Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවත් භයානකම මත්ද්‍රව්‍ය

මිනිසාගේ ජීවිත අඳුරේ හෙළමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු පමණක් නොවෙයි, සමීපතමයන් පවා අපහසුවට ලක් කරන, ලොව භයානකම මත්ද්‍රව්‍යයන් කිහිපයක් ගැන තොරතුරු පසුගිය ලිපියෙන් අපි ඔබත් සමඟ බෙදාගත්තා. නමුත් අවාසනාවට එම ලැයිස්තුව එතෙකින් නිමවන්නේ නැහැ.

ෆ්ලැකා

businessinsider.com

‘Ecstasy’ නම් ඉතාම වියදම් අධික මත් පෙත්තට ආදේශකයක් ලෙස නිපදවා තිබෙන ෆ්ලැකා ශරීරගත වීමෙන් ඉතාම භයානක තත්ත්වයන් ඇති වෙනවා. කෙටි කාලීනව හෝ භාවිතා කිරීම තුලින් නැවත සැකසිය නොහැකි ලෙස මොළයට හානි සිදු විය හැකියි.

ෆ්ලැකා අධි මාත්‍රා ශරීර ගත වීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් අකර්මන්‍ය වීම බොහෝ පහසුවෙන් සිදු වන අතර සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා ඉහළ යාමෙන් ඉතා දැඩි උණක් සෑදුණ අයෙකුට මෙන් අතුරු ආබාධ ඇති වී මරණය පවා අත් විය හැකියි. මීට අමතරව විවිධ භ්‍රාන්ති තත්ව ඇතිවීමත්, විකාර රූප පෙනීමත් සිදුවිය හැකි අතර මේ හේතු නිසා මේවා ශරීරගත වූ පුද්ගලයෙක් මිනීමැරුමක් කිරීමට තරම් කිපීම සිදු විය හැකියි. මේවා ශරීරගත කරගත්තවුන් නිරුවතෙන් පාරේ දිව ගිය අවස්ථා, ගස් සමඟ ලිංගිකව හැසිරුණු අවස්ථා, උල් මත වාඩි වූ අවස්ථා පවා වාර්ථා වෙනවා. (1)

ක්‍රැක් කොකේන්

ක්‍රැක් කොකේන් මුලින්ම කරලියට පැමිණියේ 1980 දශකයේදී. මේ කාලය වන විට කොකේන් ලොව පුරාම ජනප්‍රියව තිබුණු අතර බොහෝ තැන්වල නිපදවීම පටන්ගෙන තිබුණු නිසා කලින් ඉතාම අධික මිල ගණන් වලට විකිණෙමින් තිබුණු ඒවා වල මිල සැළකිය යුතු තරම් පහළ ගියා. මේ නිසා කොකේන් නිෂ්පාදනය කරන ජාවාරම් කරුවන් ඒවා බේකින් සෝඩා සමඟ ආසවනයට ලක් කර ගල් කැට මෙන් තත්ත්වයට පත් කරගත්තා. මෙහි අභිප්‍රාය වුණේ අඩු වපසරියක් තුළ කොකේන් වැඩි ප්‍රමාණයක් ගබඩා ගබඩා කර ගැනීමයි. මේ නිසා වරකට ප්‍රවාහනය කළ හැකි ශුද්ධ කොකේන් ප්‍රමාණය වැඩි වීමෙන් මූල්‍යමය වාසියක් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කළා. කොකේන් භාවිතා කරන අය අතර මෙය ජනප්‍රිය වුණේ එහි ඒකක පරිමාවක තිබූ කොකේන් ප්‍රමාණය වැඩි වීමෙන් එහි ප්‍රභලත්වය වැඩි වීම නිසායි.

1980 හා 90 දශක වන විට ලොව පුරා මිලියන 10 කට වැඩි දෙනා ක්‍රැක් කොකේන් වලට ඇබ්බැහි වී සිටියා. මේවා අධි මාත්‍රිකව ශරීරගත වීමෙන් පෙන්හළු, අක්මාව හා වකුගඩු වලට හානි ගෙන දෙනවා. මීට අමතරව මද කාලයක් භාවිතා කිරීමේදී රුධිර නාල හානි කරන අතර ඉතා තදබල හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන්ට හේතු විය හැකියි. (2)

දුම්කොල

en.wikipedia.org

ලෝකයේ බොහෝ රට වල නීත්‍යානුකූල මත්ද්‍රව්‍යයක් වන දුම්කොල ලොව භයානකම මත්ද්‍රව්‍ය ගොන්නට අයිති වීම සමහරුන් පුදුමයට පත් කරාවි. නමුත් සත්‍යය නම් ලොව සිදුවන ආකාල මරණ වලින් 20% කට පමණ දුම්කොළ වග කිවයුතු සංඝටකයක් වීමයි.

දුම්කොළ වල අඩංගු නිකොටින් වැනි සංයෝග පෙනහළු පිළිකා ඇතුළු රෝග ගණනාවක්ම ඇති කරනවා. බොහෝ විට මේවා ඇති වන්නේ දීර්ඝ කාලිනවයි. (3)

හුවොන්ගා

හුවොන්ගා ඒතරම් මිල නොවන එහෙත් අධික විෂ සහිත මෙන්ම ඉක්මනින්ම ඇබ්බැහි වන සුළු මත් ද්‍රව්‍යයක්. දකුණු අප්‍රිකාණුවන් මේවා වල දුම් උරා බොන්නේ මරිජුවානා සමඟ මිශ්‍ර කරගෙනයි.

