Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පැරණිතම ජාතික ධජ 5ක්

ලෝකයේ සෑම රටකටම ජාතික ධජයක් තිබෙනවා. මින් ඒ රටෙහි අනන්‍යතාව නිරූපණය කෙරෙනවා. මේවායින් සමහරක් මෑතකාලීනව නිර්මිත ධජ වන අතර, තවත් සමහරකට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මේ ලොව පැරණිතම ජාතික ධජ 5 ක් පිළිබඳ තොරතුරු යි.

ස්කොට්ලන්තය – ක්‍රි.ව 832

celticcountries.com

ස්කොට්ලන්තයේ ජාතික ධජය නිර්මාණය වී තිබෙන්නේ ක්‍රි.ව 832 හෙවත් 9 වන සියවස තරම් ඈත අතීතයක දී යි. මෙය සැලකෙන්නේ යුරෝපයේ පැරණිම ධජය ලෙස යි. මෙහි නිල් පැහැ පසුබිමෙහි අඳින ලද සුදු පැහැ කතිරයක් දැකගත හැකියි.

මෙම ධජයෙන් නිරූපණය කෙරෙන්නේ ශාන්ත ඇන්ඩෲ නම් සාන්තුවරයා යි. ඔහු මේ ධජයේ දැක්වෙන පන්නයේ කුරුසයක තබා ඇණ ගැසූ බවට අතීත වාර්තාවල සඳහන් වෙනවා.

ඔස්ට්‍රියාව – ක්‍රි.ව 1230

riegerflags.com

ඔස්ට්‍රියානු කොඩියේ දැක්වෙන්නේ රතු පැහැ වර්ණ තීරු තුනකුයි. මින් ඉහළ හා පහළ වර්ණ තීරු දෙක රතු පැහැති වෙන අතර, මැද වර්ණ තීරුව සුදු පැහැති වෙනවා. මෙය සඳහා මුල්ම අඩිතාලම වැටී ඇත්තේ 1236 වර්ෂයේ දී යි. බාබෙන්බර්ග් අධිරාජ්‍යයේ ධජය වශයෙන් මෙය භාවිතා කර ඇති අතර, මුලින්ම මෙය පැවතී ඇත්තේ තැඹිලි, සුදු හා නිල් වර්ණ තීරු තුනක් අන්තර්ගත ලෙස යි. අනතුරුව දෙපස වර්ණ තීරු දෙක රතු පැහැ කර තිබෙනවා.

මෙම ධජයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ පස්වෙනි ලියොපොල්ඩ් ආදිපාදවරයා යි. 1189-91 වසරවල පැවති මහා යුද්ධයක් අවසන ඔහුගේ ඇඳුම් ලෙයින් තෙත් වී තිබූ අතර, බඳ පටියෙන් වැසී තිබූ ප්‍රදේශය පමණක් සුදු පැහැයෙන් ඉතිරි වී තිබෙනවා. ඒ අනුව මූලික කොඩියේ නිල් හා තැඹිලි වර්ණ ඉවත් කොට රතු පැහැ වර්ණ තීරු යොදා භාවිතා කර තිබෙනවා.

ලැට්වියාව – ක්‍රි.ව 1280

shutterstock.com

ලොව පැරණිතම ජාතික ධජ අතරින් එකක් වන ලැට්වියාවේ ධජය පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ මධ්‍යතන යුගයේ ලියැවුණු පත්‍රිකාවක් වන Rhymed Chronicle of Livoniaවේ  යි. ඒ ක්‍රි.ව 1280 වසරේ දී. මෙහි අඳුරු රතු පැහැති පසුබිමක ඇඳුණු තිරස් පටියක් නිරූපණය වෙනවා.

