Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව බිහිසුණුම දාම ඝාතකයා (SERIAL KILLER) නිදහස් වෙයිද?

ලොව බිහිසුණුම ඝාතකයා නිදහස් වීමට තව ඇත්තේ වසර තුනක් පමණයි. ඇත්තටම මේ Serial Killer එහෙමත් නැත්නම් ලොව බිහිසුණු දාම ඝාතකයා යනු කව්ද? මේ ලිපියෙන් ඔහු පිලිබඳව විස්තර ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

pxhere.com

Serial Killer හෙවත් බිහිසුණු දාම ඝාතකයා

‘සීරියල් කිලර්’ එහෙමත් නැත්නම් දාම ඝාතකයෙක් ලෙස  සරලව හඳුන්වන්නේ එක සමාන ලක්ෂණ සහිත  ඝාතන තුනක් හෝ ඊට වැඩි ගණනක් යම් සමාන ලක්ෂණ සහිත කාල ප්‍රාන්තර වලදී යම් නිශ්චිතව හඳුනාගත්  ප්‍රදේශයකදී සිදුකළ තැනැත්තන්. මීට වඩා වෙනස් සංකීර්ණ අර්ථ දැක්වීම් ගොඩක් ආරක්ෂක අංශ සහ නීති අංශ විසින් යොදා ගන්නේ එවන් ඝාතන වල ඇති සංකිර්ණත්වයන් මෙන්ම සමානත්වයන් ද ගැඹුරින් විශ්ලේෂණය කරමින්.

මේ දාම ඝාතකයන්ගේ ඝාතන වල වගේම එම දාම ඝාතකයන් අතරෙත් විවිධ ශාරීරික සහ මානසික සමානතා සමාජ- මනෝ විද්‍යාඥයන් විසින්ද පුළුල් වශයෙන් විග්‍රහ කරනු ලබනවා. ඊට හේතුව මෙවන් මිනීමරුවන් අනිවාර්යෙන්ම යම් කිසි මානසික රෝගී තත්වයකින් පෙලෙන්නන් වන බැවිනුයි.

යුධ අපරාධ හෝ දේශපාලනික  ඝාතන සිදුකළ ඇඩොල්ෆ් හිට්ලර්,පොල් පොට්, හිදෙකි ටෝජෝ වැනි තැනැත්තන් ටත් වඩා දාම ඝාතකයන් වඩාත් විශේෂ වන්නේ ඔවුන් එය බොහෝවිට තනිවම සිදු කිරීම නිසයි.

330කට වැඩි ඝාතන සිදු කළ  ‘මෘගයා’

ලොව බිහිසුණුම දාම ඝාතකයන් අතර ඉහලින්ම නම ලියවෙන්නේ කොලොම්බියානු ජාතික ලුවිස් ඇල්ෆ්‍රඩො ගරාවිටෝ ගේයි. ’මෘගයා’ ලෙස මාධ්‍ය මගින් හඳුන්වන ඔහු  1992 සහ 1999 අතර කාලය තුල සිදුකල ඝාතන ගණන තුන්සියය ඉක්මවන බව පැවසෙනවා. ඔහු විසින් කුරිරු ලෙස මරා දැමුවන් 138 දෙනෙකුගේ සිරුරු කොටස් 1999 වසරේදී සොයා ගනු ලැබූ අතර ඒ සියලු දෙනාම කුඩා  දරු දැරියන් සහ ලාබාල යෞවන යෞවනියන් වීම විශේෂත්වයයි.

citv.es

මේ වන විට හැට එක්වන වියේ පසුවන ලුවිස් සිය කුරිරු කමට දඬුවම් ලැබුවේ අවුරුදු 1853 ක් සහ දින නවයක සිර දඬුවමකට ලක්වෙමිනුයි. ඔහු මේ වන විටත් එම සිර දඬුවම විඳිමින් සිටින නමුත් කොලොම්බියානුවන් බොහෝ දෙනෙකු පවසන්නේ ලුවිස්ට ලැබුණු දඬුවම කිසිසේත්  ප්‍රමාණවත් නොවන බවයි.

