Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නූතන පීතෘත්වය සඳහා ධනාත්මක බලපෑමක්

පිය පදවිය ගෙවුණු සියවස් පුරාව‍ට විවිධ සංස්කෘතීන් යටතේ වෙනස් වෙමින් ආවකි. ඓතිහාසිකව, පිතෘත්වය හැමවිටම බාධක හමුවේ විවිධ මුහුණත්වලින් යුතු විය. ආරක්ෂකයෙක්, ගෘහ මූලිකයෙක්, හික්මවන්නෙක් සහ සදාචාරාත්මක උපදේශකයකු ලෙස පියකු තම කාර්යයභාරය ඉටු කරතත්, ඍජු චිත්තවේගයන් අල්පව ලැබේ.

ආර්. එල්. ග්‍රිස්වල් තම 1993 ‘Fatherhood in America: A History’ ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි සාම්ප්‍රදායික පිතෘත්වයේ සිට ඉන් චිත්තවේගීය දායකත්වයන් වැඩි වශයෙන් ලැබෙත්ම එහි ‘නව පිතෘත්තවයක්’ ඇතිවිය. නමුත් බොහෝ පර්යේෂණයන් පෙන්වා දෙන්නේ අප වැනි බටහිර-නොවන සංස්කෘතීන්ගේ පිතෘත්ව අභිවර්ධනයක් සිදු නොවී ඇති බව යි.

ශ්‍රී ලංකාවේ පිතෘත්වය

ශ්‍රී ලංකාවේ, පියෙකු යනු න්‍යෂ්ටික පවුලක ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සාම්ප්‍රදායිකව අර්ථ දැක්වුණ ද දැන් එය වෙනස් වෙමින් පවතී. ඍජුව හෝ වක්‍රව, දරුවන් හා සබඳතා වර්ධනයට අත්‍යාවශ්‍ය චිත්තවේගීය කටයුතුවලින් පියවරුන් බැහැරව කටයුතු කර යි.

සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පවුල තුළ, විශේෂයෙන් මුල් කාලයේ දී දරුවා සමාජයට ඇතුළු කිරීම වැනි මෘදු කුසලතාවලින් යුත් චිත්තවේගීය කටයුතු මව විසින් සක්‍රීයව ඉටු කර යි. නමුත් මෙය ගැටළු ඇති කරන්නකි. පුරුෂයන් බොහෝ අවස්ථාවල දී මෙවන් ‘මෘදු’ බැඳීම්වලින් වළකා දමා ඇත.

මෙවන් සිතිවිලි නිසා හොඳට වඩා නරක සිදුවේ. අත්‍යාවශ්‍ය අවධියක දී පියකුගේ දායකත්වයක් නොලැබීම නිසා කල්ගතවත්ම දරුවා සමග දැඩි දුරස්ථභාවයක් ඇති වේ. ඉන් කුලෑටි දරුවන් බිහිවේ.

දරුවන් බලාගැනීම, ඇඳුම් මාරු කිරීම හෝ ආහාර ලබාදීම පිරිමියකුගේ කටයුත්තක් නොවන බවට සමාජයෙන් පීඩනයන් එල්ල වේ. ඒ හරුණු විට, ශ්‍රී ලාංකික පුරුෂයන් මෙම කටයුතු කිරීමට ඉදිරිපත් වන වෙමින් සම්ප්‍රදායික පවුල් සංස්ථාව වෙනස් කරමින් වඩාත් හොඳ මට්ටමකට පැමිණීමට කටයුතු කරමින් සිටියි.

පියවරු තම දරුවන්ට චිත්තවේගීය පෝෂණය ද සැපයීම සඳහා සක්‍රීයව දායක වෙමින් දරුවන් හා බැඳීම් ඇති කරගනිමින් විවෘතව සෙනෙහස පාමින් සිටියි. ප්‍රමුඛ අවශ්‍යතාවක් වශයෙන් සලකා ලබා දෙන පියකුගේ චිත්තවේගීය දායකත්වය මෙය පර්යේෂණවලින් පෙන්වා දී ඇති ආකාරයට ඉතා වැදගත් කටයුත්තකි.

එසේම, බොහෝ කලක පටන් තනිකඩ පියවරුන් විසින් පිතෘත්ව හා චිත්තවේගීය කටයුතු දෙකම හොඳින් සපුරාලීම මෙහි ලා විශේෂයෙන් දැක්විය යුතුය. නූතන පිතෘත්වය වෙනුවෙන් ඔවුන් ඉහළ සහයෝගයක් ලබා දෙමින් සිටිති.

