මේ බන්ධනාගාර ගැන නැවතත් සිතන්නට සුදුසු කාලයක්ද?

බන්ධනාගාර, රැදවුම් මධ්‍යස්ථාන, සිරගෙවල් යන විවිධාකාර වලින් හැදින්වෙන සිරමැදිරි සංකල්පය අනාදිමත් කාලයක පටන් පැවත එන්නක්. විශේෂයෙන්ම රෝම පාලන තන්ත‍්‍රය තුළ වරදකරුවන් සිරගත කිරීමේ විධිමත් ක‍්‍රමවේදයක් පැවතුනු බවට සාධක ඇත. අතීතයේදී යුක්තිය සොයා යෑම ‘දණ්ඩනීය ක‍්‍රමවේදයකින්’ සිදුවූ නමුත් වර්තමානය වන විට එය ‘මානුෂීය ක‍්‍රමවේදයක්’ වෙත දියුණු වී ඇත. නමුත් එකී තත්ත්වය ලංකාව තුළ යාවත්කාලීනවී ඇතිද යන්න මෙහිදී පැන නගින ප්‍රශ්නයකි.

හෝල්ඩන් සිර කදවුරේ ඇති ප‍්‍රසිද්ධ සිතුවම. (content.time.com)

හෝල්ඩන් සිර කදවුරේ ඇති ප‍්‍රසිද්ධ සිතුවම. (content.time.com)

මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කළ යුතු බවටත්, සිරමැදිරි අපායවල් මෙන් පැවතිය යුතු බවටත් එවිට එක්වරක් සිරගතවූ තැනැත්තකු නැවතත් සිරගත වීමටවත් නොසිතනු ඇති බව මෙරට බහුතර සාමාන්‍ය ජනතාවගේ අදහසයි. එයින්ම පෙනී යන්නේ අප තවමත් සිටින්නේ ආකල්පමය වශයෙන් ඉතා ඈත අතීතයේ බවයි.

ගෝලීය නව මතවාදය

වර්තමානය වන විට සිර මැදිරි සම්බන්ධයෙන් ලෝකයේ පවතින්නේ වෙනස්ම මතවාදයකි. ඇතැම් රටවල ‘සිර මැදිරි’ යන වචනය පවා භාවිතයෙන් බැහැර කොට ඇති අතර ඒ වෙනුවට යොදා ගන්නේ ‘පුනරුත්ථාපන මැදිරි’, ‘නිවැරදි කෙරුම් මධ්‍යස්ථාන’ (Correction Facility), ‘රැදවුම් මධ්‍යස්ථාන’ (Detention Centers) වැනි වදන්ය.

වර්ජිනියාවල නිවැරදි කෙරුම් මධ්‍යස්ථානයක්  (zimbio.com)

වර්ජිනියාවල නිවැරදි කෙරුම් මධ්‍යස්ථානයක්  (zimbio.com)

විශේෂයෙන් අපරාධ ප‍්‍රතිශතය අවම මට්ටමක පවතින ස්කැන්ඩිනේවියානු රටවල (නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය වැනි රටවල) මෙම සිරමැරිදි පිළිබද සංකල්පය වෙනස්ම තලයකට ගෙන ගොස් ඇත. නව සංකල්පය යනු සිරකරුවන් හටද සාමාන්‍ය ජනතාව භුක්ති විදිනා සාමාන්‍ය පහසුකම් භුක්ති විදීමට ඉඩ ප‍්‍රස්තාව ලබාදීමට කටයුතු කිරීමයි. මනෝවිද්‍යාඥයන් පවසන්නේ එයින් සිරගත කළ පුද්ගලයන් තුළ සමාජය කෙරෙහි වෛරයක් ඇති වීම වැළැක්වෙන බවත්, එයින් තමන් කළ වරද සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔවුන් සමත්වන බවත්ය.

නෝර්වේ ක‍්‍රමය

මිලියන 5ක ජනතාවක් සිටින නෝර්වේහි 2014 වර්ෂය අවසානයේදී සිරදඬුවම් ලබා තිබුණේ පුදගලයන් 4000ක් පමණි. ඒ අනුව එරට සිරගත වීමේ අනුපාතය පුද්ගලයන් ලක්‍ෂයකට හැත්තෑපස් දෙනෙකු වන අතර එය ලොව අවම සිරගත වීමේ ප‍්‍රතිශතයක් ලෙස වාර්තා වේ. එසේම වරක් සිරගතව සිට නිදහස් වූ පුද්ගලයන් නැවත සිරගත වීමේ ප‍්‍රතිශතය 20% කි. එය ද ලොව අවම අගයන්ගෙන් එකක් ලෙස දැක්විය හැකි ය.ඇමෙරිකාවේ වසර පහක් තුළ එම අගය 76.6% ක් තරමි ඉහළ මට්ටමක පවතී.