ලුවිස්ගේ ජීවිතය

කුඩාකල සිට ශාරීරිකව, මානසිකව සහ ලිංගිකව විවිධ අතවරයන්ට ලක් වූ, දුගී පවුල් පසුබිමකින් පැවත ආ ලුවිස් පසුකලෙක රැකියා විරහිත භාවයෙන්ද පෙළුණු තැනැත්තෙක්. වයස අවුරුදු දහසයේදී නිවසෙන් වෙන්ව ගිය ඔහු  නොයෙක් රැකියාවන්හි නිරතව සිට ඇති අතර එවකට ඔහුට පෙම්වතියක්ද සිට තිබෙනවා. ලුවිස් මොන තරම් දරුණු මිනීමරුවකු වුවත් ඔහුගේ මිතුරන් පවසන්නේ ඔහු කාරුණික,හිත හොඳ මිනිසෙකු බවයි. ඔවුන්ට අනුව ඔහුගේ ඇති එකම දුර්වලතාවය ක්ෂණිකව තරහ යාම පමණයි.

දරුවන් ඝාතනය කළ අයුරු

ලුවිස් විසින් මරා දැමුණු  සියලු දෙනාම වයස අවුරුදු 6-16 අතර වුවන් වීම විශේෂත්වයක්.ඔවුන් සියල්ලෝම අනාථයන් හෝ නිවසින් පිටමන් වුවන් හෝ එවැනි හුදෙකලා ජිවිත  ගෙවූවන් වන අතර ලුවිස් විසින් ඔවුන්ව තමන් වෙත නතු කරගෙන ඇත්තේ කෑම බිම,මුදල් හෝ සුළු තෑගි ආදිය ලබා දෙමිනුයි. ඇතැම් විට ඔහු ඔවුන්ට සුළු රැකියා ලබා දෙන්නකු මෙන් පෙනී සිට ඇති අතර තවත් නොයෙකුත් අවස්ථාවන්හි දී ගොවියකු, පූජකයකු ,වෙළෙන්දකු ආදී විවිධ චරිතද නිරූපනය කරමින් සිය ගොදුරු ඩැහැගෙන තිබෙනවා. ඔහු එසේ විවිධ අයුරින් වෙස්වලා ගනිමින් රඟපා ඇත්තේ කිසිවකුටත් සිය සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකි අයුරිනුයි.

detrasdelcrimen.files.wordpress.com -(නඩු විභාගය අතරතුරේදී)

ඉන් පසු ලුවිස්  අනතුරුව තමා වෙත නම්මවා ගත් දරුවා සමග පාලු පෙදෙසක් වෙත දිගු දුරක් ඇවිද යන්නේ ඔහුව වෙහෙසට පත් කිරීම සිය කාර්ය සඳහා පහසු බැවිනුයි. පාලු ස්ථානයකදී අඩපණ වූ දරුවාගේ දෑත සහ මුව බැඳ දමන ඔහු ඔවුන් නිරුවත් කර කුරිරු ලෙස ලිංගික අතවර කරන්නේ ඔවුන්ට දැඩි ලෙස වධහිංසා පමුනවමිනුයි. පදමට මත්පැන් පානය කර මෙම අපරාධය සිදු කරන ලුවිස් සිය ගොදුරු වූ ගැහැණු සහ පිරිමි ළමුන්ට සිදුකළ වධහිංසා මෙහි සඳහන් කළ නොහැක්කේ ඒවා එතරම් කුරිරු සහ අස්වාභාවික වන බැවිනුයි.

1992 වසරේ සිට කොලම්බියාවේ සිදු වූ මෙම ළමා අතුරුදන් වීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොවුනේ එරට තුල දීර්ඝ කාලීනව පැවති සිවිල් යුද්ධය හේතුවෙන් සමාජය පත් වී තිබූ අස්ථාවරත්වය හේතුවෙන් මෙන්ම එලෙස අතුරුදහන් වූ ළමුන් පිළිබඳව සොයා බැලීමට කිසිවකු හෝ නොසිටි බැවිනුයි.

නීතියේ රැහැනට හසු වීම

කොලොම්බියාවේ විවිධ ප්‍රදේශ වලින් මෙම අතුරුදන් වීම් සිදුවූ අතර මුලින්ම එම මරණ සම්බන්ධයෙන් අවධානයක් යොමුව ඇත්තේ 1998 වසරේදී ජිනොවා නගරයේ කඳුකර පෙදෙසකින් නිරුවත් ළමා මළසිරුරු දෙකක් හමුවීමත් සමගිනුයි. ඉන් පසුදින ඒ ආශ්‍රිතවම තවත් ළමා මළ සිරුරක් හමුවීමෙන් පසු පොලිස් පරීක්ෂණ වේගවත් වූ අතර ඒ ආසන්නයේ තිබූ ඝාතනයට යොදා ගත් ආයුධය සහ ඊට තරමක් දුරින් වැටී තිබූ   ලිපිනයක් සහිත කොළ කැබැල්ලක්ද හමු වී තිබෙනවා.එමගින් ලුවිස් ගේ පෙම්වතියගේ නිවස සොයා ගිය පොලිස් නිලධාරීන්ට එහි තිබී ලුවිස්ට අයත් විවිධ ළමුන්ගේ ජයාරූප රාශියක්, අතුරුදන් වුවන් ගැන පළ වූ වාර්තා සහ තවත් සැක කටයුතු දෑ බොහොමයක් හමු වී තිබෙනවා.

