Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ආර්ථික විද්‍යා නොබෙල් සම්මාන ලැබුවෝ

2019 වසරේ සාමය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් පුද්ගලයා පිළිබඳව අපි කවුරුත් හොඳින් දන්නවා. මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගනු ලැබුවේ අබී අහමඩ් (Abiy Ahmed) නම් ඉතියෝපියානු අගමැතිවරයා යි. වසර ගණනාවක් තිස්සේ පැවති ඉතියෝපියානු – එරිත්‍රියානු විරසකය නිමා කිරීමට නායකත්වය ගෙන කටයුතු කිරීම යන කරුණ මත යි, ඔහු මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ. 2018 වසරේ දී ඉතියෝපියාවේ අගමැති ධුරයට පත් වූ අබියි අහමඩ් මේ වන විට වසර ගණනාවක් තිස්සේ පැවති ඉතියෝපියා – එරිත්‍රියා අර්බුදය නිමා කිරීමට කටයුතු කරන අතර, එරිත්‍රියා ජනාධිපතිවරයාට සාමයේ දෑත් දිගු කිරීමෙන් වසර ගණනාවක් පැවති අර්බුදය ස්ථිරවම විසඳීමට සමත් වී තිබෙනවා. ඒ පිළිබඳව පසුගිය දා අපි විසින් ඔබ වෙත ලිපියක් ගෙන ආවා. 

නොබෙල් සාම සම්මානය අබී අහමඩ් (guim.)

2019 සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය හිමි වන්නේ ඔස්ට්‍රියානු ජාතික පීටර් හැන්දික්ට යි (Peter Handke).

ලිතියම් අයන් විදුලි කෝෂ වැඩිදියුණු කිරීම වෙනුවෙන් විද්‍යාඥයන් තිදෙනෙක් මෙවර රසායන විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගයට හිමිකම් කියනවා. ජෝන් බී ගුඩේනෝ (John B. Goodenough), එම්. ස්ටැන්ලි විටින්ගැම් (M. Stanley Whittingham) හා අකිරා යෝශිනෝ (Akira Yoshino) යන විද්‍යාඥයන් තිදෙනා යි. මේ අතරින් 97 හැවිදිරි මහාචාර්ය ජෝන් බී ගුඩේනෝ යනු මෙතෙක් නොබෙල් සම්මානයක් හිමි වූ වසස්ගත ම පුද්ගලයා ලෙස වාර්තාවක් තබනවා.

විශ්වයේ ආරම්භය පිළිබඳ යම් යම් වැදගත් සොයාගැනීම් කිහිපයක් හේතුවෙන් ජේම්ස් පීබ්ල්ස් (Jim Peebles), මයිකල් මේයර් (Michel Mayor) හා ඩිඩියර් කෙලොස් (Didier Queloz) යන විද්‍යාඥයන් තිදෙනාට භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වෙනවා.

සාහිත්‍ය සම්මානය ලද පීටර් හැන්දික් (dw)

ඊට අමතරව, වෛද්‍ය විද්‍යාව සඳහා ද 2019 නොබෙල් සම්මානය පුද්ගලයන් තිදෙනෙක් අතර බෙදී යනවා. සර් පීටර් රැට්ක්ලිෆ් (Peter J. Ratcliffe), විලියම් කීලින් (William G. Kaelin) හා ග්‍රෙග් සෙමෙන්සා (Gregg L. Semenza) යන විද්‍යාඥයයන් අතරේ යි. 

ඉතින් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ 2019 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබූ පුද්ගලයන් කවුරුන් ද? ඔවුන්ට එම සම්මානය හිමි වීමට හේතු වූ කරුණු කාරණා මොනවා ද? යන්න සොයා බැලීම සඳහා යි

2019 ආර්ථික විද්‍යා නොබෙල් සම්මානය පුද්ගලයන් තිදෙනෙකුට 

ආර්ථික විද්‍යා නොබෙල් සම්මානය ලද අභිජිත් බෙනර්ජි (deccanherald)

ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් සම්මානය 2019 වසරේ දී තිදෙනෙක් අතර බෙදී යනවා. මින් දෙදෙනෙක් අඹුසැමියන් අතර, අනෙක් පුද්ගලයා ඔවුන් සමග එකට කටයුතු කළ ආර්ථික විද්‍යාඥයෙකු වෙනවා.

