක්‍රීට් තරලයක් මුළු උමඟ තුළටම දැමීමට සිදු වී තිබෙනවා. මෙයට අමතරව වානේ තහඩුත් යොදා ගැනුණා. මෙය පර්යේෂණයක් පමණක් බැවින් ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම සඳහා සෑහෙන කාලයක් ඉවසීමෙන් යුතු ව බලා සිටීමට සිදු වූ නමුත් අවසානයේදී යහපත් ප්‍රතිඵලයක් ලබා දෙමින් ජලය කාන්දු වීම නැවතී මග යථා තත්ත්වයට පත් වී තිබෙනවා.

m.forocoches.com

උමඟ සම්බන්ධව එක්සත් ජනපදයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥයකු වන රසල් මැක් පාලන් මහතා පරීක්ෂා කොට සම්පූර්ණයෙන් සෑහීමට පත්වන බවට සහතිකයක් නිකුත් කළා. තවදුරටත් එහි වැඩ කරගෙන යන අතර මෙවැනි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වෙතැයි යන සැකය සැබෑ කරමින් මෙවැනි තත්ත්වයන් ගණනාවකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. උමඟේ කටයුතු නිම වීමට නියමිත කාලයට වඩා වසර පහළොවක් වැඩියෙන් ගත වීමත්, මුලින් ඇස්තමේන්තු කළ මුදලට වඩා පස්ගුණයක් වැය වීමත් තවත් ප්‍රශ්නයක් වුණා. උමඟේ දෙපසින් කුහරය එක්වීම සිදු වූයේ 1971 නොවැම්බර් මස 10 වැනිදායි.

හදිසියේ ඇති වූ ජල ගැල්ම

මෙම උමඟ ගොඩනගන ලද අවස්ථාවේ ඇති වූ භයානකම සිද්ධිය 1976 මැයි මස 6 වන දින ඇති වූ ජලය කාන්දු වීම බව සඳහන් කළ හැකියි. අලුයම 3 ට මිනිසුන් වැඩෙහි යෙදී සිටින අතර විනාඩියකට ජලය ටොන් 40ක් කාන්දු වෙන්න පටන් ගෙන තිබෙනවා. සියලු කම්කරුවන් වැඩ නවතා ආරක්ෂාව පතා ඉවත්ව ගිය අතර මේ නිසා මාස කීපයක් මගෙහි වැඩ නවතා දැමීමට සිදු වුණා. මෙම උමඟ අවසන් වීමත් සමඟ මෙය ආදර්ශයට ගෙන ලොව අන් රටවලත් විශාල උමං මාර්ග ආරම්භ වී තිබෙනවා. රොකී කඳුවැටිය හා ඇල්ප්ස් කඳුවැටිය හරහා මෙවැනි උමං හෑරීම ඒ අතරින් ප්‍රධානයි.

Tofugu

උමඟේ ආරක්ෂාව සහ සේවා

මෙම සීකන් උමඟ ඇත්ත වශයෙන්ම එකිනෙකා සම්බන්ධ වූ උමං තුනකින් යුතු අපූරු නිර්මාණයක්. දුම්රිය මාර්ගය සඳහා ප්‍රධාන උමඟට අමතරව යාර 300ක් ඈතින් පිහිටා ඇති සේවා උමඟද, ප්‍රධාන උමඟට යටින් පිහිටා ඇති ජල උමඟ ද යනුවෙන් කොටස් දෙකක් මෙහි තිබෙනවා. සේවා උමඟ සකස් කොට ඇත්තේ ප්‍රධාන උමඟ තුළ දුම්රියක් අඩපණ වුවහොත් දුම්රිය මාර්ගය අවහිර නොවන අන්දමට දුම්රිය අලුත්වැඩියාව සඳහා සේවා උමඟ තුළට ගැනීමට හැකි වන පරිදි යි. ඒ සඳහා සේවා උමඟ ස්ථාන කිහිපයකින් සම්බන්ධ කොට ඇති අතර ප්‍රධාන උමඟට ඇති ජල උමඟ නිමවා ඇත්තේ යම් අවස්ථාවකදී ජල කාන්දු වීමක් සිදු වුවහොත් ජලය උමඟ දෙසට හරවා විනාඩියකට ජලගැලුම් හත් ලක්ෂයක් පොම්ප කිරීමට සමත් දැවැන්ත පොම්පයකින් හදිසි අවස්ථාවකදී ජලය ඉවතට පොම්ප කළ හැකි වන අන්දමටයි.

The Japan Times

මෙම උමඟට සපයා ඇති සේවා තත්ත්වයන් බොහෝමයි. හදිසි භූමිකම්පාවක් ඇති වීමෙන් උමඟ ආරක්ෂා වීමට ආරක්ෂක ක්‍රම ගණනාවක් භාවිත කර තිබෙනවා. උමඟ තුළ ඇති වාතය ඉවත් කොට සෑම විනාඩි 30කට වරක් ම අලුත් වාතය මඟ තුළට ගමන් කරවීමේ යාන්ත්‍රික ක්‍රියාවලියක් නිරන්තරයෙන් ක්‍රියාත්මකයි. මෙම උමඟ තුළ මෝටර් රථ ධාවනයට ඉඩ නොමැති නමුත් මෝටර් රථ දුම්රිය තුළ ගබඩා කොට ප්‍රවාහනය කිරීමේ ක්‍රම සලසා තිබෙනවා.

කවරයේ රූපය : youtube.com

Related Articles