www.bg-voice.com

එම තොරතුරු ඔස්සේ ලුවිස් පසුපස පැන්නූ පොලීසියට ඔහු නවාතැන හැර ගොස් ඇති බව දැක ගැනීමට ලැබුණු අතර දින කිහිපයක් වෙහෙස දරා ඔහුව අල්ලාගෙන ඇත්තේ ලුවිස් සිය ඊළඟ ගොදුර ලෙස කුඩා දරුවකු රැගෙන ගොස් ඔහුව අතවරයට ලක් කිරීමට සැලසුම් කරමින් සිටියදීයි. ලුවිස් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ නමුත් තමන් විසින් එසේ අල්ලාගනු ලැබුවේ ලෝක ඉතිහාසයේ කුරිරුතම මිනිමරුවකු බව දැන සිට නැහැ.

ලෝක ඉතිහාසයේ කුරිරුතම මිනීමරුවා නිදහස ලබයි

පසුව සිදුකළ ප්‍රශ්න කිරිම් වලදී ලුවිස් ගේ කැරැට්ටුව කෙමෙන් හෙළි වූ අතර ඔහු විසින් සමූහ ලෙස වළ දැමූ ළමුන්ගේ මිනි වලවල් අසල තිබී ඔහුට අයත් කන්ණාඩි කුට්ටම, සපත්තු මෙන්ම යට ඇඳුම් ආදියද හමුව තිබෙනවා. පසුව සිදුකළ DNA පරීක්ෂණ වලින්ද ඔහුව ඝාතන වල වැරදිකරුවා බවට තහවුරු වූ අතර, ඔහු  විසින් තමන් එසේ ඝාතන එකසිය තිස් අටක් සිදුකළ බව පිළිගෙන තිබෙනවා. එවකට අතුරුදහන් වූ එවන් වෙනත් ළමුන් පිළිබඳව වන තොරතුරු වලටද අදාලව කොලම්බියා පොලීසිය සැක කරන්නේ මෙම ‘මෘගයා’ විසින් සිදුකළ සමස්ත දාම ඝාතන ගණන තුන්සියය ඉක්මවන බවයි.

www.vanguardia.com (වර්තමානයේ ස්වරූපය)

කෙසේ වෙතත්, කොලොම්බියානු නීතියට අනුව යමකු සිරගත කෙරෙන උපරිම කාලය වසර හතළිහක් වීම හේතුවෙනුත්, ලුවිස් අදාල සිරුරු සොයා ගැනීමට පොලීසිය වෙත ලබා දුන් සහය හේතුවෙනුත්, සිරගෙදර දී ඔහුගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙනුත් ලුවිස්ගේ සිර දඬුවම වසර 22 කට සීමා වනු ඇති බව පැවසෙනවා. ඒ අනුව 2021 වසරේදී මෙම බිහිසුණු ඝාතකයා නැවත නිදහස් වීමට නියමිතයි. ඔහුට එරෙහිව සාමාන්‍ය ජනයා දැඩි විරුද්ධත්වයක් පෙන්වීම නිසා මේ වන විට ලුවිස් රඳවා සිටින ස්ථානය පිළිබඳව කොලොම්බියානු බන්ධනාගාරය සාමාන්‍ය ජනයා වෙත කිසිවක් සඳහන් නොකිරීමත් විශේෂත්වයක්.

මීට වසර කිහිපයකට පෙර ලුවිස් සම්බන්ධ වාර්තා වැඩසටහනක් නිර්මාණය කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් ලුවිස් පවසා ඇත්තේ නිදහස් වීමෙන් පසු ළමා සුබසාධනය වෙනුවෙන් දේශපාලනික ක්‍රියාවලියක් කෙරෙහි සිය අවධානය යොමු කරන බවයි.

COVER IMAGE – https://wallpaperscraft.com

පාදක-

http://news.bbc.co.uk

http://home.benecke.com

Discovery Channel

URL – serial-killer

TAGS – serial killer, murderer, Colombia, criminal, police, investigations, Priyantha Indika

CATEGORY – Features

ලොව බිහිසුණුම දාම ඝාතකයා (SERIAL KILLER) යළි නිදහස් වෙයිද?

Related Articles