Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මකරුන් ගැන කතාබහක්

මකරා යනු අපට නුපුරුදු සතෙක් නම් නෙවෙයි. පොඩි කාලේ ඉදන් අහන සුරංගනා කතාවල ඉදන් වැඩිහිටි කාලෙත් බලන ෆිල්ම්වල වගේම ටීවී සීරිස්වලත් අපට නිතරම ඇස ගැටෙන සතෙක් තමයි මකරා කියන්නේ. කොයි තරම් හුරුපුරුදුද කියනවා නම් ඒ හැම මොහොතකම අපට අමතක වෙනවා මේ සතා මනකල්පිත සතෙක් කියලා. අද අපි මකරුන් ගැන කතා කරන්න හිතුවෙත් අන්න ඒ නිසාම තමයි.

සාහිත්‍යය තුළ මකරා නිර්මාණය වන්නේ විශාල බලයක් ඇති සත්ත්ව කොට්ඨාසයක් ලෙසට ය. (deviantart.com)

සාහිත්‍යය තුළ මකරා නිර්මාණය වන්නේ විශාල බලයක් ඇති සත්ත්ව කොට්ඨාසයක් ලෙසට ය. (deviantart.com)

ඉතිහාසය

පාද සහිත පියැඹිය හැකි සර්පයෙකුගේ ස්වරූපයක් සහිත මකරා පුරාවෘත්තයක් ලෙස අනාදිමත් කාලයක පටන් ලෝක ඉතිහාසය පුරාවටම කතාවෙන සතෙක්. මකරා පිළිබද ඵෙතිහාසික විකාශනය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි බව මේ වෙබ් අඩවියෙහි දක්වා ඇත.

  1. යුරෝපියානු මකරා (European Dragon)
  2. ආසියාතික මකරා (Asian Dragon)

යුරෝපියානු මකරා මෘග සත්වයෙකු ලෙස ඵෙතිහාසික කතාවල දැක්වෙන නමුත් ආසියාතික මකරා පිළිබද එන පුරාවෘත්ත අනුව නම් උන් ඉතා බුද්ධිමත් සත්ත්ව කොට්ඨාසයක් ලෙස දැක්වෙනවා. වාග් විද්‍යාඥයන්ගේ මතය අනුව ඉංගී‍්‍රසි භාෂාවට Dragon යන වචනය එකතු වෙන්නේ 13 වැනි ශතවර්ෂයේ දී පැරණි ප‍්‍රංශ භාෂාවෙන්. ප‍්‍රංශ බසට එය එන්නේ ලතින් භාෂාවෙන් (Draconem). එහි අර්ථය ‘විශාල සර්පයා’ යන්නයි. ගී‍්‍රක පුරාවෘත්ත තුළ මෙන් ම කි‍්‍රස්තියානු පුරාවෘත්ත තුළත් මකරුන් ගැන සදහන් වෙනවා.

ඇතැම් ආගම් තුළ මකරුන් සැලකෙන්නේ ආධ්‍යාත්මික බලයන් නිරූපණය කරනු පිණිස. තවත් වරෙක ස්වභාව ධර්මයෙන් මූලික බලයන් නිරූපණය කරන්නත් ඇතැම් රටවල ආගම් හා සංස්කෘති තුළ භාවිතා වෙනවා. ඒ වගේම ඔවුන් මිනිසුන්ට වඩි බුද්ධිමත්, යම් විශ්වීය ශක්තියක් දරාගෙන සිටින්නන් ලෙස හෝ යම් බලයක් – වස්තුවක් ආරක්‍ෂා කරන්නන් ලෙසත් සැලෙකනෙ අවස්ථා පුරාවෘත්ත තුළ ඔ්නෑ තරම් දැකගන්න පුළුවන්.

මරාදමන ලද මකරෙකුගේ ලේ ඉතා ප‍්‍රයෝජනවත් ලෙසත් භයානක විෂක් වශයෙනුත් භාවිතා කළ හැකි බවට මධ්‍යකාලීන යුරෝපා පුරාවෘත්ත තුළ දැක්වෙනවා. ජර්මානු පුරාවෘත්තවල සදහන් ආකාරයට මකර ලේ ඇග ගැල්වීමෙන් නොපෙනී සිටින්නටත්, නැතිනම් ශක්තිමත් ආවරණයක් ලෙස යොදා ගැනීමටත් හැකියි.

