Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මිලෙන් වැඩිම කුළුබඩුව: කුංකුම

සමහර කුළුබඩුවලට ඔබේ පිඟාන හදන්නට හෝ කඩන්නට හැකි යැයි කියනු ලැබේ. නමුත් ඇත්ත වශයෙන්ම කියන්නට වන්නේ කුළුබඩුවක් නිසා බැංකු කඩන්නට හෝ හදන්නට සිදු වේ යැයි කියාය. මිරිස් කුඩු හෝ තුනපහ වැනි එදිනෙදා භාවිතා කරන කුළුබඩුවල අප වැනි රටවල දරාගැනීමට හැකි මිල ගණන්වලට ලබාගත හැකි වුවත්, ලෝකයේ අනෙක් පස වැවෙන ඔවුන්ගේ සුඛෝපභෝගී ඥාති සොහොයුරු වන කුළුබඩුවක රාත්තලක් මිල දී ගැනීමට ඇමෙරිකානු ඩොලර් පන්දහසක පිරිවැයක් දරන්නට සිදුවන බව කීම අතිශය විමතියට කරුණක් විය හැක. නමුත් රත්රන් වලටත් වඩා වැඩි වටිනාකමකින් යුත් කුළු බඩුවක් ලොව භාවිත වෙයි. ලාංකිකයන් “කුංකුම” නමින් හඳුන්වන “සැෆ්‍රොන්” (Saffron) නම් වන කුළුබඩුව ලොව මිළ අධිකම කුළුබඩුව බව ඔබ දැන සිටියා ද? මේ කුංකුම ගැන තොරතුරු ටිකක් මෙවර Roar තුලින් ගෙන එන්න අප බලාපොරොත්තු වෙනවා.

rochakkhabare.com

කුංකුම මේ තරම් මිල ඇයි?

ශ්‍රී ලාංකිකයින් කුළුබඩු නොයොදන කෑමක් සොයා ගැනීමට අපහසු ය. ඒ තරමටම එදිනෙදා කෑම වේලට කුළුබඩු  එක්කර ගැනීම ආසියාතික ජීවන රටාවට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ආහාරවල රසවත් බව, පැහැය ගැන පමණක් නොව ගුණදායක බව වැඩි කර ගැනීම ද කුළුබඩු භාවිතයෙන් අපේක්ෂා කෙරෙයි. කුංකුම නමැති මේ කුළුබඩුවෙන් ද ඉහත කී කාරණා හැරෙන්නට ආහාර පිසීමේ දී ඉටුකරගත හැකි වෙනත් විශේෂ කාර්යයක් නොමැත.

මධ්‍යම ආසියාවට ආවේණික, ඉන්දියාව, මැදපෙරදිග ප්‍රදේශයන්හි බහුලව භාවිතා වන කුංකුම නිපදවනු ලබන්නේ ක්‍රෝකස් sativus නම් ශාක විශේෂයේ මලෙහි රේණු වලිනි. කුංකුම යනු ලංකාවේ ද කුළුබඩුවක් ලෙස ප්‍රචලිතව පවතින කහ බවට සමහරු වරදවා වටහාගෙන සිටිති. ඇත්තෙන්ම කහ යනු, ටර්මරික් නමින් හැඳින්වෙන ශාකයේ රයිසෝමයෙන් නිපදවනු ලබන කුළුබඩුවක් මිස කුංකුම නොවෙයි. කුංකුම යනු ඉතාම දුෂ්කර ලෙස වගා කෙරෙන්නා වූ ශාකයක් වන අතර ක්‍රෝකස් මලෙහි රේණු අති විශාල ප්‍රමාණයක් වියළි කුංකුම නිපදවීම සඳහා අවශ්‍ය වේ.

financialtribune.com

සාමාන්‍යයෙන් කුංකුම දීප්තිමත් තද කහ පැහැයකින් යුක්තය. සමහර කුංකුම වර්ග දීප්තිමත් තැඹිලි පැහැයට හුරු රතු පැහැයක් ගනියි. එහි මල දීප්තිමත් දම් පැහැයකින් යුක්ත වේ. කුළුබඩුවක් වශයෙන් වියළි කුංකුම නිෂ්පාදනය කිරීම සඳහා විශාල කාලයක් මෙන්ම ශ්‍රමයක් ද වැය කිරීමට සිදු වේ. වියළි කුංකුම නිපදවීම සඳහා මෙම මල මහා පරිමාණයෙන් වගා කළ යුතු ය. ක්‍රෝකස් මලක ඇති රේණු ගණන තුනකි. එනිසා වේලන ලද කුංකුම කිලෝවක් නිපදවීම සඳහා මල් 100 000ත් 150 000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එය පැය 20 ක කම්කරු ශ්‍රමයකි.

wikimedia.org

කුංකුම වගාවට හිමිකම් කියන රටවල්

අද වන විට ප්‍රධාන වශයෙන් කුංකුම වගා කෙරෙන රටවල් වනුයේ ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය, ඉන්දියාව, ඉරානය වැනි රටවල් ය. හොඳම ගුණාත්මකභාවයෙන් යුතු කුංකුම නිෂ්පාදනය කෙරෙන්නේ ඉරානයේ සහ කාශ්මීරයේයි. ලෝකයේ කුංකුම අවශ්‍යතාවයෙන් සියයට අනූවක් සපුරාලනු  ලබන්නේ ඉරානයයි. එනම් කුංකුම හි ලොව ඒකාධිකාරයක් පවතින්නේ ඉරානයටයි.

