Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ මනාප ප්‍රතිඵල සමාලෝචනය

2020 මහා මැතිවරණයේ මනාප ප්‍රතිඵලවලට අනුව මෙවර ලංකාවේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යි. කුරුණෑගල දිස්ත්‍රික්කය යටතේ තරග වැදුණු මහින්ද රාජපක්ෂ ලබාගත් මනාප 527,364 එදා මෙදාතුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලෙසින් ඉතිහාසගත වුණා.  1989-2015 දක්වා පවති සෑම මහ මැතිවරණයක දීම බස්නාහිර පළාත නියෝජනය කළ අපේක්ෂකයෙකු දිවයිනේ වැඩිම මනාප ප්‍රමාණය ලබාගත්තා. නමුත් මෙවර මහා මැතිවරණයේ දී එය වෙනස් කරමින් වයඹ පළාත නියෝජනය කළ අපේක්ෂකයෙකු දිවයිනේ වැඩිම මනාප ප්‍රමාණය වාර්තා කළා. පහත දැක්වෙන්නේ එක් එක් දිස්ත්‍රික්කය තුළි මැති සබයට පිවිසි අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු යි.

16 වැනි පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය 5 වැනි දා පැවැත්වුණා. Daily FT

කොළඹ දිස්ත්‍රික්කය

මෙවර මහා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල ලෙස කවුරුත් අවධානයෙන් සිටියේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි නිසා යි. එසේම පසුගිය කාල සමයේ දී දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ සරත් වීරසේකරත් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම නිසා කොළඹ මනාප සටන උග්‍ර වී තිබුණා. අවසානයේ සරත් වීරසේකර මනාප 328,092ක් ලබාගෙන පොදුජන පෙරමුණු ලැයිස්තුවේ පළමු ස්ථානය ලබාගන්නා විට මනාප 305,744ක් ලබාගත් සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ ගත්‍තා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 12

1) සරත් වීරසේකර- 328,092

2) විමල් වීරවංශ- 267,084

3) උදය ගම්මන්පිල- 136,331

4) විජේදාස රාජපක්ෂ- 120,626

5) බන්දුල ගුණවර්ධන- 101,644

6) ප්‍රදීප් උඳුගොඩ- 91,958

7) දිනේෂ් ගුණවර්ධන- 85,287

8) මධුර විතානගේ- 70,205

9) ප්‍රේම්නාත් දොලවත්ත- 69,055

10) ගාමිණී ලොකුගේ- 62,543

11) සුසිල් ප්‍රේමජයන්ත්- 50,321

12) ජගත් කුමාර- 47,693

සමගි ජන බලවේගය- ආසන 6

1) සජිත් ප්‍රේමදාස- 305,744

2) SM මරික්කාර්- 96,616

3) මුජිබර් රහුමාන්- 87,589

4) හර්ෂ ද සිල්වා- 82,845

5) පාඨලී චම්පික රණවක- 65,574

6) මනෝ ගනේෂන්- 62,091

ජාතික ජනබලවේගය- ආසන 1

1) අනුර කුමාර දිසානායක- 49,814

ගම්පහ දිස්ත්‍රික්කය

මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගැනීම සඳහා සටන පැවතියේ ප්‍රසන්න රණතුංග සහ නාලක ගොඩහේවා අතර යි. එහි දී තියුණු සටනකින් පසුව නාලක ගොඩහේවා මනාප 325,479ක් ලබාගෙන පළමු ස්ථානය ලබාගන්නා විට මනාප 316,544ක් ලබාගත් ප්‍රසන්න රණතුංග දෙවන ස්ථානය ලබාගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 13