ස්වීඩන රාජකීය ඇකඩමිය විසින් 2019 වසර සඳහා මේ තුන් දෙනාගේ ම නම් ප්‍රකාශ කරනු ලබනවා. ඒ අනුව අබිජිත් බෙනර්ජි (Abhijit Banerjee), එස්තර් ඩුෆ්ලෝ (Esther Duflo) හා මයිකල් ක්‍රේමර් (Michael Kremer) යන තිදෙනාට ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් සම්මානය හිමි වෙනවා. අබිජිත් බෙනර්ජි හා එස්තර් ඩුෆ්ලෝ අඹුසැමි යුවළ ලෙස නම් කළ හැකි යි.

ගෝලීය දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා පර්යේෂණ සිදුකිරීම 

නොබෙල් ආර්ථික විද්‍යා සම්මානය ලද තිදෙනා (thecreativechambers)

ලෝකයේ මිලියන 70කට අධික ජනතාවක් තවමත් අතිශය අඩු ආදායම් මත ජීවත් වෙන අතර, සෑම වසරකම වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන පහක් පමණ සරළ ප්‍රතිකාර මඟින් වළක්වා ගත හැකි හෝ සුව කළ හැකි රෝගවලින් මරණයට පත් වෙනවා.

ලෝකයේ ළමයින්ගෙන් අඩක් මූලික සාක්ෂරතාවය හා සංඛ්‍යාත්මක කුසලතා නොමැතිව පාසලෙන් ඉවත් වීම වර්තමානය වන විටත් සිද්ධ වෙනවා. 1990 දශකයේ මැද භාගයේ සිට මේ සම්බන්ධව පර්යේෂණයන් හි නිරතව සිටින ඉහත නම් සඳහන් ආර්ථික විද්‍යාඥයන් තිදෙනා ඒ වෙනුවෙන් සිදුකළ පර්යේෂණයන්ගේ හා විවිධ උත්සාහයන්ගේ සාර්ථක ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතිනවා. දුප්පත්කමින් පෙළෙන එම ජනතාව ඉන් මුදාගැනීමටත්, ආයෝජන කිරීම ඉතාම වැදගත් බව පෙන්වීමටත් ඔවුන්ගේ පර්යේෂණ විශාල බලපෑමක් කළ බව සඳහන්.

එනම්, ගෝලීය (විශේෂයෙන් අප්‍රිකාවේ හා ඉන්දියාවේ) දුප්පත්කම තුරන් කිරීමට ගන්නා ලද සුවිශේෂී උත්සාහය හේතුවෙන් මේ වසරේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඉහත නම් සඳහන් ආර්ථික විද්‍යාඥයන් තිදෙනාට හිමි වෙනවා. ඔවුන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින අතර, මෑතකාලයේ දී පාසල් යන වයසේ පසුවන නමුත්, පාසල් නොයන ඉන්දියානු දරුන්වන් මිලියන පහකට වැඩි ප්‍රමාණයක් නැවත පාසල්ගත කිරීම ඔවුන්ගේ පර්යේෂණයන්ගේ එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි යි.

ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය ලද ලොව ළාබාලතම පුද්ගලයා- එස්තර් ඩුෆ්ලෝ

එස්තර් ඩුෆ්ලෝ (promarket)

2019 වසරේ නොබෙල් ආර්ථික විද්‍යා සම්මානය දිනූ මේ තිදෙනා අතරින් ඇමෙරිකානු ජාතික මහාචාර්යවරියක වන එස්තර් ඩුෆ්ලෝ, ආර්ථික විද්‍යාව සඳහා එදා මෙදාතුර සම්මාන ලබාගත් අය අතරින් ළාබාලතමයා ලෙස වාර්තාවක් තබා තිබෙනවා. ඒ වගේම ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ලබාගත් ලොව දෙවන කාන්තාව වන්නේ ද ඇය යි. ඇය සමගම සම්මාන ලබාගත් ඇයගේ සැමියා වන අභිජිත් බෙනර්ජි, ඉන්දියානු ජාතිකයෙක් මෙන්ම මහාචාර්යවරයෙකු ද වනවා. මයිකල් ක්රෙමර් ද ඇමෙරිකානු ජාතික මහාචාර්යවරයෙක්.

මූලාශ්‍රය- nobelprize.org

කවරයේ පින්තූරය- huic.com

Related Articles