හුවොන්ගා පානය කළ විට එක් වරම සැහැල්ලුවක් දැනුනත් අනතුරුව මනෝ විකාර පෙනෙන්නට පටන් ගනන්වා. මේවා සාදාගන්නේ සේදුම් කුඩු, මීයන්ට තබන විෂ හා ඒඩ්ස් රෝගීන්ට ලබා දෙන රෙට්‍රොවයිරස නාශක ඖෂධ එකට එකතු කරයි. මේවා වල දුම් පානය කිරීමෙන් ඉතාම දැඩි සෞඛ්‍යමය ප්‍රශ්න උද්ගත වෙනවා. ශරීරයේ අභ්‍යන්තරික ලේ ගැලීම්,බඩවැල් වල තුවාල වැනි දේ ඇති වී පසු කාලීනව හෘදය අකර්මන්‍ය වී මරණය සිදු වෙනවා. (1)

AH-7921

කෘතිමව සාදන ලද මත් ද්‍රව්‍යයක් වූ  AH-7921 මෑතක් වන තුරුම බොහෝ රට වල නීත්‍යානුකූල මත් ද්‍රව්‍යයක් වී තිබුණා. මැතකදී හෙවත් 2015 වසරේදී එය තහනම් මත් ද්‍රව්‍ය ගොන්නට ඇතුළු කෙරුණා. මෙය මෝෆීන් මෙන් 80% ක ක්‍රියාකාරීත්වයක් පෙන්වන අතර එකළ එය හැඳින්වුණේ ‘නීත්‍යානුකූල හෙරොයින්’ ලෙසයි.

වර්තමානය වන විට මේ මත් ද්‍රව්‍යය නිසා ලොව පුරාම මරණ වාර්තා වී ඇත්තේ එකක් පමණක් නමුත් මේවා පමණ ඉක්මවා දීර්ඝ කාලීනව භාවිතා කළහොත් හුස්ම ගැනීමේ අපහසුතා හා ශරීර කොටස් කුණු වීමේ තත්ත්ව ඇති විය හැකි බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. (2)

බාත් සෝල්ට්

Achim Saas/Westend61/Corbis

බාත් සෝල්ට් කොකේන් වැනි මත්ද්‍රව්‍ය වලට වඩා මිලෙන් අඩු වන අතර කෘතිමව නිපදවන්නක් වෙනවා. මේවා භාවිතා කළ විට මනස ව්‍යාකූල වනවා. විවිධාකාර භ්‍රාන්ති තත්ත්වයන් හා කලබලකාරී චර්යාවන් බාත් සෝල්ට් අධි මාත්‍රා ශරීරගත වූවන්ගෙන් දැකිය හැකියි. මීට අමතරව විව්ධාකාර මායාවන් පෙනීමද, අනෙක් අයට පහර දීමට පෙළැඹීමද, සිය දිවි නසා ගැනීමට සිතීමද මේවා ශරීරගත වූ විට ඇති වන අතර ශරීර උෂ්ණත්වයද ඉහළ යන නිසා හෘදයාබාධත් ඇති විය හැකියි. (1)

ක්‍රොකඩිල්

thestar.com

රුසියානු ජාතිකයින් අතර ස්‍රසිද්ධ ක්‍රොකඩිල් නම් මත්ද්‍රව්‍ය මිලෙන් අඩු එකක්. මෙය දළ වශයෙන් හෙරොයින් වලට වඩා තුන් ගුණයක් මිලෙන් අඩුයි. රුසියානුවන් මිලියනයකටත් වඩා ක්‍රොකඩිල් භාවිතා කරන බව කියැවෙනවා.

මිලෙන් අඩු වුණත් ක්‍රොකඩිල් හෙරොයින් වලටත් වඩා භයානක මත්ද්‍රව්‍යයක් ලෙස සැළකෙනවා. මෙය සාදා ගැනීමට වේදනා නාශක, අයඩීන් මෙන්ම කර්මාන්ත වල පාවිච්චි කෙරෙන පිරිසිදුකාරකත් යොදා ගැනෙනවා. මෙවැනි රසායනික ද්‍රව්‍ය එක් වී තිබීම නිසා ක්‍රොකඩිල් ශරීරයට අති විශාල හානියක් කරනවා. මේවා පාවිච්චිය නිසා ශරීරයේ මස් දිය වන්නට පටන් ගැනීමේ අවදානමක් තිබෙන අතර අවසානයේ විරූපී අයෙක් බවට පරිවර්තනය වී මිය යනවා. ක්‍රොකඩිල් වලට තදින්ම ඇබ්බැහි වූවෙකුගේ අත පයෙහි මස් කුණු වී වැටෙන විටත් තව තවත් ඒවා පානයට යොමු වීම ඇබ්බැහියේ ප්‍රබලත්වය කියා පාන්නක්. (2)

(කවරයේ පින්තූරය- b-townyouth.co.uk)

මූලාශ්‍ර

  1. anonhq.com
  2. independent.co.uk
  3. planetdeadly.com

Related Articles