Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නම නොදන්නා මුත් අප එදිනෙදා යොදා ගන්නා විවිධ සන්නිවේදන වර්ග

ඈත අතීතයේ සිට මේ වන තෙක් මිනිසා විවිධ ක්‍රම ඔස්සේ සන්නිවේදන ක්‍රියාව සිදු කරන ලදී. තාක්ෂණය​ ප්‍රාථමික මට්ටමේ තිබු දඩයම් යුගයේ පටන් තාක්ෂණය​ ඉහළ මට්ටමක ඇති වර්තමාන සමාජය දක්වා සන්නිවේදනය විශාල කාර්යභාරයක් ඉටු කරන ලදී. රජ කාලේ පණිවිඩ හා සංදේශ ගෙන යාමට පරෙවියන් වැනි සතුන් යොදා ගනිමින් පැරැන්නෝ සන්නිවේදනයේ නිරත විය. කෘෂි කර්මාන්තය පදනම් කරගත් ගැමියන් හේන් රකිනා විට තමාගේ පැලේ සිට අනෙකාට කතා කරේ හූ හඬෙනි. තමාගේ හූවට පිළිතුරක් ලෙස නැවත හූවක් ලැබුනහොත් අනෙක් පැලේ පුද්ගලයාද පැල් රකින බව ඔවුන් දනී.

මෑත කාලින සන්නිවේදන මාධ්‍යක් ලෙස ලිපි තැපෑල හැදින්විය හැක. නමුත් දුරකථන, විද්‍යුත් පණිවිඩ, අන්තර්ජාල වීඩියෝ සාකච්ඡා වැනි දියුණු සන්නිවේදන ක්‍රම සමග තැපැල් සේවාවන් ජනයාගෙන් ඈත් විය. එලෙස දියුණුවට පත් වූ සන්නිවේදනය එය කරන ආකාරය අනුව ප්‍රධාන ස්වරූප හතරක් යටතේ වර්ග කල හැක. ඒවා නම් අන්තර් පුද්ගල සන්නිවේදනය, සමුහ සන්නිවේදනය, අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය, ජන සන්නිවේදනයයි. මෙම ලිපිය තුලින් ඉහත දක්වා ඇති සන්නිවේදන වර්ගයන් පිළිබද සාකච්චා කිරීමට අපේක්ෂා කෙරේ.

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය

catalog.flatworldknowledge.com

මෙය පුද්ගලයා තුළම සිදුවන සන්නිවේදන ක්‍රියාවලියකි. මෙම සන්නිවේදන වර්ගය තුල තීරණ ගැනීමට ප්‍රමුඛත්වයක් හිමිවේ. සෑම තැනැත්තෙකුම කුඩාකළ සිට පන්චෙන්ද්‍රියෙන් තොරතුරු එක් රැස් කර ගනී. එම තොරතුරු වලින් බොහොමයක් ඔහුගේ යටි සිතේ තැන්පත් වේ. අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීමේදී එලෙස තමා රැස් කල තොරතුරු පුද්ගලයා යොදා ගනී. ඉතා හොද තොරතුරු රැස් කරගෙන ඇති පුද්ගලයෙකු වඩා ගුණාත්මක තීරණ ගැනීම කරයි. ඇතම් චිත්තවේග නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයෙකුට තම චිත්තවේග පාලනය කරගැනීමට ඇති හැකියාව මෙම සන්නිවේදනයේ ගුණාත්මක බව ඉහල නංවයි. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ පහත ලක්ෂණ දැකිය හැක.

  • පුද්ගලයා තුල සිදුවන ආත්ම භාෂණයකි.
  • සන්නිවේදනය හා ග්‍රාහකයා එකම පුද්ගලයෙකු වේ.
  • මනස ප්‍රමුඛ වේ
  • පුද්ගල මතකයට සම්බන්ධ වේ.
  • ස්වයං දෘෂ්ඨියට අදාළ වේ.

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උදහරණයක් ඇසුරින් පහත ලෙස විස්තර කළ හැක. අප රුපවාහිනිය නරඹන විට යම් වැඩසටහනකට අකමැත්තක් දක්වයි නම් එම නාලිකාව මාරු කිරීම හෝ රුපවාහිනිය වසා දැමීම කරයි. රුපවාහිනිය නැරඹීම ආරම්භ කල මොහොතේ සිට එය වසා දමන තුරු මනසේ සිදුවන ක්‍රියාකාරකම් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයට අයත්ය. තවත් උදාහරණයක් නම් ගිනි අගුරක් පෑගුන විට කකුල ඉක්මනින් ඉවතට ගන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය නිසාවෙනි.

අන්තර් පුද්ගල සන්නිවේදනය

lynda.com

මෙය පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනයයි. මෙය පුද්ගලාන්තර සන්නිවේදනය හා යුගල සන්නිවේදනය ලෙසද හැදින්වේ. අන්තර් පුද්ගල සන්නිවේදනය හරහා වඩා ප්‍රභල හා ඵලදායි සන්නිවේදනයක් සිදුකළ හැක. අන්තර්ජාලය හේතුකොට ගෙන ලොව එහා කෙලවරේ ඉන්නා කෙනෙකුගේ මුහුණ බලාගෙන වුවද කතා කිරීමේ හැකියාව imo, skype, viber වැනි මෘදුකාංග තුලින් අපට ලබාදී ඇත. අන්තර් පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ පහත ලෙස වර්ග කල හැක.

  • පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවීම
  • වාචිකව මෙන්ම නිර්වචිකවද සිදුකළ හැකි වීම
  • ප්‍රතිචාර ක්ෂනිකව සිදුවීම
  • සන්නිවේදනයේ භාධක අවම වීම
  • තාක්ෂණික උපකරණ භාවිතයට හැකි වීම.

අන්තර් පුද්ගල සන්නිවේදනයට උදාහරණ ලෙස කඩේකින් භාණ්ඩයක් මිලදී ගැනීම, මවගෙන් කරුණක් විමසීම, මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබා දීම වැනි අවස්ථා දැක්විය හැක.

සමූහ​ සන්නිවේදනය

catalog.flatworldknowledge.com

සමුහයක් අතර සිදුවන සන්නිවේදනය සමූහ​ සන්නිවේදනයයි. අවන්හලකට ගොඩවන පිරිමින් හා නෑමට ළිද ලඟට රොක් වන ගැහැනුන් මේ සන්නිවේදන ස්වරුපය සම්පුර්ණ කරයි. මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකුට වැඩි ගණනක් සම්භන්ද වේ. මෙම පුද්ගලයන් සමුහය කුඩා හෝ විශාල විය හැක. සවන්දීම යන සංකල්පය සමුහ සන්නිවේදනයේදී දැඩිව ක්‍රියාත්මක වේ. සමුහ සන්නිවේදනයේ සිටින කණ්ඩායම් අකාර 5කින් හදුනාගත හැක.

  1. ඉගෙනුම් කණ්ඩායම් – ඉගනීම අරමුණු කරගෙන එක්වේ.
  2. ප්‍රතිපත්ති සැලසුම් කණ්ඩායම් – තීරණ ගැනීමේ කාර්යට එකතු වේ
  3. අහඹු කණ්ඩායම් – හදිසියේ හමුවන පිරිස්
  4. විශෝධන කණ්ඩායම් – චිත්තවේග මත එකතුවන පිරිසකි.
  5. ක්‍රියාකාරී කණ්ඩායම් – යම් ක්‍රියාවක් කිරීමේ අරමුණෙන් එක්වේ. උදාහරණ විරෝධතාවයකට එක් වන පිරිස, පන්ති කාමරයේ සිසුන්

සමුහ සන්නිවේදනයේ ලක්ෂණ පහත ලෙස දැක්විය හැක.

  • සාමුහික ක්‍රියාවලියක් වීම
  • මත ගණනකින් වඩා ඵලදායි මතයට අවස්ථාව ලැබීම
  • නිශ්චිත පොදු අරමුණක් ඇතිව ක්‍රියාත්මක කිරීම

ජන සන්නිවේදනය

careerguide.com

ජනමාධ්‍ය යොදාගෙන අතිවිශාල ජනතාවකට එකවර තොරතුරු බෙදා හැරීම ජන සන්නිවේදනයයි. ඉදිරියේ නොසිටින, නොපෙනෙන, ගණන් කිරීමට නොහැකි තරමේ විශාල පිරිසක් වෙත පණිවිඩය යොමු කිරීම මෙහිදී සිදු වේ.රුපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් වැනි ජන මාධ්‍ය හරහා මෙම සන්නිවේදන ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙය සෑම විටම උසස් තාක්ෂනය හා පුහුණු මාධ්‍යකරුවන් හරහා සංවිධානාත්මකව සිදුවේ. ජන සන්නිවේදනයේ පහත ලක්ෂණ දැකිය හැක.

  • වෘත්තිය සන්නිවේදකයන් සිටීම
  • සන්නිවේදනය වන්නේ පොදු පණිවිඩයකි
  • විශාල ග්‍රාහක පිරිසක් ඇත
  • සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර පෞද්ගලික හදුනුම්කමක් නැත
  • ආයතනික රටාවක් ඔස්සේ ක්‍රියාත්මක වේ
  • ප්‍රමාද වූ ප්‍රතිචාර දක්නට ලැබේ.

වර්තමානය වන විට ජන සන්නිවේදනයේ කාර්යභාරය මහජනයා නොමග යැවීමට භාවිත කිරීමක් දක්නට ලැබේ. තමාගේ මාධ්‍ය ආයතනයේ ප්‍රසිද්ධිය ගැන පමණක් සිතා කටයුතු නොකර තත්වයෙන් උසස් ගුණාත්මක තොරතුරු මාධ්‍ය හරහා ජනයාට ලබාදීම ජනමාධ්‍ය සතු යුතුකමක් වේ.

කවරයේ පින්තුරය – expresspros.co.za

මුලාශ්‍ර

දියණිය පුවත්පත, 5 වැනි කාණ්ඩය​ 01 පත්‍රය, වර්ෂ 2016 නොවැම්බර් මස 02 බදාදා

Related Articles