Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Roar Showtime- සමාජීය වර්ණාලේප කාණ්ඩයේ හොඳම ඡායාරූප

පසුගිය දෙසැම්බර් මාසයේ දී Roar Showtime නමින් කැමරා කාචය හැසිරවීමට ඔබට තිබෙන හැකියාවට වගේම, ඔබේ සේයාරුව ඔස්සේ ලෝකය වෙත පැවසීමට උත්සාහ දරන කතාන්දරයට වේදිකාවක් නිර්මාණය කළා.

ඔබ ඡායාරූපකරණයට ආධුනික වුවත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වුවත්, ඔබේ දැක්ම හා කැපවීම මේ ඔස්සේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුණා. එහි පළමු අදියරේ මාතෘකාව බවට පත් වුණේ සමාජීය වර්ණාලේප (Colours of Community) යි. 

ඒ ඔස්සේ සමාජයේ යම් ප්‍රජාවක් පුද්ගලයකු/ කණ්ඩායමක්/ ප්‍රජාවක් හෝ සිදුවීමක් නිරූපණය වන, ඔවුන්ගේ කතාව ඒ හරහා ප්‍රකාශ වන වර්ණයක් තෝරාගැනීම ඔස්සේ ඔබේ ඉදිරිපත් කිරීම සිදුකරන්න නියමිත වුණා. එවිට ඔබ තෝරාගන්නා වර්ණයන්, ඡායාරූපයේ තේමාව හඳුනාගැනීමට වැදගත් කාර්යයක් ඉටුකළ යුතු බව ද අප ඔබට දන්වා සිටියා.

ඒ අනුව පින්තූර අප වෙත එවීමේ කාල සීමාව ජනවාරි 18 වනදායින් අවසන් වුණා. ඒ වන විට 50 දෙනකුට වැඩි ප්‍රමාණයක් අප වෙත තම ඉදිරිපත් කිරීම් කර තිබුණු අතර, ඉදිරිපත් කර තිබු පින්තූර ගණන 70 ද ඉක්මවනු ලැබුවා. ඒ අතරින් හොඳම නිර්මාණයන් කිහිපයක් තෝරාගැනීම අප විසින් සිදුකරනු ලැබුවේ Roar අභ්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් හරහා යි.

ඉතින් පහත දක්වා තිබෙන්නේ ඒ අතරින් විශිෂ්ටම පින්තූර කිහිපයක්.

උදිත චිරන්ත ඒකනායක (@uditha_chirantha)

පෝට් සිටි, ගෝල්ෆේස් හි අයිස්ක්‍රීම් වෙළෙඳාමේ නියුතු පුද්ගලයෙකි. පෝට් සිටි පර්යන්තයක් තුළ සිදුකෙරුණු මල් වෙඩි සංදර්ශන ඉදිරිපසින් දක්නට ලැබේ.

උදිතගේ මෙම පින්තූරය ආලෝකය හා අන්ධකාරය, අනාගතය හා අතීතය, ආරක්ෂාව හා අනාරක්‍ෂිතභාවය අතර වන සුන්දර සමබරතාවයක් දකින්න ලැබෙනවා. ඒ අනුව මේ මඟින් ලංකාවේ වත්මන් සමාජ තත්ත්වය එකට කැටි කොට නිරූපණය වන බව සඳහන් කළ හැකියි. වේගයෙන් ඉදිරියට යන ලෝකයක අයිස්ක්‍රීම් වෙළෙන්දාගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය අන්ධකාරයෙන් ද, ඊට එරෙහිව ඉස්මතු වන බලාපොරොත්තු හා සිහින කොළඹ වරාය නගරයේ ගිනිකෙළිවල දීප්තිමත් බවින් ද නිරූපණය කෙරෙනවා.

කසුන් වීරසේකර (@_sekara_)

පන්දම් දරන්නා

 සමාජයේ පන්ති ස්ථරයන් මැනෙවින් පිළිබිඹු කරන මෙම ඡායාරුපය, වර්ණ සංකලනය හා එතුළින් ගෙනහැර දක්වන අර්ථ නිරූපණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. වර්ණ භාවිතයේ දී අඳුරු පසුබිමෙහි කැපී පෙනෙන ලෙස “රතු” වර්ණය යොදාගැනීම පන්දම්කරුවන්ගේ සමාජයීය ඉරණම, ගැටීම හා පැවැත්ම පිළිබඳ පුළුල් හෙළිදරව්වක් ගෙන එනවා.