මධ්‍යතන යුගයේ දී ලැට්වියානු ගෝත්‍රයක් වන සෙමිගලියානු ගෝත්‍රයේ මිනිසුන් ටියුටන් හමුදා විසින් පාලනය කරන ලද රිගා නුවර වටලන්නට ගොස් තිබෙනවා. සිසිස්හි ලැට්ගලියානු සොල්දාදුවන් විසින් මෙහිදී ටියුටන් හමුදාවන්ට සහය පල කරන්නට පැමිණ ඇත්තේ සුදු තිරස් පටියක් සහිත අඳුරු රතු පැහැති ධජයක් රැගෙන යි. ඉතිහාසයේ තවත් තැනක සඳහන් වන්නේ යුධයක් අතරතුර දී ඉතා බරපතල ලෙස තුවාල ලැබූ ලැට්වියානු ගෝත්‍රික ප්‍රධානියෙක් සුදු රෙදිකඩක ඔතාගෙන පැමිණීමේ දී එය රුධිරයෙන් පෙඟී තිබූ බව යි. මෙහිදී ඔහුගේ ශරීරය තිබූ තැන පමණක් සුදු පැහැයෙන් ඉතිරි වී ඉතිරිය රුධිරයෙන් පෙඟී ගොස් තිබෙනවා. මෙම රෙදි කඩ සොල්දාදුවන් විසින් ධජයක් ලෙස භාවිත කරමින් යුධ කොට සතුරන් පරාජය කොට තිබෙනවා.

ඩෙන්මාර්කය – ක්‍රි.ව 1307

Skeeze/Pixabay

‘ඩැනිෂ් ක්ලෝත්’ හෙවත් ඩෙන්මාර්ක රෙදිකඩ ලෙස හැඳිවෙන මෙම ධජයෙහි රතු පසුබිමෙහි ඇති සුදු පැහැ කුරුසයක් දැකගත හැකියි. මෙය නිල වශයෙන් භාවිතා කොට ඇත්තේ ක්‍රි.ව 1307 දී ලෙස සඳහන් වෙන මුත් බොහෝ විට මීට ඊටත් වඩා දිගු ඉතිහාසයක් තිබෙන්නට ඇති බැව් විශ්වාස කෙරෙනවා. ඩෙන්මාර්ක ධජය සැලකෙන්නේ අඛණ්ඩව භාවිතා කරන ලොව පැරණිතම කොඩිය ලෙස යි.

ජනකතා වලට අනුව මෙම කොඩිය ඩෙන්මාර්ක හමුදාවලට ලැබී තිබෙන්නේ 1219 වසරේ දී යි. යුධයක් පරාජය වන්නට ඔන්න මෙන්න තිබිය දී ඔවුන් දෙවියන්ට කන්නලව් කර තිබෙනවා. ඒ අවස්ථාවේ දී අහසින් ධජයක් වැටී ඇති අතර ඔවුන් එය රැගෙන ගොස් යුධ කොට, අවසානයේ ජයග්‍රහණය කොට තිබෙනවා. පසුකාලීනව ඔවුන් මෙය සිය ජාතික ධජය ලෙස භාවිතා කොට තිබෙනවා.

ඇල්බේනියාව – 1443

videoblocks.com

ඇල්බේනියානු ජාතික ධජයේ පසුබිම රතු පැහැති වන අතර, එහි මධ්‍යයට වන්නට කළු පැහැති, හිස් දෙකක් දරන රාජාලියෙකු දැක්වෙනවා. මෙය මුලින්ම කරලියට පැමිණ ඇත්තේ 1443 වසරේ නොවැම්බර් මස 28 වන දා යි. ඒ ඇල්බේනියානු ජාතික වීරයෙකු වන ස්කැන්ඩර්බර්ග් සතුරු හමුදාවලට පෙනෙන ලෙස මේ ධජය එසවීමත් සමග යි.

පසුකාලීනව ඇල්බේනියාව වෙනත් අධිරාජ්‍යයන්හි කොටසක් වීමත් සමග මෙමේ ධජය භාවිතයෙන් ඈත් වූ අතර, නැවතත් 20 වන සියවසේ මුල් භාගයේ දී මෙය කරලියට පැමීණියේ, ඔටෝමාන් අධිරාජ්‍යයෙන් නිදහස් ලැබීමේ ව්‍යාපාරයේ දී යි. 1912 වසරේ නොවැම්බර් මස 28 වන දා ඇල්බේනියාවට නිදහස ලැබුණු අතර, එහිදී නැවතත් මේ ධජය භාවිතය ඇරඹුණා.

කවරයේ පින්තූරය- Paul Hackett / Reuters

Related Articles