Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්

මිනිසුන්ට විවිධාකාරයේ ලිංගික ආශාවන් තිබෙනවා. බොහෝ දෙනා විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වන අතර තවත් සමහරුන් තමන්ගේම ලිංගයේ අයට ආකර්ෂණය වෙනවා. එමෙන්ම තවත් සුළුතරයක් ගැහැණු පිරිමි දෙකොට්ඨාසයටම ආකර්ෂණය වෙනවා. විද්‍යාවට අනුව මේ කිසිවක් අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකෙන්නේ නැහැ.

ලෝකයේ ජීවත් වන මිනිසුන් අතරින් ඉතාමත් සුළු පිරිසකට ‘අසාමාන්‍ය’ යැයි පැවසිය හැකි ලිංගික ආශාවන් තිබෙනවා. මේවායින් සමහරක් ජුගුප්සාජනක වන අතර තවත් සමහරක් භයානක තත්ත්වයේ ලා සැලකිය හැකියි. මේ, ඒවායින් කීපයක්.

Paraphilic infantilism

Youtube/ John Michael Todd Williams

මෙනමින් හැඳින්වෙන තත්ත්වය ඇති තැනැත්තන් තමන්ට ළදරුවෙක් ලෙස සලකනවාට මහත් වූ ලැදියාවක් දක්වනවා. එමෙන්ම ළදරුවෙක් ලෙස සැරසී සිටින්නට ඔවුන් ආශා කරනවා. මොවුන් සමහරකට ලිංගික උද්දීපනය ඇතිවන්නේ ළදරුවන්ට අන්දවන ඩයපර ඇඟ ලා ගත් පසු යි. එමඟින් ඇතිවන පහසින් ඔවුන්ගේ ලිංගික අවයව උද්දීපනය වෙනවා.

Formicophilia

twitter.com

මේ තත්ත්වය ඇති තැනැත්තන්ගේ ලිංගික ආශාව මදක් ‘භයානක’ එකක්. ඔවුන්ට ලිංගික හැඟීම් පහළ වන්නේ සිය ශරීරය පුරා කූඹින් හෝ හැකරැල්ලන් වැනි සතුන් සක්මන් කරන විට යි. මෙම තත්ත්වයේ දිගුවක් ලෙස සමහරෙකුට ලිංගික උද්දීපනය ඇති වීමට නම් සිය ලිංගික අවයවයන් වේදනාකාරී ලෙස කෘමීන් විසින් දෂ්ඨනය කළ යුතු වෙනවා.

Abasiophilia

Grace Wilson/ broadly.vice.com

මේ තත්ත්වයත් අසාමාන්‍ය ගණයේ ලා සැලකෙන ලිංගික ආශාවක් වෙනවා. එම තත්ත්වය ඇති පුද්ගලයින් ආකර්ෂණය වන්නේ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇවිදීම අපහසු වූ අය කෙරෙහි යි. මෙහිදී කිහිළිකරු ආධාරයෙන් ගමන් කරන අය, රෝද පුටු භාවිතා කරන අය මෙන්ම, ග්‍රීවයේ ආබාධ නිසා එයට ආධාරක පැළඳ සිටින අය සමග ද ලිංගික ක්‍රියා කිරීමට උක්ත තත්ත්වය ඇති අය මහත් ආශාවක් දක්වනවා.

Omorashi

pinterest.co.uk

මෙම තත්ත්වය ඇති අයවළුන් වඩාත් ආශා කරන්නේ හොඳින් පිරුණු මුත්‍රාශයක් සහිතව ලිංගික ක්‍රියාවල නිරත වීමට යි. පිරුණු මුත්‍රාශයක් ඇති විට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව තදින් දැනෙන අතර, එය සිර කරගෙන ‘අපහසුවෙන්’ ලිංගික ක්‍රියාවල නිරත වීමේ දී ඔවුනට වෙනම ආශ්වාදයක් ලැබෙනවා. මෙලෙස ලිංගික ක්‍රියාවල නිරතවීමේ දී අන්‍යොන්‍ය ශරීර මත මුත්‍රා කරගැනීමෙන් ද ඔවුන් තව දුරටත් ආශ්වාදයක් ලබනවා.

Frotteurism

Youtube

මේ තත්වය ඇති පුද්ගලයින් ආශා කරන්නේ පොදු ස්ථානවල දී යමෙක් නොදැනුවත්ව ඔවුන්ගේ අඟ පසඟ අතපත ගෑමට යි. බස් රථ, දුම්රිය වැනි ඒවා ජනයාගෙන් පිරුණු පසු ඒවාට ගොඩ වී, එහි යන අයගේ අඟ පසඟවල අතපය වැද්දීම, සිය ලිංගික අවයව ඇතිල්ලීම වැනි දේවලින් මොවුන් ආශ්වාදයක් ලබනවා. වඩාත් අසාමාන්‍යම කාරණාවක් වන්නේ මෙවැනි දේ සිදුකර, හසු වී බැනුම් ඇසීමට හෝ පහර කෑමට ද මොවුන්ගෙන් සමහරක් ලැදියාවක් දැක්වීම යි.

Bug chasing

rebelcircus.com

මේ තත්ත්වය ඇති අයවළුන්ට ලිංගික තෘප්තියක් ඇතිවන්නේ ඒඩ්ස් ඇතුළු සමාජ රෝග සහිත අයවළුන් සමග අනාරක්ෂිතව ලිංගික ක්‍රියා සිදු කළ විට පමණ යි. මේ හේතුව නිසා තමා දැන දැනම ඒඩ්ස් වැනි සමාජරෝග සාදාගත් මිනිසුන් ලොව වෙසෙනවා. සිය ජීවිතාරක්ෂාවටත් වඩා කාමාශාව බලවත් වීම නිසා මොවුන් සමහරෙක් එම තත්ත්වය සමනය කරගන්නටවත් උත්සාහ කරන්නේ නැහැ.

කවරයේ පින්තූරය- flipboard.com

Related Articles