හෝල්ඩන් සිර මැදිරිය (Halden Prison) මීට කදිම නිදසුනකි. එහි රැඳවියන් සිටින කාමරවලට සාම්ප‍්‍රදායික සිරමැදිරියක ඇති යකඩ කූරු නැත. ඒ වෙනුවට ඇත්තේ සාමාන්‍ය නිවසක දැක ගත හැකි කාමරයකි. එහි සෑම උපකරණවලින් සමන්විත මුළුතැන්ගෙයක්ද පවතී. එහි සිටින රැඳවියන්ට නිදහසේ සැරිසරීමට අවකාශයද ලබාදී ඇත. සැබවින්ම එය නිවාඩු නිකේතනයක් වැනිය. එපමණක් නොව එහි සිටින පුද්ගලයන් වෙත වෘත්තීය පුහුණු පාඨමාලා (Vocational Training) හැදැරීමේ අවස්ථාද ලබා දී ඇත.

හෝල්ඩර්න් සිරමැදිරියේ ඇති ශබ්දාගාරය (Record studio). (businessinsider.com)

හෝල්ඩර්න් සිරමැදිරියේ ඇති ශබ්දාගාරය (Record studio). (businessinsider.com)

මෙහි ඇති නිදහස කෙතරම් කිවහොත් එහි රැඳවියන්හට තමාගේ් කාමරයේ යතුර පවා ඔවුන් අතට ලබා දී ඇත. නෝරවේහි සිර දඬුවම් පැමිණවිය හැකි උපරිම කාලය අවුරුදු 21කි (යුද අපරාධ සහ වර්ග ඝාතන සම්බන්ධයෙන් හැර*) එහෙයින් එතරම් දිගු කාලීන සිර දඬුවම් පැමිණවීම් සාමාන්‍යයෙන් දැකගැනීමටවත් නොමැති අතර යම් විටෙක පනවා ඇති කාලය තුළ අදාළ පුද්ගලයා පුනරුත්ථාපනය වී නොමැති බවට පෙනී ගියහොත් වසර පහකින් අදාළ දඬුවම දිගු කිරීමට එරට නීතියෙන් බලය ලබාදී ඇත.

හෝල්ඩර්න් සිරමැදිරියේ රැඳවියෙක්. (businessinsider.com)

හෝල්ඩර්න් සිරමැදිරියේ රැඳවියෙක්. (businessinsider.com)

හෝල්ඩර්න් සිරමැදිරියේ කාමරයක්. (haldenfengsel.no)

හෝල්ඩර්න් සිරමැදිරියේ කාමරයක්. (haldenfengsel.no)

හෝල්ඩර්න් සිරමැදිරියේ පොදු කාමරයක් (Common Room) (මෙය එකවර 10 දෙනෙකුට භාවිතා කළ හැකිය) (businessinsider.com)

හෝල්ඩර්න් සිරමැදිරියේ පොදු කාමරයක් (Common Room) (මෙය එකවර 10 දෙනෙකුට භාවිතා කළ හැකිය) (businessinsider.com)

හෝල්ඩර්න් සිරමැදිරියේ කාර්මික පුහුණුව ලබා දෙන ස්ථානයක්. (businessinsider.com)

හෝල්ඩර්න් සිරමැදිරියේ කාර්මික පුහුණුව ලබා දෙන ස්ථානයක්. (businessinsider.com)

හෝල්ඩර්න් සිරමැදිරියේ මුළුතැන්ගෙයක්. (designandviolence.moma.org)

හෝල්ඩර්න් සිරමැදිරියේ මුළුතැන්ගෙයක්. (designandviolence.moma.org)

ස්වීඩනයේ ක‍්‍රමය

ස්වීඩනයේද මේ හා සමාන තත්වයක් පවතී. ඔවුන් භාවිතා කරන්නේද මෙකී සංකල්පයමය. ස්වීඩන් ජනගහනය මිලියන 9.5ක් වන අතර සිරකරුවන් සිටින්නේ 4500ක් වැනි සුළු ප‍්‍රමාණයකි.