1) නාලක ගොඩහේවා – 325,479

2) ප්‍රසන්න රණතුංග – 316,544

3) ඉන්දික අනුරුද්ධ – 136,297

4) සිසිර ජයකොඩි – 113,130

5) නිමල් ලාන්සා – 108,945

6) ප්‍රදීප් විතාන – 97,494

7) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – 89,329

8) ප්‍රසන්න රණවීර – 83,203

9) කෝකිලා ගුණවර්ධන – 77,922

10) ලසන්ත අලගියවන්න – 73,061

11) නලීන් රුවන්ජීව ප්‍රනාන්දු – 69,800

12) මිලාන් සජිත් ජයතිලක – 68,449

13) උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ – 67,756

සමගි ජන බලවේගය- ආසන 4

1) සරත් ෆොන්සේකා – 110,555

2) රංජන් රාමනායක – 103,992

3) හර්ෂණ රාජකරුණා – 73,612

4) කවින්ද ජයවර්ධන – 52,026

ජාතික ජනබලවේගය- ආසන 1

1) විජිත හේරත් – 37,008 

කළුතර දිස්ත්‍රික්කය 

කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු ලැයිස්තුවේ පළමු ස්ථානය දිනාගැනීම සඳහා විදුර වික්‍රමනායක සහ රෝහිත අබේගුණවර්ධන අතර තියුණු සටනක් පැවතුණා. අවසානයේ දී එම සටන ජයගත් විදුර වැඩි ඡන්ද 486කින් මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය දිනාගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 8

1) විදුර වික්‍රමනායක- 147,958

2) රෝහිත අබේගුණවර්ධන- 147,472

3) සංජීව එදිරිමාන්න- 105,973

4) පියල් නිශාන්ත- 103,904

5) ජයන්ත සමරවීර- 100,386

6) අනූප පැස්කුවල්- 97,777

7) ලලිත් එල්ලාවල- 76,705

8) මහින්ද සමරසිංහ- 58,514

සමගි ජන බලවේගය- ආසන 2

1) රාජිත සේනාරත්න- 77,476

2) කුමාර වෙල්ගම- 77,083

මහනුවර දිස්ත්‍රික්කය 

මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු ලැයිස්තුවේ පළමු ස්ථානය මනාප 171,758ක් ලබාගත් දිලුම් අමුණුගමට හිමිවන විට සමගි ජනබලවේගයේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය රාවුෆ් හකීම්ට හිමි වුණා. එසේම මෙවර මහනුවර පොදුජන පෙරමුණු ලැයිස්තුවේ අපේක්ෂකයන් 6 දෙනෙකුම ලක්ෂය ඉක්මවා මනාප ලබාගෙන තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 8

1) දිලුම් අමුණුගම- 171,758

2) මහින්දානන්ද අලුත්ගමගේ- 161,471

3) ලොහාන් රත්වත්තේ- 140,917

4) අනුරාධ ජයරත්න- 140,798

5) කෙහෙලිය රඹුක්වැල්ල- 110,832

6) වසන්ත යාපා බණ්ඩාර-  108,940

7) ගුණතිලක රාජපක්ෂ-  49,317

8) උදයන චාමින්ද- 39,904

සමගි ජන බලවේගය- ආසන 4

1) රවුෆ් හකීම්-  83,398

2) අබ්දුල් හලීම්- 71,063

3) M. වේලුකුමාර්-  57,445

4) ලක්ෂ්මන් කිරිඇල්ල-  52,311 

මාතලේ දිස්ත්‍රික්කය 

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ අළුවිහාරේ කෙනෙකු සිටීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙවර මාතලේ දිස්ත්‍රික්කයෙන් කිසිදු අළුවිහාරේ කෙනෙකුට පාර්ලිමේන්තුව වරම් හිමි වුණේ නැහැ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 4

1) ජනක බණ්ඩාර තෙන්නකෝන්- 73,296

2) නාලක කෝට්ටේගොඩ- 71,404

3) ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්- 67,776

4) රෝහණ දිසානායක- 50,368

සමගි ජන බලවේගය- ආසන 1

1) රෝහිණී කවිරත්න- 27,587

නුවරඑළිය දිස්ත්‍රික්කය 

ආරුමුගම් තොණ්ඩමන් හදිසියේම අභාවයට පත්වීම හේතුවෙන්, ඔහු වෙනුවට තරග බිමට පිවිසි ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත්තා. එසේම S.B දිසානායක වසර 16කට පසුව යළි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තු වරම් ලබාගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 5