මහනුවර යුගයේ දී එක කුලයක් ලෙස රජුට සේවය කළ මොවුන්, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදාවට මහත් භක්තියක් හා ගෞරවයක් දක්වනවා. පාරම්පරික ලෙස උරුම වන තමාගේ ජීවනෝපාය මෙහි දී “රතු” වර්ණය හා ගින්දර මඟින් නිරූපණය වෙන අතර, ගින්දර යන සංකේතය තුළින් “දැවීම”, ඔවුන් සමාජයේ සුළු කොට්ඨාසයක් වීමෙන් ඇති වන නිරන්තර අරගලය දැක්විය හැකියි. කළු පසුබිමෙහි රතු වර්ණය භාවිතයෙන් මුළු මහත් සමාජ ධූරාවලිය තුළ ඔවුන්ගේ පැතිකඩ විදහා දැක්විය හැකි වෙනවා.

සතියමාරන් ප්‍රවීන් (@praveensathiyamaranphotography)

මුරුගන් කෝවිල් උළෙල

උතුරු පළාතේ වාර්ෂික මන්දූර් මුරුගන් කෝවිල් උළෙලේ දී ලබා ගත් තැඹිලි පාටට අවධානය යොමු කර ඇති පින්තූරයක්. හින්දු දෙවිවරුන්ගෙන් කෙනෙකු වන මුරුගන්, ඉන්දියාවේ ගංගා නදිය සමග සමීප සම්බන්ධතාවයක් ඇති දෙවි කෙනෙකු ලෙස හැඳින්විය හැකි යි. 

සාලිය ජයවීර (@saliya_j)

දුඹුරු හා රන්වන් වර්ණයන්ගෙන් සමන්විත සන්සුන් පින්තූරය 

මෙහි මාතෘකාව වන්නේ “තේ කඩේ සැන්දෑ යාමය යි”. මම යන්නම කැමති තැනක් තමයි මෙතන. කුරුණෑගල බසාර් ස්ට්‍රීට් එකේ තියෙන මේ තේ කඩේට සවස හතරට විතර ගිහින්, උණු උණු සමෝසා එක්ක නෙස්ටමෝල්ට් එකක් තොලගාන කොට හිරුකිරණ පල්ලියේ බිත්තිවලට වැටිලා, ඒක කඩේ ඇතුළට පේන විදිහ හරිම මනස්කාන්ත යි. පින්තූරය ගත්ත සාලියගේම වචන යි ඒ. 

නෆ්ලා නජීම් (@naf_photography_)

ශ්‍රී ලංකාවේ මතුපිට සමාජයට නොපෙනන, වීදි පිරිසුදු කරන්නන්

වයස අවුරුදු 40ක් වන ඉන්දිකා, කතරගම පදිංචිකාරිනියක්. ඒ වගේම, වයස අවුරුදු 18ක තරුණ දුවකගෙ මවක්. අවුරුදු 29 දී ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ඉන්දිකාගේ ස්වාමියා ද මේ වන විට ඇය හා දරුවන් හැර ගොස් තිබෙනවා. 

සාමාන්‍ය කාන්තාවන්ගෙන් වෙනස් රැකියාවක නිරත වන ඇය, තම දරුවා සමග ජිවන සටනට තනිවම මුහුණ දෙනවා.

සරන්ජන් පක්කියරාජා (@saranjan_srj)

ධීවරයා, මුහුද හා නිල් වර්ණය

ඉමහත් පරිශ්‍රමයක් දරා ධීවර කර්මාන්තයේ නිරත වන ශ්‍රී ලාංකික ධීවරයා, මුහුද හා නිල වර්ණය යනු එකිනෙකට වෙන් කළ නොහැකි ශක්තිමත් බැදීම් තුනක්. ගැඹුරු මුහුදේ පැහැයට වෙරළේ දැල් අතුරා ඇති අතර ඒ මත ඇවිද යන ධීවරයෙකු පින්තූරයේ වෙයි.