The Atlanticහි ඩොරන් ලාසෝන් ‘Why Scandanavian Prisons are Superior?’ ලිපියෙහි දක්වා ඇති විස්තර මගින් මෙම බන්ධනාගාරවල ඇති අපූර්වත්වය මනාව පැහැදිලි කරයි.

“පොදු අංගනයන්හි ටේබල් ටෙනිස්, පූල්, ස්ටීල් ඩාර්ට් සහ ජල තටාකංගනයන් දැකගත හැකිය. කලා කටයුතු සඳහාද අවශ්‍ය පහසුකම් ලබාදී ඇත. වැදගත්ම කරුණ නම් බන්ධනාගාර නිලධාරීන්ගේ භූමිකාවයි- ඔවුන් ආරක්‍ෂක නිලධාරීන් ලෙස මෙන්ම රැඳවියන් හට සහායක නිලධාරීන් ලෙසද කටයුතු කරයි. සෑම රැඳවියෙකුටම වෙන්වූ එක් නිලධාරියකු සිටින අතර එයින් රැඳවියන්ගේ අවශ්‍යතා සපුරාලමින් සහාය වීමටද අවස්ථාව සලසාදී ඇත.”

ස්වීඩන් සිරමැදිරියක කුටියක්. (promo.ccu.edu.com)

ස්වීඩන් සිරමැදිරියක කුටියක්. (promo.ccu.edu.com)

ස්වීඩන් සිරමැදිරියක මුළුතැන්ගෙයක්. (mic.com)

ස්වීඩන් සිරමැදිරියක මුළුතැන්ගෙයක්. (mic.com)

සිරකරු දෙස නව මානයකින් බැලිය යුත්තේ ඇයි?

මෙම කරුණු මගින් පෙනී යන්නේ මෙකී රටවල රාජ්‍යයක් ලෙස මේ සම්බන්ධයෙන් දක්වන මතය වන්නේ දඬුවම් කළ යුත්තේ වරදට මිස පුද්ගලයාට නොවන බවයි. එනම් පුද්ගලයා එවැනි වරදක් සිදු කරන්නේ ලද්දේ මන්දැයි සොයා බලා ඒ මූලයට ප‍්‍රතිකර්ම යෙදීම මෙවැනි රටවල ක‍්‍රමවේදය බවට පත්ව ඇත.

වර්ෂ 2015 දෙසැම්බර් 17 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිරකරුවන්ට සැලකීම (Standard Minimum Rules for the Treatment of Prisoners) සම්බන්ධයෙන් වන යෝජනා සම්මතයක් ඇති කර ගත් අතර එය නෙල්සන් මැන්ඩෙලා රීති (Nelson Mandela Rules) යනුවෙන්ද හැඳින්වේ. අද වන විට සිරකරුවන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන්ද පුළුල් කථිකාවතක් ඇතිවී තිබෙන අතර අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුතියේ (ICCPR – Article 10) ද දක්වා ඇති ආකාරයට යම් ආකාරයක නිදහස සීමාකරණයකට ලක් වන පුද්ගලයකු හට මානුෂිකව හා ගරුත්වයකින් යුතුව කටයුතු කළ යුතුය.

‘සිරකරුවෝද මනුෂ්‍යයෝ ය’ යන්න ලංකාවේ බන්ධනාගාර තාප්පවලට පමණක් සීමා වී ඇති කියමනක් වන අතර බොහෝ සිරමැදිරිවල මිනිසකුට අත්‍යවශ්‍ය පහසුකම් හෝ සපයා දී නොමැත.

සමාජයක් වශයෙන් මනුෂ්‍යත්වය පිරිහෙමින් පවතින බව දිනපතා පුවත්පත් හා රූපවාහිනි ඇසුරෙන් අසන්නට දකින්නට ඇති අතර වරක් සිරගත වූ තැනැත්තකු නැවතත් සිරගත වීමත්, සුළු අපරාධයකට සිරගත වන තැනැත්තකු ඊටත් වඩා භයානක පුද්ගලයකු ලෙස නැවත බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමත් මේ වන විට ලංකාව තුළ සුලබව දැක ගත හැකි තත්වයකි.  

එනිසා දැන්වත් අප යථාර්ථය පසක් කරගත යුතුය. අවංකවම සිරුවන් ද මනුෂ්‍යයන් බව වටහා ගත යුතුය. මේගැන ඔබට සිතෙන්නේ කුමක්ද? අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: newsfirst.lk

Related Articles