නැගෙනහිර – අග්නිදිග ආසියාවේ මකරුන්

චීනය හා ජපානය ආශී‍්‍රතව ඇති මකරුන් පිළිබද කතාන්දර ලෝකයේ අන් කවර ප්‍රදේශයක ඇති කතාන්දරවලටත් වඩා වැඩි අගයක් ගන්නවා. මකරා තුළින් බලය, ශක්තිය නිරූපණය කරන බවයි ඔවුන්ගේ අදහස. මෙය ඔවුන්ගේ ජීවිතය හා තදින් බැදී තිබෙන මතවාදයක් කිව්වොත් වැරදි නැහැ.

සරල උදාහරණයකට ෂැවොලින් කුංෆුවලත් එක් ශෛලියක් තියෙනවා Dragon style කියලා. ඒ කියන්නේ චීනයේ පන්සල්වල නිර්මාණය වුණු කුංෆුවලට පවා බලපෑමක් කරන්න ‘මකර’ මතවාදයට පුළුවන් වෙලා තියෙන බව නේද?

චීනයේ මකරුන් සම්බන්ධයෙන් තියෙන ඇගයීම ඉතා විශාලයි. කි‍්‍ර.පූ. 16 වෙනි සියවසේ ෂැන් (Shang) සහ සූ (Zhou) රාජ වංශයන්හි දී මකරුන් සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් පැවතුණු බව සදහන් වෙනවා. චීන ඉතිහාසඥ සූ චොං ෆා  (Zhou Chong Fa) පවසන විදිහට මැන්ඩරීන් භාෂාවේ මකරා හ`දුන්වන්නට යෙදෙන වචනයහි අරුත අකූණ යන්නට සමාන බවයි.

චීන සාහිත්‍යයට අනුව මකර රාජයා හට පුතුන් නව දෙනෙකු (Nine Sons) සිටි අතර ඔවුන් එකිනෙකට වෙනස් බලයන්ගෙන් සමන්විතයි.

  • The Qiuniu – ගවයෙකු සහ මකරකු එකතු වීමෙන් ඉපදී ඇත. සංගීතයට අධිපති ලෙස සලකයි.
  • The Yazi – වෘකයෙකු හා මකරකු එක්ව ඉපදී ඇත. වඩාත් සටන්කාමී ය. සාමාන්‍යයෙන් කඩුවක් දරාගෙන සිටී.
  • The Chaofeng – එළුවෙකු හා මකරෙකු එක්ව ඉපදී ඇත. කඳු තරණය කිරීමට හා කෑමට රුචිකත්වයක් දක්වයි. සාමාන්‍යයෙන් ගොඩනැගිලිවල සතර කෝණයේ මොවුන්ගේ පිළිම සාදා ඇත.
  • The Pulao – බල්ලෙකු සහ මකරෙකු එකතු වීමෙන් සෑදී ඇත. අනෙක් මකරුන්ට වඩා ශබ්දයකින් යුතුව කෑ ගැසීමට  හැකියාවක් ඇත.
  • The Suanni – සිංහයෙකු සහ මකරකු එක්ව සෑදී ඇත. සාමාන්‍යයෙන් ඉදගෙන සිටින ස්වභාවයෙන් භාවිතා කරයි. චීනයේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම පාමුළ මෙවැනි මකර රූප දැක ගත හැකි යි.
  • The Bixi –  ඉබ්බෙකු හා මකරකු එක්ව නිර්මාණය කර ඇත. විශාල බරක් ඔසවාගෙන යාමට හැකි ශක්තිය නිරූපණය කරයි. බොහෝ විට සොහොන් ආශ‍්‍රයෙන් දැක ගත හැකි ය.
  • The Bi’an – කොටියෙකු හා මකරෙකු එක්ව නිර්මාණය කර ඇත. නඩු විභාග කිරීම හා ගැටලු විසදීමේ හැකියාව මින් නිරූපණය වේ. අධිකරණ ගොඩනැගිලි ආශි‍්‍රතව දැක ගත හැකි ය.
  • The Baxia – සර්පයකු හා මකරකු එක්ව නිර්මාණය කර ඇත. සාමාන්‍යයෙන් සැලකෙන්නේ දිය මකරා ලෙසටය. පාලම් ආශි‍්‍රතව මෙම මකරුන්ගේ රූප නිර්මාණය කර ඇත.
  • The Chiwen – මාළුවෙකු හා මකරෙකු මුසු කර සාදා ඇත. ගිල දැමීමට ඇති හැකියාව නිරූපණය කරයි. සාමාන්‍යයෙන් ගොඩනැගිලිවල වහලයේ දෙකෙළවර මෙම රූප සාදයි. එමගින් ඔවුන්  විශ්වාස කරන්නේ අදාළ ගොඩනැගිල්ල අවට සිටින අමනුෂ්‍ය බලවේගයන් මෙම මකරුන් විසින් ගිල දමා තමන් ආරක්‍ෂා කරනු ඇති බව යි.
භූතානයේ ජාතික ධජය (walls-and-dreams.com)