1) ජීවන් තොණ්ඩමන්-  109,155

2) C.B. රත්නායක-  70,781

3) S.B.දිසානායක-  66,045

4) M. රාමේෂ්වරන්-  57,167

5) නිමල් පියතිස්ස- 51,225

සමගි ජන බලවේගය- ආසන 3

1) පලනි දිගම්බරම්-  83,392

2) V. රාධක්‍රිෂ්ණන්-  72,167

3) M. උදයකුමාර්-  68,119

ගාල්ල දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රමේෂ් පතිරණ මනාප 205,814ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසයේ ගාලු දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමින්. එහි දී රමේෂ් විසින් බිඳ දැමුවේ 1994 මහා මැතිවරණයේ දී අමරසිරි දොඩංගොඩ මනාප 176,151 ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 7

1) රමේෂ් පතිරණ-  205,814

2) සම්පත් අතුකෝරල- 128,331

3) මොහාන් ප්‍රියදර්ශන සිල්වා- 111,626

4) චන්දිම වීරක්කොඩි-  84,984

5) ඉසුරු දොඩන්ගොඩ- 71,266

6) ෂාන් විජේලාල් ද සිල්වා-  67,793

7) ගීතා කුමාරසිංහ-  63,357

සමගි ජන බලවේගය- ආසන 2

1) ගයන්ත කරුණාතිලක- 50,097

2) මනූෂ නානායක්කාර- 47,399

මාතර දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිපුන රණවක මනාප 131,010ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමින්. එහි දී නිපුන විසින් බිඳ දැමුවේ 2004 මහා මැතිවරණයේ දී මංගල සමරවීර  මනාප 118,848 ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 6

1) නිපුන රණවක-  131,010

2) කරුණාදාස කොඩිතුවක්කු- 104,319

3) ඩලස් අලහප්පෙරුම- 103,534

4) කාන්චන විජේසේකර-  96,033

5) මහින්ද යාපා අබේවර්ධන- 80,595

6) වීරසුමන වීරසිංහ-  77,968

සමගි ජන බලවේගය- ආසන 1

1) බුද්ධික පතිරණ- 44,839

හම්බන්තොට දිස්ත්‍රික්කය 

නාමල් රාජපක්ෂ මනාප 166,660ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමින්. එහි දී නාමල් බිඳ දැමුවේ 2010 මහා මැතිවරණයේ දී ඔහු විසින්ම මනාප 147,566ක් ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 6

1) නාමල් රාජපක්ෂ- 166,660

2) ඩී.වී. චානක- 128,805

3) මහින්ද අමරවීර- 123,730

4) චමල් රාජපක්ෂ- 85,330

5) උපුල් ගලප්පත්ති- 63,369

6) අජිත් රාජපක්ෂ- 47,375

සමගි ජන බලවේගය- ආසන 1

1) දිලිප් වෙදආරච්චි-  25,37

කුරුණෑගල දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මනාප 527,364ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසයේ දිවයිනෙන්ම  වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමින්. එහි දී මහින්ද විසින් බිඳ දැමුවේ 2015 මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග කළ රනිල් වික්‍රමසිංහ මනාප 500,566ක්  ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 11

1) මහින්ද රාජපක්ෂ- 527,364

2) ජොන්ස්ටන් ප්‍රනාන්දු- 199,203

3) ගුණපාල රත්නස්කර- 141,991

4) දයාසිරි ජයසේකර- 112,452

5) අසංක නවරත්න- 82,779

6) සමන්ප්‍රිය හේරත්-  66,814

7) ඩී.බී. හේරත්- 61,954

8) අනුර ප්‍රියදර්ශන යාපා- 59,666

9) ජයරත්න හේරත්-  54,351

10) ශාන්ත බණ්ඩාර-  52,086

11) U.K. සුමිත්-  51,134

සමගි ජන බලවේගය- ආසන 4

1) නලින් බණ්ඩාර-  75,631

2) ජේ.සී අලවතුවල-  65,956

3) අශෝක් අබේසිංහ-  54,512

4) තුෂාර ඉඳුනිල්-  49,364

පුත්තලම දිස්ත්‍රික්කය 

සනත් නිශාන්ත මනාප 80,082ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමින්. එහි දී සනත්  විසින් බිඳ දැමුවේ 1989 මහා මැතිවරණයේ දී පෙස්ටස් පෙරේරා මනාප 76,390ක් ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 5