පියකුගේ සක්‍රීය දායකත්වයෙන් ලැබෙන වාසි

දරුවන් මුල් කාලයේදී භාෂාවන් උගනිමින් සහ වෙනත් පුද්ගලයන් හා කටයුතු කරමින් හා  චාලක හැකියාවන් වර්ධනය කරගනිමින් තම දැනුම වටපිටාවෙන් ලබා ගනී. මෙම කාලය තුළ සෞඛ්‍යමත් වර්ධනයකට අත්‍යාවශ්‍ය සාධක ලෙස පෝෂණය, උත්තේජන හා නොසඟවන ලද ස්නේහය හා ආරක්ෂාව වැදගත් වේ.

එහෙත් මුල් ළමාවිය සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සාධක කිහිපයක්ම මේ කාලය තුළ පහසුවෙන් මඟ හැරිය හැකියි.

කුඩා දරුවන් තම දෙමව්පියන්ගේ හැසිරීම් අනුකරණය කරන්නට පෙළඹෙන බැවින් (ගවේෂණාත්මක ඉගෙනීමේ ස්වභාවය), ඍණාත්මක හැසිරීම් පවා උගත හැක. මෙය වැළැක්වීමට ඇති එකම මඟ හැකිතාක් ධනාත්මක චර්යාවන් දැක්වීම යි.

පියවරුන් තම දරුවන්ගේ සමාජයීය හා චිත්තවේගී වර්ධනයට බලවත් දායකත්වක් දරයි. දරුවකු තම දෙමාපියන් සමග දක්වන අන්තර්පුද්ගල සබඳතාවන් ඔවුන්ගේ අනාගත චිත්තවේගීය හා සන්නිවේදන හැකියාවන් වර්ධනය කර ගැනීමට බලපායි. AAP ‘තම දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනයට පියකුගේ දායකත්වය’ යන වාර්තාවේ “වසර තුනෙහි දී පියා හා දරුවන් අතර සන්නිවේදනය දරුවාගේ උසස් භාෂා සංවර්ධනයන් ඇති කිරීමට සුවිශේෂී වේ” ලෙස දක්වමින්, පියා සහ දරුවා අතර ධනාත්මක අන්තර්ක්‍රියාකාරීත්වයක් මඟින් යහපත් ලෝකයක් වෙත අඩිතාලම වැටෙන ආකාරය තහවුරු කර තිබේ.

රොස් ඩී. පාර්ක් තම 1996 ‘පිතෘත්වය’ ග්‍රන්ථයේ “පියකු තම දරුවන්ගෙන් උගනින මුල් දෙයක් වන්නේ දෙදෙනාගේ අවශ්‍යතාවන්ගේ ගැලපීම යි. දරුවා පියාගෙන් උපදෙස් බලාපොරොත්තු වන අතර පියාට එම උපදෙස් ලබා දෙමින් විනෝද විය හැකිය. දරුවා ඔහුව ආදර්ශයක් සේ සලකන අතර ආදර්ශයක් බවට පත්වීමෙන් පියාට තම උපදෙස් වෙත නවමු මානයක් එක් කරලන්නට හැකිවේ. ඔහුගේ අභිලාෂයන් හා ජයග්‍රහණයන් දරුවාගේ ඇසින් බලමින් වඩාත් වෙනස්ව ඒ දෙස නැවත බලන්නට ඔහුට අවස්ථාව ලැබේ.” යැයි දක්වයි.

“සබඳතා දක්වන, රැකබලා ගන්නා පියකු සිටින දරුවන්ගේ අධ්‍යාපනය ද ඉතා හොඳ මට්ටමක් ගනියි” යන පරිදි දරුවකුගේ බුද්ධිමත් බවට ද පියා ධනාත්මකව බලපායි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සක්‍රීයව සබඳතා දක්වමින් චිත්තවේගීය කටයුතු සපුරන පියවරුන්ට දරුවාගේ ඥානාත්මක හා භාෂාමය හැකියාවන් වර්ධනය කරගන්නට උපකාරී විය හැකි බවයි.

පියවරුන්ට වැඩි සබඳතා ඇති කරගත හැක්කේ කෙසේ ද?

නූතන පියවරුන්ට මෙය බිය ඇතිකරවන කර්තව්‍යයක් ලෙස පෙනුන ද, තමන්ගේ මාර්ගෝපදේශනය හා අස්වැසීම බලාපොරොත්තු වන සංකල්පනාත්මක, නිර්මල මනසක් සහ නව ජීවයක් ලොවට ගෙන එන්නට තමා කටයුතු කළ බව අවසානයේ හැ‍ඟ‍ී යනු ඇත. පියකුට තම දරුවා සමග සබඳතාව ගොඩනගා ගනිමින් ඔවුන්ට චිත්තවේගීය සහයෝගය ලබාදීමට ක්‍රම රැසක් තිබේ.