සුයෝතමයි යෝගනාදන් (@ysuyothami)

ක්ෂිතිජය දක්වා දිවෙන හරිත ආධිපත්‍යය 

ශ්‍රී ලංකාව හා වී වගාව අතර ඇත්තේ ශක්තිමත් සම්බන්ධතාවයක්. ඒ වගේම ශ්‍රී ලාංකික සංස්කෘතිය ද වී වගාව හා බද්ධ වී තිබෙනවා. එය සෑම ප්‍රදේශයකම ජනතාවගේ ප්‍රධාන ජීවනාලිය යි. යෝගනාදන්ගේ මෙම පින්තූරය ශ්‍රී ලංකාව හා හරිත ආධිපත්‍යයේ බැඳීමේ ගැඹුරු බව නිරූපණය වෙනවා. 

කව්මලී ප්‍රියදර්ශා (@kawz_p)

නයිනතිව් දූපතේ ප්‍රීතිමත් කහ දරුවෝ 

දීප්තිමත් කහ පැහැයෙන් යුතුව ප්‍රීතියෙන් පසුවන කුඩා ගැහැණු දරුවන් කැමරා කාචයට හසුකරගෙන තිබෙන්නේ නයිනතිව් දූපතේ පිහිටි කෝවිල් කිහිපයකින් එකක් අසළ දී යි. මෙය නයනතිව් ලෙස හැඳින්වුවත්, නාගදීපය ලෙස හැඳින්වුවත් බලාපොරොත්තුවේ හා ප්‍රිතියේ ස්ථානය ලෙස හැඳින්වීම වඩා සුදුසු බව කව්මලිගේ අදහස යි.

වාසනා තෙන්නකෝන් (@waz_tennakoon)

ප්‍රීතිමත්භාවයේ වර්ණ පිරුණු පුංචි වෙළඳසල 

වාසනා විසින් මේ පින්තූරය හසුකරගෙන ඇත්තේ නුගේගොඩ දී වාහනයක ගමන් කරන අතරතුර යි. ඒ පිළිබඳව අදහස කුඩා ඉංග්‍රීසි කවි පන්තියකින් ඈ විසින් මෙසේ දක්වා තිබෙනවා. 

“My tiny little shop

You find colors

Lot of them

Happy colors

Hanging on the wooden wall

And on the plastic desks

More in the paper boxes

Cheap but cheerful

You will be happy

Let me promise you that…”

ආකිල් නූරාමිත් (@nooramith)

මරණය හා භූමදානය සංකේතවත් කිරීමට යොදාගත් කොළ වර්ණය 

දවටගහ ජුම්මා මස්ජිඩ් හි මහලු මිනිසෙක් සියරාම් ඉදිරිපිට කල්පනාකාරීව යාඥා කරයි.

සුහේලා අබේනායක (@flutter_my_shutters)

වර්ණ රාත්‍රිය උකුසු ඇසින් 

සමාජය කියන්නෙම වර්ණ එකතුවක්. විවිධ වර්ණයන්ගෙන් සමන්විත රාත්‍රී පින්තූරය අඩි 499ක උසකින් යුක්තව ග්‍රහණය කරගන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට යි.

මධුශාන්ත් (@predeev_madhu)

ප්‍රඥාව සොයාගෙන යාම 

නිල් අහසේ සන්සුන්භාවය සහ හරිත දර්ශනවල සුවපහසුව පරිපුර්ණත්වයෙන් යුක්තව පින්තූරය මඟින් පෙන්නුම් කෙරෙන හෙයින්, එය ප්‍රඥාව සොයාගෙන යෑමක් ලෙස නම් කළ හැකියි. 

මෙන්න මේ ආකාරයට යි අපේ පළමු ඔන්ලයින් සේයාරූ තරගය නිමා වෙන්නේ. 

ඉතින් ලබන මාසයේ එහි දෙවන වටයකින් නැවතත් අපි හමුවෙමු! 

Related Articles