රතු රත්‍රං red gold යනුවෙන් හැඳින්වෙන මෙම කුළුබඩුව ශතවර්ෂ 40කට වඩා පර්සියාව, රෝමය ආදී රටවල් වල භාවිතයට ගෙන තිබේ. එහි බර සංසන්දනය කර තිබෙන්නේ රත්රන් වල බරටයි. ඒ අනුව කුංකුම වල වටිනාකම රත්රන්වලට සම වේ. රත්රන්වල බර අනුව කුංකුම මිල වර්තමානයේදී තීරණය නොවුණත් අද කුංකුම කුළු බඩුවේ වටිනාකමත් රත්රන්වලට නොදෙවෙනි නැත.

ඉරානයේ පාරම්පරිකව සිදුවන කුංකුම වගාව

desertbivouac.com

වර්තමානයේ ලෝකයේ විශාලතම කුංකුම නිෂ්පාදකයා වන්නේ ඉරානය යි. ඉරානයේ වසරකට නිපදවන වියළි කුංකුම ප්‍රමාණය ටොන් 360කට අධික ය. එමෙන්ම මෙම ශාකයේ නිජබිම වශයෙන් සලකනු ලබන්නේ ද ඉරානය යි.

කුංකුම නිෂ්පාදනයට යොදාගනු ලබන ක්‍රෝකස් නමැති මල පිපී තිබෙන්නේ වර්ෂයකට සතියක කාලයක් පමණි. ඉරානය යනු දැඩි සූර්යය රශ්මියක් පවතින රටකි. එවැනි රටක මල් වගාවක් සාර්ථක අන්දමින් සිදු කළ හැකි ද යන්න ප්‍රශ්නයකි. එහෙත් ක්‍රෝකස් වගාව සඳහා ජලය වැඩිපුර අවශ්‍ය වන්නේ නැත. එය ඉරානයේ දේශගුණයත් සමඟ හොඳින් ගැළපේ. කුංකුම වගාව සඳහා වතුර අඩුවෙන් භාවිත කෙරුණ ද ඊට සරිලන හොඳ පසක් එහි තිබේ. පස වියළි වුවද එහි තෙතමනය මාස ගණනාවක් වුවද රැඳී තිබේ. ඉරානයේ ගොවීන් කුංකුම වගාවේදී වැඩිපුරම විශ්වාසය තබනුයේ භූගත ජලය කෙරෙහි ය. එම නිසාම භූගත ජලය අපතේ නොයවා සිටින්නට ඉරාන ගොවීන් මෙන්ම ජනතාව ද වැඩි අවධානයක් යොමු කරති.

මෙය ඉරානයේ අවුරුදු දහස් ගණනක් තිස්සේ වැවෙන ශාකයකි. ඉරානයේ පාරම්පරිකව  ක්‍රෝකස් වගාව සිදු වන අතර වගාව පිළිබඳ දැනුම, පුහුණුව සහ අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට හිමි වන්නකි. අද ද මෙම වගාවේ නිරත වන ගොවින් බොහොමයක් පාරම්පරිකව මෙම වගාවේ නිරතව සිටි ගොවි පවුල්වලින් පැවත එන්නන් වේ.

ඉරානයට අමතරව ස්පාඤ්ඤය, ඉන්දියාව, ග්‍රීසිය, සහ ඉතාලිය කුංකුම වගා කරන අතර ප්‍රමිතියෙන් ඉහළම කුංකුම වැවෙන්නේ ඉන්දියාවේ කශ්මීර ප්‍රදේශයේ ය.

muftah.org

කුංකුම වල ගුණ සහ ප්‍රයෝජන

ආයුර්වේද සහ මද පෙරදිග දේශීය වෙදකම් සඳහා කුංකුම යොදාගැනීම ශතක කීපයක සිට සිදුවන්නකි. මේවා හෘදය සහ රුධිරවාහිනී පද්ධතිය පවිත්‍ර කිරීම සඳහා ඉතා හොඳ ඖෂධීය ගුණයකින් යුක්ත අතරම පිළිකා නාශකයක් ලෙසත්, මතක ශක්තිය වැඩි කිරීම, ලිංගික හැකියාවන් වර්ධනය කිරීම, ප්‍රතිශක්තිය වැඩි කිරීම ආදී වශයෙන් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා ප්‍රයෝජනවත් බව තහවුරු කරගෙන තිබේ.

financialtribune.com

කුංකුම රේණුවල අඩංගු කහ පැහැය වර්ණක සඳහා ද ආහාර වර්ණ ගැන්වීම සඳහාත්, සුවඳ විලවුන් ලෙසත්, සුවඳ විලවුන් නිෂ්පාදනයේදීත් භාවිත කෙරෙන අතර ඖෂධීය නිෂ්පාදන සඳහා ද යොදාගනු ලබයි. එහි රත්රන් පැහැයට හුරු කහ පැහැය ආහාර වලට ප්‍රිය උපදවනසුළු අලංකාර බවක් එක්කරන අතරම එහි විශේෂිත වූ සුවඳ සහ රසය ආහාර වලට වැඩි ප්‍රියතාවයක් එක් කරනු ලබයි.

i2.cdn.turner.com

මූලාශ්‍ර

luxury-insider.com

youtube.com

cover: The Persian Fusion

Related Articles