1) සනත් නිශාන්ත – 80,082

2) ප්‍රියංකර ජයරත්න-  74,425

3) අරුන්දික ප්‍රනාන්දු- 70,892

4) චින්තක අමල් මායාදුන්න- 46,058

5) අශෝක ප්‍රියන්ත-  41,612

සමගි ජන බලවේගය- ආසන 2

1) හෙක්ටර් අප්පුහාමි- 34,127

2) නිරෝෂන් පෙරේරා-  31,636

මුස්ලිම් ජාතික සන්ධානය- ආසන 1

1) අබ්දූල් අලි සබ්රි-  33,509

අනුරාධපුර දිස්ත්‍රික්කය 

මෙම මහා මැතිවරණය ආරම්භ වීමට පෙර මහා මැතිවරණයක දී අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලෙස සටහන් වුණේ 2015 වසරේ දී S.M චන්ද්‍රසේන ලබා තිබුණු මනාප 118,234 යි. මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මුල් අපේක්ෂකයන් සිව්දෙනාම එම කඩයිම පසුකර යාමට සමත් වුණා. එහි දී මුල්ම වරට මහා මැතිවරණයක් සඳහා තරග කළ චන්න ජයසුමන සහ උද්දික ප්‍රේමරත්න මනාප 133,000 ඉක්මවා ලබා තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 7

1) S.M චන්ද්‍රසේන – 139,368

2) චන්න ජයසුමන -133,980

3) උද්දික ප්‍රේමරත්න -133,550

4) ෂෙහාන් සේමසිංහ – 119,878

5) දුමින්ද දිසානායක – 75,535

6) H නන්දසේන – 53,618

7) K.P.S  කුමාරසිරි – 49,030

සමගි ජන බලවේගය- ආසන 2

1) ඉෂාක් රහමන්- 49,298

2) රෝහණ බණ්ඩාර-  39,520

පොළොන්නරුව දිස්ත්‍රික්කය 

මෛත්‍රීපාල සිරිසේන මනාප 111,137ක් ලබාගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ මෙම දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්  ලබාගත් පළමු  අපේක්ෂකයා බවට පත්වෙමින්. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 4

1) මෛත්‍රීපාල සිරිසේන- 111,137

2) රොෂාන් රණසිංහ- 90,615

3) නිපුන සිරිපාල ගම්ලත්- 67,917

4) අමරකීර්ති අතුකෝරල- 45,939

සමගි ජන බලවේගය- ආසන 1

1) කින්ස් නෙල්සන්- 22,392

බදුල්ල දිස්ත්‍රික්කය 

බදුල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු ලැයිස්තුවේ පළමු ස්ථානය මනාප 141,901ක් ලබාගත් නිමල් සිරිපාල ද සිල්වාට හිමිවන විට, සමගි ජනබලවේගයේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය වඩිවේලු සුරේෂ්ට  හිමි වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 6

1) නිමල් සිරිපාල ද සිල්වා- 1,41,901

2) සුදර්ශන දෙනිපිටිය- 71,766

3) තේනුක විදානගමගේ- 68,338

4) චාමර සම්පත් දසනායක- 66,393

5) ඩිලාන් පෙරේරා- 53,081

6) ජානක තිස්සකුට්ටිආරච්චි- 50,151

සමගි ජන බලවේගය- ආසන 3

1) වඩිවේලු  සුරේෂ්- 49,762

2) A. අරවින්දකුමාර්- 45,491

3) චමින්ද විජේසිරි- 36,291

මොණරාගල දිස්ත්‍රික්කය 

ශෂීන්ද්‍ර රාජපක්ෂ මනාප 104,729ක් ලබාගනිමින් මොණරාගල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ මෙම දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබාගත් පළමු  අපේක්ෂකයා බවට පත්වෙමින්. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 5

