Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

QR Codes ගැන ඔබ නොදන්නා කතා කිහිපයක්

QR codes කියන්නේ අද වෙද්දී ඕනැම කෙනෙක් දන්නා දෙයක් බවට පත් වෙලා අවසන්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය  එක්ක බොහෝ දෙනෙක් මේ QR Code තාක්ෂණය ගැන දැන ගත්තා. QR code එහෙම නැති නම් quick response code මුලින් ම නිර්මාණය වෙන්නේ 1994 වර්ෂයේදී යි.  ජපානයේ Denso Wave නම් රථවාහන සම්බන්ධ සමාගමක් තමයි මේ තාක්ෂණය නිර්මාණය කරන්නේ. Masahiro Hara තමයි මෙහි මුලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ. QR Code නිර්මාණය වෙන්න ඔහු inspire වුණා කියල කියන්නේ Go board නම් ක්‍රීඩාවක් මගින්. 

QR Code හඳුනා ගන්න ලෙහෙසි ම විදිහ වෙන්නේ එහි දකින්නට ලැබෙන විශාල කොටු තුන නිසයි. මේවට කියන්නේ Finder pasterns කියල යි. මේ ඔස්සේ මෙය scan කරන කැමරාවට මේ කෝඩ් එක කියවිය යුතු දිශාව පෙන්වා දෙනවා. QR Code වර්ග 40ක් පමණ  තිබෙනවා. මේවා වෙන් වෙන්නේ ඒවා සතුව ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය අනුව යි.  උදාහරණයක් විදිහට V40 QR  Code අක්ෂරාංක (alphanumeric character) 4296ක් පමණ ගබඩා කරගන්න පුළුවන් වෙනවා,

Version 40 QR Code. (මෙහි ප්‍රධාන විශාල කොටු තුනට අමතර ව දත්ත කියවිය යුතු ආකාරය පැහැදිලි කෙරෙන කුඩා කොටු දැක ගන්නට ලැබෙනවා) – YouTube/ThioJoe

QR තාක්ෂණය එන්නේ 1D  Barcodes තාක්ෂණයේ ම දිගුවක් විදිහට යි.  1D Barcodesවලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක්  ගබඩා කරගන්නට හැකි වීම තමයි මෙහි ප්‍රධානත ම විශේෂත්වය වෙන්නේ. ටිකෙන් ටික ලෝකේ ජංගම දුරකථනවල දියුණුව සමඟ එයට දියුණු කැමරා එක් වෙන්නට පටන් ගත්තා. 1D Barcodes වගේ ගබඩා කර ඇති දත්ත කියවීමට විශේෂිත උපකරණ අවශ්‍ය නොවීමත්, ඕනෑම කැමරාවක් සහිත smart ජංගම දුරකතනයකින් ඉතා පහසුවෙන් Scan කළ හැකි නිසාත් QR  තාක්ෂණය ලෝකයේ ඉතා ම ජනප්‍රියත්වයට පත් වෙන්නට පටන් ගත්තා. මේ ලිපිය හරහා ඔබට අප කියන්න යන්නේ QR Codes ගැන ඔබ නොදන්න කතා කිහිපයක්.

1D සහ 2D Codes?

1D (One Dimensional ) linear code එක දිශාවකට පමණක් කියවිය හැකි, ඉතාම සුලබ ව භාණ්ඩවල දකින්නට ලැබෙන UPC Barcodes මේ කාණ්ඩයට අයත් වෙනවා. ලේසර් කිරණ මඟින් ඉතාම පහසුවෙන් කියවිය හැකි ලෙස මේ Code නිර්මාණය ව තිබෙනවා.  මේ Code වර්ගය ප්‍රධාන වශයෙන් අප මිලදී ගන්න වෙළෙඳ භාණ්ඩවල දකින්නට ලැබෙනවා.  UPC එහෙම නැති නම් universal product code ලෙසත් මේවා හැඳින් වෙනවා. 2D Barcodesවලට ඉතාම පහසුවෙන් දෙන්න පුළුවන් උදාහරණයක් වෙන්නේ QR Code. ඉතාම පහසුවෙන් පරිගණකයකින් කියවිය හැකි ලෙස යි. ඒවගේම සාමාන්‍ය 1D codesවලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කරගන්නත් මේවට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඉතාම දිග link එකක් හෝ අකුරු ඉලක්කම් වැනි දේ ඇති දෙයක් වුවත් QR Code ලෙසින් ගබඩා කරන්නට ඔබට පුළුවන්.

දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි වුණත් එක එක වර්ගයේ QR  Code වල ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණයක් වෙනස් වෙනවා. ප්‍රමාණයට අමතර ව මේවා ගබඩා කර කේතනය කිරීමට භාවිත වෙන ක්‍රමවේද මතත් මේවා වෙනස් වෙනස් වෙනවා. සමහර ආයතන ඔවුන්ට ම විශේෂිත කර්තව්‍ය සඳහාත් සුවිශේෂ QR Code නිර්මාණය කර ගෙන තිබෙනවා.

අපට සුලබ ව දැක ගත නොහැකි 2D Code – YouTube/ThioJoe

QR Codes, Data-matrix වගේ ම UPS ආයතනය නිර්මාණය කළ MaxiCode වැනි විශේෂිත 2D Code ඔබට මේවාට හොඳ උදාහරණ සපයනවා.MaxiCode එකේ මුලික අරමුණ වෙන්නේ වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කර ගැනීම ම නෙමෙයි. ඉතා වේගයෙන් දත්ත කියවිය හැකි ලෙසයි මෙය නිර්මාණය ව තිබෙන්නේ. UPS වගේ ආයතනයකට වේගය අත්‍යවශ්‍ය දෙයක්. මේ  Aztec code, PDF417 වගේ Code විශේෂිතව ම සමහරක් රටවල්වල ගුවන් යානා සහ දුම්රිය ටිකට්පත්වල දැකගන්නට ලැබෙනවා. අපට නිතර දකින්නට නොලැබෙන ShotCode, JAB Code, HCCB Code වගේ දේවලුත් වෙනත් ‍රටවල්වල විශේෂිත කටයුතු සඳහා භාවිත වෙනවා. 

Error Correction නිසා හානි වුනත් කියවන්න පුළුවන් QR Code

බොහොමයක් 2D Codeවල දකින්නට තියෙන විශේෂිත ම ලක්ෂණය වෙන්නේ එහි ඇති Error Correction හැකියාව යි. QR Codeයක කොටසක් අපැහැදිලි වුණත් මැකී ගිය වගේ දෙයක් වුණත් යම් තරමක් දුරට ගැටලුවකින් තොරව අදාළ Code  කියවා ගන්නට ඔබේ දුරකතනයට හැකියාව ලබා දෙන විදිහට තමයි මේ QR codes නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නිසාම බොහෝ දෙනෙක් අතර මේ තාක්ෂණය වඩ වඩාත් ජනප්‍රිය වෙන්නට හේතුවක් බවට පත් ව තිබෙනවා.

මේ Error Correction හැකියාව QR  Code එකෙන් එකට වෙනස් වෙනවා. 7% සිට 30% වගේ වෙනකම් මේ Error Correction  පරාස එක එක කේතවලට ලැබෙනවා. කොහොම වුණත් මේ ඉහළ අගයක Correction හැකියාව සහිත QR Codeවල දත්ත ගබඩා කිරීමේ හැකියාවනුත් සාමාන්‍ය Codeවලට වඩා අඩු අගයකයි පවතින්නේ. උදහරණයක් විදිහට මතක් කරන්න යම් සමාගමක හෝ සන්නාමයක QR Codeය මැද්දේ එහි logo එක ඇතුළත් කරන්නේ මෙන්න මේ Error Correction හැකියාව ඇති නිස යි. අදාළ ලෝගෝ එක තියෙන තැන වෙනත් කියවිය හැකි දත්ත අඩංගු නොවුණත් කිසියම් ගැටලුවකින් තොරව සම්පුර්ණ QR  එක ම කියව ගන්න කැමරාවට එනිසා පුළුවන් වෙනවා.