භූතානයේ ජාතික ධජය (walls-and-dreams.com)

භූතානය තමන්ගේ ජාතික ධජයට ඇතුළත් කරලා තියෙන්නෙත් මකරෙක්. ‘අකුණු මකරා’ විදිහටයි එය හඳුන්වන්නේ. ඔවුන් තමන්ගේ සංස්කෘතික චින්තනය තුළ විශ්වාස කරන්නේ භූතානය යනු මකරුන්ගේ රාජ්‍යය විදිහටයි. ඒ මකරා තුළින් භූතාන් රාජධානියත්, මකරාගේ සුදු පාටින් එරට ජනතාවගේ නොබෙදුණු සිතුවිලිත්, පක්‍ෂපාතීත්වයත් නිරූපණය කරනවා. ඒ ගැන භූතානයේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ (2008) පළමු පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙනවා. භූතාන නායකයන් හඳුන්වන්නේ Druk Gyalpo කියලායි. මෙහි අර්ථය ‘අකුණු මකර රජවරු’ යන්නයි.

‘මකරා’ බිහි කරගැනීම

බොහෝ ප‍්‍රාමාණිකයන්ගේ අදහස මකරා යනු ස්වභාවික සතෙක් නොවන බැවින් විවිධ සතුන් ආශ‍්‍රයෙන් ආගමික හා ජනකතා සාහිත්‍යය තුළ මිනිසා විසින්ම නිර්මාණය කරගත් සත්වයෙක් ලෙසයි. විෂ විදින නාගයන් මගින් ගිනි පිඹීමත්, කිඹුලන් වැනි සතුන් මගින් ශරීර ආකෘතියත් හැඩ ගස්වා ගන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස. ඒ වගේම ඇතැම් අවස්ථාවල අතීතයේදීද මැමල් පොසිල, ඩයිනසෝර්, තල්මස් ඇටකටු හමු වීමට ඉඩ පැවති බැවින් එවැනි අවස්ථාවල දී මිනිසුන් ඒවා වැරදි අර්ථකථනවලට භාජන කිරීමට ඉඩ ඇති බවත් ඔවුන් වැඩිදුරටත්  දක්වනවා.