1) ශෂින්ද්‍ර රාජපක්ෂ-  104,729

2) කුමාරසිරි රත්නායක-  91,530

3) විජිත බේරුගොඩ-  68,984

4) ජගත් පුශ්පකුමාර-  66,176

5) ගයාශාන් නවනන්ද-  45,384

සමගි ජන බලවේගය- ආසන 1

1) ධර්මසේන විජේසිංහ- 20,662

රත්නපුර දිස්ත්‍රික්කය 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පවිත්‍රා වන්නිආරච්චි මනාප 200,977ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගත්තේ මහා මැතිවරණ ඉතිහාසය තුළ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂිකාව බවට පත්වෙමින්. එහි දී පවිත්‍රා විසින් බිඳ දැමුවේ 2015 මහා මැතිවරණයේ දී තලතා  අතුකෝරල  මනාප 145,828ක් ලබාගෙන තබා තිබුණු වාර්තාව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 8

1) පවිත්‍රා වන්නිආරච්චි- 200,977

2) ප්‍රේමලාල් ජයසේකර-  104,237

3) ජානක වක්කුඹුර-  101,225

4) ගාමිණී වලේබොඩ-  85,840

5) අකිල එල්ලාවල- 71,179

6) වාසුදේව නානායක්කාර-  66,991

7) මුදිතා ප්‍රිශාන්ති-  65,923

8) ජෝන් සෙනෙවිරත්න-  61,612

සමගි ජන බලවේගය- ආසන 3

1)  හේෂා විතානගේ-  60,426

2) වරුණ ලියනගේ-  47,494

3) තලතා අතුකෝරල-  45,105

කෑගල්ල දිස්ත්‍රික්කය 

කෑගල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු ලැයිස්තුවේ පළමු ස්ථානය මනාප 128,592ක් ලබාගත් කනක හේරත්ට  හිමිවන විට සමගි ජනබලවේගයේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය කබීර් හෂීම්ට හිමි වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- ආසන 7

1) කනක හේරත්- 128,592

2) රංජිත් සියඹලාපිටිය- 103,300

3) තාරක බාලසූරිය-  96,763

4) රාජිකා වික්‍රමසිංහ-  68,802

5) එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල-  58,306

6) එල්.එම්. සුදත් මංජුල-  45,970

7) උදයකාන්ත ගුණතිලක-  46,628

සමගි ජන බලවේගය- ආසන 2

1) කබීර් හෂීම්-  58,716

2) සුජිත් සංජය-  28,082

නැගෙනහිර පළාත 

නැගෙනහිර පළාතට අයත් දිගාමඬුල්ල, මඩකලපුව, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන් තිදෙනා බැගින් පහත දක්වා තිබෙනවා.

දිගාමඬුල්ල දිස්ත්‍රික්කය 

1) විමලවීර දිසානායක – 63,594 (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

2) D.C  වීරසිංහ – 56,006 (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

3) තිලක් රාජපක්ෂ – 54,203 (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

මඩකලපුව දිස්ත්‍රික්කය 

1) සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්- 54,198 (තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල්)

2) සානක්‍ය රාහුල්- 33,332 (දෙමළ ජාතික සන්ධානය)

3) කෝවින්දන් කරුණාගරන් – 26,382 (දෙමළ ජාතික සන්ධානය)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය 

1) M.S තවුෆීක්-  43, 759 (සමගි ජනබලවේගය)

2) ඉම්රාන් මහරූෆ්-  39,029 (සමගි ජනබලවේගය)

3)  කපිල නුවන් අතුකෝරල-  30,056 (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

උතුරු පළාත 

උතුරු පළාතට අයත් යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්කවලින් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන් තිදෙනා බැගින් පහත දක්වා තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කය 

1) අංගජන් රාමනාදන්- 36,365 (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)

2) සිවඥානම් ශ්‍රීධරන්- 35,884 (දෙමළ ජාතික සන්ධානය)

3) ඩග්ලස් දේවානන්ද- 32,146 (ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)

වන්නි දිස්ත්‍රික්කය 

1) රිෂාඩ් බදියුදීන්- 28,203 (සමගි ජනබලවේගය)

2) චාල්ස් නිර්මලනාදන්- 25,668 (දෙමළ ජාතික සන්ධානය)

3) සෙල්වම් අඩෙක්කලනාදන්- 18,563 (දෙමළ ජාතික සන්ධානය)

කවරයේ ඡායාරූපය- New Indian Express

Related Articles