ඔයාටත් ඔයාගෙ ම QR එක ඔයාගේ ව්‍යාපාරයට හරි ඔයාගේ පෞද්ගලික පාවිච්චියට හරි හදාගන්න ඕනේ නම් අන්තර්ජාලයේ ඕනෑතරම් සේවා ඒ සඳහා තියෙනවා. හැබැයි බොහොමයක් ඒවා නොමිලේ ඔබට හදාගන්න නම් දෙන්නේ ඉතා ම කෙටි කාලයක් විතර යි. ඒවගේ ම සතියක් දෙකක් වගේ කාලයකින් ඔබ නිර්මාණය කරපු QR එක වැඩ නොකරන්නත් ඉඩ තියෙනවා. එත් qrcodechimp.com වැනි වෙබ් අඩවිවලින් ඔබට  ඔබේ QR එකත් නිර්මාණය කර ගන්න පුළුවන්.

දකින දකින QR Codes Read කරන්න යන්න එපා

ඇයි මෙහෙම කියන්නේ.උත්තරය හරිම සරල යි. QR Code Scan කරද්දී ඔබට ඒ Code අවසානයේ ඔබ ගෙනයන තැන එහෙම නැති නම් target destination  එක පෙනෙන්නට නැහැ. මේ නිසා ම ඔබ අනතුරු දායක වෙබ් අඩවියකට රැගෙන යන්නන්ට ඉඩ තිබෙනවා. ඒවගේම ඔබ ජංගම දුරකථනය ඔස්සේ මෙය Read කරන නිසා ඒ ඔස්සේ ඔබේ ජංගම  දුරකතනයට අනවශ්‍ය වැඩසටහන් ස්ථාපනය  වෙන්නත් ලොකු ඉඩක් තිබෙනවා.

කොහොමද ආරක්ෂා වෙන්නේ?

QR Code  read කරපු ගමන් වෙබ් එකට ඔබ අරගෙන නොයන scanner එකක් භාවිත කරන්න. නොමිලේ තිබුණු පලියට හැම Scanner එකම ආරක්‍ෂිත නොවන බව මතක තබා ගන්න. මගේ පුද්ගලික තේරීම නම් Google Lens. මෙය භාවිත කරන්න ප්‍රධානත ම  හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි මේ ඔස්සේ QR එක scan කර වෙබ් ලිපිනයේ preview එකක් ඔබට පෙන්වීම. එතකොට ක්ලික් කරලා යන්න කලින් සැක සහිත ලින්ක් එකක් නම් එයට නොයා ඉන්න ඔබට පුළුවන්. 

QR Code කියවන්න Google Lens – chanukanadun.com

දෙවැන්න තමයි ඔබේ දුරකතනයට Download  කරගත්ත හෝ Screenshot එකක වුණත් තියෙන QR codes මේකට කියවන්න පුළුවන් වීම. මතක තියාගන්න මේ මොන ඇප් එක දාගත්තත් විශ්වාසදායක QR code එකක් ඇරෙන්න, තැන තැන තියෙන QR Read කරන්න යන්නේ බලාගෙන යි. 

QR තාක්ෂනය අපට අමුත්තක් නොවෙනවා වගේම දැන් QR Codes භාවිත කරමින් මුදල් සහ වෙළඳ ගනුදෙනු සිදු කරන්නත් හැකියාව තිබෙනවා. වඩාත් ආරක්ෂිතව වගේම ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න හොඳම App එක තමයි Commercial බැංකුවේ හඳුන්වාදෙන Q+ Payment App එක. දවසින් දවස තාක්ෂනය එක්ක ඉදිරියට යන අපිට Q+ Payment App එක කියන්නේ phone එකේ තියෙන්නම ඕනේ app එකක්.

Related Articles