ඉතිහාසඥ ඩේවිඩ් ඊ ජෝන්ස් ඔහුගේ An Instict for Dragons කෘතියේ දක්වන්නේ මකරු පිළිබද මතවාදය ඇතිවෙන්න එක් හේතුවක් පරිණාමවාදය කියලායි. ඒ කියන්නේ මිනිසුන් තුළ වානර ලක්‍ෂණ ජානමය වශයෙන් පැවත එන බවත් වඳුරන් ස්වභාවයෙන් ම සර්පයන්, මාංශ භක්‍ෂක කුරුල්ලන්, ව්‍යාඝ‍්‍රයන් හට බියක් පවතින බවත්, මිනිසුන් තුළ ද ඒ බිය ම අඩු වැඩි වශයෙන් තවමත් පවතින බවත් ය. ඒ නිසා ම එවැනි ලක්‍ෂණ සියල්ල ම සහිත එක් සත්තවයෙක් නිර්මාණය කරගන්නට අතීත මිනිසුන් උනන්දු වූ බවට නිගනය කළ හැකි බවයි ඔහුගේ අදහස.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ විහාරස්ථාන තුළ දැක ගත හැකි එක් අංගයකි මකර තොරණ. (saacmag.com)

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ විහාරස්ථාන තුළ දැක ගත හැකි එක් අංගයකි මකර තොරණ. (saacmag.com)

මෙරට සාහිත්‍යය තුළ මකරුන් පිලිබඳ කරුණු සොයා ගැන්මට අසීරුයි. ප‍්‍රධාන වශයෙන් දැකගන්න පුළුවන් වන්නේද ‘මකර තොරණ’ පමණි. ඒ අනුව බෞද්ධ මතවාදය ‘මකරා’ ප‍්‍රවේශ වෙන්නෙත් ලිපියේ මුලින් සඳහන් කරන ලද ආසියාතික (මැන්ඩේරියානු) පදනම මත වෙන්න පුළුවන්.

මකරුන් සිටින නූතන අවධිය

‘හව් ටු ටේ‍්‍රන් යුවර් ඩ‍්‍රැගන්’ ළමා චිත‍්‍රපටය (howtotrainyourdragon.com)

‘හව් ටු ටේ‍්‍රන් යුවර් ඩ‍්‍රැගන්’ ළමා චිත‍්‍රපටය (howtotrainyourdragon.com)

මකරා ගැන තවමත් නූතන ලෝකයේත් කතා වෙනවා. How To Train Your Dragon වැනි ෆිල්ම් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමන්නේත්, Game of Thrones රූපවාහිනී කතා මාලාවන් දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නේත් මේ මකරා පිලිබඳ මිනිසුන් තුළ තවමත් සඟවා ඇති බිය මිශ‍්‍ර ආශාව නිසා යැයි කීම වැරදි නැහැ.

මේ වන විට ලෝකය පුරා ප‍්‍රචලිතව ඇති ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ නම් ඇමෙරිකානු ටෙලි වෘත්තාන්තයෙහි එන දර්ශනයක්. (gameofthroneswikia.com)

මේ වන විට ලෝකය පුරා ප‍්‍රචලිතව ඇති ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ නම් ඇමෙරිකානු ටෙලි වෘත්තාන්තයෙහි එන දර්ශනයක්. (gameofthroneswikia.com)

එදා මෙදාතුර බිහි වූ දක්‍ෂතම ආත්මාරක්‍ෂක සටන් ශිල්පියා ලෙස සැලකෙන බෲස් ලීගේ චිත‍්‍රපට බොහොමයක් සඳහා මකරාගේ නම භාවිතා කිරීම මිට තවත් එක් නිදසුනක් (Enter the Dragon, Return of The Dragon, The Way of the Dragon). මේ ලිපියේ ම ඉහළින් සඳහන් කළා වගේ මකරා තුළින් බලය හා ශක්තිය නිරූපණ කරන බවට නැගෙනහිර හා අග්නිදිග ආසියාතික මිනිසුන් විශ්වාස කිරීම ඊට හේතුවයි.

මිනිසා කෙතරම් දියුණු, විද්‍යාත්මක වූ නවීන ලෝකයක ජීවත් වුණත් තවමත් පැරණි විශ්වාස හා මතවාදවලට ආදරය කරන බව මේ අනුව තහවුරු වෙනවා. අපි විතරක් නෙවෙයි බොහෝ විට අපෙන් පසුව එන අනාගත පරම්පරාවල උදවිය පවා අනාගතයේ දවසක අපි වගේ ම මකරුන් ගැන කතා කරාවි. කතා ලියාවි.

Related Articles