උදාහරණයක් ලෙස, අලුත උපන් දරුවන්ට ඉතා සරල ක්‍රියාකාරකම් මඟින් තම දෙමව්පියන් අනුකරණය කිරීමට ඉගෙනීමට හැකිවේ. අලුත උපන් දරුවන් සමායෝජිතව හැසිරෙන්නට උගනින බැවින් තම අවට සිටින අයගෙන් උගනින්නට උත්සුක වෙයි.

අලුත උපන් දරුවන්ට අවට ඇති දෑ පිළිබඳ අවබෝධය සඳහා ස්පර්ශය අත්‍යාවශ්‍ය වේ. තුරුළු කරගැනීමෙන් තමාට ලැබෙන උණුසුම මඟින් දැනෙන සුවපහසුව මත බැඳීමක් ඇතිකරගන්නට ඔවුන් පෙළඹේ.

උපතින් මුල් මාස තුන තුළ, දරුවන් හොඳ ඇස් පෙනීමක් ඇති කරගන්නා අතර පසුව එය වඩාත් හොඳින් වර්ධනය වේ. සිනාසීම හා peek-a-boo වැනි සරල සෙල්ලම් කිරීම මඟින් සාංකා සහිත දෙමව්පියන්ගේ මුවගට සිනහවක් ලැබෙනු ඇති.

දෙමව්පියන් දරුවාට මේ වයසේ දී විවිධ වස්තූන්, ඡායාරූප විශාල වශයෙන් පෙන්වමින් විවිධ වර්ණවලට හුරුකරවමින් ලෝකය ගැන ඉගෙනීමට ඉඩ සැලසිය යුතු යි.

මාස හයෙන් පසු, ආහාර සමග සෙල්ලම් කිරීම ඇරඹේ (වසරක් ගතවන තුරු මී පැණි නොදී සිටීම හොඳය). ආහාර ලබා දෙන වේලාවන් දරුවන් හා කාලය ගත කිරීමට, ඔවුන් කැමති රස සහ විවිධ ආහාර වර්ග හඳුනාගැනීමට ඔවුන්ට උපකාර වීමට යොදාගත හැකි අතර නව ආහාර ගවේෂණයට හා ප්‍රශ්න විචාරාත්මකව ඊට ප්‍රතිචාර දැක්වීමේ නැඹුරුතාවක් ද දරති.

ඔවුන් තමන්ගේ නම හඳුනාගනිමින්, අධික කුතුහලයෙන් පසුවන අතර, දෙමව්පියන්ට එය ඔවුන්ට දන්නා කියන වස්තූන්ගේ නම් උගන්වන්නට, ගවේෂණය කරන්නට, සරල ප්‍රහේලිකා විසඳීමට උපකාර කිරීමට අවස්ථාවක් ලෙස යොදා ගත හැකියි. දරුවා සමග නිරන්තරව කතාබහ කිරීමෙන් ඔවුන්ගේ භාෂාමය හැකියාවන් වර්ධනය කරන්නටත්, අන්තර්ක්‍රියාකාරී ක්‍රීඩාවන් මඟින් ඔවුන්ගේ ඥානාත්මක හැකියා වර්ධනයටත් අත දිය හැකියි.

මව වෙනුවෙන් කළ යුතු දෑය යන ගතානුගතික මතය හැරුණුවිට පියා විසින් ඒ දේවල්වලට සහභාගී වීම අතිශය වැදගත් ය. දරුවකුට තම පියා තමාට ආදරේ කරන බව, රැකබලා ගන්නා බව දැනීම ඔවුන්ගේ යහපත් දිවියට බලපායි. අවසානයේ, කොන්දේසි විරහිත මාපිය ආදරය අසමසම වන අතර පියවරු ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් වේ. ඒ, හුදෙක් විනය සකසන්නෙක් හෝ සදාචාර මඟපෙන්වන්නෙක් ලෙස නොව, සබඳතා ඇතිකරගත්, රැකබලා ගන්නා සහ ආදරය කරන්නෙක් ද ලෙසයි.

දෙමාපියෙක් වීම ලොව ඇති වැදගත්ම රැකියාවන් අතුරෙන් එකක් වන නමුත්, එය මඳක් අපහසුතාවන්ගෙන් යුතු එකක් විය හැකියි. දෙමව්පියන්ට ඔවුන්ගේ උපරිම දායකත්වය දරුවන් වෙත ලබාදීම සඳහා උපකාර වීමට UNICEF ශ්‍රී ලංකා විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් පුළුල් විශේෂඥ තොරතුරු සහිතව දරුවන් රැකබලා ගැනීම, ළමාවිය සංවර්ධනය, ආහාර හා පෝෂණය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් www.betterparenting.lk වෙබ් අඩවිය දියත් කර ඇත.

Related Articles